Friday, October 28, 2011

ඒ මිහිරි සංගීතය ඇසෙන විට...............

ඒ මිහිරි සංගීතය ඇසෙන විට අපගේ ආදරණීය මෑණියන්ව සිහි වෙන තරමටම “ඔෂීන්” අපගේ හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස ඇත. එලෙස ලෝකයේ අනික් පැත්තේ බිහි වූ නිර්මාණයක් අපේම වුනේ කෙසේද කියා ඔබ මදක් සිතුවාද? ජපානයේ පිටිසර බද පෙදෙසක බෞද්ධ පරිසරයක සිටින අම්මා සහ සිංහල බෞද්ධ සමාජයේ අම්මා අතර වෙනසක් නොමැති තරම්ය. ඒ බව වටහාගත් නිසාදෝ ටයිටස් තොටවත්ත යන් විසින් එම ජපන් නිර්මාණය තුලට අපේම “මිහිරි කටහඬකින් යුත්” සිංහල බස් වහරකින් ඔෂීන්ව පණ ගන්වා අප බලාපොරොත්තු වෙන අම්මාගේ භූමිකාව ඔෂීන් තුළින් කුඩා තිරයේ දිගහැරුණි.
එහෙත් කණගා‍ටුවට කරුණ වන්නේ වර්තමාන සිංහල ටෙලි නාට්‍ය මගින් ප්‍රධාන චරිතය ලෙස පණගැන්වෙන්නේ අම්මාව නොව නැන්දම්මාවය. නැන්දම්මාගේ කුරිරු කම හමුවේ අම්මාගේ සතර මහා බ්‍රහ්ම විහරණයන් යටපත් වී ද්වේශ සහගතව, ගොරහැඬි බසින් නැන්දම්මා සමග වාග් සංග්‍රාමයක යෙදෙන අසෝබන දසුනකුයි ඔබ ටෙලි නාට්‍ය තුළින් වර්තමානයේදී දකින්නේ. ඉතින් ඔෂීන් වැනි විශිෂ්ට ගණයේ සිංහල නිර්මාණයක් බිහි කිරීමට තියා එවැන්නක් ‍තෝරාගෙන සිංහල බෞද්ධ මාතෘත්වය ඉස්මතු වෙන පරිදි හඬ කැවීමට පවා, පවත්නා ගැලරියට අප්පුඩි ගැස්සවීමේ ටෙලි නාට්‍ය රාමුවෙන් පිටත සිට බෞද්ධත්වය දෙස බැලීමට නිර්මාණකරුවාට සිදු වෙනු ඇත. එහෙත් එවැනි නිර්මාණකරුවන් අද කෝ?


ගලිවර්, හා හා හරි හාවා, රොබින් හුඩ්, වලස් මාමා, යනාදී විශිෂ්ට හඬ කැවීම් දොළොසක් පමණද ඊට අමතරව හඳයා, රන්මුතුදූව, හන්තානේ කතාව, මරුවා සමග වාසේ ආදී අද්විතීය සිංහල චිත්‍රපට විසි දෙකක් පමණද අධ්‍යක්ෂණයෙන් සහ කර්තෘත්වයෙන් ටයිටස් තොටවත්තයන් දායක වී ඇති අතර ඒවා ගැන මෙලෙස කෙටි ලිපියකින් කතා කළ නොහැකි වීම ගැන කණගා‍ටු වෙමි.
ඇපල් අයිෆෝන්, අයිපෑඩ්, අයිපොඩ් ආදිය දෑහටවත් දැක නැති, ඒවා ගැනීමට සිතීමටවත් නොහැකි උදවිය ස්ටීව් ජොබ්ස්ගේ පින්තූර තම ෆේස්බුක් ප්‍රොෆයිල් වලට දාගෙන ඉකි ගසමින් හඬමින් සිටි අයුරු අපි පසුගිය කාලයේ දුටිමු. ඒත් කුඩා කාලයේ අපිව කුල්මත් කළ නිර්මාණ බිහි කළ ටයිටස් තොටවත්තයන් අන්ත්‍රා වුන එක ගැන ඒ උදවියගෙන්ම සමහරුන් දන්නේවත් නොමැති වීමෙන් පෙනෙන්නේ අප ජාතිය කොතරම් බටහිර ගැති වී තිබේද යන්නයි. බෞද්ධයෙක් වී තම දිවියට බුදු දහම එකතුකරගත් ස්ටීව් ජොබ්ස්ගෙන්, අපිට වුනේ මෙරට ජාතික ධනය තම රටට අද්දවාගැනීම පමණි. එනිසාම, දෙනෝදාහක් ජනතාවගේ රසාස්වාදය වෙනුවෙන් තම ජීවිතයම ගත කළ ටයි මාමා වෙනුවෙන් සුපුරුදු පරිදි මූනුපොත් පි‍ටුවේ සටහනක් තබා ශෝකය පළ කිරීම පමණක් ප්‍රමාණවත් නොවේයැයි සිතුණි.
තම හෙළ වදනින් පිට‍රැටියන්ගේ සැකිළි රූ අපේම කළ, පොඩි දරුවා ප්‍රමෝදයට පත් වෙද්දී වැඩිහිටියා එමගින් ලෝකය ගැන අවබෝධයක් ඇති කරගන්නා නිර්මාණ බිහි කරමින් සිංහල කලා ලොව පුබුදුවාලූ මහා නිර්මාණකරුවාණෙනි, ඔබට අමා මහ නිවන් සුව ලැබේවා…! ජාතියේ සුවහසක් දරුවන්ගේ සිත් සතන් සතු‍ටු කළ පිනෙන්ම ඔබ නිර්වාණය අවබෝධ කරගන්නා තුරු සුගතගාමී වේවා…!
[මෙම ලිපියෙන් උපුටා ගන්නේනම් යොමුවක් තබන්න]

Thursday, October 27, 2011

සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි

සංගීතයට හා ගුවන්විදුලි සම්ප්‍රදායට නව මානයක්

ශ්‍රී ලාංකේය ගුවන් විදුලි වංශකතාවට නැවුම් සම්ප්‍රදායක් එක් කළ “ලක්හඬ” ගුවන් විදුලිය නොවැ: 15 දිනට වසර 15ක් සපුරයි. දේශීය හර පද්ධතිය සුරකිමින් අපේකම හා මාධ්‍ය සදාචාරය ආරක්‍ෂා කරමින් යන ගමනේදී 15 වෙනි සාංවත්සරික සැමරුම ශ්‍රාවකයන්ගේ රස භාවයන් උද්දීපනය කිරීම සඳහා වෙන් කරන්නට ඔවුන් අදහස් කරති.
සිංහල ගීත සාහිත්‍යයේ වපසරිය පුළුල් කළ ප්‍රවීණ සංගීතවේදින් වන වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ ගායනයෙන්ද රෝහණ වීරසිංහ ස්වර සංකලනයෙන්ද ශ්‍රාවක සිත් පහන් කරන “සඳ රෑ සුවිසර” යුගාභිමානී ප්‍රසංගය නොවැ: 01 දින ප. ව. 6.30ට සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. පහත පළවන්නේ ගැයුමෙන්, වැයුමෙන් හා රැඟුමෙන් ඔපවත්වන එම විරල අත්දැකීම පිළිබඳ පූර්විකා සටහනකි.




සිංහල සංගීත ක්ෂේත්‍රයේ වික්ටර් රත්නායකගේ භූමිකාව මධුරය. මනෝහරය. 60 දශකයේ මුල් භාගයේ ගායක ක්ෂේත්‍රයට පිවිසි ඔහු ගී ලොවට පිවිස ඉතා කෙටි කාලයක් තුළදී රසිකයන් සිය වසඟයට ගැනීමට සමත්විය.
වික්ටර්ගේ ආගමනය සිංහල සංගීත ක්ෂේත්‍රයට දෙයාකාරයකින් වැදගත් වෙයි. අවර ගණයේ අනුකාරක ගීත ගොන්නක සිරවී සිටි තරුණ පරපුර එයින් මුදවාගෙන උත්තම ගණයේ සංගීතය රසවිඳිය හැකි ශ්‍රාවකයන් බවට පත් කරන්නට හැකිවීම එකකි.
වික්ටර් ලාංකේය සුභාවිත සංගීතයට ඉටුකළ අනෙක් මෙහෙය වන්නේ එයට අනාගතයක් තනා දෙමින් ඔහු අනුව යන්නට සංගීත පිරිවරක් තනා දීමය.
1973 ජූලි 20 දිනය, මෙරට සංගීත දින දසුනෙහි ආවර්ජනය කළ හැකි සොඳුරුතම දවසෙකි. වික්ටර්ගේ “ස” ප්‍රසංගය මුල් වරට ශ්‍රාවක සවන්පත් අතරට වැකුණේ එදිනය. මෙම දිනය අප සංගීත අඹරට තවත් අයුරකින් වැදගත් වෙයි.
ඒ සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජය කෙහෙළි නැංවූ රෝහණ වීරසිංහයන්ගේ මුල්ම ගායනය සිදුවූ මොහොත ලෙසය. (පසුව සුනිල් එදිරිසිංහයන් ද ගායකයෙක් ලෙස මුල්වරට කලඑළි බසින්නේ 1975දී ‘ස’ ප්‍රසංගය හරහාය)
වික්ටර්, රෝහණ, සුනිල් සංයෝගය දිගු ඉතිහාසයකට දිව යන්නකි. වික්ටර්ට රෝහණ හමුවන්නේ සොයුරු සෝමපාල රත්නායකගේ මාර්ගයෙනි. සුනිලුන්ට වික්ටර් රත්නායකයන් හමුවන්නේ සොයුරු සතිස්චන්ද්‍ර එදිරිසිංහයන් මඟිනි.
ගායකයෙක්ට සිය ප්‍රථම ගීයෙන්ම ශ්‍රාවකයන් අතර ජනපි‍්‍රයතාවයක් ගොඩනඟා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. “සඳකඩපහණක කැටයම් ඔපලා” ගීතය සුනිල් එදිරිසිංහට එම භාග්‍යය උදා කළේය. මෙම ගීතය වික්ටර්හට වැදගත් වන්නේ එය ඔහු තනුව සැපයූ දහස් ගණනක් ගීත අතර එකක් වීම නිසා නොවේ. එය වික්ටර් කුළුදුලේ සංගීත අධ්‍යක්‍ෂණය කළ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ “මාතර ආච්චි” චිත්‍රපටයේ ගීතයක් වීම නිසාය.
මේ තිදෙනා අතර සම්බන්ධය එක් මොහොතක ආකස්මිකව ඇතිවූවක් නොවේ. අතු ඉතිලා ලියලා ගිය සබඳතාවයකි.
සුනිල්ගේ මුල්ම සරල ගී වැඩ සටහන සඳහා ද තනු නිර්මාණයෙන් සහයව ඇත්තේ වික්ටර්ය. පසුව ඒ තැන හිමිකර ගත්තේ රෝහණය.
සුනිල් එදිරිසිංහට වැඩිපුරම තනු නිර්මාණය කළ රචකයා රෝහණ වීරසිංහය. එක් අතෙකින් මෙය විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නොවන්නේ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය නොකළ ජනපි‍්‍රය ගායකයෙක් මෙන්ම ඔහු තනු නිර්මාණය කළ ජනපි‍්‍රය නොවූ ගීතයක් සොයා ගැනීමද විරල නිසාය.
රෝහණට මේ කාර්යය කළ හැකි වූයේ ඒ ඒ ගායන ශිල්පියාගේ හඬෙහි තාරතාවය හා ස්වර පරිමාව දැනගෙන ඊට උචිත ලෙස තනු නිර්මාණය කිරීමට තිබූ හැකියාව නිසාය. ඒ සඳහා ඔහුට ආභාෂයක් “ස” ප්‍රසංගයට සම්බන්ධව සිටි අවධියේ වික්ටර්ගේ ‘ස්වර ලිපි’ සකස් කිරීමට උදව් වීමේදී ලැබෙන්නට ඇත. ඔවුන් එකිනෙකාට වෙනස් ස්වාධීන මාවත්වල ගමන් කළද වික්ටර්ගේ මියුරු ස්වර සංරචකයේ හා සංගීත සංයෝජනයේ ඡායාවක් රෝහණ තුළ ද දැකිය හැක. ඒ ඔවුන් දීර්ඝ කාලයක් සමීපව කටයුතු කිරීම නිසා ලැබූ දෙයක් විය හැක.
රෝහණ වීරසිංහ අප වඩාත් හඳුනන්නේ දක්‍ෂ තනු රචකයෙක් ලෙසිනි. නමුත් ඔහු ගයන ‘නෙළුම් මලේ’, ‘මියුරු කවියක්’ ඇතුළු සමහර ගීතයක තනු නිර්මාපකයා ඔහු නොව වික්ටර් රත්නායකය.
එලෙසම වික්ටර් ගයන “බනින්නෙපා පොඩි දෝණිට”, “තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාළුවෙන්” වැනි ගීතයක සංගීත සංරචනය සිදුව ඇත්තේ රෝහණ අතිනි.
වික්ටර් ගායන ශිල්පියෙක්ට අමතරව දක්‍ෂ තනු රචකයෙකි. සුනිල් එදිරිසිංහගේ ජනපි‍්‍රය ගීත බොහොමයක තනු රචනා අයිතිය බෙදී යන්නේ ඔහු හා රෝහණ අතරය.
වික්ටර් රත්නායක, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ තිදෙනා යුග පරිවර්තනයක් අභිමුව “මාතර ආච්චි” (1973) චිත්‍රපටයට පසුව වසර 38 කට පසු එකම වේදිකාවකදී එකට හමුවෙයි.
සංගීත ක්ෂේත්‍රයේ සිය ලකුණු සටහන් කරගනිමින් විටෙක එක්වද, තවත් වරෙක තනිවමද ගමන්ගත් මෙම සංගීතඥයන් ත්‍රිත්වය එකම සංදර්ශනයකදී පළමුවරට ගායක සහසම්බන්ධයක් ගොඩනඟා ගන්නේ මෙදිනය. මෙය තවදුරටත් පැහැදිලි කළ යුත්තකි.
අඩසියවසකට සහ එයින් අඩ දශකයකට ආසන්න වික්ටර් හා සුනිල්, රෝහණ තිදෙනාගේ සංගීත දිවිය තුළ මෙවැනි සුසංයෝගයක් මෙයට පෙර සිදුව නැත.
“ලක්හඬ” ගුවන් විදුලිය ඔවුන්ගේ 15 වසරක මාධ්‍ය මෙහෙවර සමරන්නට මේ සබැඳියාව නිමිත්තක් කරගනී. මෙනයින් ඔවුන් දක්වන පරිදිම “සඳ රෑ සුවිසර” එළිදකින මොහොත යුගාභිමානයක්මය.
මෙම ත්‍රිමුර්තිය අතර ගෙවුණු ලබැඳි සංගීත දිවියේ මෙතෙක් අප නොදත් රසබර ඉසව් රැසක් ගීත අතරතුර ඔවුන් විසින්ම හෙළිදරව් කිරීමට කතිකා කරගෙන ඇත්තේ මෙම වැඩසටහනේ පූරකයන් ද ඔවුන්ම වන බැවිනි.
එහි පසුබිම් කථනයන් මොනවාදැයි අප නොදන්නා නමුත් සංවිධායකයන් පවසන පරිදි ගායන, සහය ගායන මෙන්ම සංගීත ශිල්පී භූමිකා අතරද වෙනස්කම් ද මේ ප්‍රසංගයේදී සිදුවිය හැක. ඒ ඉඟිය අප වටහා ගත යුත්තේ වික්ටර්ගේ ගීතයක් සුනිල්ගේ මියුරු හඬින් හෝ සුනිල්ගේ ගීයක් වික්ටර්ගේ මියුරු හඬින් ගායනා විය හැකි ලෙස පමණක් නොවේ. රෝහණ වීරසිංහයන් ගයන “මුතු කුඩ ඉහලන මල් වරුසාවේ” වැනි ගීතයක් වෙනත් හැඟුම් වරුසාවකට හසුවිය හැකි බවය.

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ පුරුදු ආකාසේ....

අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ  පුරුදු ආකාසේ....
කිළිටි වූ ගී කෙත සෝදා පවිත්‍ර කරන්නට 'සඳරූ සුවිසර'



දිගු කාලයක්‌ නිහඬ වී සිටි නුඹ වගේ
අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසේ

ඇත්ත ...... අලුත්ම අලුත් වැස්‌සක්‌ උවමනාම මොහොතක.... අලුත් වැස්‌සක්‌ වහින්නට සැරසෙනවා.... පුහු පදමාලා බොල් සංගීතය.... විතරක්‌ද ..... කෝකිලයන් යෑයි සිතා ගී ගයන කපුටන් ද සේදිලා ගසාගෙන යන තරමේ අලුත් වැස්‌සක්‌ වසින්නටයි සූදානම..... මේ සිදුවන විපරිතයන් දැක ... වේදනා බරිතව දිගු කාලයක්‌ නිහඬව සිටි ආකාසය... අලුත් වැස්‌සක්‌ වස්‌සවන්නයි සූදානම ... මේ වැස්‌ස වහින්නේ කවදාද කියල බලාසිටි සද්ජනයා කැල ප්‍රීතියෙන් ඉපිල යන තරමට අලුත් වැස්‌සක්‌ වහින්නටයි සූදානම.

සුභාවිත ගී වරුසාවකින් මේ ගී කෙත සෝදා පිරිසිදු කිරීමේ කාලය එළැඹ ඇත. කපුටන් පළවා හැර කෝකිලයන්ට යළි මේ ගී කෙත පවරාදීමේ කාලය එළැඹ ඇත. එකරැයකින් කපුටන් බිහි වුවද උන් පළවා හරින්නට දැන් නම් එක රැයක්‌ ප්‍රමාණවත් නොවේ. ඒනිසා දිගින් දිගටම වැසි වට යුතුය.

ඒ වැස්‌සේ තෙමෙන්නට අපටත් වාසනාව උදාවේ. මෙම 01 වැනිදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඒ ශාලාවේදී සවස 6.30 ට ඒ වැස්‌ස වසී. "සඳරූ සුවිසර" ඒ වැස්‌සට තබා ඇති නමය.

"සඳරූ සුවිසර" සුභාවිත ගී වැස්‌ස ගෙන එන්නේ අප රටේ අද්විතීය සංගීතඥයන් ත්‍රිත්වයකි. ආචාර්ය වික්‌ටර් රත්නායකයන් කැටුව රෝහණ වීරසිංහත් .. සුනිල් එදිරිසිංහත් .... "සඳ රෑ සුවිසර" සඳරූ සුවිසර කැටුව එන්නේ ලක්‌හඬ ගුවන් විදුලි නාලිකාව සමගින්.

රෝහණ, සුනිල් දෙපළ වික්‌ටර් රත්නායකයන් සලකන්නේ ගුරු කොටය. 'සඳරූ සුවිසර" ඒ ගුරුන් පුදන්නට ගෝලයන්ට ද ලැබෙන කදිම අවස්‌ථාවකි.

වික්‌ටර් රත්නායකයන්, සුනිල් එදිරිසිංහ සහ රෝහණ වීරසිංහ තිදෙනා නිර්මාණ කටයුත්තකට පළමුවරට එකට හමුවන්නේ මීට අවුරුදු තිස්‌ අටකට පෙරය.

සඳකඩ පහණක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුණු රසයක පැන ආ බුබුලක්‌
අකුරු වැළක්‌ දෙහදක ලියෑවී ....

සුනිල් එදිරිසිංහ ගායන ක්‍ෂේත්‍රයට පිවිසෙන්නේ සොයුරු සතිස්‌චන්ද්‍ර එදිරිසිංහගේ "මාතර ආච්චි" සිනමා පටයට ඒ ගීය ගයමිනි. ගීයේ තනුව නිර්මාණය කළේ විකටර් රත්නායකය. ගීය පසුබිමින් වැයෙද්දී සිනමා පටයේ එම දර්ශනයට පෙනී සිටින්නේ සතිස්‌චන්ද්‍රය. සතිස්‌ රඟපාද්දී ඔහු අසල සිතාර් වාදකයකු ලෙස රඟනුයේ රෝහණ වීරසිංහය.

ඉතින් .. අවුරුදු තිස්‌ අටකට පසු මේ තිදෙනා යළි එකම නිර්මාණ කටුත්තක ...... ඒ "සඳරූ සුවිසරය"

සඳරූ සුවිසර ප්‍රසංගයට වික්‌ටර් හැදූ ගීතනු සුනිල් එදිරිසිංහ ගයයි. රෝහණ වීරසිංහ හැදූ තනුවලට වික්‌ටර් සහ සුනිල් දෙදෙනාම ගයති. වික්‌ටර් ගැයූ ගී සුනිල් ද සුනිල් ගැයූ ගී වික්‌ටර් ද ගයනු ඇත. ඉතා විචිත්‍රවත් ප්‍රාසාංගික අත්දැකීමක්‌ මේ ගී වැස්‌සේ තෙමෙන අපට දැක බලා ගැනීමට වාසනාව උදාවේ. දෙදෙනා ගී දොළහ බැගින් ගී විසිහතරක්‌ ගයති.

තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබෙ
සුවඳ මා ළඟින්

සිංහල සුභාවිත ගීයේ ස්‌වර්ණමය යුගයක මතක සටහන් සැබැවින්ම යළි අප ඉදිරියේදී මෙම 01 වැනිදා සවස මැවෙනු ඇත. එනම් හරිම කදිම... සොඳුරු වර්ෂාවක්‌මය.... ගී වරුසාවක්‌මය... අලුත් වැස්‌සක්‌මය.... මව්පිය ගුණ, ආදරය, වියෝව, දේශානුරාගය වික්‌ටර්, රෝහණ, සුනිල් අපේ සංගීත ක්‍ෂේත්‍රයේ දැවැන්ත බලකණු තුනක්‌ අපට විඳින්නට අවස්‌ථාව ලැබදෙන්නට සූදානම්. අද ගුවන් විදුලි නාලිකාවන්ගේ බලහත්කාරය නිසා කුණු ගී රසයෙන විඳවමින් සිටින ශ්‍රාවකයාට ... සුභාවිත ගීයේ රසය විඳින්නට තවත් ගුවන් විදුලි නාලිකාවක්‌ ..... ඉඩ හසර ලබාදීම ... (ඒ ලක්‌හඬය) සතුටට කරුණකි.

