මේ මාතෘකාව දැක්ක ගමන් වෙනසක් දැනුන ද ? නැත්නම් ආයෙත් හොඳට කියවලා බලන්න... ඔව් ! සාමාන්‍යයෙන් පෙරදැකුමක් (Trailer) සකසන්නේ අදාල නිර්මාණයේ අන්තර්ගතය කැටිකොට දැක්වෙන පරිදි, ප්‍රේක්ෂකයාට ඒ පිළිබඳව දළ චිත්‍රයක් ලබා ගත හැකි වන පරිද්දෙන්... නමුත් මම මේ කියන්නට යන Trailer එක නම් වෙනස් අත්දැකීමක්. වේදිකා නාට්‍යයක පෙරදැකුමක් වේදිකාවෙන් පිටත සිට දැක්වෙන ලංකාවේ පළමු වේදිකා නාට්‍යය මේ තමා...
ලංකාවේ අපිට නම් වේදිකා නාට්‍යයකට Trailer එකක් නිකුත් කිරීම තවමත් තරමක අළුත් අත්දැකීමක්...! කොහොම වුනත් අන්තර්ජාල තාක්ෂණයේ උදව්වත් අරගෙන අපේ වේදිකා නාට්‍ය කලාව අළුත් මානයකට යන එක ගැන නම් සතුටුයි. මේ වටිනා කලා මාධ්‍යය සජීවීව පවත්වා ගන්නට සිය නිර්මාණ දායකත්වය දෙන සම්පත් දායකයන් අතරින් කැපී පෙනෙන නාමයක් ලෙස අතුල පතිරණ හඳුන්වා දෙන්න පුළුවන්. රංගන ශිල්පියෙක් ලෙස ටෙලි නාට්‍ය බොහෝමයකට දායක වූ ඔහු හොඳ වේදිකා...