ඒ මිහිරි සංගීතය ඇසෙන විට අපගේ ආදරණීය මෑණියන්ව සිහි වෙන තරමටම “ඔෂීන්” අපගේ හදවතේ ගැඹුරුම තැනට කිඳා බැස ඇත. එලෙස ලෝකයේ අනික් පැත්තේ බිහි වූ නිර්මාණයක් අපේම වුනේ කෙසේද කියා ඔබ මදක් සිතුවාද? ජපානයේ පිටිසර බද පෙදෙසක බෞද්ධ පරිසරයක සිටින අම්මා සහ සිංහල බෞද්ධ සමාජයේ අම්මා අතර වෙනසක් නොමැති තරම්ය. ඒ බව වටහාගත් නිසාදෝ ටයිටස් තොටවත්ත යන් විසින් එම ජපන් නිර්මාණය තුලට අපේම “මිහිරි කටහඬකින් යුත්” සිංහල බස් වහරකින් ඔෂීන්ව පණ ගන්වා අප බලාපොරොත්තු වෙන අම්මාගේ භූමිකාව ඔෂීන් තුළින් කුඩා තිරයේ දිගහැරුණි.එහෙත් කණගාටුවට කරුණ වන්නේ වර්තමාන සිංහල ටෙලි නාට්‍ය මගින් ප්‍රධාන චරිතය ලෙස පණගැන්වෙන්නේ අම්මාව නොව නැන්දම්මාවය. නැන්දම්මාගේ කුරිරු කම හමුවේ අම්මාගේ සතර මහා බ්‍රහ්ම විහරණයන් යටපත් වී ද්වේශ සහගතව, ගොරහැඬි බසින් නැන්දම්මා සමග වාග් සංග්‍රාමයක යෙදෙන අසෝබන දසුනකුයි ඔබ ටෙලි නාට්‍ය තුළින් වර්තමානයේදී දකින්නේ....