එන්න .... අලුත් ගී වැස්‌සේ තෙමෙන්න.. කිළිටි වී ඇති ගී කෙත සෝදා පවිත්‍ර කරන්න නම් මේ වැස්‌සේ තෙමිය යුතුමය.

අජිත් අලහකෝන්
ඡායාරූප-දයාන් විතාරණ 


Copy Rights - Divayina

ගඩාෆි මරා දැමූවේ ඇයි?


මහින්ද පතිරණ
ජර්මන් භාෂාව පිළිබඳ කතිකාචාර්ය
සබරගමුව විශ්ව විද්‍යාලය


කර්නල් ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය

මේ මගේ අන්තිම කැමැත්තයි. මුවමර් බින් මොහොමඩ් බින් අබ්දුස්‌සලාම් බින් හුමායඩ් බින් අබු මන්යාර් බින් හුමායඩ් බින් නයිල් අල් µqසී ගඩාෆි වන මම අල්ලා හැර අන් දෙවියකු නැති බවටත් මොහම්ද් යනු දෙවියන්ගේ මුනිවරයා බවටත් දිවුරමි. ඔහුට සාමය වේවා·

මුස්‌ලිම්වරයකු ලෙස මම මියෙමි. යම් හෙයකින් මා මරා දැමුවහොත්, මුස්‌ලිම් ආගමික වතාවත්වලට අනුව මා මිහිදන් කළ යුත්තේ, මා මරා දමන මොහොතේ හැඳ සිටි ඇඳුම් සහිත ව දෙන නොසෝදා සර්ට්‌ සුසාන භූමියේ ඇති මගේ පවුලේ අයවලුන් සමීපයේ ය.

මගේ මරණයෙන් පසු, මාගේ පවුලේ සාමාජිකයින්, විශේෂයෙන් ම කාන්තාවන් හා ළමුන් හොඳින් රැකබලාගත යුතු ය. ලිබියානු ජනතාව තමන්ගේ අනන්‍යතාව, ජයග්‍රහණ, ඉතිහාසය හා එහි මුතුන් මිත්තන්ගේ හා වීරයින්ගේ ගෞරවනීය ප්‍රතිරූපය රැකගත යුතු ය. ලිබියානු ජනතාව ලිබියාවේ නිදහස්‌ හා හොඳ ම මිනිසුන්ගේ පරිත්‍යාගයන් නොහැරිය යුතු ය. ප්‍රතිරෝධය ඉදිරියට ම රැගෙන යන ලෙස මම මගේ අනුගාමිකයින්ගෙන් ඉල්ලමි, එසේම ලිබියාවට එරෙහි ඕනෑම විදේශීය ආක්‍රමණිකයකුට විරුද්ධ ව අද ද හෙට ද සැමවිට ද ඔබ සටන් කළ යුතු ය.

පෞද්ගලික ආරක්‌ෂාව හා සුවබර ජීවිතයක්‌ වෙනුවෙන් අපට අපගේ අරමුණ කේවල් කළ හැකි ව හා විකිණිය හැකි ව තිබූ බව ලෝකයේ නිදහස්‌ මිනිසුන් දැනගනු යෙහෙකි ය. මේ සඳහා අප වෙත බොහෝ ඉල්ලීම් පැමිණි අතර එහෙත් ඒ සියල්ල ම හැර යුතුකමේ හා ගෞරවයේ පැළඳුමක්‌ ලෙස අපි සටන් කිරීම තෝරා ගතිමු.

අප වහා ජයග්‍රහණය නොකළ ද, අන් අය ඔබට අන් ලෙස කීමට උත්සාහ කළ ද ජාතිය ආරක්‌ෂා කිරීම තෝරා ගැනීම ගෞරවයක්‌ බව හා එය විකිණීම ඉතිහාසය විසින් කිසි දා අමතක නොකරනු ඇති විශාලත ම පාවාදීම බවට අපි අපගේ අනාගත පරම්පරාවන්ට පාඩමක්‌ දෙන්නෙමු.

ලිබියාවේ හිටපු නායක මුවමර් ගඩාෆි මුහුණ දුන්නේ සුප්‍රකට ජර්මන් ලේඛක µ්‍රdන්ස්‌ කµaකා තම මව්බිමේ දී මුහුණ දුන් zහඳුනාගැනීමZ පිළිබඳ අර්බුදයට ම ය. කµaකා වරක්‌ පැවසූයේ තමා ජර්මානුවන්ගේ ඇස ඉදිරියේ යුදෙව්වකු බවත් යුදෙව්වන්ගේ ඇස ඉදිරියේ ජර්මානුවකු බවත් ය. කර්නල් ගඩාෆි ද ලිබියානුවන් ඉදිරියේ මුස්‌ලිම් විරෝධියෙකි. බටහිර ලෝකය ඉදිරියේ බටහිර විරෝධියෙකි. මේ නිසා ම තමන්ට ම ආවේනික වූ හේතුන් මත ගඩාෆිගේ මරණය වරක්‌ පරම සතුරන් වූ ලිබියානුවන්ට මෙන් ම බටහිරයන්ට ද කලකින් එකට භුක්‌ති විඳිය හැකි වූ ජයග්‍රහණයක්‌ රැගෙන ආවේ ය. මේ අනුව, බටහිරයන් හා ලිබියානුවන් එක්‌ ව පැවැත් වූ zහඳුනාගැනීමේ පෙරට්‌ටුවේz දී මුවමර් ගඩාෆි මෙසේ අවාසනාවන්ත ලෙස අසමත් වන්නේ කුමන කාරණයක්‌ නිසා ද යන්න සොයා බැලීම සිත් ගන්නා සුලු විය යුතු ය.

බටහිර ගැතිකමට එරෙහි ලේ නොසැලු ගඩාෆි විප්ලවය

ලිබියාවේ ඉතාලියානු ආක්‍රමණයට එරෙහි ව සටන් කොට 1911 දී කොම්හි දී මියගිය පළමු සටන්කරුවා වූ අබ්දෙසලාම් බෞමින්යාර් තම පිය පාර්ශවයේ සීයා ලෙස හඳුන්වන මුවමර් ගඩාෆි 1942 ජූනි මාසයේ දිනෙක ඉතාලි ලිබියාවේ සර්ට්‌ නගරයට තදාසන්න ව පිහිටි විශාල ග්‍රාමීය ගොවි පෙදෙසක්‌ වූ අබු හදී හි දී උපත ලබන්නේ ය. ගඩාෆි අයත් වන්නේ ඛදාµd නම් කුඩා ආරාබි ගෝත්‍රයකට ය. කුඩා කල සිට ම පලස්‌තීනුවන්ගේ සාර්ථකත්වය හමුවේ කුල්මත් වූ ගඩාෆි 1948 දී ඊශ්‍රායලය විසින් පලස්‌තීනුවන් පරාජය කිරීම හමුවේ බරපතල ලෙස කනස්‌සලට පත්වන්නේ ය. සූවස්‌ ඇල සම්බන්ධ අර්බුදය තුළ 1956 දී ගඩාෆි ඊශ්‍රායල් විරෝධී විරෝධතාවන්ට සහභාගී වන්නේ දැඩි උනන්දුවෙනි. ද්වීතීයික පාසලේ දී ඉතිහාසය හදාරන ගඩාෆි නම් නැගී එන නායකයා 1961 දී ලිබියාවේ බෙන්ගාසි හි පිහිටි රාජකීය ලිබියානු හමුදා ඇකඩමියට ඇතුළත් වන ලදු ව 1966 දී ඉන් උපාධි ලබා පිටවන්නේ ය. උපාධිය ලබා ගැන්මෙන් පසු වැඩිදුර හමුදා අධ්‍යයන සඳහා යුරෝපයට යන ගඩාෆි තරුණයා මාස හතරක්‌ පමණ එක්‌සත් රාජධානියේ දී සිදු කළ හමුදා පුහුණුවෙන් පසු මඳ කලක්‌ ලන්ඩනයේ ගත කිරීමට තීරණය කරයි. මින්පසුවය ඔහු රාජකීය ලිබියානු හමුදාවේ සංඥා බලකායට එකතු වන්නේ.

සෙසු අරාබි රටවල සේ ම ලිබියාවේ ද හමුදා සේවය උරුම වූයේ ආර්ථික වශයෙන් දුබල වූවන් වෙත ය. කෙසේ වෙතත්, මෙම සමාජ පන්තියට අයත් වූවන්ට ඉතිරි ව තිබූ එක ම දේශපාලන මැදිහත්වීම වූයේ ද හමුදා සේවයයි. 1967 දී පෙරමුණු තුනකින් ගමන්ගත් ඊශ්‍රායලය විසින් අරාබි හමුදාව ඉතා දරුණු ලෙස පරාජයට පත්කරන ලදී. මේ පිළිබඳ දැඩි ඉච්ඡාභංගත්වයෙන් හා ලඡ්ජාවෙන් පසුවූ බොහෝ ලිබියානු හමුදා නිලධාරීහු, ඊට එරෙහි ව කිසිවක්‌ ම නොකරන තම රාජාණ්‌ඩුව බලයෙන් පහකිරීමට සැලසුම් කරමින් සිටියහ. ඒ අනුව, ඊර්ප්තුවේ ගමාල් නසාර් ජනාධිපතිවරයාගේ අරාබි ජාතිකවාදය වීරත්වයෙන් සැලකූ ගඩාෆි හා ඔහු වන් වූ තරුණ හමුදා නිලධාරිහු පිරිසක්‌ හමුදා සේවය ම විප්ලවවාදී වෘත්තියක්‌ ලෙස සැලකූයේ 1969 සැප්තැම්බර් මස 1 වන දින ලිබියාවේ ඉඩ්‍රsස්‌ රජු වෛද්‍ය ප්‍රතිකාර සඳහා තුර්කියේ කාලය ගතකරන අතරතුර රාජාණ්‌ඩුවට එරෙහි ව ලේ බිඳකුදු නොසැලු කැරැල්ලක්‌ මෙහෙයවා ලිබියාවේ බලය සියතට ගත්හ.

බටහිර තෙල් සමාගම්වලට කළ අවසන් දැනුම් දීම්

බලය සියතට ගත් සැණින් ගඩාෆි විසින් අණ කළේ ඒ වන විට ලිබියාව තුළ පවත්වාගෙන ගිය සියලු ඇමරිකානු හා බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු වසා දැමීමට ය. බටහිර තෙල් සමාගම්වලට දුන් අණ වූයේ එම සමාගම් තම ජනතාව වෙත වඩාත් වැඩි ලාභයක්‌ ලබා නොදෙන්නේ නම් එම සමාගම් රටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව ය. බටහිර සමාගමවලට අන් විකල්පයක්‌ නොවූ අතර අණෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ලිබියාවේ තෙල් ආදායම සියයට 50 සිට සියයට 79 දක්‌වා ඉහළ ගියේ ය.

මේ අතර, ගඩාෆි විසින් දිගින් දිගට ම තෙල් සමාගම්වල සූරා කෑම්වලට එරෙහි ව සටන් කළ අතර 1970 දී පමණ ගඩාෆි මෙම සමාගම්වලට එරෙහි ව කළ සටනේ ජයග්‍රහණය සෙසු ඔපෙක්‌ රටවලට මනා පූර්වාදර්ශයක්‌ වෙමින් ඉරානයේ ෂා රජු ඇතුළු තව බොහෝ තෙල් නිෂ්පාදන රටවල් බටහිර තෙල් සමාගම්වලින් තමා වෙත ලැබෙන ලාභය විශාල ලෙස ඉහළ නංවා ගත්තේ ය.

ගඩාෆි යටතේ ලිබියානු ආර්ථික පිම්ම

ලිබියාව ස්‌වාභාවික සම්පත් වලින් අනූන ය. ගඩාෆි විසින් මෙම සම්පත් තම රට වැසියාගේ යහපත වෙනුවෙන් යෙදවීමට සැම විට ම ක්‍රියාකර තිබේ. ගඩාෆි යටතේ ලිබියානුවන්ගේ සාක්‌ෂරතාව සියයට 10 සිට සියයට 90 දක්‌වා ඉහළ ගියේ ය. ජීවන අපේක්‌ෂාව වසර 57 සිට 77 දක්‌වා නැංවුණි. කාන්තාවන්ට හා කළු ජාතිකයින්ට සමාන අයිතිවාසිකම් හිමි වූ අතර සැමට නිදහස්‌ අධ්‍යාපනය හා නිදහස්‌ සෞඛ්‍ය ලබා දෙන සුබසාධක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලැබුණි. මුළු ලිබියාව පුරා පිරිසිදු ජලය රැගෙන ගිය ලෝකයේ අටවැනි පුදුමය ලෙස ලිබියානුවන් හැඳින් වූ ස්‌වභාවික ගංගාවක්‌ නිර්මාණය කිරීමට ගඩාෆි කටයුතු කළේ ය. මේ සියල්ල ම කළේ කිසිදු විදේශ ණයක්‌ නොගනිමිනි. මේ අනුව, පසුගිය දා වීදියක දී ලිබියානුවන් විසින් ම ඉතා කෲර ලෙස මරා දැමූ ගඩාෆිගේ පාලන කාලය තුළ ලිබියාව ණයින් නිදහස්‌ රටක්‌ ලෙස ඉතිහාසයට එක්‌වේ. 2010 වන විට ලිබියානු ආර්ථිකයේ වර්ධන වේගය, සියර් අප්‍රිකානු රටවල් පරදවමින් සියයට 10.6 ක පැවතුණි.

ගඩාෆිට එරෙහි දේශපාලන කුමන්ත්‍රණ මර්දනය කිරීම

මේ අතර, ගඩාෆිගේ අරාබි ප්‍රතිරූපය දැඩි සේ සසල වූ ක්‍රියාවක්‌ 1978 දී සිදුවිය. ඒ ෂියා මුස්‌ලිම් ඉමාම්වරයකු වූ මූසා අල් සදාර් ලිබියාවට යන අතර තුර දී අතුරුදන් වීම ය. ලෙබනනය විසින් Rජුව ම මෙම අතුරුදන් වීමට එරෙහි ව ගඩාෆිට චෝදනා කළ අතර ගඩාෆි එය සපුරා බැහැර කරන්නේ ය. මෙම සිදුවීම නිසා, එතැන් පටන් අරාබි ලෝකයේ ෂියා මුස්‌ලිම්වරුන් ගඩාෆි දෙස බලන්නේ වපර ඇසිනි.

ගඩාෆිට විරුද්ධ ව පාලනයේ ම ඉහළ කොටස්‌ අතරින් කුමන්ත්‍රණ දියත් වූ අතර 1969 දෙසැම්බරයේ දී ඊජිප්තු බුද්ධි අංශ විසින් නිවේදනය කළේ තමා ගඩාෆිට එරෙහි කුමන්ත්‍රණයක්‌ පරාජය කළ බව ය. ඇත්ත වශයෙන් ම මෙම කුමන්ත්‍රණයේ ප්‍රතිඵලයක්‌ ලෙසය. ඉන්පසු පැවති ගඩාෆි පාලනය විසින් දේශපාලන විරුද්ධවාදීන් මර්දනය හා තම පවුල හා සමීපතම ඥාතීන් සමග පමණක්‌ ඔහු බලය බෙදා ගැනීමට පෙර්ඹෙන්නේ.

මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස, 1969 දී විප්ලවවාදී කමිටු පිහිටුවන ගඩාෆි ඒ හරහා රට ඇතුළතින් නැගී එන විරුද්ධවාදීන් පාලනය කිරීමට කටයුතු කරන්නේ ය. ලිබියානු ජනගහණයෙන් සියයට 10 සිට සියයට 20 ක්‌ පමණ රජයේ ඔත්තුකරුවන් ලෙස සේවය කළ අතර රාජ්‍ය ආයතනවල, කර්මාන්තශාලාවල හා අධ්‍යාපන ආයතනවල මෙය වඩ වඩාත් ක්‍රියාත්මක විය. මේ අතර විදේශිකයින් සමග දේශපාලනය සාකච්ඡා කිරීම වසර තුන දක්‌වා වන සිර දඬුවමක්‌ ලබා දෙන වරදක්‌ ලෙස හඳුන්වා දුනි. දේශපාලන පක්‌ෂ පිහිටුවීම ද තහනම් විය. මේ අතර, විදෙස්‌ රටවල ක්‍රියාත්මක වූ ලිබියා විරෝධීන් මෙල්ල කිරීම සඳහා ගඩාෆි විසින් තම තානාපති කාර්යාල හරහා වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කළ අතර 1980 හා 1987 අතරතුර දී විදෙස්‌වල සිටි විරුද්ධවාදීන් 25 දෙනකු පමණ ගඩාෆි විසින් මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබේ. 1980 දී ගඩාෆි විසින් විදෙස්‌වල සිටින ලිබියානුවන්ට අවසාන නිවේදනයක්‌ නිකුත් කරමින් කීවේ එක්‌කෝ තම රටට පැමිණෙන ලෙස හෝ එසේ නැතිනම් විප්ලවවාදී කමිටුවල අතට හසුවන ලෙස ය. ලිබියානු ඒජන්තයින් විසින් ඇමරිකාවේ දී, යුරෝපයේ දී හා මැදපෙරදිග දී ගඩාෆි පාලනයේ විරුද්ධවාදීන් ගණනාවක්‌ ඝාතනය කර ඇති බව කියවේ.

ලොකර්බි බෝම්බ සිද්ධිය හා බටහිර ගඩාෆි-විරෝධය

1984 දී ලන්ඩනයේ දී ලිබියානු සරණාගතයින් පිරිසක්‌ විසින් ලන්ඩන් හි ලිබියා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාවට තානාපති කාර්යාල නිලධාරීහු වෙඩි තබති. මෙහි දී බ්‍රිතාන්‍යයේ පොලිස්‌ කාන්තාවක්‌ වූ ඉවෝන් µaලෙචර් ද මිය යන්නේ ය. මෙම සිදුවීම එක්‌සත් රජධානිය හා ලිබියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා දශකයක්‌ පමණ තිස්‌සේ වළකා ලීමට සමත් විය. කෙසේ වෙතත්, ගඩාෆි චෝදනා කළේ බ්‍රිතාන්‍ය විසින් තම විරුද්ධවාදීන් සමග එකතු වී තම තානාපති කාර්යාලයට පහරදුන් බව ය. 1985 දී ගඩාෆි ප්‍රකාශ කළේ තම රටට එරෙහි ව පිටරටවල සිට ක්‍රියාත්මක වන අයට සහාය දෙන රටවලට එරෙහි ව තමා ද ක්‍රියා කරන බව ය. මේ අනුව, ගඩාෆි විසින් අයි ආර් ඒ ඇතුළු යුරෝපයේ කැරලිකාර කණ්‌ඩායම්වලට සහාය වන්නේ ය. 1980 ගණන්වල දී සෙම්ටෙක්‌ස්‌ නම් පුපුරණ ද්‍රව්‍ය ටොන් ගණනක්‌ අයි ආර් ඒ සංවිධානය වෙත යෑවීම ගඩාෆි අනුමත කරන්නේ ය.

බටහිර හා ගඩාෆි අතර වන දශක ගණනාවක විරසකයේ එක්‌ සංධිස්‌ථානයක්‌ වන්නේ ලොකර්බි බෝම්බ ප්‍රහාරයයි. මීට ද හේතුඵල සම්බන්ධයක්‌ තිබේ. 1986 දී ජර්මනියේ බර්ලින් හි රාත්‍රී සමාජ ශාලාවක දී ඇමරිකානු සෙබළුන් දෙදෙනකු මරුමුවට පත්කරමින් බෝම්බ පිපිරිමක්‌ සිදුවන්නේ ය. මෙම ප්‍රහාරය සඳහා ඇමරිකාව Rජුව ම ලිබියාවට චෝදනා කළ අතර, අදාළ ප්‍රහාරයට දින 10 කට පසු ඇමරිකානු ප්‍රහාරක යානා, ඇතැම් ඒවා බ්‍රිතාන්‍යයේ සිට ගුවන්ගත වෙමින් ලිබියාවේ ටි්‍රපොලි හා බෙන්ගාසි වෙත බෝම්බ හෙළන්නේ ය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අය අතර ගඩාෆිගේ හදාගත් දියණිය ද වූවාය. වොෂින්ටන් අදහසට අනුව, 1988 දෙසැම්බර් 31 වන දින මගීන් 259 දෙනකු රැගත් ඇමරිකානු පෑන් ඈම් ගුවන් සේවයට අයත් බොයිං යානාවක්‌ ස්‌කොට්‌ලන්තයේ ලොකර්බි නගරයට ඉහළ අහසේ දී පුපුරා යන අතර එහි දී යානාවේ ගමන්ගත් සියලු දෙනා ද බිම සිටි 11 දෙනකු ද මරණයට පත්වන්නේ ය. මෙම ප්‍රහාරය ඇමරිකාව විසින් ලිබියාවට බෝම්බ දැමීමට එරෙහි පළිගැනීමක්‌ ලෙස බවට ගඩාෆි වෙත චෝදනා එල්ල විය. ලොකර්බි සිද්ධිය අවසානයේ අඩක්‌ නිමාවට පත්වූයේ ලිබියාව විසින් 1998 එනම් ප්‍රහාරයට වසර 10 කට පසු දැඩි කොන්දේසි සහිත ව අදාළ සැකකරුවන් ස්‌කොට්‌ලන්කයට භාරදීමත් සමග ය.

උපක්‍රමශීලීව සතුරන් මිතුරන් කරගැනීම

මින්පසු ගඩාෆි සම්බන්ධයෙන් දිග හැරෙන්නේ මදක්‌ වෙනස්‌ කතාවකි. ඊට බරපතළ හේතු තිබුණි. ගඩාෆි පාලනයේ බොහොමයක්‌ විරුද්ධවාදීන් ඉස්‌ලාම් අන්තවාදීන් වීම නිසා හා මොවුන් ගඩාෆි විසින් මර්දනය කරගෙන යැම නිසා සිදු වූයේ මේතාක්‌ සිටි සතුරන් මිතුරන් වීම හා මිතුරන් සතුරන් වීමකි. මේ අනුව, මුල් දශකයන්හි දී සතුරන් ලෙස ක්‍රියාකළ බටහිර රටවල බුද්ධි අංශවල සහාය මේ වනවිට තම දේශපාලන මර්දනයේ දී ගඩාෆි වෙත බොහෝ සෙයින් ලැබෙමින් තිබුණි. ඇමරිකාවේ සී අයි ඒ හා බ්‍රිතාන්‍යයේ එම් 16 වැනි බුද්ධි අංශ විසින් ගඩාෆි වෙත ඔහුගේ පාලනයේ දේශපාලන විරුද්ධවාදීන්ගේ නම් ලැයිස්‌තු පිටින් දීමට පමණක්‌ නොව ඔවුන් පිටරටවල සිට එරටට ගෙන්වා දීමට ද Rජුව ම සම්බන්ධ වූ බවට මේ වන විට පැහැදිළි සාක්‌ෂි ලැබී තිබේ.

