
© Copy Rights - http://www.sarasaviya.lk
ජාතික රූපවාහිනියේ 18 වැනිදා
වික්ටර් හියුගෝ ලියූ ‘ලේ මිසරාබ්ලේ’ ලෝක පූජිත නවකතාවකි. මේ ඇසුරින් තැනුන චිත්‍රපට, ටෙලි නාට්‍ය සංඛ්‍යාව නිමක් නැහැ. දුප්පතාගේ දුක වගේම සිරකරුවා යන නිර්මාණ කළේ ලේ මිසරාබ්ලේ පාදක කරගෙන. අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල ශූරීන් මනුතාපය නමින් පරිවර්ථනය කරන ලද්දේ ද මේ සම්මානනීය නවකතාවයි.
ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සන්තුස ලියනගේ මේ කෘතිය පාදක කරගෙන නිර්මාණය කළ ‘දූලි පින්තාරු’ සැප්තැම්බර් 18 වෙනිදා සිට සෑම ඉරිදාවකම රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනියෙන් විකාශය වෙනවා.
සංජීව උපේන්ද්‍ර ප්‍රධාන චරිතය රඟන මෙහි ප්‍රියංකර රත්නායක, වත්සලා රණසිංහ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟන මෙහි සෙසු චරිත අනෝමා ජනාදරී, චමිලා පීරිස්, ජයනි සේනානායක, ලූෂන් බුලත්සිංහල, සීතා කුමාරි, නිල්මිණි බුවනෙක, නුවංගි ලියනගේ, සැනට්...