ඇමරිකාව හා බ්‍රිතාන්‍ය විසින් කරන ලද ත්‍රස්‌තවාදයට එරෙහි සටනට ගඩාෆි බොහෝ සෙයින් සහාය දක්‌වන්නේ ය. මෙම සහාය දැක්‌වීම පෙරලා ගඩාෆි වෙත ප්‍රති උපකාර දක්‌වන්නේ ඇමරිකාව විසින් ත්‍රස්‌තවාදයට සහාය දෙන රටවල ලැයිස්‌තුවෙන් ලිබියාව ඉවත් කරමිනි. මේ අතර, 2004 වසරේ දී බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් ලිබියාවේ දී ගඩාෆි හමුවන අතර බ්ලෙයාර් ගඩාෆි හැඳින්වූයේ ත්‍රස්‌තවාදයට එරෙහි සටනේ නව මිතුරකු ලෙස ය. ප්‍රංශ ජනාධිපති 2007 වසරේ දී ලිබියාවට ගිය අතර එහි දී අත්සන් කළ බොහෝ ගිවිසුම් අතර මුහුදු ජලය පානීය ජලය බවට පත්කිරීමේ ගිවිසුම කැපී පෙනේ. මේ අතර, බටහිර එතරම් ම කැමති නොවූ, එහෙත් ගබාපි විසින් ආදරය කළ ක්‍රියාවක්‌ රුසියාව සමග එක්‌ව කිරීමට ගඩාෆි සිතාගෙන සිටියේ ය. ඒ රුසියානු හමුදා කඳවුරක්‌ ලිබියාව තුළ පිහිටු වීම ය.

අවසානයේ ගඩාෆි බටහිරට සමීප වන්නේ ඇයි?

ගඩාෆි විසින් එන්න එන්න ම බටහිර වෙත සමීපවීම පරෙස්‌සමෙන් සලකා බැලිය යුතු කාරණයකි. ගඩාෆි වෙත පෙරලා සිය රටේ දී එරෙහි වෙමින් සිටියේ ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයට සම්බන්ධ අදහස්‌ දැරූ අල්-ඛයිඩාව ප්‍රමුඛ කරගත් මුස්‌ලිම් අන්තවාදයයි. මේ අනුව, ගඩාෆි තම පාලනයට එරෙහි වූවන්ට එරෙහිව කළ මර්දනය ස්‌වභාවිකව ම එකී අන්තවාදයට එරෙහි එකක්‌ ලෙස පෙනී යන්නේ ය. මෙහි දී බටහිර හා ගඩාෆි පොදු සතුරාට එරෙහි ව එක්‌ කොටයක්‌ මතට එන්නේ ය.

කෙසේ වෙතත්, ගඩාෆි බටහිරට සමීප වන්නේ එසේ නොකර සිටිය නොහැකි යෑයි ඔහු විසින් ම සිතු කාරණයක්‌ නිසා ය. එනම් 2003 දී ඉරාකයේ සදාම් හුසේන්ට අත් වූ ඉරණම තමාට ද අත්වේ ය යන සැකය ඔහු තුළ විය. ගඩාෆි ම වරක්‌ මෙය ව්‍යංගයෙන් පිළිගනිමින් ප්‍රකාශ කළේ ඉරාක සිදුවීම තම වෙනස්‌ වූ ආකල්ප කෙරෙහි බලපාන්නට ඇති බව ය. දුර පිළිබඳ ගැටලු හා චීනය වන් නැගී එන රටවල් නිසා ඉරානය හා උතුරු කොරියාව ඇමරිකාවේ ඉලක්‌කයක්‌ නොවිය හැකි වු ව ද යුරෝපයට අත දික්‌කළ දුරින් පිහිටි ලිබියාව එවන් ආක්‍රමණයකට වඩාත් වැඩියෙන් බඳුන් විය හැකි ය. මේ අනුව, ගඩාෆි කල්පනා කළේ කෙටි හා හැ`ගිම්බර තීරණ වෙනුවට, උපක්‍රමහීලි ව කටයුතු කරමින් පැන නැගිය හැකි බටහිර ආක්‍රමණයකින් වහා ගැලවීමේ ක්‍රියා මාර්ගයක්‌ ගැනීමට ය. කෙසේ වෙතත්, පුටින් සමග එකතු වී රුසියානු කඳවුරක්‌ පිහිටුවීමට කටයුතු කිරීම ගඩාෆිගේ දිගුකාලීන සැලසුම් ගණයට යටත් වූවක්‌ ලෙස සැලකිය හැකි ය.

ලිබියා කැරැල්ලේ මුස්‌ලිම් අන්තවාදය

ගඩාෆිගේ දිගුකාලීන උපක්‍රමශීලිත්වය තේරුම් ගැනීමට ළ`ග බලන මුස්‌ලිම් අන්තවාදයට හැකි වූයේ නැත. ඔවුන්ට කෙසේ හෝ අවශ්‍ය කළේ ගඩාෆිගෙන් පළි ගැනීම ය. මේ අනුව, 2010 අගභාගයේ පටන්ගත් අරාබි විප්ලවයේ සුළ`ග ලිබියාවට රැගෙන ගියේ මේ තාක්‌ ගඩාෆිට එරෙහි වෙමින් සිටි මුස්‌ලිම් අන්තවාදීන් ය. මෙම කණ්‌ඩායම් අතර ප්‍රමුඛතම එක වන්නේ අබ්දෙල් හකීම් බෙල්හාඡ් නායකත්වය දෙන ලිබියා ඉස්‌ලාමීය සටන් කණ්‌ඩායම ය. මෙම සංවිධානය විසින් අතීතයේ දී ගඩාෆි ඝාතනය කිරීම සඳහා තෙවරක්‌ ම උත්සාහ කර තිබේ. 1990 දී පිහිටුවන ලදු ව ඇµaගනිස්‌ථානය තුළ සටන්කරුවන් 1000 සමග ඇමරිකාවට එරෙහි ව සටන් කළ මෙම කණ්‌ඩායම 2010 වසරේ දී නිල වශයෙන් විසුරුවා හැරුණි. ඇමරිකාවේ සී අයි ඒ හා බ්‍රිතාන්‍යයේ එම් 16 විසින් බැංකොක්‌ හි දී අත්අඩංගුවට ගෙන ගඩාෆි වෙත බාර දෙන්නේ මෙම මෙම කණ්‌ඩායමේ නායක බෙල්හාඡ් ය. මොහු වසර 7 පමණ ලිබියාවේ අබු සලීම් සිරගෙය තුළ ගත කරන ලදුව- ගඩාෆිගේ පුත් සයිµa අල් ඉස්‌ලාම්ගේ මැදිහත් වීමෙන් පසු 2010 දී නිදහස ලබන්නේ ය. සිරෙන් නිදහස්‌ වූ බෙල්හාඡ් ප්‍රමුඛ කරගත් හිටපු ර්හාඩි සටන්කරුවන් විසින් 2011 අප්‍රේල් මාසයේ දී වෙනස සඳහා වූ නව ඉස්‌ලාමීය ව්‍යාපාරය පිහිටුවා ගන්නේ ය.

පසුගිය අප්‍රේල් මාසයේ දී ගඩාෆි බලයෙන් පහකිරීම සඳහා බෙන්ගාසි නගරය මුල්කරගත් ලිබියා කැරැල්ල පටන් ගත්තේ බෙල්හාඡ් නායකත්වය දුන් මෙම කණ්‌ඩායම විසිනි. අගෝස්‌තු මාසයේ දී ටි්‍රපොලිහි පිහිටි ගඩාෆිගේ මාලිගය වෙත ප්‍රහාර එල්ල කොට එය අල්ලා ගැනීමට මෙම කණ්‌ඩායම සමත් විය. මෙහි නායකත්වය දරන බෙල්හාඡ් මේ වන විට ලිබියාවේ ටි්‍රපොලි අගනුවර හමුදා පාලක සභාවේ අණදෙන නිලධාරියා ද වන්නේ ය. මෙම හමුදා පාලක සභාවේ දෙවැනියා වන සාමි අල් සාදි ද බෙල්හාඡ් සමග ම ලිබියානු සිරගෙය තුළ සී අයි ඒ හා එම් 16 නිලධාරීන්ගේ අනුදැනුම ඇති ව වධබන්ධනයට හා පීඩාවට පත් වූ තවත් මුස්‌ලිම් සටන්කාමියෙකි.

ගඩාෆි ඝාතනය කෙරේ

මේ වන විට, 1969 සිට 2011 වසරේ ආගෝස්‌තු මාසය දක්‌වා ම ලිබියාව පාලනය කළ 69 හැවිරිදි මුවමර් ගඩාෆි ලිබියා අන්තර්වාර පාලනයට ලැදි සටන්කරුවන් විසින් සර්ට්‌ නගරයේ දී අමානුශික වධයට යටත් කොට මරා දමා ඇත. එපමණක්‌ නොවේ, ලිබියාවේ මිශ්‍රාටා හි මස්‌ කල් තබා ගන්නා අධිශීත ගබඩාවක්‌ තුළ තම ජයග්‍රහණයේ කුසලානය ලෙස ගඩාෆිගේ, ඔහුගේ පුත්‍රයාගේ හා ආරක්‌ෂක ඇමතිවරයාගේ ලේ ගලමින් තිබූ සිරුරු පසුගිය සඳුදා වන තුරු ප්‍රදර්ශනය කෙරුණි. ගඩාෆි සමග ඔහුගේ අවසන් මොහොත දක්‌වා ම සිටි පුද්ගලයෙක්‌ මේ වන විට සර්ට්‌ හි රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින්නේ ය. ඔහුගේ ප්‍රකාශය, මෙම පිටුව තුළ ම පළකොට තිබෙන ගඩාෆිගේ අන්තිම කැමති පත්‍රය විසින් ද හෙළි කරන්නා සේ ම- පරාජය නිසැක බව දැනදැන ම ඒ අන්තිම දින උදෑසන ගඩාෆි විසින් කරමින් සිටියේ කුමක්‌ දැයි පැහැදිළි කරන්නේ ය. ගඩාෆිගේ ගුවන් විදුලි සංඥා සන්නිවේදන තුළ අංක 3 ලෙස හැඳින්වෙන මොහු මන්සූර් ධාවෝ ය. හියුමන් රයිට්‌ වොච් ආයතනයේ හදිසි අවස්‌ථා භාර පීටර් බෞකර්ට්‌ වෙත අදහස්‌ දක්‌වමින් එදින සිදු වූ නිය ම සිදු වීම පිළිබඳ ධාවෝ මෙසේ පවසන්නේ යග

"ගඩාෆි පැනල ගියේ නෑ. එයාට පැනල යන්න ඕන උනේ නෑ. අපි නැවතිලා හිටිය ප්‍රදේශය දාලා අපි වෙනත් තැනකට ගියා. ඒ ගඩාෆි උපන් ජාරිµa ප්‍රදේශයට යන්න. කැරලිකරුවො මුළු පළාතම වට කරල තිබ්බ නිසා අපි ඔවුන් එක්‌ක දරුණු ලෙස සටන් කළා. එහෙම කරල අපිට ඕන කළේ ජාරිµa පැත්තට ගිහින් මේ වටකිරීමෙන් ගැලවෙන්න. එතකොට කැරලිකරුවෝ අපි ව එළියෙන් වටකරල තිබ්බෙ. අපිට බැරි උනා ජාරිµa දෙසට යන පාරට යාගන්න. ඒ ගොල්ල අපිට දරුණු ප්‍රහාරයක්‌ එල්ල කළා. එකෙන් අපේ වාහනත් ඒ වාහනවල හිටපු බොහෝ අයත් මැරුණා. ඊට පස්‌සේ කාර්වලින් එළියට ආපු අපි කණ්‌ඩායම් කීපයකට බෙදිලා පයින් ඇවිදන් ගියා. මම හිටියෙ ගඩාෆි, ආරක්‌ෂක ඇමති අබු බකර් යුනුස්‌ හා ඔහුගේ දරුවන්, සමහර ස්‌වේච්ඡා මිනිසුන් හා සෙබළුන් කීප දෙනෙක්‌ හිටිය කණ්‌ඩායමේ. අන්තිම මොහොතේ මොකක්‌ උනා ද කියල මම දන්නේ නැහැ. මගේ කොන්දට වෙඩි වැදිලා මට සිහි නැති උණා."

එක්‌ කරුණක්‌ පිළිබඳ මන්සූර් ධාවෝ දැනුවත් ව නැත. ඒ ස්‌වභාවික ය. ඔහු සිතා ගෙන සිටින්නේ තමා වෙත ඒ ඉරණම්කාරී දින උදෑසන ප්‍රහාර එල්ල කරන්නේ ඇමරිකානු ෙඩ්‍රාaන් යානාවක්‌ හා ප්‍රංශ ජෙට්‌ යානා දෙකක්‌ විසින් නොව කැරලිකරුවන් විසින් බව ය. කර්නල් ගඩාෆිගේ සිරුර සර්ට්‌ හි වීදි පුරා ඇදගෙන ගිය බවට වන වීඩියෝ දර්ශන තිබෙන අතර ඔහු මරා දමා ඇත්තේ හිසෙහි වම් අත පැත්තට හා දෙපයට වෙඩි තැබීමෙනි. මතු ව තිබෙන වීඩියෝ දර්ශනයකට අනුව සටන්කරුවන් විසින් ගඩාෆි සර්ට්‌ හි වීදි පුරා ඇදගෙන ගියේ ඔහුට දැඩි සේ පහර දෙමින් හා ඇඳුම් පවා නොමැතිව ය.

ගඩාෆි ඝාතනය ජයග්‍රහණයක්‌ ද? පරාජයක්‌ ද?

පසුගිය මාස 7 හෝ 8 තිස්‌සේ ම නේටෝ ගුවන් යානා ලිබියා අහස පීරන ලද්දේ අන්කිසිවක්‌ සඳහා නොව ගඩාෆි සොයා ඝාතනය කිරීම සඳහා ය. ඔවුන්ට මේ සඳහා ඕනෑ තරම් හේතු තිබුණි. ගඩාෆි බලයට පැමිණි දා සිට බටහිර රටවල නායකයින්ට හා එහි තෙල් සමාගම්වලට සිදුවූයේ ඔහුගේ අණට හා අභියෝගවලට මුහුණ දීමට ය. මේ අනුව, ගඩාෆි ඝාතනය පිළිබඳ කිසිදු දෙගිඩියාවකින් තොරව සතුටුවන එක ම පාර්ශ්වය වන්නේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තවත් නේටෝ රටවල් 8 කි. ගඩාෆි මරණයෙන් පසු ඩෙවිඩ් කැමරන් කළ ප්‍රකාශයක ඒ බව සඳහන් වේ. "ලොකර්බි බෝම්බ ප්‍රහාරයේ සිට ලන්ඩන් වීදියක සිදු වූ ඉවොන් µaලෙචර්ගේ මරණය හරහා සියලු අයි ආර් ඒ මරණ සිහිපත් කිරීමේ දිනයයි මේ" යන්න එහි විය. තවදුරටත් සඳහන් වූයේ තමා මෙම ඝාතනයෙන් සතුටු වනවා පමණක්‌ නොව ආඩම්බර ද වන බව ය. කෙසේ වෙතත්, කැමරන්ගේ ප්‍රකාශය හමුවේ කිසිවකු කලබල වියයුතු නැත. ඒ zශිෂ්ටත්වයේZ අලුත් ම පැහැයයි.

මෙම ඝාතනයෙන් ප්‍රීති ප්‍රමෝදයට ලක්‌ වන තවත් පිරිසක්‌ අපි පසුගිය කාලය පුරා ම රූපවාහිනි තිරවල දුටුවෙමු. ඒ ගෝත්‍රික ලිබියානුවන් ය, විශේෂයෙන් ම තරුණයින් ය. ඔවුන් ගඩාෆි සම්බන්ධයෙන් ද කල්පනා කළේ ඇමරිකාවට ගැතිකම් කළ ඊජිප්තුවේ හොස්‌නි මුබාරක්‌ සේ ය. ටියුනීසියාවේ බෙන් අලි සේ ය. මෙම තරුණයින්ට ක්‌ෂණික ව කල්පනා වූයේ මුබාරක්‌ ගියානම් ගඩාෆි ද යා යුතු බවකි. එහෙත් යට සාකච්ඡා කළ පරිදි මුස්‌ලිම් ලෝකයේ අභිමානය පිළිබඳ කාරණයේ දී ගඩාෆි සිටින්නේ අන් සියලු අරාබි නායකයින්ට වඩා ගවු ගණනක්‌ දුරිනි. බටහිර ලෝකයට අවශ්‍ය වූයේ කෙසේ හෝ අරාබි විප්ලවය හරහා තම දොරකඩ සිට තමාට අභියෝග කරන මේ දැවැන්තයා අරාබි දේශපාලන සිතියමෙන් පන්නා හැරීමට ය. දශක 4 ක්‌ තිස්‌සේ ගඩාෆි පෙනී සිටි අරමුණු කිසිවක්‌ නොදත් අන්තවාදී ගෝත්‍රික බෙන්ගාසි කැරලිකරුවෝ බටහිරයාගේ මෙම ඇම ගෙඩි පිටින් ගිලදැමූහ. ඒ මතු නොව, ලිබියාව පමණක්‌ නොව අරාබි ලෝකය ම ලෝකයේ කිසියම් උස්‌ තැනකට ඔසවා තැබීමට වසර 40 ක්‌ පමණ කැප වූ නායකයකු මහමග ඝාතනය කොට, ඔහුගේ සිරුර දඩයම්කරුගේ ගොදුර සේ ප්‍රදර්ශනය කරමින් ඒ වටා සිට සියතින් ජයග්‍රහණයේ සංකේත දැක්‌විය හැකි මිලේච්ඡ මානසිකත්වයක්‌ සහිත මිනිසුන් කොටසක්‌ බවට පත්වීමට තරම් ලිබියානුවන් මෝඩ විය. ඌරාගේ මස්‌ ඌරාගේ ම ඇ`ග මත කැපෙනු දුටු බටහිරයා මෙවර සිනාසුනේ දෙකොනෙනි.

කෙසේ වෙතත්, වෙන වෙන ම හේතූන් නිසා ගඩාෆි ඝාතනය හරහා සතුටුවන ඉහත දෙපිරිසට ම තව වසර කීපයකින් උදා වන්නේ ගඩාෆි හට කළ දෙය පිළිබඳ වෙන වෙන ම පසුතැවෙන කාරණා ය. බටහිර රටවලට එසේ වන්නේ ලිබියාව මුස්‌ලිම් අන්තවාදයේ කඳවුරක්‌ වෙමින් එහි ප්‍රතිඵලයක්‌ ලෙස තම රටවල බෝම්බ පුපුරන විට ය. ලිබියානුවාට ගඩාෆි පිළිබඳ සිහි වන්නේ ලිබියාවේ ගෝත්‍ර අතර ඉදිරියේ දී ඇතිවන සිවිල් යුද්ධය හරහා තම සමාජ-ආර්ථික-දේශපාලන ජීවිතය නන්නත්තාර වන විට ය. 


Copy Rights - Divayina

චතුරංගි, අනුරාධා, සුපේශලා තුන් සොහොයුරියන්ගේ භාරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය

චතුරංගි, අනුරාධා, සුපේශලා තුන් සොහොයුරියන්ගේ
භාරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය



කලාවට අධිපති සරස්‌වතී දෙවඟනගෙන් වරම් ලබමින් ඉදිරිපත් කරන නර්තනය, විටෙක අපේ සිත් සතන් සමාධි ගතකරන බව නොරහසකි. සමාජගත සිරිත් විරිත් අනුව යමින් අද යොවුන් දැරියෝ නාට්‍ය අභිෂේකයට පුරුදු පුහුණුව ලබති. එසේ පුහුණුවන මානවිකාවන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ, සිය පුහුණුව අවසන, ප්‍රසිද්ධියේ සිය ශිල්ප ගෙනහැර පෑමට වරය ලබා ගැනීමයි. ඔවුන් එසේ රංගාභිෂේකය ලබන්නේ නෑදෑ හිතවතුනගේ සෙනෙහෙබර සහභාගිත්වයෙනි. ඔවුන් අභිමුවේ සිය නර්තන කුසලතා ප්‍රදර්ශනය කිරීම, මෙවැනි දැරියනට ඉමහත් ප්‍රබෝධයක්‌ ඇති කරවන්නකි.

ඉකුත් දිනක එවැනි වූ රංගාභිෂේකයක්‌ දැක බලා ගනිමින් නෙතු පිනවා ගැනීමේ දුර්ලභ අවස්‌ථාවක්‌ අපටද හිමිවිය. මෙනෙවියන් තිදෙනෙක්‌ සහභාගි වූ මෙහි සුවිශේෂත්වය වනුයේ ඔවුන් තිදෙනාම එකම පවුලේ සහෝදරියන් වීමය. ඒ තිදෙනානම් චතුරංගි, අනුරාධා සහ සුපේශලා කොළඹතන්ත්‍රීය. මේ සොහොයුරියන් රංගාභ්‍යාසය හා උඩරට නැටුම් කලඑළි මංගල්‍යය ද පැවැත්වූයේ එකට එක්‌වය. කොළඹ බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී භරත නාට්‍ය අරංගේත්‍රම් මංගල්‍යය අරඹමින් සපුරාලන්නට තිබුණු චාරිත්‍ර - වාරිත්‍ර පුරණු ලැබුවේත් තිදෙනාම එකට එක්‌වය. මෙලෙස ඒ රංගාභිෂේක මංගල්‍ය ද්ව්‍යය වැනි නාට්‍ය අවස්‌ථාවක්‌ මෙයට පෙර කිසිසේත්, කිසි තැනෙක සිදු නොවූ බව නිසැකය. මක්‌නිසාදයත්, එවැනි සිද්ධිමය පද්ධතියක්‌ එකට එක්‌වීමක්‌ කිසිකලෙක සිදුවිය නොහැකි හෙයිනි. මේ තුන් සොයුරියන්ගේ ද්විත්ව රංගාභිෂේකය, ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව සමස්‌ත ලොව තුළම අසහාය වාර්තාවක්‌ වන්නටද පිළිවන.

ඔවුනගේ නර්තන මංගල්‍යයට එක්‌වූ විචාරකයන්, සාමාන්‍ය රසිකයන් ඇතුළු සැමගේ මතය වූයේ ඒ දැරියනගේ රංගනය, අතිශයින්ම ප්‍රවීණ ලක්‌ෂණ පිළිඹිබු කරන්නක්‌ම බවය. ඒ නර්තනය සැබැවින්ම ගැඹුරු ශිල්පීය ප්‍රවීණත්වයකින් අලංකාර වූ සංදර්ශනයක්‌ බව ලිවිය යුතුමය.

මේ රංග මංගල්‍යය ද්ව්‍යයට පැය අටක්‌ පමණ කාලයක්‌ ගතවුණේය. එවැනි වූ දිගු කාල පරිච්ඡේදයක්‌ තුළදී මේ තුරුණු දියණියන් තිදෙනා කිසිම වෙහෙස මහන්සියකින් තොරව, සිය රංගන ක්‍රියාදාමය පවත්වාගෙන යැම සැබැවින්ම පැසසිය යුත්තකි. වයසින් මුහුකුරා ගිය, අති ප්‍රවීණ රංගන ශිල්පීන්ට වුවද, එතරම් දීර්ඝ වේලාවක්‌ මුළුල්ලේ සිය රංගනයන් පවත්වාගෙන යැම අසීරු කටයුත්තකි.

මේ රංගාභිෂේක මංගල්‍යයේ සාර්ථකත්වයට ප්‍රධානම හේතු සාධකය ලෙස දැරියන් තිදෙනාගේ අචල ධෛර්යත්, අප්‍රතිහත කැපවීමත්, නිරන්තර අභ්‍යාසයෙහි යෙදීමත්, ඔවුනගේ ශික්‌ෂණයත් ගෙනහැර දැක්‌විය හැකිය.

මේ දියණියන් තිදෙනාගේ රංග මංගල්‍යය සාර්ථක වනු දැකීම උදෙසා නිබඳව දිරි දුන්, ඔවුනගේ ආදරණීය දෙමාපිය යුවළ වන, රෝහණ පෙරේරා කොළඹතන්ත්‍රී මහතාත්, නිර්මලා පෙරේරා මහත්මියත් මෙහිලා ප්‍රශංසාවට ලක්‌ කළ යුතුමය.

මේ අපූරු රංගාභිෂේකය සාර්ථක කළ තවත් ප්‍රධාන චරිත දෙකක්‌ වන ඔවුනගේ කලඑළි රංගාභිෂේකය සිදු කළ ඇදුරුතුමන් වන කීර්තිමත් රංග විශාරද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මුදියන්සේ දිසානායක කලා ගුරුතුමාත්, සොයුරියන් තිදෙනාහට භරත නාට්‍ය ආරංගේත්‍රම් ප්‍රගුණ කළ නාට්‍ය ගුරු, නාට්‍ය භූෂණ ජයන්ත කුමාර කරුණාසේකර ප්‍රවීණාචාර්යවරයාත් ගෞරවය මුසුවූ කෘතවේදීත්වයෙන් සිහිපත් කළ යුතු වේ.

කලඑළි රංගාභිෂේකය ඉදිරිපත් කළ දියණියන් තිදෙනා අතුරින්, වැඩිමහල් දියණිය, චතුරංගි නිරෝෂා කොළඹ තන්ත්‍රී විටෙබ්ස්‌ වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරෙහි හැදෑරීම් හි නිරතවන්නියකි. දෙවන දියණිය තායිලන්තයේ බැංකොක්‌ නගරයේ ඉංජිනේරු විද්‍යාව හදාරන්නීය. ඇය නමින් අනුරාධා කොළඹතන්ත්‍රීය බාල දියණිය සුපේශලා කොළඹතන්ත්‍රී කොළඹ මියුසියස්‌ විද්‍යාලයේ දීප්තිමත් ශිෂ්‍යාවකි.

අසහාය වූ නාට්‍ය රංගාභිෂේකයකින් සිය යොවුන් කෞශල්‍යයන් ප්‍රදර්ශනය කළ මේ දිරිය දියණියන් තිදෙනාගේ ජීවන රිද්මයන් අතිශයින්ම විශිෂ්ටවනු ඇති බව අපගේ ඒකායන බලාපොරොත්තුවයි. "දිවයින සිනමා කලා" අපි, ඔවුනට සුබ පතමු.

සටහන - සුජීව තත්සර

Copy Rights - Divayina

උත්තරීතර කුටුම්භය තුළ පතිනි භාව රකින්නී ඈ...

උත්තරීතර කුටුම්භය තුළ පතිනි භාව රකින්නී ඈ...

භාර්යාවෝ ඇරැඹුණු මොහොත



"භාර්යාවෝ" ටෙලි වෘතාන්තයේ මුහුරත් උළෙල පසුගියදා සිලෝන් කොන්ටිනෙන්ටල් හෝටලයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් වශයෙන් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ, ඉන්ද්‍රානී වීරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙනිය යන මහත්ම මහත්මීහු ඇතුළු කලාකරුවන් විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අත්විඳින ජීවිත අත්දැකීම් නූතන භාර්යාවන් විනිවිද නිර්මාණය වන මෙම ටෙලි වෘතාන්තයෙහි කතා සංකල්පය ශෂී වීරවංශගෙනි. අධ්‍යක්‍ෂණය සාරංග මෙන්ඩිස්‌a වෙතිනි. සුධර්මා නෙත්තිකුමාර භාර්යාවෝහි නිෂ්පාදිකාවයි.

ජීවන් කුමාරතුංග, සබීතා පෙරේරා, කාංචනා මෙන්ඩිස්‌, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, නිමන්ති පෝරගේ, ලකී ඩයස්‌, මේනකා රාජපක්‍ෂ, කුමාර තිරිමාදුර, උමයංගනා වික්‍රමසිංහ, සහන් රන්වල රංගනයෙන් දායක වෙති.

නිරෝෂා විරාජිනි ගයන මෙහි එන ගීතය රචනා කර ඇත්තේ ශෂී වීරවංශ (ඇමැති විමල් වීරවංශ බිරිඳ) විසිනි. ප්‍රභාත් රොෂාන් කැමරාකරණයෙන්ද, ඊ. ඩබ්. විඡේසිංහ වෙස්‌ ගැන්වීමෙන්ද දායක වී ඇත.

"භාර්යාවෝ" ටෙලි වෘත්තාන්තයේ කතාව මෙන්ම එහි තේමා ගීතයද ලියනු ලැබූ ශෂී වීරවංශ ඊට පසුබිම් වූ කතාව පිළිබඳව අපට අදහස්‌ දක්‌වමින් මෙලෙස ප්‍රකාශ කළාය. "විවාහයෙන් පස්‌සේ අපි කවුරුත් වැඩිපුරම ඇසුරු කරන්නේ විවාහක බිරින්දෑවරු. මේ බිරින්දෑවරු කතා කරන විට අපට ඇසෙන ජීවිතය පිළිබඳ විවරණයන් ඉතා සංකීර්ණයි. විශේෂයෙන් නූතනයේ තාක්‌ෂණික පෙරළියත් සමග අපේ සමාජ හර පද්ධතීන් වලට මෙන්ම පවුල් ජීවිතවලට එල්ල කරන බලපෑම් විවිධාකාරය.

මේ නූතන පවුල් ජීවිත තුළ බිරින්දෑවරු මෙන්ම ස්‌වාමි පුරුෂයන්ද දරුමල්ලන්ද විවිධ අත්දැකීම්වලට මුහුණ දෙනවා. ඉතා යහපත් ස්‌වාමි පුරුෂයන් නිසා ඉතා සතුටින් පවුල් ජීවිත ගත කරන බිරින්දෑවරුත් අපට හමුවෙනවා. සමහර බිරින්දෑවරු නිසා දුක්‌විඳින ස්‌වාමිපුරුෂයන් විඳින ප්‍රශ්නත් අපට අසන්න ලැබෙනවා. මේ සියල්ල සමග බිරින්දෑවරුගේත්, ස්‌වාමි පුරුෂයන්ගේත් ජන්ම ගති පැවතුම් නිසා හැලහැප්පිලිවලට මුහුණ දෙමින් දරු මල්ලන් සමග ජීවිතය ගෙන යන භාර්යාවෝ අපට සමාජයේ හමුවෙනවා.
ආසියාතික ගැහැනිය ලෙස අප හඳුනන ජීවිත සීමා මායිම් තුළ සිරවී සියලු ප්‍රශ්න විඳ දරාගෙන දුක්‌ කම්කටොලු මැද දරුවන් උදෙසාම ජීවිතයට මුහුණ දෙන කාන්තාවන් භාර්යාවන් සියල්ල සිතින් විඳ දරාගෙන පිටට නොකියන සාමාජීය හා ආර්ථීක වෙනත් ප්‍රශ්න මැද ගතකරන ජීවිතය ගැන අප කතා කරන අවස්‌ථා විරලයි. ආසියාතික ගැහැනිය නමැති සීමා මායිම් වටා කොටුකර තිබෙන පවුරින් එහාට ගොස්‌ ඔවුන්ගේ ජීවිතය විනිවිද දකින්නයි "භාර්යාවෝ" ටෙලි වෘත්තාන්තය කරන්න මා උත්සහ කරන්නේ.
මගේ සිතේ උපන් මේ කතාව කලාත්මක නිර්මාණයකින් ජනතාව ඉදිරියට තබන්න මම සුධර්මා නෙත්තිකුමාර මහත්මියට යෝජනා කළ විට ඇය එක හෙළාම ඊට කැමැත්ත පළ කළා. ඇය ඒ වනවිට ටෙලි නාට්‍යක්‌ කරන්න කතා වස්‌තුවක්‌ සොයමින් සිටියා. "ගඟ අද්දර" ටෙලි වෘත්තාන්තයක්‌ නිපදවූ ඇය ඉතා සතුටින් "භාර්යාවෝ" නිපදවන්න ඉදිරිපත් වීම මට පමණක්‌ නොව සමස්‌ත භාර්යාවන්ටම මහත් සතුටක්‌. භාර්යාවෝ හි එන අර්ථවත් තේමා ගීතය ශෂී වීරවංශ විසින් ලියා තිබේ. ශෂී සතු ප්‍රතිභාව පළකරමින් ඇය ලියූ නිරෝෂා විරාජිනී ගයන ගීතය සංගීතවත් කර ඇත්තේ නවරත්න ගමගේ ප්‍රවීණ සංගීතවේදියාණන් විසිනි. එම ගීතය ද මේ සමග දැක්‌වේ.

භාර්යාවෝ



දස පෙරුම් පුරා - පතිකුලය අරා
පෙරහැරේ යන්න - සුබ මඟුල් පතා
සොඳුරු ලලනාවී ඈ සොඳුරු ලලනාවී....

සත් ගුණෙන් යුතුව - මෙත් සිතින් බැඳෙන
යුග දිවිය පුරා - මිණි බඳුන
රකින ඈ
නාග කන්‍යාවී ඈ නාග කන්‍යාවී...

විඳින මනසට විඳින්නට හැර
කර්ම ද්වාරය හැර තබා
උත්තරීතර කුටුම්භය තුළ
පතිනිභාවය රකින්නී ඈ...
සසර පුරුදු ලෙස පෙරුම් පුරනා
යශෝදරාවී ඈ කින්නරා වී ඈ...

චෝර වධකය ස්‌වාමි වෙස්‌ගෙන
ජීවිතයෙ දොර අගුලු ලා
අන් සතු පෙම් උයන් වනසා...
එහිම නිරයක්‌ මවන්නී...
සතර අගතියෙ ගතිය මවනා
අපුල රුදුලිය ඈ...
කුරිරු රතැසිය ඈ...

මාතු භාර්යා, භගිනි භාර්යා, සකිනි භාර්යා, දාසි භාර්යා,
චෝර භාර්යා, වධක භාර්යා, ස්‌වාමි භාර්යා සප්ත භාර්යාවෝ///

පද රචනය - ශෂී වීරවංශ
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - නිරෝෂා විරාජිනී
ශෂී වීරවංශ

සටහන-කළ්‍යාණි පී නිශ්ශංක
පින්තූර- ධම්මික සල්වතුර 


Copy Rights - Divayina

ද සිනා දැන් පිළියන්දල

රංජිත් ප‍්‍රසන්නගේ නිර්මාණයෙන් බිහි වූ සිහින පුරයේ රූගත කිරීම මේ දිනවල පිළියන්දල දී සිදුකෙරේ. මේ වනවිට කොටස් 150ක් පමණ සිරස රූපවාහිනියේ විකාශනය වී තිබෙන මෙහි තවත් කොටස් 100 පමණ විකාශනය වීමට නියමිතය.

ගිරිරාජ් කෞශල්‍ය, ගාමිණි හෙට්ටිආරච්චි, ගංගා ජීවනි. මානල් වානගුරු, අජිත් ලොකුගේ, චමිලා පීරිස්, ප‍්‍රතිභා හෙට්ටිආරච්චි, සුලෝචනා වීරසිංහ, රත්නා සුමනපාල ඇතුළු නළු නිලියන් 28 දෙනෙකු රඟපෑමෙන් දායක වේ.

ජීවිතයේ ගැඹුර සහ යථාර්ථය හාස්‍යමය තත්ත්වයකින් පෙළගැසීමට පිටපතින් දායකවන්නේ අසංග සායක්කාරයි. සංගීතය කපිල පුගලආරච්චි විසිනි. සුසිල නිෂ්පාදනයක්වන මෙහි කලා අධ්‍යක්‍ෂණය ඩොරික් සමරසුන්දරයි.

මරදන්කඩවල යකඩයා කැකිරාවේදී හෙට අවසන් ගමන් යයි

මරදන්කඩවල යකඩයා කැකිරාවේදී හෙට අවසන් ගමන් යයි

කැකිරාව - සුදත් ඒකනායක



කලක්‌ රෝගාතුරව සිට කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වූ සාන්චිආරච්චිලාගේ ජිනදාස හෙවත් මරදන්කඩවල යඩකයාගේ අවසන් කටයුතු හෙට (29 දා) සවස 2.00 ට කැකිරාව නෙල්ලියගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

කැකිරාව නෙල්ලියගම පදිංචි ආර්. ටී. බී. ගුණවතී මහත්මියගේ නිවසේ තැන්පත් කර ඇති මියගිය ජිනදාස මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්‌වීමට ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ පැමිණෙමින් සිටිති.

පේරාදෙණිය උඩරීරියගම වලව්වේ පදිංචිව සිටි සාන්චිආරච්චිලාගේ ඩේවිඩ් හා ඡේන් නෝනා යන දෙපළට දාව උපන් ජිනදාස මහතාට ඇලිස්‌ නෝනා නමින් තවත් එක්‌ සහෝදරියක්‌ සිටියේය. 


Copy Rights - Divayina

Wednesday, October 26, 2011

අම්මා ගිය පාරේ මම කවදාවත් යන්නෙ නෑ...

අම්මා ගිය පාරේ මම කවදාවත් යන්නෙ නෑ...
තිසුරි යුවනිකා


එහෙම දෙයක්‌ හිතන්න තරම් කලබලයක්‌ නැහැ

වර්ෂා පොහොසත් පවුලක ඉපිද දුප්පත් පවුලක තරුණයකුට ආදරය කරන දඟකාර කටකාර තරුණියක්‌. සවීණා නිතරම අසාධාරණයට විරුද්ධව නැගී සිටින විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන තරුණියක්‌.

ඒ ස්‌වාධීන රූපවාහිනියේ සහ දෙරණ රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන සඳ සඳවගේ සහ සවීණා ටෙලිනාට්‍ය ද්විත්වයේ චරිත දෙකක්‌. නමුත් මේ චරිත දෙකටම ජීවය දෙන්නේ එක්‌ තරුණියක්‌. කලාවට ලබැඳි පවුලක ඉපදී තම මව (සුසන්තා චන්ද්‍රමාලි) ගමන්කළ අඩිපාරේ යමින් රංගන ක්‍ෂෙත්‍රය තවත් දුලවන්නට මෙලෙසින් එක්‌ වූ ඇය නමින් තිසුරි යුවනිකා.

තිසුරි, සවීණා - සඳ සඳවගේ නිර්මාණවලින්ම අපි කතාබහ ඇරඹුවොත්?

සවීණයි - සඳ සඳවගේ හි වර්ෂයි කියන්නේ එකකට එකක්‌ වෙනස්‌ චරිත. සවීණා අසාධාරණයට අකමැති විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන තරුණියක්‌. සඳ සඳවගේ හි වර්ෂා තමයි මම පෙම්වතියකගේ චරිතය මුලින්ම රඟපාපු අවස්‌ථාව.

ඔබට රංගනයට පැමිණෙන්න මව හේතුවක්‌ වුණා කිව්වොත්?

අනිවාර්යයෙන්ම. රංගනය මට අම්මගෙන් ලැබුණු දායාදයක්‌.

දැනට නිර්මාණ කීයකට විතර සම්බන්ධවෙලා තියෙනවද?

විස්‌සකට විතර. ඒ අතරින් කීපයක්‌ තමයි ඊශ්වර සති, දරුවන්ගේ අම්මලා, සත් පත්තිනි, පුංචි වීරයෝ, ඇහිපිල්ලමක්‌ යට...

ජනාධිපති කුසලතා සම්මානයක්‌ ලැබුණේ මොන නිර්මාණයටද?

සුදත් දේවප්‍රිය මහත්මාගේ උඩුගම් යාමය චිත්‍රපටයේ මම රඟපෑ චරිතය වෙනුවෙන්. චිත්‍රපටය රූගත කළේ ශිෂ්‍යත්ව විභාගේ ලියන්න ඔන්න මෙන්න කියලා තියෙද් .

රංගනයට පිවිසීම අධ්‍යාපන කටයුතු වලට බාධාවක්‌ වුණේ නැද්ද?

පාසල් නිවාඩු කාලෙ තමයි හැම නිර්මාණයකටම වගේ මම සම්බන්ධ වුණේ. ඒ වගේම තමයි මූලික තැන දුන්නේ අධ්‍යාපන කටයුතුවලට. සාමාන්‍ය පෙළයි, උසස්‌ පෙළයි විභාග තිබුණු අවුරුදුවල කිසිම නිර්මාණයකට සම්බන්ධ වුණේ නැහැ.

මුල්ම රංගනයට ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය මොනවගේද?

වයස අවුරුදු හතරෙ කුමාරසිරි අබේකෝන්ගේ ඊශ්වර සති ටෙලිනාට්‍යයේ තමයි මම මුලින්ම රඟපෑවේ. මම ගොඩක්‌ පොඩි නිසා ටීවී එකේ දකිද් හරි ආසයි. නාට්‍යය විකාශය වෙන දවස්‌වල අම්මලා පවා මට ලියුම් එව්වා. ඒකේ වටිනාකම තියෙන්නේ මට ආපහු පොඩි කාලේ හිටපු හැටි බලන්න පුළුවන්. ඒවා දකිද් දැන් හිනහත් යනවා. අම්මා තාත්තා තමයි රංගන කටයුතුවල වගේම මගේ ජීවිතේ හැම දෙයක්‌ ගැනම ගුණදොස්‌ කියන්නේ. ඒ දෙන්නා මගේ ගමනට ලොකු රියක්‌ දෙනවා.

දැන් ඔබ ක්‍ෂෙත්‍රයේ ජනප්‍රිය චරිතයක කියලා හිතනවද?

කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මොකද මම ජනප්‍රියත්වය බලාපොරොත්තුවෙන් නෙමෙයි රඟපාන්න ආවේ. මට ලැබෙන චරිතවලට සාධාරණයක්‌ ඉටුකරනවා. ඒ තුළ ප්‍රේක්ෂකයෝ ජනප්‍රයත්වය තීරණය කරාවි.

ගටම රංගන කාර්යයේ නිරත වෙන්නද බලාපොරොත්තුව?

පොදුවේ පොරකන පිරිසකුත් ඉන්නවා ක්‍ෂෙත්‍රයට එන්න සහ රැඳිලා ඉන්න. මට මගෙ අම්මා නිසා ඒ පාර හැදුනා. මගෙ දක්ෂතාවක්‌ තියෙන නිසා ක්‍ෂෙත්‍රයේ රැඳිලා ඉන්න හැකියාව ලැබිලා තියෙනවා. මටනම් හරිම සුන්දරයි මේ ගමන. හොඳ චරිත රඟපාලා ඉ රියට යනවා.

මේ ගමනේ දී ඔබට අභියෝගයක්‌ වන අයත් ඉන්නවද?

අනේ නැහැ. අවංකවම මට ලැබෙන චරිතයකට සාධාරණයක්‌ කරනවා මිසක්‌ කා එක්‌කවත් තරගයක්‌ වත් කවුරුවත් මට අභියෝගයක්‌ වෙලාවත් නැහැ.

මෙතරම් ඉක්‌මණින් ජනප්‍රිය තලයට එන්න ලැබුණේ මව නිසා කිව්වොත් පිළිගන්නවද?

අම්මා තමයි මගේ ගමනට හැමදාම රුකුලක්‌ වුණේ. ඒක ඉ රියටත් එහෙමමයි. අම්මා හොඳ නමක්‌ තියාගෙන රංගන ක්‍ෂෙත්‍රයේ රැදී ඉන්න නිළියක්‌. ඒ නිසා මම අදටත් කැමති සුසන්තා චන්ද්‍රමාලිගේ දුව කියලා මාව අඳුන්වලා දෙනවට. අනිත් එක තිසුරි

යුවනිකා කිව්වට දන්න පිරිස ගොඩක්‌ අඩුයි.
ක්‍ෂෙත්‍රය ගැන මවගෙන් ලැබුණේ මොනවගේ දැනුවත් කිරීමක්‌ද?

රංගන ක්‍ෂෙත්‍රයේ විතරක්‌ නෙමෙයි ජීවිතේ හැම මොහොතක ම අම්මා මට නිතරම කියන්නේ කාටවත් කරදයක්‌ නොවී තමන්ට පැවරෙන කාර්යය උපරිමයෙන් කරන්න කියලා.

රංගනය කරදයක්‌ වුණු අවස්‌ථා නැද්ද?

ඒ අතින් මම හරි වාසනාවන්තයි. පුංචි කාලෙ ඉඳලම මාව දන්න පිරිසක්‌ තමයි ක්‍ෂෙත්‍රයේ ඉන්නේ. ඒ නිසා ක්‍ෂෙත්‍රය මට නුහුරු තැනක්‌ නෙමෙයි. කිසිම අයුතු බලපෑමක්‌ කරන්න එන්නේ නැහැ කවුරුවත්.

තරුණ වයසේ සිටින නිසා ප්‍රේක්ෂකයින්ගේ ප්‍රතිචාර අතර ආදරය සම්බන්ධ ඉල්ලීම් එහෙමත් ඇති නේද?

ඕනතරම් එනවා. රසිකාවියෝ වගේම රසිකයොත් ඉන්නවා. ඒවා ඉතින් මේ ක්‍ෂෙත්‍රයේ හැටියට සාමාන්‍ය දේවල්. ඒවා ගනන් නොගෙන ඉන්න එකයි නුවරණට හුරුදේ.

ඒ අතරින් විශේෂ ආදර ඉල්ලීමක්‌ ආවොත්?

එහෙම දෙයක්‌ ගැන හිතන්න තරම් කලබලයක්‌ මගෙවත් අම්මලගෙවත් හිත්වල නැහැ.

අනාගතය ගැන තියෙන බලාපොරොත්තු?

ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. රටට බරක්‌ නොවී ඉගෙන ගත්ත දෙයින් ප්‍රයෝජන ලබන අතරේ ඉඩ ලැබෙන වි හට නිර්මාණවලටත් යොමු වෙනවා.

අම්මා රංගනයෙන් දේශපාලනයට ආවා. ඔබේ හිතෙත් එහෙම අදහසක්‌ නැද්ද?

අපේ පවුලේ මුලින්ම දේශපාලන භූමිකාවක්‌ ඇති කළේ අම්මා. ඊට කලින් කිසිම දේශපාලන පසුබිමක්‌ තිබිලා නැහැ. අම්මත් ඡන්දේ ඉල්ලුවේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමකට. දේශපාලනය කියන මාතෘකාවටත් අකමැති කෙනෙක්‌ මම. ඒ නිසා අම්මා ගිය ඒ පාරේ මම කවදාවත් යන එකක්‌ නැහැ.

ලක්‌මිණි අතුකෝරල
ඡයා - සුජාතා ජයරත්න

මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා

මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා
නැතිවුණ ආදරය ගැන ජානකී කතා කරයි

එයාට දැන් වෙනම ලෝකයක්‌ තියෙනවා

පූජා වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌. එයාගේ ආදරවන්තයා වුණේ කෝසල. කෝසලගේ ආදරය අතරමග නැවතුණ නිසා පූජා හරිම දුකෙන් තමයි කාලය ගත කරන්නේ. මේ විදිහට දුකෙන් ඉන්න අතරතුරේ ඇයට ජීවන්තව හමුවෙනවා. සතියේ දින පහේම රාත්‍රි 8.00 ට ඔබේ නිවහනට ගොඩවෙන මේ පූජා සැබෑවටම කවුද?. ගොඩක්‌ දෙනා මේ දවස්‌වල කතා බහ වෙන්නේ ඇය ගැනයි. වෙනස්‌ම ආරක්‌ රැගෙන නිර්මාණය වුණු පූජා ටෙලියේ නිෂ්පාදිකාව වන්නේද පූජා චරිතයෙන් ඔබ හමුවට එන ජානකී විඡේරත්නයි. ආදරය ගැන දුකින් තැවෙන පූජාගේ සැබෑ ජීවිතයේත් එවැනි අත්දැකීම් තිබෙනවා කියලද දැන ගන්න අපි අදහස්‌ කළා.

නම - ජානකී විඡේරත්න රැ ගම - නුවර
පාසල - නුගේගොඩ හයිලන්ඩ් සහ සිරිමාවෝ බණ්‌ඩාරනායක
උපන් දිනය - මැයි 25
ආගම - බුද්ධාගම
ලග්නය - කටක

ජානකී පසුගිය කාලයේ කොහෙද හිටියේ ?

පසුගිය කාලයේ මම ලංකාවේ හිටියේ නැහැ. අවුරුදු හයක්‌ විතර ජීවත් වුණේ එංගලන්තයේ. එහිදී මම ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් කියන උපාධිය හැදෑරුවා. දැන්නම් ලංකාවට ඇවිත් අවුරුද්දක්‌ විතර වෙනවා. පසුගිය කාලයේ මම නිතර දෙවේලේ ලංකාවට ඇවිත් ගියා. දැන්නම් දිගටම ලංකාවේ තමයි ඉන්න බලාපොරොත්තුව. එහෙ හිටපු කාලයේ මම රැකියාවකුත් කළා.

ඒකද වැඩිපුර නිර්මාණවල දකින්න නොලැබුණේ ?

ඒකත් එක හේතුවක්‌ තමයි. අනික මම එකදිගට රඟපාන්න කැමැති නැහැ. එකම මුහුණ නිතර දකින කොට මිනිස්‌සුන්ට වුණත් එපාවෙනවනේ. ඒක නිසා මට හිතෙන්නේ තෝරාබේරාගෙන රඟපෑවනම් හොඳයි කියලා. එවිට එම චරිතයට වුණත් උපරිම සාධාරණයක්‌ කරන්න පුළුවන්.

ටෙලි නාට්‍යයක්‌ නිෂ්පාදනය කරන්න හිතුණේ ?

මගේ හිතේ ලොකු බලාපොරොත්තුවක්‌ තිබුණා කවදාහරි දවසක ටෙලිනාට්‍යයක්‌ කරනවා කියලා. හැබැයි මේ දෙය නම් සිද්ධවුණේ අහම්බෙන්. සාමාන්‍යයෙන් එදිනෙදා දකින ටෙලි නාට්‍යවලට වඩා වෙනස්‌ ආරක්‌ අරගත් දෙයක්‌ කරන්න තමයි මට වුවමනා වුණේ. එයට මේ වෙනකොට ගොඩක්‌ හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මට නම් හිතෙන්නේ මගේ උත්සාහය සාර්ථක වෙලා කියලයි.

ඔබ නිෂ්පාදනය කළ ටෙලි නාට්‍යයක්‌ නිසාද ප්‍රධාන චරිතය රඟපාන්නේ ?

එහෙම දෙයක්‌ නැහැ. ඇත්තටම මම නිෂ්පාදනයට යොමුණේ පස්‌සේ. මුලින්ම මට ආරාධනා ලැබුණේ රංගනයෙන් දායක වෙන්න විතරයි. පස්‌සේ මට අහම්බෙන් නිෂ්පාදිකාවක්‌ වෙන්න ලැබුණා. දමිතා අබේරත්න තමයි මේ චරිතයට මාව යෝජනා කරලා තියෙන්නේ.

පූජා වගේ ගුවන් සේවිකාවක්‌ වුණා නම් ඔයාටත් හොඳ නැතිද?

පාසල් යන කාලේ එහෙම ආසාවක්‌ තිබුණා. මට එවැනි ආරාධනාත් ලැබුණා. අනික මම කොහොමටත් කැමැති නැහැ හැම තිස්‌සෙම ගුවන් සංචාරයේ යෙදෙන්න. ඉඳලා හිටලා නම් කමක්‌ නැහැ. වෘත්තියක්‌ විදිහට ඒ වගේ රස්‌සාවක්‌ කරන්න ආසාවක්‌ නැහැ.

ජානකී ඇයි නිළියක්‌ වුණේ ?

ඒක අහම්බෙන් වෙච්ච දෙයක්‌.

අහම්බෙන් නිළියක්‌ වුණේ කොහොමද ?

98 අවුරුද්දේ සිරිමාවෝ විද්‍යාලයේ "සිරිමාවෝ රූප රැජිණ" කියලා තරගයක්‌ පැවැත්වුවා. එයට මම ඉදිරිපත් වුණා. එතැනදී ගත්තු පින්තූර පත්තරවල පවා පළවුණා. ඊට පස්‌සේ කලා ක්‍ෂේත්‍රයේ ඉන්න ගොඩක්‌ කට්‌ටිය අඳුරගන්න ලැබුණා. අනෙක්‌ කාරණාව තමයි අයිරින් ලියනගේ කියන්නේ මගේ ආච්චි. එයා මගිනුත් ගොඩක්‌ කලාකරුවන් අඳුරගන්න ලැබුණා. ඒ අඳුරාගැනීම තුළ තමයි රංගනයට ආවේ.

අද කාලේ සමාජයේ නිළියන් ගැන හොඳ පැහැදීමක්‌ නැහැ නේද?

අපිට මිනිස්‌සුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස්‌ කරන්න බැහැ. මම හිතනවා තමන්ගේ ගෞරවය රැකගෙන මේ වෘත්තියේ නිරත වෙන්න පුළුවන් කියලා. ලංකාවේ විතරයි මේ විදිහේ ආකල්ප තියෙන්නේ. හොලිවුඩ්, බොලිවුඩ් වල නළු නිළියන්ට ගොඩක්‌ ගරු කරනවා. වගේම හොඳ පිළිගැනීමකුත් තිබෙනවා. ඇයිද දන්නේ නැහැ ලංකාවේ මේ වගේ පිළිගැනීමක්‌ තියෙන්නේ.

රඟපානවාට ගෙදරින් විරුද්ධ නැතිද?

ගෙදරින් ලොකු කැමැත්තක්‌ නැහැ. ආච්චිගෙන් ඇරෙන්න වෙන කිසිම කෙනෙකුගෙන් සහයෝගයක්‌ ලැබෙන්නේ නැහැ.

පවුලේ විස්‌තර ටිකකුත් කියමු...

මට මල්ලිලා දෙන්නෙක්‌ ඉන්නවා. ලොකු මල්ලි ඉන්නේ ලංකාවේ. පොඩි මල්ලි නම් තවම ඉන්නේ එංගලන්තයේ. මගේ තාත්තා මම පොඩි කාලෙදිම නැති වුණා. අම්මා විතරයි ගෙදර ඉන්නේ.

පූජා ඔබේ රංගන ජීවිතයේ ලොකු වෙනසක්‌ කරයි කියලා හිතනවද?

අනිවාර්යයෙන්ම. මොකද පූජා වෙනස්‌ම විදිහේ ටෙලි නාට්‍යයක්‌. එහි ඇඳුම් පැළඳුම්, පසුතලය, වාහන කියන මේ හැමදෙයක්‌ම වෙනස්‌ විදිහට තමයි අරගෙන තියෙන්නේ. මගේ මූලික අරමුණ තිබ්බෙත් ගොඩක්‌ හොඳ නිර්මාණයක්‌ කරන්න.

දැන් ඉතිං කලවයසත් හරිනේද?

ඒ ගැනත් හිතන්න ඕනෑ. හැමදේම වෙන්නේ තමන්ගේ දෛවය අනුවනේ. දෛවයේ ලියවිලා තියෙන විදිහට එයත් සිදුවේවි.

මොනවගේ කෙනෙක්‌ද හොයන්නෙ?

මාව තේරුම් ගත්ත කෙනෙක්‌ වෙන්න ඕනෑ. විශේෂයෙන් සිගරට්‌ බොන්නේ නැති මට ආදරය කරන කෙනෙක්‌ වෙන්න ඕනෑ.

තවම එහෙම කෙනෙක්‌ හමුවුණේ නැතිද?

මාව තේරුම් ගත්ත එහෙම කෙනෙක්‌ හම්බවුණා. මගේ නොතේරුම්කමට එයාව අහිමිවුණා. ඒ දේ කරගත්තේ මගේ වැරුද්දෙන්. ඒ ගැන අදටත් දුක්‌වෙනවා.

ඒ කියන්නේ ජානකී ආදරය විඳලා තියෙනවා කියලද?

අනිවාර්යයෙන්ම.

දැන් ඔහු කතා කරන්නේ නැතිද?

නැහැ. මම හිතන්නේ එයාට දැන් වෙනම ලෝකයක්‌ තිබෙනවා. අනික අපි දැන් ඒ ගැන කතා කරන එකත් සුදුසු නැහැ.

විලාසිතා ගැන ඔබ හිතන්නේ කොහොමද?

මම විලාසිතා කරනවා. හැබැයි මට ගැලපෙන විදිහට. එහෙම නැතිව කාලෙන් කාලෙට එන විලාසිතා මම කරන්නේ නැහැ

දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ
හැඩගැන්වීම - තුෂාර සොයිසා
පසුතලය - ප්‍රජායා හොටෙල්, ගල්කිස්‌ස 

Copy Rights - Divayina 

මම කවදාවත් නොහිතුව අලුත්ම දෙයක්‌ නිසා මම කැමැති වුණා

අලුත් පරම්පරාව රසය හඳුනන්නේ නැහැ
- චමිලා පීරිස්‌
පවතින තත්ත්වය තුළ අපිත් වෙනස්‌ වෙනවා

ඇත්තටම මේ වෙද්දි අපේ ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව අන්තයටම පිරිහිලා. එයට හේතුව කලා ක්‍ෂේත්‍රය හැම අංශයකින් හොඳ නිර්මාණ බැහැරවෙලා. බොළඳ හරසුන් දේවල් රජයන්න පටන් අරන්. මේ වාතාවරණය තුළ අලුත් පරම්පරාව උසස්‌ රසයක්‌ තියෙන චිත්‍රපට, ගීත, ටෙලිනාට්‍ය හඳුනන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ නිරන්තයෙන් දකින්න ලැබෙන දේවල් තමයි හොඳ නිර්මාණ කියලා.

රංගන දිවියේ දශක එකහමාරක තරම් අත්දැකීම් සමුදායකින් පිරිපුන් චමිලා... හැමදාමත් නිර්මාණ සමග ජීවත් වන්නියක්‌. මේ ලිපිය ලියෑවෙන මොහොතේත් වේදිකා නාට්‍ය තුනක හා දැනට විකාශය වෙමින් පවතින ටෙලිනාට්‍ය පහක පමණ ඇගේ රංගනය අපට හමුවනවා. එයිනුත් මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන "දූලි පින්තාරු" හා "ධවල කඩුල්ල" සුවිශේෂ වනවා. එබැවින් ඒ ඇසුරේම අපේ කතාබහේ ඇරඹුම සටහන් කරන්නට අපට සිත් වුණා.

චමිලා මේ දවස්‌වල ඔබ රඟපාන කත්‍රිනාගේ චරිතය වගේම නිලමේගේ දියණියගේ චරිතයත් බොහෝ අවධානයට ලක්‌වී තිබෙනවා.

"ඇත්තටම ඒ චරිත දෙකම නිර්මාණාත්මක පක්‍ෂයෙ කල්වේලා අරන් තිර පිටපත් හොඳින් අධ්‍යයනය කරල ඒවායේ නිර්මාණකරුවන් සමග කතාබහ කරමින් කරන්න ලැබුණ චරිත දෙකක්‌. මෑත කාලයේ මට ලැබුණ චරිත අතරින් මට බොහෝදුරට සෑහීමකට පත්වෙන්න ඉඩ ලැබුණ අවස්‌ථාවන් කීවොත් නිවැරැදියි.

ඔබ චරිත තෝරාගන්නේ කිසියම් ප්‍රමිතියකට යටත්ව ද?

කිසියම් ප්‍රමිතියකට යටත්ව චරිත තෝරාගන්න ලැබෙනවා නම් කැමැතියි. නමුත් වර්තමානයේ කෙරෙන නිර්මාණ තුළනෙ අපට ලැබෙන චරිත තීරණය වෙන්නෙ. ඉතින් අපි බලාපොරොත්තුවෙන මට්‌ටමේ චරිත ලියවෙන්නෙත්, නිර්මාණ කෙරෙන්නෙත් බොහෝම සීමිතව. ඒ නිසා අපට සිද්ධ වෙනව පවතින තත්ත්වය තුළ කෙරෙන නිර්මාණවල චරිත භාරගන්න.
අද හැදෙන්නෙ මිනිසුන්ට විඳින්නට වඩා විඳවන්න සිද්ධ වෙන ටෙලිනාට්‍ය කියල මම කීවොත්.
ඇත්තටම මේ වෙද්දි අපේ ප්‍රේක්‍ෂකයන්ගේ රසඥතාව අන්තයටම පිරිහිලා. එයට හේතුව කලා ක්‍ෂේත්‍රය හැම අංශයකින් හොඳ නිර්මාණ බැහැරවෙලා. බොළඳ හරසුන් දේවල් රජයන්න පටන් අරන්. මේ වාතාවරණය තුළ අලුත් පරම්පරාව උසස්‌ රසයක්‌ තියෙන චිත්‍රපට, ගීත, ටෙලිනාට්‍ය හඳුනන්නේවත් නැහැ. ඔවුන් හිතන්නේ තමන් මේ නිරන්තයෙන් දකින්න ලැබෙන දේවල් තමයි හොඳ නිර්මාණ කියලා.

නමුත් ජනප්‍රිය යන ලේබල අලවා ඇත්තේ මේ නිර්මාණ හා මේවායේ පෙනී සිටින නළු නිළියන්ට.

මම පෞද්ගලිකව ජනප්‍රියත්වය ගැන හිතන කෙනෙක්‌ නෙවෙයි. මම නිළියක්‌ කියල හිතන්නෙ වේදිකාව මත දී හෝ රංගන පසුතලයකදී පමණයි. එතනින් මිදුනම මමත් ඔබ වගේම සාමාන්‍ය ගැහැනියක්‌.

චමිලා පවසන්නෙ නිළියක්‌ වෙන්නේ අනෙක්‌ අය අතර කැපී පෙනෙන චරිතයක්‌වීමේ ආශාව නැතිව කියලද?

මම කවදාවත් නිළියක්‌ වෙන්න හිතුවෙ නැහැ. මට රංගනයේ පළමු අවස්‌ථාවට ඇරයුම් ලැබෙන්නේ හරිම අහම්බෙන්. මගේ මිතුරියක්‌ වන කෞෂි අක්‌ක (කෞෂල්‍යා ප්‍රනාන්දු) දවසක්‌ මගෙන් ඇහැව්ව රඟපාන්න කැමති ද කියල. මම කවදාවත් නොහිතුව අලුත්ම දෙයක්‌ නිසා මම කැමැති වුණා. එතනදී මට රඟපාන්න ලැබුණෙ ප්‍රවීණතම නිළියන් සමග. රඟපෑම කියන දෙය මට ලබාදුන්නේ අපූරු චමත්කාරයක්‌. මේ ක්‍ෂේත්‍රයේ දිගටම මා රඳවා තැබූ හේතුව වුණේ රංගනයේදී මට ලැබෙන ඒ තෘප්තියයි. අනික මම කවදාත් 8-5 කියන නියමිත රාමුවකට සිරවූ රැකියාවක්‌ කරන්න කැමැතිවෙලා හිටපු කෙනෙක්‌ නෙවෙයි. මේ කරුණු මිස ජනප්‍රියවීමේ අරමුණකින් මම මේ ක්‍ෂේත්‍රයට ආවේ නැහැ.

දීර්ඝ කාලයක්‌ රංගනයේ යෙදෙන ශිල්පිනියක්‌ විදිහට මේ විදිහට ස්‌ථාවරයක්‌ ගොඩනඟා ගන්න හේතු වෙන්නේ

ඕනෑම රංගන ශිල්පියකුට ශිල්පිනියකට වැදගත් වෙන්නේ දක්‍ෂතාවයි. දක්‍ෂතාව නැතිව මේ ක්‍ෂේත්‍රයේ රැදෙන්න අපහසුයි.

ඒත් බොහෝ දක්‍ෂතා ඇති ශිල්පීන් අද ක්‍ෂේත්‍රයෙන් මැකී ගිහින්.

තරුණ වයසෙදී ලැබෙන චරිත හා කරන්න පුළුවන් චරිත වැඩියි. ඒත් අපි වයසට යද්දී මොන තරම් දක්‍ෂතා තිබුණත් ඒ ඒ වයස්‌වලට ගැලපෙන චරිත ලියවෙන්නෙ අඩුවෙන්. ඕක ඕනම කෙනකුට මුහුණදෙන්න වෙන ඇත්තක්‌.

රංගන තලයෙන් මෙපිට ගෙවෙන චමිලාගේ ජීවිතය.

මගේ සැමියා නාමල් ජයසිංහ. ඔහු කලාවට සම්බන්ධයි. මගේ දුවට තවම අවුරුදු තුනහමාරයි. කලා කටයුතුවලින් මිදුනම මගේ දවස ගෙවෙන්නෙ ඔවුන් සමගයි.

චමිලා කලා ක්‍ෂේත්‍රයෙන්ම ජීවන සහකරු තෝරාගත්තේ...

එහෙම විශේෂයක්‌ හිතල නෙවෙයි. නමුත් අප නිතරම මුණගැහෙන්නෙ කතාබහ කරන්න ලැබෙන්නෙ මේ ක්‍ෂේත්‍රයේම අයනෙ. එක වගේ කුරුල්ලො එකට
රැඳෙනව වගේ ඉතින් මේ හැඳුනුකම් හා අවබෝධය අපට එක්‌ව ජීවත්වෙන්න ප්‍රමාණවත් කියලා හැඟුණා.

ධම්මිකා සුරංජි පතිරණ
Copy Rights - Divayina

බෝල සබන් ඇඟ ගාලා හායි හායි...

බණ්ඩාරවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ ලෝක ගෝලයක් තිබුණේ නැතුවාය. ඒක හින්දා භූගෝල පාඩමේදී ලෝකය ගෝලයක් යැයි කියන්නට ටීචර් වොලිබෝලයක් ගෙන එන්ට යෙදුණාය.
ඒ කාලයේ බණ්ඩාරවත්ත පාසල වොලිබෝල් වලට බොහෝම පොරසිද්ධ වෙලා හිටියාය. ගම්පහ සිරිවර්ධනගේ මල්ලී පියරත්න හිටියේ ද බණ්ඩාරවත්ත පාසලේ ය. පස්සෙ කාලෙක ශ්‍රී ලංකා නායකයා බවට ද පත්වෙන්ට යෙදුණාය.
ඉතින් ටීචර් වොලිබෝලය අල්ල උඩ කරකවමින් ලෝකය ගෝලයක් යැයි අපට කියාදෙන්නට පුදුම මහන්සියක් ගත්තාය.
ඒ වුණාට කොල්ලො කිව්වේ ලෝකය බෝලයක් වගේ කියලාය. ඒකට සිංදුවකුත් හැදුවාය.
”ලෝකෙ බෝලයක් වගේලු” ඔන්න ඔහොම කියන්ට යෙදුණාය.
”ලෝක බෝල” සිංදුවේ කෑලි අල්ලන්ඩ බැරිවුණාට ඒ කාලයේ ඉඳලා වොලිබෝලය හොඳට අල්ලන්ට පුළුවන් කම තිබුණාය. පස්ස කාලෙක රූපවාහිනියේ වොලිබෝල් විස්තර විචාරකයෙක් දක්වාම ආවේ ඒ පුරුද්ද හින්දා බව කියන්ට වෙනවාය.
ඒත් පස්සෙ කාලෙක ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදී හමුවුණු අබේසේකරට ෆුට්බෝල් වොලිබෝල් එච්චර අල්ලන්නේ නැතුවාය. ඔහු ඒ දවස්වල ඉඳලාම ප්‍රියකෙරුවේ පස්සෙම පේළියට වී ඩැස්වලට තට්ටු කරමින් සිංදුවල කෑලි ඇල්ලීමටය.
අනේ ඔහු මෙලොවින් සමුගත් බව පසු කාලයකදී අසන්ට ලැබුණාය. ඔහුගේ වචන මට මේ දැනුත් මතක් වෙනවාය.
”කාටද බං හමකට හුළං ගහලා ඔච්චර දඩි ගහන්ඩ පුළුවන්”
ඒක අබේසේකරගේ කටේ ඒ දවස්වල තිබුණු බෝම ජනප්‍රිය කියමනක්ය. අනෙක් පැත්තේ ලකියා කැමැත්ත දැක්වූයේ ෆුට් බෝලයටය. අබේසේකර අර වචන කිව්වේ අප දෙන්නාට ම ය. මම වොලිබෝලයට අමතරව ක්‍රිකට් බෝලයටත් කැමැත්ත දුන්නෙමිය. ඒක හින්දා විදුහල් කණ්ඩායමටත් සෙල්ලම් කරන්ඩ ඉඩක් ලැබුණාය. ඒ බෝල යවන්නෙක් හැටියට නෙමේය. බෝලෙට ගහන්නෙක් හැටියටය.
අබේසේකර කියන්නේ ඔය කොයි බෝලවලටත් වඩා කැන්ටිමේ සම්බෝලය හොඳ බවය. ඒ කාලයේ කැන්ටිමේ පාන් කාලකුයි සම්බෝල පීරිසියකුයි සත දහයක්ය. ඒක එහෙමම ගිලලා පයිප්පෙට කට තියාන වතුර බිව්වා නම් ආමාශය ෆුල්ය. උණ්ඩුක පුච්ඡය ද ෆුල්ය. මහ බඩවැල මෙන්ම කුඩා බඩවැල ද දිග හැරෙනවාය.
ඒ වුණාට අම්මලා හදන සම්බෝලයට ගහන්ට සම්බෝලයක් නැත. ඒක රන්වන් පාටය. කෑලි මිරිස් කියලා ජාතියක් ඒ කාලයේ තිබුණේ නැති නමුත් මිරිස් ලූනු, ලුණු ගලේ අඹරලා අන්තිමට පොල් ටික දාලා අඹරන කොට එන සුවඳ දැනුත් දැනෙනවා දැනෙනවා වාගේය. ඕකට ඉතින් යහමින් දෙහි ඇඹුල් ටිකක් දාලා අනලා ගත්තාම කියලා වැඩක් නැතුවාය. පාන් කාලක් නෙමේය. බත් පලඟානක් ගිලින්ට පුළුවන්ය.
සම්බෝලත් එක්ක බත් කාලා බෝල සයිස් එකට හැදුණාම කොල්ලො කියන්නේ ජම්බෝලයා කියලාය. එහෙම ජම්බෝලයෙක් අපේ පන්තියේද සිටින්ට යෙදුණාය. දුවන්ට එහෙම බැරුවාය. කන්ට එහෙම පුළුවන්ය. වැඩත් පුළුවන්ය. විබාග පාස් වෙනවාය. පාස්වෙලා පාස්වෙලා ගිහිල්ලා පස්සේ ඉන්ජිනේරු මහත්තැන් කෙනෙක් වුණාය. දැන් නම් ඒ ජම්බෝල ගතිය නැතුවාය. පහුගිය දොහක හම්බවෙලා කතා කොරන විට මට මතක් වෙලා හිනාත් යන්ට යෙදුණාය.
ජම්බෝල හොඳ බෝල වර්ගයකි. ඒ වුණාට දැන් ළමයින්ට දෙන්නේ නැතුවාය. බඩේ අමාරුව හැදෙනවා කියලා වෙන්ට ඇතිය. ඒ දැන් අම්මලාගේ හැටිය. අපේ අම්මලා නම් ඕන බඩකඩුත්තුවක් කන්ට දෙන්ට යෙදුණාය. ඉහෙන් බහින ලෙඩක් හැදුණේ නැතුවාය.
පීටර් මාමා නැවිකෙට් එකක් බොමින් දුම්බෝල අරිනවාය. දැන් නම් නැවිකෙට් නැතුවාය. මතට තිත හින්දා විස්තර කියන්ට හොඳ නැතුවාය. මේ ටිකත් කිව්වේ දුම්බෝල කියලා ජාතියක් ද තිබුණා කියලා කියන්ටය.
ටැනිස් බෝලයෙන් හරි ක්‍රිකට් ගැහිල්ල හැමතැනම තිබුණාට ජිල්බෝල ගැහිල්ල දැන් ඒ තරමට නැත. අපේ කාලයේ නම් ජිල්බෝල ගැහිල්ල වැහි වැහිලාය. ටීක් බෝල ගැහිල්ල කියලාත් කියනවාය. අපේ කාලයේ ජිල් බෝලයක් සතයකි. ලස්සන ලස්සන පාට පාට ජිල් බෝල තියෙන්ට යෙදුණාය.
නතිං, නොපුලං පුලං, රෝඩ්, නෝ රෝඩ්, කිරියෙල් නෝ කිරියෙල් කියලා වචන සැට් එකක් ද ජිල්බෝල සෙල්ලමත් එක්ක තිබුණා මතක තියෙනවාය. ඒවායේ තේරුම ලියන්ට ගියොත් හුඟාක් ඉඩ යනවාය. පරණ ජිල්බෝලකාරයෙකුගෙන් අහලා දැනගන්ට වටිනවාය.
හැබැයි ඒ කාලයේ අම්මලා තාත්තලා මේ සෙල්ලමට එච්චර කැමැත්තක් නැතුවාය. කාසි පනම් සම්බන්ධ වෙන හින්දා වෙන්ට ඇතිය. ඒ කියන්නේ ජිල්බෝල පැරදුණාම කොල්ලො ගිහිල්ලා කඩෙන් ජිල්බෝල ගන්නවාය. ඒක හින්දා ගෙවල්වලින් සල්ලි හොරකම් කරන්ටත් පුරුදු වෙනවාය. ඉතින් ජිල් ගහන්ට ගිහිල්ලා හොඳටෝම ගුටිකනවාය. මමත් ඒ වැඩේට ගිහිල්ලා නම් කීප දවසක්ම අම්මාගෙන් කෝටු පාර කා ඇත්තෙමිය.
දැන් ගෙවල්වල ජිල් බෝලත් නැතුවාය. බෝල අත්තත් නැතුවාය. බෝල අත්ත කියන්නේ ජිල් බෝල ගැහිල්ලට සම්බන්ධ දෙයක් නම් නෙමේය. ඊට වඩා බොහෝම වැදගත් උපකරණයක් ය. කමතේ ගොයම් පාගා අහවර වෙලා මැඩුවන් අවුස්සලා බැත වෙන්කරගෙන මැඩුවන් ටික වෙනම කන්දක් ගහනවාය. ඒකට උපකාර කරන්නේ දැති ගොයියාය..
දැතිගොයියා ගමේ ගොයියාගේ මිත්‍රයෙක්ය. වැඩි විස්තර පරණ ගොයියෙකුගෙන් අහලා දැනගන්ටය. ඊට පස්සේ කමත පුරාම විසිරිලා තියෙන බැත එක ගොඩකට ගසන්නේ බෝල අත්තේ ආධාරයෙන්ය. එය කොස්සක කාර්යභාරය ඉටුකරනවා කියලා කිව්වොත් එහෙම හිතාගත්තාට වැරැද්දක් නැතුවාය.
හැබැයි බෝල අත්ත හදාගන්නේ කොහු කෙඳිවලින් නෙමේය. එක්කෝ පඹ වැල්, කොරකහ ඉපල් ආදී දේ පටලවා ගැනීමෙන්ය. මේ ගැනත් අසා දැනගැනීම වටිනවාය.
ඒ වුණාට බෝල කූඩු කියන්නේ කමිස එල්ලන එකක්ය. හැබැයි කමතේ නෙමේය. ගෙදර කාමරයේය.
බෝල් පොයින්ට් කියන්නේ බෝලයක තියෙන පොයින්ට් එකට නෙමේය. පොයින්ට් එකේ බෝලයක් තියෙන කොටය. මං මේ ලියන්නේ ද බෝල් පොයින්ට් පෑනකින්ය. පාකර් පෑන්වලින් ලිව්වේ ඉස්සර වැදගත් මහත්තැන්ලාය. දැන් මොන වැදගත් මහත්තැන්ලාත් ලියන්නේ බෝල් පොයින්ට්වලින් තමාය.
ඇමැති ගොල්ලොත්, ජනාධිපතිතුමා ඉස්සරහ අස්සම තියන්නේ ද බෝල් පොයින්ට්වලින් බව ඉඳහිට දකින්ට ලැබෙනවාය. එහෙම බලපුවාම පෑනේ බෝලෙට වැදගත් තැනක මුල්තැන ලැබෙනවාය.
බෝල් ලී කියලා ජාතියක් ද තියෙනවාය. හැබැයි මේවා කොස්, බුරුත, තේක්ක වාගේ ලී ජාතියක් නෙමේය. ඒ වුණාට ලීවලින් හදන එකක් තමාය. ගොනා කරත්තයට තබා බඳින්නේ බෝල් ලීයේය. මේකට බෝන් ලීය කියලාත් තියෙනවාය. දෙකම හරි කියලා දැනගන්ට වටිනවාය. ඒක හින්දා ඔය කවුරු කවුරුත් මොන ලීය ළඟට ගියත් බෝල් ලීය ළඟට එහෙම වැඩිපුර ළං වෙන්ට එපාය.
හැමෝටම නොවුණත් මේක සමහර අයට දෙන අවවාදයක් කියලා හිතන්ට ඕනෑය. මනාප ඉල්ලලා ලක්ෂ කෝටි ගණං නැති නාස්ති කොරාපු අය බෝල් ලී ගාවට නම් යන්ටම එපාය. ඔන්න කිව්වාය.
අනේ ඉතින් බෝල් ලීයකට කර ගහලා සක්ක ගල් ඇද්දා නම් මීට හොඳයි කියලා හිතෙනවා ඇති නේද කියලා අහන්ටත් හිතෙනවාය. අනේ ඉතින් මොකටද කියලත් පස්සේ හිතෙනවාය.
බෝල්ලු උයලා බෝල මිරිස් එක්ක සම්බෝලයක් හදලා බල්ලන්ට කපුටන්ට දානයක් දුන්නා නම් ලබන ආත්මයේ මේවගෙ මෝඩකම් නොකරන්ට තරමට මොළේ කළඳක්වත් පෑදෙනවා නේද කියලාත් හිතෙන්ට පුළුවන්ය. මොනවා වුණත් ටික දවසක් යන කල් බෝල් ලී ගාවට නම් යන්ට එපාය. කයිතන් ගොයියලා බඳින එක බඳිනවාමය.
හැබැයි වැඩි වියදමක් නැතුව මනාප තුන්හාරසීයක් අරගෙන ගොඩ ගිය අය ගොඩය. ඒ අයට කෙවිටක් දීලා අරගොල්ලන්ව දක්කන්නට කිව්වා නම් මල් හතය.
බෝලවත්තේ නැන්දා හදිස්සියෙන්ම අපේ ගෙදර ආවේය. නැන්දාගේ දුව බෝලවලානේ ගුරු විද්‍යාලයට සාමාර්ථ වෙලාය. (අපෙ අප්පෝ කෙලීගෙ මූණෙ තියෙන ආඩම්බර පොඩ්ඩ)
බෝල සබන් ගාලා වාගේ සුවඳේ බැරුවාය. බෝලවලාන ප්‍රසිද්ධ වෙලා තියෙන්නේම ඒ ගුරු විද්‍යාල හින්දාය. දැන් නම් ඒක තියෙනවාද නැද්ද කියලාවත් සද්දයක් බද්දයක් නැතුවාය. බෝලවලාන තියෙන්නේ මීගමුව පැත්තේය. බෝලවත්ත තියෙන්නේ ද ඔය මීගමුව පැත්තේමයි කියලා මගේ මතකයක් තියෙනවාය. වැරදි නම් නිවැරදි කරලා දැනගන්ට වටිනවාය.
ඒ කාලයේ බෝල සබන් කියලා ජාතියක් තිබුණේය. ඒවා තිබුණේ පෙට්ටිවල නෙමේය. උල්වල ගහලාය. කටු අන්නාසි පොකුරක් වාගේය. මෙහෙම කිව්වාට කටුඅන්නාසි පොකුරු දැකලා නැති අය අන්දමන්ද වෙන බව දන්නවාය. හතර අතට උල් කටු තියෙන දණ්ඩක මේ බෝල ගහලා තියෙනවාය. එකක් ඉල්ලපුවාම ගලවලා කඩදාසියක ඔතලා දෙනවාය. සුවඳ කොහොමද කියලා ගාලා තියෙන කෙනෙකුගෙන් අසා දැනගන්ටය.
හරියටම බෝල හැඩය නැති ඒවාට කියන්නේ ගුලි කියලාය. අග්ගලා ගුලිය. අග්ගලා බෝල නෙමේය. ගෙවල් හදන්නේ මැටි ගුලිවලින්ය. මැටි බෝල වලින් නෙමේය. ඒ වුණාට මෙහෙම සිංදුවක් තියෙනවාය.
”බෝල බෝල මැටි එක එක ගෙනෙනවා
ගුවන් යානයක් වාගේ පියඹන්...”
කුඹලා ගෙවල් හදන්නේ මැටි බෝල වලින්ය. මිනිස්සු ගෙවල් හදන්නේ මැටිගුලිවලින්ය. සමහර විට කුඹලාගේ ගුලිය මිනිසුන්ගේ ගුලියට වඩා බෝල හැඩයට සමාන හින්දා වෙන්ට පුළුවන්ය. පෙරහරේ තියෙන්නේත් ගිනි බෝලය. සමාජයේ තියෙන්නෙත් ගිනිබෝල තමාය. කතා කළොත් පළාතක්ම ඉවරය.
නෙට් බෝල්වල කරන්නේ බෝලය පාස් කරන එකය. රගර්වලදී බෝලයක් අරගෙන දුවයි. හැබැයි රගර් බෝලයේ බෝල හැඩයක් නැත. වොලිබෝලය එහා පැත්තේ බිම වැදෙන්නට ගහන්ට වුවමනා කොරනවාය.
ෆුට් බෝලවලදී බෝලයට කකුලෙන් ගසා ගෝලය ඇතුළෙ රිංගවිය යුතු බව නොදන්නා කෙනෙක් නැති තරම්ය.
නෙට් බෝල්වලදී මෙන්ම බාස්කට්වලදීද වළල්ලෙන් බෝල බැස්ස විය යුතුය. හොඳ බැස්සිලි කාරයෝ සහ කාරියෝ ලෝකය පුරාම සිටිනවාය.
ඒ වුණාට හොඳ බෝල බැස්සිලි කාරයෝ සහ කාරියෝ ඉන්නේ දේශපාලන ගේම් එකේය. මේ අයට බෝල බස්සන්ඩ විතරක් නෙමේය. බෝල ගිල්ලවන්ඩත් පුළුවන්ය. ගිල්ලෙව්වොත් දිරවනවා බොරුය. එළියට ගන්ඩ බෝල සබන් ගිල්ලෝලවාත් බැරුවාය.


ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

2011 ඔක්තෝබර් මස 24 16:47:22 | පුෂ්පකුමාර මල්ලවආරච්චි
ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ.
පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය.
ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි.
කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි.
එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ”ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ” ඔහු විමසීය.
”සර්. මගේ ආච්චි මැරිලා ගොඩක් කල් ඒ හින්දා ආයේ මට ආච්චිගේ මරණෙට නිවාඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි ආච්චිගේ මරණ සහතිකය අරගෙන ආවේ.” ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් නේ මේක” තරුණයා පිළිතුරු දුන්නේය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කථිකා කළහ. තරුණයාට පත්වීම් ලිපිය එවේලේම ලැබිණි. පසුදා සිට සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දුන්නේය.

Tuesday, October 25, 2011

ජෝන්ගේ හිත විද්‍යාට?

“මම හරිම කැමැතියි විද්‍යා බාලන් එක්ක ආයෙමත් රඟපාන්න. ඒ අවස්ථාව උදාවෙනවා නම් මට ඊට වඩා සතුටක් නැහැ.” මේ ප්‍රකාශය කළේ තරුණ පරපුරේ ආදරය දිනූ ජෝන් ඒබ්‍රහම්. ඔහු විද්‍යාත් එක්ක රඟපාන්න මේ තරම් කැමති ඇයි...? ජෝන් ගේ ප්‍රකාශය දුටු බොහෝ දෙනකු ප්‍රශ්න කළා.
කරුණු දන්නා උදවියට නම් ජෝන් මෙහෙම කියන්නේ ඇයි දැයි යන්න ප්‍රශ්නයක් නොවෙයි. ඒකට හේතුව? ඒක රහසක්. ඇත්තටම දැන්නම් ඒ රහස හෙළිවෙලා. හෙළි වුණාය කියල ප්‍රශ්නයකුත් නැහැ. එය ප්‍රශ්නයක් වුණේ බිපාෂා බාසු, ජෝන් එක්ක පෙමින් වෙළී සිටින තුරු විතරයි. දැන් ඒ ප්‍රේමයට නැවතීමේ තිත වැටිලා. ඉතින්, විද්‍යා ගැන කතා කරන්න ජෝන්ට තහනමක් නැහැ.
මේ වගේ තහනමක් බිපාෂාගේ ඇසුර තිබුණු කාලයේ දී වලංගු වුණේ ඇයි...? ඔබ ‘සලාම් - ඊ - ඉෂ්ක්’ චිත්‍රපටය නැරඹුවා නම් එහි ජෝන් සහ විද්‍යා පෙම්වතුන් ලෙස රඟපෑවා ඔබට මතකද? (2007 දී මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද තිරගත වූවා) මේ චිත්‍රපටය රූපගත කළ කාලයේ දී ජෝන් සහ විද්‍යා අතර පෙම් පටලැවිල්ලක් ඇතිවෙලා. මේ කාරණය හෙළි වී තිබෙන්නේ මේ ළඟදීයි. නමුත්, බිපාෂාට නම් ඒ කාලයේ දී ම මේ ගැන ඉව වැටිලා. ඒ වනවිට ද ජෝන්ගේ පෙම්වතිය වුණේ බිපාෂායි.
ඇය මේ ගැන ජෝන් ගෙන් ප්‍රශ්න කළා. එවැනි සම්බන්ධයක් නැතැයි ඔහු බිපාෂාට දැඩිව කියා සිටියා. ඒත් බිපාෂා එය විශ්වාස කළේ නැහැ. ඇය මේ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරද්දී දෙදෙනා අතර මත ගැටුම් හටගත් බවයි පැවසෙන්නේ. කොහොම වෙතත්, ඉන් පසුව ජෝන්, විද්‍යා සමඟ කිසිදු චිත්‍රපටයක රඟපෑවේ නැහැ. මේ වනවිට බිපාෂා ජෝන්ගෙන් වෙන්වී සිටින නිසා ජෝන් නැවතත් විද්‍යා ගැන හිතන්නට පටන් ගනීවි දැයි සමහරුන් තුළ සැකයක් මෝදුවෙලා.
විද්‍යා නම් මේ ගැන කිසිවක් ප්‍රකාශ කරලා නැහැ. ඇය පසුගිය සති දෙක තුළ ගත කළේ එතරම් සනීපයකින් නම් නොවෙයි. චිත්‍රපට රූපගත කිරීමක නොනවත්වා වැඩ කිරීම නිසා ඇය අසනීප වෙලා. මේ චිත්‍රපටය තමයි, ‘ද ඩර්ටි පික්චර්.’ දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නිළියකව සිටි ස්මිතා පටේල්ගේ ජීවිත කතාව පදනම් කරගෙන නිර්මාණය වන මේ චිත්‍රපටයේ රූපගත කිරීම් බොහෝ දුරට නිමාවට පත්වෙලා. රූපගත කරන්නට ඉතිරිව තිබෙන්නේ තවත් දර්ශන කිහිපයක් විතරයි. මේ මොහොතේදියි විද්‍යා අසනීප වුණේ.

දීපිකා එක්ක ටජ්මහල් ආවේ කවුද?

දීපිකා එක්ක ටජ්මහල් ආවේ කවුද?


පසුගිය ඔක්තෝබර් 13 දා රාත්‍රියේ ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටි ඓතිහාසික ටජ්මහලය වෙත පැමිණි සංචාරකයන් අතර බොලිවුඩ් සුරූපිනියක් ද සිටියා.
සඳකැන් දහරින් ටජ් මහලය වෙලා ගනිද්දී ඊට තවත් සුන්දරත්වයක් එක් කරමින් පැමිණි ඇය තමයි, දීපිකා පදුකෝන්, සුදු සහ කළු ඇඳුමකින් ද රතු පැහැති උතුරු සළුවකින් ද සැරසී සිටි දීපිකා, එහි පැමිණ සිටියේ තවත් නාඳුනන තරුණයකු සමඟ බවයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ.
“දීපිකා ඇවිත් හිටියේ එයාගෙ පෞද්ගලික ආරක්ෂකයෙකුයි, තවත් නාඳුනන කෙනකුයි එක්ක. දීපිකා ගොඩක් උත්සාහ කළා, මේ තරුණයාව වට පිට හිටිය අයගේ අවධානයෙන් මග හරවන්න. ඒ තරුණයා මීට කලින් නම් අපි කවුරුවත් දැකලා නැහැ.” දීපිකා පැමිණි මොහොතේ ටජ් මහල දැක බලා ගන්නට පැමිණි තවත් අයෙකු එලෙස කියා තිබුණා.
දීපිකා, රන්බීර් කපූර් සමඟ පෙමින් බැඳී සිටිය වග රහසක් නොවෙයි. රන්බීර්ගේ ඇසුරින් ඈත්වූ දීපිකා ගේ ඊළඟ පෙම්වතා වුණේ සිද්ධාර්ත් මාල්යා ගේ පුත්‍රයායි. රන්බීර් සහ සිද්ධාර්ත් කවුරුත් හඳුනනවා. ඔවුන්ගේ හැඩරුව රසික රසිකාවියන්ටත් සෙසු අයටත් නුහුරු නැහැ. දීපිකාත් සමඟ ටජ් මහලට පැමිණියේ ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුවත් නොවෙයි. එහෙම නම් ඒ කවුරුන් ද?
තවත් ටික කලකින් ඒ ‘අදිසි මිනිසා’ කවුරුන්දැයි හෙළි වෙන්න ඉඩ තියෙන බවයි සමහරු පවසන්නේ.

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලිට නිවේදක දිවියේ අලුත් අත්දැකීමක්

හිමාලි සයුරංගි කියූ විට රසිකයන් බොහෝ දෙනෙක් ඈ හඳුනාගත්තේ නිවේදිකාවක ලෙසයි. අද වනවිට ඇය අපට සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල හිමාලි ඇගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමකට මුහුණ දෙමින් සිටිනවා. ඒ ගැන හිමාලි කතාකරන්නේ බොහොම සතුටින්.
”මට නිවේදන කලාව නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන ’රණවිරු රියල් ස්ටාර්’ දෙවැනි අදියරට නිවේදිකාවක ලෙස මටත් එක්වන්නට වාසනාව ලැබුණා. ඇත්තටම, මම මීට පෙර රියැලිටි වැඩ සටහන්වල නිවේදිකාවක ලෙස කටයුතු කරලා නැහැ.
ඒ නිසා මේ ලැබුණු අවස්ථාව මගේ නිවේදන ජීවිතයේ සුවිශේෂී අත්දැකීමක් වේවි. කොහෙම වුණත් මේ වැඩසටහනේ නිවේදන කටයුතු සාර්ථකව කරන්නට මම බලාපොරොත්තු වෙනවා. හිමාලි පැවසුවේ නිහතමානීව.

ටෙලිනාට්‍යයේ පූජා වූ අනුරාධා

‘මම වඩාත් කැමැති සිනමාවට’

‘කාව්‍යා’ ටෙලිනාට්‍යයේ පූජා වූ අනුරාධා කුරුකුලසූරිය


’කාව්‍යා’ ටෙලි නාට්‍යයෙහි ආ පූජා ඔබට මතකද? ඇය තමයි අනුරාධා කුරුකුලසූරිය. කුඩා කල සිටම රංගනයට තිබූ කැමැත්ත නිසාම මෙම ක්‍ෂේත්‍රයට එක්වූ අනුරාධා මේ වන විට වෘත්තීමය රංගන ශිල්පිනියක්.
අනුරාධා ඔබ රංගන ක්‍ෂේත්‍රයට පිවිස කොපමණ කලක් වෙනවාද?
දැනට වසර පහක් පමණ වෙනවා. අ.පො.ස. සා/පෙළ කරන කාලයේ ඉඳලා තමයි රංගනයට දායක වුණේ.
ඔබ රංගනයට පිවිසෙන්නේ චිත්‍රපටයකින්?
ඔව්. මගේ මුල්ම චිත්‍රපටය වුණේ නිශාන්ත වීරසිංහගේ ‘සඳ දෙව් දෝණි’ චිත්‍රපටයයි.
කොහොමද ඔබ එම චිත්‍රපටයට සම්බන්ධ වුණේ?
මම පොඩි කාලේ ඉඳලම ජාතික තරුණ සේවා සභාවේ නර්තනය හැදෑරුවා. එහිදී තමයි නිශාන්ත වීරසිංහ හඳුනාගැනීමට ලැබුණේ.
ඉන්පසු රංගනයෙන් දායක වුණේ මොන වගේ නිර්මාණවලටද?
ටෙලි නාට්‍ය හතරකටත් චිත්‍රපට තුනකටත් සම්බන්ධ වුණා. ඊට අමතරව ගීත රූප රචනා කිහිපයකටත් සම්බන්ධ වුණා.
ඔබ වඩාත් ජනප්‍රිය වුණේ කුමන නිර්මාණයක් හරහාද?
’කාව්‍යා’ හි පූජාගේ චරිතයෙන්. ඒ චරිතයට ඉහළ ප්‍රතිචාර ලැබුණා.
ඔබ මෙතෙක් රඟපා තිබෙන චරිත ගැන කතා කළොත්?
මෙතෙක් වැඩිපුරම රඟපාලා තියෙන්නේ පෙම්වතියගේ චරිතය.
රඟපෑමට වඩාත් ප්‍රියකරන චරිතය?
ඕනෑම චරිතයකට කැමැතියි.
මෑතකදී රංගනයෙන් එක්වූ නිර්මාණ?
ජයසේකර අපොන්සු ගේ ‘දිල්කා දේ කා’ ටෙලි චිත්‍රපටයට සම්බන්ධ වුණා. මගේ මිතුරෙකු මාර්ගයෙන් තමයි එයට එක්වීමට අවස්ථාව ලැබුණේ. එහි මම රඟපාන්නේ මෙතෙක් කළා වූ චරිතවලට වඩා මඳක් වෙනස් චරිතයක්.
ඔබ කැමැති සිනමාවට ද? ටෙලි නාට්‍යවලට ද?
සිනමාවට මා වඩාත් කැමැති.
පවුලේ තොරතුරු ටිකකුත් කියමු නේද?
මගේ පවුලේ අම්මයි තාත්තයි මට වැඩිමහල් සහෝදරියක් ඉන්නවා.
පවුලෙන් ඔබට ලැබෙන සහයෝගය?
මගේ දෙමාපියන්ගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා. විශේෂයෙන් මගේ මව සෙවණැල්ලක් මෙන් මා ළඟම රැඳෙනවා.
තිරයේදී වැඩිපුරම පෙම්වතියක් වන ඔබට ආදරය ගැනත් කියන්න යමක් ඇති නේද?
ආදරය දැනෙන්න ඕන දෙයක්.
ඔබ සැබෑ ජිවිතයේ පෙම්වතියක්ද?
ඔව්. මට පෙම්වතෙක් ඉන්නවා. ඔහුගෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.
ඉදිරි බලාපොරොත්තු?
වෘත්තීමය වශයෙන් හොඳ රංගන ශිල්පිනියක් වීම.


පිස්සු හුටං පූසෝ

 සමන් අතාවුදහෙට්ටි
(2008 වසරේ කිංකිණි ප්‍රකාශනයක් ලෙස පළ කෙරුණු ‘එය මෙසේ සිදු විය’ කෘතියෙන් උපටා ගැනිණි).

එක් දහස් නවසිය පනස් ගණන්වල රජයේ චිත්‍රපට අංශයෙන් එළියට බට හිතුවක්කාරයන් කීප දෙනා අතර ටයි මහත්තයා ද විය. එතැන් සිට මෙතුවක් කල් චිත්‍රපටය මෙන්ම රූපවාහිනිය ද හසුරුවමින් ඔහුගෙන් මෙරට කලා කටයුතු පෝෂණය කරලීමට සිදු වූ දායකත්වය අති මහත්ය.
විශේෂයෙන්ම චිත්‍රපට සංස්කරණ කලාවේදී ටයි මහත්තයා දැක් වූ ප්‍රතිභාව පිළිබඳ පොත් ගණනාවක් ලිවිය හැකිය. මෙරටට හුරු පුරුදුව තිබූ සාම්ප්‍රදායික සංස්කරණ රීතිය සහමුලින්ම කණපිට හැර වූයේ ඔහුය.
චිත්‍රපටයේ ආත්මය හා බැඳුණු සංස්කරණ රිද්මයක් ඊට කාවද්දන්නට ටයි මහත්තයා කටයුතු කළේය. හාරලක්සෙ, සිහසුන, හඳයා වැනි චිත්‍රපට ඊට උදාහරණ සපයයි.
හාරලක්සෙ චිත්‍රපටය සඳහා ටයි මහත්තයා නිර්මාණය කළ පූර්ව ප්‍රචාරක පටය ද සංස්කරණ කලාවේ ‘වැඩ - කිඩ’ පෙන් වූ එකකි. හාරලක්සෙ ගැන කතා කරද්දී සිහියට නැෙඟන්නේ චිත්‍රපටය ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ද ටයි මහත්තයා දැක් වූ අපූර්ව ශිල්ප ක්‍රමයි. හාරලක්සේ මංකොල්ලය පිළිබඳ පුවත් පළ වී ඇති යෝධ පත්තර පිටුවක් ඉරාගෙන එළියට ඇදෙන, මෝටර් රථයක් මරදාන හන්දියේ සකස් කොට තිබිණි.
එය මංකොල්ලයට සම්බන්ධ කර ගත් මෝටර් රථයට සමාන එකකි. මේ යෝධ ප්‍රචාරක පුවරුව නරඹමින් මෝටර් රථ එළැවීම නිසා රිය අනතුරු කිහිපයක් ද සිදු වුණු බව මම අසා ඇත්තෙමි. ‘සිහසුන’ චිත්‍රපටයේදී ඔහු කළේ චිත්‍රපටය වෙනුවෙන් නිර්මිත සිහසුන විවෘත ලොරියක පටවා මහත් ගාම්භීර අන්දමින් රට වටේ ප්‍රදර්ශනය කිරීමය.
තමාගේ නිර්මාණකාරියේදී තමාට පාලනය කළ නොහැකි බලවේගයන් හේතුවෙන් ඒ ඒ නිර්මාණයන්ට සිදු වූ හානි පිළිබඳ ටයි මහත්තයා අදත් ඉතා කණගාටුවෙන් කතා කරයි. ‘මරුවා සමඟ වාසේ’ ඔහු අතින් නිර්මාණිත විශිෂ්ටතම සිනමා කෘතිය යැයි මා පිළිගන්නා නමුදු අපේ රටේ බොහෝ ප්‍රේක්ෂකයන්ට නරඹන්නට ලැබුණේ ටයි මහත්තයාගේ ‘මරුවා සමඟ වාසේ’ නොවේ. බාහිර බලවේගයන්ට නතු වී නිර්මාණය කෙරුණු වෙනම ම චිත්‍රපටයකි.
චිත්‍රපටය රට වටේ ප්‍රදර්ශනය කරද්දී බොහෝ හිත් වේදනාවන්ට පත් වූවන් අතර ටයි මහත්තයා ද විය. අන්තිමේදී චිත්‍රපටය නැවත සංස්කරණය කොට තමන්ට අවශ්‍ය පරිදි නිිර්මාණය කිරීමට ටයි මහත්තයා තීරණය කළේය. මුළු චිත්‍රපටයම යළි සංස්කරණය කළේය. අන්තර් ජාතික කතෝලික චිත්‍රපට පර්ෂදයේ අනුග්‍රහයෙන් එය රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කළේය. නමුත් එය නැරඹීමේ වාසනාව ලැබුණේ සීමිත පිරිසකට පමණි.
ටයි මහත්තයා රූපවාහිනියට නිර්මාණය කෙරුණු ‘රන් කහවණු’ප්‍රාසංගික නාට්‍යය ද ඔහු නැවත සංස්කරණය කළේය. පැය එකහමාරකට හෝ දෙකකට හෝ සංස්කරණය කෙරුණු ‘රන් කහවනු’ බලද්දී නම් එය ටයි මහත්තයාගේ නාට්‍යයක් ලෙස අපට හැඟුණි.
ටයි මහත්තයා සම්බන්ධයෙන් බොහෝ රස කතා ගෙතී තිබේ. ‘රන් කහවණු’ නාට්‍යය සඳහා වරායේ දර්ශනයක් රූගත කෙරිණි. මේ දර්ශනය විකාශය වූ සැණින් වරායේ සේවය කරන මිතුරෙක් මා ඇමතීය.
‘උඹලගේ රූපවාහිනියේ නාට්‍ය අංශය, ප්‍රවෘත්ති අංශයටත් වැඩිය දියුණුනේ බං’ ඔහු කීය.
‘අද හවස තොටවත්ත මහත්තයා වරායට ඇවිත් නාට්‍යයක දර්ශන වගයක් ගත්තා. එවා අද රෑ මේ පොඩ්ඩකට කලින් රන් කහවණු නාට්‍යයේ පෙන්නුවා. දැනට දවස් දෙකකට කලින් අපේ වරායේ අලුත් අංශයක් විවෘත කළා. ඒක තාමත් ප්‍රවෘත්තිවලට පෙන්නුවේ නෑ.’
ටයි මහත්තයා ඔහුගේ ‘හඳයා’ චිත්‍රපටය සඳහා ප්‍රංශ ජාතිකයකු සම්බන්ධ කර ගත්තේය. එවක මේ ප්‍රංශුවා සේවය කළේ මෙරට ප්‍රංශ තානාපති කාර්යාලයේය. අප ඔහු දැන හඳුන ගත්තේ සිනමාවට පිවිසීමට කලිනි.
ඔහු අපේ විද්‍යාලයට පැමිණියේ ළමුනට ප්‍රංශ උගැන්වීමටය. මේ ප්‍රංශුවා අපට දුන් පාඩම් පොත් තවම මගේ පොත් පෙට්ටියේ තිබේ. මොකක්දෝ අහේතුවකට ඒ කාලයේ අපට ‘ප්‍රංශ රසය’ දැනුණේ නැත. ඒ නිසා කොල්ලෝ බොහෝ දෙනෙකු ප්‍රංශ පාඩමෙන් මග හැර ගියහ.
පසු කලෙක මේ ප්‍රංශුවා ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘පුරන් අප්පු’ චිත්‍රපටයේ ඉංග්‍රීසි සෙනෙවියකුගේ භූමිකාව නිරූපණය කරමින් සිංහල සිනමාවට ද පිවිසියේය. ඔහුගේ නම ‘යාන් පියරේ ඔතෑන්’ය’ නිසි පරිදි උච්චාරණය කරද්දී ඔහු ‘ඔතෑන්’ වුව ද එය ලියැවෙන අයුරින්, අපට හුරු පුරුදු ලෙස උච්චාරණය කළහොත් කියැවෙන්නේ ‘හුටං’ යනුවෙනි.
ටයි මහත්තා මුළු චිත්‍රපටය පුරාම පාහේ ඔහු ඇමතූයේ ‘හුටං’ කියාය. හුටං පමණක් නොව ඔහුගේ පුත් පුංචි හුටං ද හඳයා චිත්‍රපටයේ රඟපෑවේය.
‘කෝ මේ පුංචි හුටං? එතකොට කෝ ලොකු හුටං . . . කොහේ ගිහිල්ලද මේ පිස්සු හුටංලා?’ බේරේ වැව අද්දර දර්ශන තලයේ සිට ටයි මහත්තයා කෑ ගසනු මට තාමත් මතකය. සිංහල භාෂාවට ‘පිස්සු හුටං’ ය වදන එක් වුණේ මෙලෙසින් බව මගේ හැඟීමයි.
ඒ දිනවල හුටං පවුල පදිංචිව සිටියේ බගතලේ පාර අසබඩය. රූගත කිරීම් සඳහා පුංචි හුටංව කැඳවාගෙන ඒමට ටයි මහත්තයා යන විට ඊටම එල්ලිලා යාමට අපේ පොඩි මනාපයක් විය. එසේ ගිය විට අපව උණුසුම් අන්දමින් පිළිගන්නේ හුටං මහත්මියයි.
ඇය සුන්දර දෙවඟනක් බඳු රූපශ්‍රියාවෙන් යුතු මිත්‍රශීලී යෞවනියකි. සැමවිටම අප සමඟ අල්ලාප සල්ලාපයට වැටෙන ඈ ලෙමන් ජින් වඩි කීපයකින් අප සන්තර්පණය කරන්නට ද අමතක නොකරන්නීය. මාගේ මේ සිද්ධිය සටහන් කළේ ටයි මහත්තයාගේ නිර්මාණ මෙන්ම ඒ පිටුපසත් බොහෝ සුන්දර සිද්ධීන් තිබෙන බව සිහිපත් කිරීමටය.
කෙසේ වෙතත් මාව නළුකමට ගෙන රූපවාහිනී නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමේ ඕනෑකමක් ටයි මහත්තයාට තිබිණි. ඒ පිළිබඳ අපි බොහෝ කාරණා කාරණා සාකච්ඡා කළෙමු. නමුත් එය සැබෑවක් බවට පත් කර ගැනීමට ඉඩකඩක් උදා වූයේ නැත. ටයි මහත්තයාට ‘මපට්’ලා හමු වුණේ ද ඔය වකවානුවේමය. මාව රඟපෑමට නො ගැනීමට එය ද හේතුª වන්නට ඇත. ටයි මහත්තයා චිත්‍රපට සංස්කරණය කරනු බලා සිටීම ද ඉතා සුන්දර අත්දැකීමකි. එහෙන් මෙහෙන් කපා දැමූ නෙගටිව් පටි රාශියක් බෙල්ල වටේ දමාගෙනය. දේශපාලනඥයෝ දැමූ මල් මාලා මෙනි. සංස්කරණ මේසයේ රීලය එහා මෙහා දුවවමින් එක්විටම එය නවතයි. කපයි. බෙල්ල වටේ ඇති නෙගටිව් මාලය දෙසවත් නොබලමින් එහි කෙළවරවල් අතරින් අතැඟිලි එහාට මෙහාට යවයි. ‘කිරිස්’ ගාමින් ඉන් එක් පටියක් එළියට අදියි. කැපූ තැනට එය අලවයි. ඇස්වහක් කටවහක් නෑ හරියටම හරි! මේ අන්දමේ අලුත් අලුත් තාලේ මැජික් වැඩවලට ටයි මහත්තයා දක්ෂය.
අලුත් අලුත් දෑ නො තනන ජාතිය ලොවැ නො නගී’ ටයි මහත්තයාගේ තේමා පාඨයයි. විරිත් වැකියේ එන මේ අදහසට මෙන්ම එය ලියූ කුමරතු¼ගුන්ට ද ටයි මහත්තයා ගරු කරයි. චිත්‍රපටයට, රූපවාහිනියට හෙළ බස ගෙන ආයේ ටයි මහත්තයායි. එයත් එක්තරා අන්දමක අලුත් වැඩකි.
ජීවිතයේ එක්තරා යුගයක ඔහු සාමාන්‍ය ගමන් බිමන් සඳහා වාහන පාවිච්චි කළේ නැත. ඕනෑම වෙලාවක ඕනෑම තැනකට ගියේ පයිනි. වාහනයක ඉඩ කඩ තිබී ඇරයුම් ලද විටෙකත් ‘උඹල පලයල්ලා, මං එන්නං පයින්’ කියමින් පයින්ම ආයේය. ඒ කාලයේ පාන්දර හතරට හතර හමාරට පමණ ටයි මහත්තයා බොරැල්ල පැත්තේ පාර අද්දරදී අපට හමු වී තිබේ. ඒ ටයි මහත්තයා ‘මෝර්නිං වෝක්’ එක යන වෙලාවය!
මහා භාරතය, රාමායනය සේ අපේ මහාවංශය ඇසුරෙන් දැවැන්ත රූපවාහිනී නිර්මාණයක් කිරීමට ටයි මහත්තයා සැලසුම් කළේ මෑතකදී අප දුටු මහා භාරතය, රාමායනය නිර්මාණය කිරීමට ඔවුන් සිතන්නටත් පෙර කාලයකය.ෙ;ම් අදහස අදත් ටයි මත්තයාගේ සිත්හි පැසවමින්, පෝෂණය වෙමින් පවත්නා බැව් මම දනිමි.
කෙසේ වෙතත් මේ සටහන අවසන් කිරීමට පෙරාතුව ටයි මහත්තයා ගැන ඔබ නොදන්නා කරුණු කීපයක්ද සඳහන් කළ යුතුය. ඔහුට ගෝලයන් පිහිටන්නේ නැත. සහායකයින් ද පිහිටන්නේ නැත.
ඔහුගේ චිත්‍රපට සහාය අධ්‍යක්ෂවරු, ඊළඟ චිත්‍රපටයට සම්බන්ධ වූයේ නැත. ටයි මහත්තයාගේ සහායට වැඩ කිරීම සිරීපාදේ නැගීම වැනි වැඩකි. නැග්ගේ නැති මිනිහාත් මෝඩයෙකි. එක පාරට වඩා නගින මිනිහාත් මෝඩයෙකි.
බොහෝ සහායකයින් ටයි මහත්තයගෙන් සමුගනිද්දී නොසෑහෙන කාලයක් ඔහුගේ සහායට සිටිමින් වාර්තාවක් පිහිට වූවෙක් ද සිටී. ඒ රූපවාහිනියේ අතුල රන්සිිරිලාල්ය.
ටයි මහත්තයා ගැන බොහෝ අය නොදන්නා අනෙක් කාරණය නම්, ඔහු ඉතා හොඳ නැට්ටුවෙක් වීමයි. ටයි මහත්තයා නැටුම් කලාව ප්‍රගුණ කළේ චිත්‍රසේන, ශේෂා පලිහක්කාර වැන්නවුන් ඇසුෙර්ය.
ටයි මහත්තයා ගීත ද ගායනා කරයි. හැබැයි ඒ නා ගන්නා විට වතුර මල තදින් ඇරගෙන පිට කාටවත් නොඇසෙන පරිදිය.
නිර්මාණ කාර්යයේදී යෙදෙද්දී ද දවල් කෑම වෙලාවට පෙරාතුව පොඩි රවුමක් ගොස් ඒම බොහෝ කලාකරුවන්ගේ සිරිතයි. ටයි මහත්තයා ද එසේය. ටෙලි නාට්‍යයක් රූගත කරන විට කෑමට පෙර සුපුරුදු රවුම ගසා ටයි මහත්තයා පැමිණියේය.
‘පුතා, උඹ කෑවද?’ ඔහු කැමරා ශිල්පියාගෙන් ඇසීය.
‘ඔව් ටයි අන්කල්, කෑවා’ කැමරා ශිල්පියා උත්තර බැන්දේය.
‘ආ . . . උඹ කාපං . . . උඹ කැවොත් ඇති. අනිත් උන් බඩගින්නේ මළත් උඹ කාපන්’ ටයි මහත්තයා බැණ අඬගෑවේය. පසු දින ද ටයි මහත්තයා රවුම් ගසා ආවේය.
‘පුතා උඹ කෑවද?’ ටයි මහත්තයා කැමරා ශිල්පියාගෙන් ඇසීය. ඊයේ ‘කෑවා’ යැයි කියා කාපු පරිප්පුව තාමත් කැමරා ශිල්පියාට මතකය.
‘නෑ, ටයි අන්කල් . . . කෑවේ නෑ’ කැමරා ශිල්පියා කීය.
‘ආ . . . උඹ කන්න එපා . . . උඹ බලාගෙන හිටපන් කවුරු හරි කෑම එක අනලා ගෙනල්ලා උඹේ කටේ ඔබන කල්’ ටයි මහත්තයා බැණ අඬඟෑවේය.
ඒ ටයි මහත්තයාගේ හැටිය. ඔහුට උත්තර බැඳීය යුත්තේ ඔහුගේ හැටි හොඳ හැටි තේරුම් ගෙනය. නැත්නම් විනාශය! අපි තේරුම් ගෙන ඇති හැටියට ඒ වෙලාවේ උත්තර බඳින්නට තිබුණේ මෙහෙමය.
‘කෑවා මොකද – නොකෑවා මොකද . . . අපි ආවේ මේ වැඩේ කරන්නනේ . . . ඒක කරලා ඉම්මුකෝ.’
ඇමතිවරයකු පිළිබඳ කලකිරීමෙන් රූපවාහිනියේදී දිනක් ඔහු මෙසේ කීවේය.
‘අද ඇමති - හෙට නොමැති . . .’
වචන හරඹය සම්බන්ධයෙන් ඔහුගේ කුසලතාව අති මහත්ය. ඔහු සමඟ කටින් ජය ගත හැකි අය වෙතොත්, ඒ ඉතාම සුළු පිිරිසකි.
‘පිස්සූ පූසා’ රූපවාහිනී වැඩසටහන සඳහා නිර්මාණය කෙරුණු තේමා ගීතයේ මෙසේ සඳහන් විය.
‘පිස්සා මූ - පිස්සා මූ - පිස්සු පූසා මූ’
මෙය ළමයින් උදෙසා නිර්මාණය කෙරෙන වැඩසටහනක් නිසා ’මූ’ යන වචනය යෙදීම නුසුදුසු නොවේදැයි අපි විමසීමු.
‘මූ කියන්නේ නරක වචනයක්යැ . . . දැන් ඔය ඉන්නේ වි. ජ. මූ. එතකොට දී. මූ. ටයි මහත්තයා ලිස්සා යමින් කීය.

Copy Rigts - Sarasaviya

"ටයි නොදැමූ ටයි මහත්තයා"


2011 ඔක්තෝබර් මස 23 11:19:12 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

පුංචි මල් කැකුළු කලාවෙන් පුබුදුවා දිවි රඟමඬල අතැර ගිය "ටයි නොදැමූ ටයි මහත්තයා"

සිලියානා සෙට්ටිනායක මහත්මියටත් ටී.ජී.එම්.ජුලියස් ද සිල්වා මහතාටත් දාව 1929 අපේ‍්‍රල් 17 වැනිදා අපූරු කොලූපැටියෙක් මෙලොව එළිය දුටුවේය. ඒ දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක ‘‘බඩ පිස්සා’’ ලෙසය. දොන් එමානුවෙල් ටයිටස් ද සිල්වා ලෙස නම් තැබුණු මේ කොලූගැටයා පසුකාලීනව ටයිටස් තොටවත්ත යන නම භාවිත කළේය.කොළඹ ආනන්දාවෙන් සිප් සතර හැදෑරූ ඔහු පාසල් අවධියේදීම මරදානේ කාර්මික විදුහලෙන් කැමරාකරණයද, ‘‘හේවුඞ්’’ විද්‍යායතනයේ ජේ.ඞී.ඒ.පෙරේරා හා ස්ටැන්ලි අබේසිංහයන් යටතේ චිත‍්‍ර හා මූර්ති කලාවද ශේෂා පලිහක්කාර හා ෂු කේන්ද්‍ර යන ශිල්පීන් සමඟ නැටුම් කලාවද හැදෑරීය. පසුව ආනන්ද සමරකෝන් හා සුනිල් ශාන්තයන් සමඟ සංගීතයද ප‍්‍රගුණ කළේය.1952 දී රජයේ චිත‍්‍රපට අංශය පිහිටුවීමෙන් පසු වාර්තා චිත‍්‍රපට නිෂ්පාදනයට සම්බන්ධවීමෙන් කැමරාකරණය, ශබ්ද පරිපාලනය හා රසායනාගාර කටයුතු ගැන පුහුණුව ලැබූ අතර ඔහුගේ වැඩි අවධානය යොමු වූයේ සංස්කරණ ශිල්පය වෙතයි. 56 දී සිංහල සිනමාවේ පුනරුදය වෙනුවෙන් එවකට සමකාලීනයන් වූ ලෙස්ටර් හා විලී බ්ලේක් සමඟ එක්ව ‘‘රේඛාව’’ චිත‍්‍රපටය නිර්මාණය කිරීම සඳහා රජයේ චිත‍්‍රපට අංශයෙන් ඉවත් විය. ‘රේඛාවේ’ සංස්කරණ ශිල්පියාද වූයේ තොටවත්තයන්ය.
ඉන්පසු ‘දස්කොන්, සංදේශය, රන්මුතු දූව, ගැටවරයෝ, සාරවිට, චණ්ඩියා, පරසතු මල් සහ හාරලක්‍ෂය යන චිත‍්‍රපටවලට දායක වී සිංහල සිනමාවේ ප‍්‍රවීණතම සංස්කරණ ශිල්පියකු ලෙස නමක් දිනා ගත්තේය. 1958 දී තනිකඩ දිවියට ආයුබෝවන් කී ඔහු සුජාතා තොටවත්ත දිවිමගේ සහකාරිය කර ගත්තේය. ඔහුගේ මනස් විලේ පුංචි දරුවන් වෙනුවෙන් යම් නිර්මාණ කාර්යයන් ඉටුවිය යුතු යැයි වූ අදිටන මල්ඵල ගැන්වුණේ 1979 දී ‘‘හඳයා’’ ළමා චිත‍්‍රපටය සිනමාවේ දිග හැරීමත් සමඟය. එය 80 සරසවි සම්මාන උළෙලේදීද,  ඕ.සී.අයි.සී. උත්තමාචාර උළෙලේදීද, ජනාධිපති සම්මාන උළෙලේදීද සුවශේෂී සම්මානවලින් පිදුම් ලැබීය.1982 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට සම්බන්ධවන ‘‘ටයි මහත්තයා’’ ටෙලි නාට්‍ය, වාර්තා වැඩසටහන්, සම්මුඛ සාකච්ඡා වැඩසටහන් නිෂ්පාදනය හා රචනය කිරීමේ ආරම්භක පියවර තැබීම ඔහුගේ නිර්මාණ දිවියේ අලූත් පිටුවක් පෙරළීය. ඒ නිර්මාණ චාරිකාවට ඔහුට අපූරු සගයෙක් එකතුවිය. අදත් ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ ප‍්‍රධානියා ලෙස ‘‘ටයි මහත්තයාගේ” රාජකාරිය ඉදිරියට ගෙන යන අතුල රන්සිරිලාල් මහතා ‘‘ටයි මහත්තයා’’ පිළිබඳව මතක ගබඩාවක්ය.‘‘ටයි මහත්තයා මට හමුවුණේ 1984 ජාතික රූපවාහිනියේදී.
අප රූපවාහිනියට බැඳුණේ නිෂ්පාදන පුහුණුවන්නන් ලෙසයි. මේ කාලේ ‘‘දොස්තර හොඳහිත’’ කාටූන් වැඩසටහන් පෙළේ දෙබස් කවන්න ටයි මහත්තයා සූදානම් කර තිබුණා. මාත් එක්ක මේ වැඩවලට අනුර ජයසේකරත් හිටියා.’’‘‘ටයි මහත්තයා නිතරම කිව්වේ අපට පැහිච්ච එවුන් හදන්න බැහැ. පොඩි එවුන්ගෙන් පටන් ගමු. පොඩි එවුන් හදලා හරි පාරට ගත්තම, උන් මහ එවුන්ගේ වැරැදි හදාගෙන රට හදයි කියලයි. ඒ හින්දා දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, පිස්සු පූසා, බගලවතී, එළු නයිදේ, පඬිතුමා, යන කාටුන් චරිතවලට පුංචි දරුවෝ බොහෝම ආදරය කළා.ඒ වගේම 1956 සිට 80 දක්වා චිත‍්‍රපට සියගණනකට වඩා ඔහු අතින් සංස්කරණය වුණා. ‘‘අහල පහල’’, ‘‘ලොකු බාස් - පොඩි බාස්’’, රූපවාහිනී තිරයේ පළමු හඬකැවූ වැඩසටහන් පෙළ වුණා. ‘‘හා හා හරි හාවා’’, ‘‘ගලිවර්ගේ සුවිසැරිය’’ වැඩසටහන් පෙළත් පුංචි දරුවන් හොඳින් රස වින්දා.’’රන්සිරිලාල් මහතා ඒ අතීතය අදටත් සිහිපත් කරන්නේ හදපිරි ගෞරවයකිනි. විශේෂයෙන්ම ‘‘ටයි මහත්තයා සමඟ වැඩ කිරීම බොහෝ දෙනකුට එතරම් පහසු නොවුණේ දැඩි නීති රීති පැනවීමත්. තමන් කරන රාජකාරිය දේවකාරිය සේ සැලකීමත් නිසාය. එය වචනවලට පමණක් සීමා නොකොට ඉතාම ප‍්‍රායෝගිකව ඉටුකිරීමට තොටවත්තයන් තුළ වූයේ නිසග හැකියාවකි.’
’‘‘අපි රූපවාහිනියට බැඳෙන කාලේ ‘‘ටයි මහත්තයා’’ එක්ක වැඩකරන එක විශාල ගෞරවයක් වුණා වගේම අමාරු වැඩක් වුණා. ඒ නිසා නිෂ්පාදන සහකාරවරු බොහොමයක් මේ ඒකකයට එන එක දඬුවමක් විදියටයි සැලකුවේ. ඔන්න ඔය අතරේ ‘‘ලා තණකොළ පෙත්තාස්’’ ගීත කණ්ඩායම ‘‘දොස්තර හොඳ හිතට වුවමනා වුණා. මම ඒ වනවිට වාර්තා අංශයේ මඩවල රත්නායක මහතා ළඟ වැඩකළේ. නමුත් එහි ගීතවලට අවශ්‍ය හඬවල් මම කලූබෝවිල සම්බුද්ධ ජයන්ති දහම් පාසලෙන් හොයා දුන්නා. ඒ මම ඒ දහම් පාසලේ ගුරුවරයකු වූ නිසා. දීපිකා පි‍්‍රයදර්ශනී, රසාදරී පීරිස්, රවින්ද්‍ර මුණසිංහ හා අශිමි විලේගොඩ ඒ ගීත වලට දායක වූ අයයි. අදත් ඔවුන් දක්‍ෂයෝ.’’‘‘ටයි මහත්තයාගෙන්’’ ගෝලයන්ට ඉගෙන ගන්නට බොහෝ දේ තිබුණි. නියමිත වේලාවට නියමිත දේ කළ යුතුයි සේම තමන් කරන දේ තමන්ට අවංකව, පූර්ණ සූදානමක් ඇතුව කළ යුතුය යන්න ඔහු සතුවූ කදිම පාඩම්ය.‘‘උදේ පාන්දර 5.00 ට ‘‘ටයි මහත්තයා’’ බොරැල්ලේ ඉඳන් වැඩට එනවා. ගෝලයොත් ඒ වෙලාවට එන්න  ඕනෑ. ගෝලයෝ පරක්කු නම් විනාශයි. අනික ඔහු තැන තැන අනුන්ගේ දේවල් හොය හොයා කාලය නාස්ති කරන්නේ නැහැ. ආපු වෙලාවෙ ඉඳන් ආපුවැඬේ කරනවා. ඒ කාලේ මම දවසකට පැය 19-20 ක් විතර වැඩකරලා තියෙනවා.
‘‘ටයි මහත්තයාගෙන්’’ ඉගෙන ගන්න තියෙන දේ අපමණයි. ඇත්තටම ඔහු විශ්වවිද්‍යාලයක්. අද විද්‍යුත් මාධ්‍ය කලාව කරන අය බොහොමයක් එන්නේ 8.30 යි 4.30 වැඩ කරලා යන්න. මේ අය ‘‘ටයි මහත්තයා” එක්ක වැඩ කළා නම් පැහැදිලිවම එළවනවා.‘‘ටයි මහත්තයා’’ ඔය හැමදේම කළේ නිර්භීතවයි. කාටවත් බය නැහැ. කියන දේ කෙළින් කියනවා. හඬ කැවීමේ ඒකකයට හොඳ අත්තිවාරමක් එතුමා හඳලා දුන්නා. අද වගේ මැදිරියක් එදා අපට තිබුණේ නැහැ. රජයේ චිත‍්‍රපට අංශයේ චිත‍්‍රාගාරය ඇරුණාම ‘‘ටයි මහත්තයා’’ තමයි අද අප වැඩකරන මැදිරිය හැදුවේ. එතුමා නොවෙන්න මම නම් හිතන්නේ නෑ ඒ වැඬේ වෙන අයෙක් කරයි කියලා. ලංකාවේ මුල්ම උපසිරැසි වැඩ සටහන කළෙත් එතුමයි. අපි සහායකයෝ. ඉතාම දුෂ්කර කාර්මික මාවතක් ඔස්සේ පටන් ගත්තත් පසුව අලූත් තාක්‍ෂණයක් ලැබුණා. මුල්ම උපසිරසි වැඩසටහන් පෙළ ‘‘රොබින් හුඞ්’’ දරුවන් හා වැඩිහිටියන් අතරේත් ජනපි‍්‍රය වුණා.’’‘‘ටයි මහත්තයා’’ සතු අපූර්ව හැකියා රැුසකි. ලිවීමේ හැකියාව, සංස්කරණ හැකියාව, අධ්‍යක්‍ෂණය, අලූත් දේ සිතීම වැනි කරුණු කාරණාවලදී ඔහු ඉදිරියෙන්ම සිටියේය. රූගත කිරීමේදී විටෙක පිටපත් යොදා නොගෙන අවශ්‍ය කරන දෙබස් තැනේ හැටියට අවශ්‍ය ලෙස යොදමින් පසුව සංස්කරණය කිරීමේ අපූර්ව හැකියාවක් ඔහු සතුවිය. ඔහු රාජකාරිය දේවකාරිය සේ සැලකීමට කදිම නිදසුන් රන්සිරිලාල් මහතා සතුය.1989 දී ‘‘‘කොරා සහ අන්ධයා’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් නිමවෙලා එතුමා ලෙඩවුණා. ඒත් චිත්ත ධෛර්ය හීන වුණේ නැහැ. මම ඔහු බලන්න ආසිරි රෝහලට ගිය මොහොතේ මගේ ඇඟට කඩන් පැන්නා. ‘‘උඹ මොකටද මෙහෙ ආවේ, උඔ දොස්තරයෑ, ගිහිං ඩෙක් එකයි ටී.වී.එකයි අරගෙන වරෙන්. ‘‘කුංෆු’’ ලියන්න තියෙනවා කියලා කිව්වා.
‘‘ටයි මහත්තයාගෙ ලෙඬේට බෙහෙත වුණේ ‘‘කුංෆු’’ පිටපත ලියන එක. පස්සේ අපූරුවට ගලපලා එතුමා ඒ වැඬේ කළා.’’මේ වන විට දෙබස් කැවීමේ හා උපසිරැුසි ගැන්වීමේ වැඩසටහන් 20,000 කට වඩා ‘‘ටයි මහත්තයා’’ දෙබස් කවා ඇති අතර අදටත් හඬ කැවීමේ කලාව එහි මූලධර්ම සහ ක‍්‍රමවේද මෙන්ම භාෂාවද නිවැරැුදිව යොදාගෙන කටයුතු කරන්නට ඔහු තරම් සමතකු මෙතෙක් බිහි වූයේ නැත. සැබැවින්ම අපේ රූපවාහිනී සම්ප‍්‍රදාය තුළ ඔහු පුරෝගාමී දැවැන්තයෙකි. ඔහු කාටුන් චිත‍්‍රපට කලාව පරතෙරටම ප‍්‍රගුණ කර තිබුණේය. විදෙස් වලින් ආනයනය කෙරුණු කාටුන රූපරාමුවලට දෙස බස මුසු කිරීමේදී ඔහු පෑවේ අපූරු ප‍්‍රාතිහාර්යයන්ය. ඒවා නැරඹූ කිසිවකුට වුවද කිසිම විදෙස් ගතියක් නොදැනුණේ ඔහුගේ ප‍්‍රතිභාව නිසාමය.ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ ප‍්‍රථම සජීවි ටෙලිනාට්‍ය වූ ‘‘වැටත් නියරත්’’ රචනා කොට නිපදවා අධ්‍යක්‍ෂණය කරන ලද්දේද ‘‘ටයි මහත්තයා’’ විසිනි.‘‘ටයි මහත්තයා ඍජු මිනිහෙක්. රූපවාහිනියේ අදටත් හැමෝම ගරු කරන්නේ ඒකයි. ඒ වගේම දේශපාලනඥයෝ හෝ දේශපාලනයට මුල්තැනක් දුන්නේ නැහැ. දවසක් උදේ ටයි පටියක් බැඳගත්තු යස ඉලන්දාරියෙක් දොර හයියෙන් ඇරගෙන අපේ කාර්යාලයට ඇතුළු වුණා. ‘‘ටයි මහත්තයා ඉස්සරහම මේසේ ඉඳගෙන සිටියා. තරුණ කොලූවා. ‘‘ඔයාද ටයිටස් තොටවත්ත’’ කියලා අහපු සද්දේ ටයි මහත්තයාට ඇල්ලූවේ නැහැ. එතුමා පාඩුවේ තමන්ගේ වැඬේ කළා. විනාඩි 5 ක් විතර ඉඳලා ආයෙත් කොලූවා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් ‘‘මං ආවේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. ටයි මහත්තයා ඉරියව්ව වෙනස් කරලා ‘‘ඒයි බලනවා මාර වැඩකාරයෙක්නේ. අපි නම් ආවේ අම්මලාගෙන්. මෙයා ඇවිත් තියෙන්නේ ජනාධිපතිගෙන්’’ කියලා කිව්වා. මිනිහා ආගිය අතක් නැතිවුණා.’’‘‘ඔහුට සොඳුරු බිරිඳක් හිටියා. එකම පුතා දමිත්ගේ වැඩකටයුතුත් බලාගෙන, ගෙදර දොරේ වැඩත් බලාගෙන ‘‘ටයි මහත්තයා’’ නිර්මාණ කටයුතුවලට සියයට සියයක්ම නිදහස් කළා. ඒක එතුමට විශාල පිටිවහලක් වුණා මේ දිගු ගමන එන්න. ඒ වගේම අන්තිම කාලේ ජාතික රූපවාහිනියේ මමත්, චර්චිල්, ශීලා කටුගම්පොළ, අනුර ජයසේකර, රංජිත් සිල්වා, අනුර ධර්මරත්න, චන්දන සෙනෙවිරත්න, කැලූම් පාලිත මහීරත්න හා සේනානි ගුණසේකර, අප හැමෝම ඔහු ළඟින් හිටියා.
අවසන් මොහොතේ සිටම ජාතික රූපවාහිනිය, ජාතික චිත‍්‍රපට සංස්ථාව, සංස්කෘතික දෙපාර්තමේන්තුව, ජනාධිපති කාර්යාලය හා ටවර් හෝල් පදනම විශාල වශයෙන් ඔහු ගැන සොයා බැලූවා. මරණය සැලවූ මොහොතේ එතුමාට අවශ්‍ය රාජ්‍ය ගෞරවය ලබා දෙන්න ඒ අය කටයුතු කළා. ‘‘ටයි මහත්තයා’’ කියන්නේ අපට ජීවිත කාලේ ආයේ කිසිදාක හමුනොවන අද්විතීය, ස්වර්ණමය කලාකරුවෙක්. වසර 17 ක් මට එතුමාගෙන් ලැබුණු දැනුම මහා සාගරය වගෙයි.’’පුංචි සිත් සතන් තුළ සේම, වැඩිහිටියා, මහල්ලා දක්වාම ඔවුන්ගේ චිත්ත සන්තානයේ සෞන්දර්යය වපුරවාලූ, නූපන් දරු පරපුර වෙනුවෙන්ද අතිශය සොඳුරු කලා නිර්මාණ ඉතිරිකර දිවි රඟමඩලින් සමුගත් යුගපුරුෂයාණනි, ඔබ ‘‘චණ්ඩියා’’ සිනමා පටයට අකුරු කළ දෙබස් කණ්ඩයකින් අපි මේ සටහන නිමා කරමු.‘‘ඉන්න ඩිංග ජීවත් වී සැපෙන් ඉඳිමු අපි මල්ලී’’ ලෙඩට-දුකට-කරදර-පීඩාවලට අභියෝග වලට බය නොවී......‘‘ටයි මහත්මයාණනි- ඔබට නිවන් සුව!’’
සටහන දුෂ්‍යන්ත කුමාර

ජාතික රූපවාහිනියේ හඬකැවීම් ඒකකයේ අංශ ප‍්‍රධානී අතුල රන්සිරිලාල්

ආරක්ෂිත කැමරා නිසා කොටුවූ ලංකාවේ හොරකම්


| Copy Rights | Gossip9.com |
 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money