Sunday, February 26, 2012

හිඟන්නකුට ලක්ෂ 100 ක් ලැබුණා වගේ අපේ නළු නිළියනුත් පිස්සු නටනවා

අමිල අබේසේකරතරුණ පරපුරේ රංගන ශිල්පීන් අතර තවමත් ජනප්‍රියත්වයේ රැදෙමින් ප්‍රේක්ෂක ඔබේ ආදරයට පාත්‍ර වුණු රංගන ශිල්පියෙක් අමිල අබේසේකර. විටෙක ජනප්‍රිය නළුවා සම්මානයෙන් ද ඔබ අතරට එක්වුණු අමිල දෙරණ ඩ්‍රිම් ස්ටාර් වේදිකාවේ නිවේදනයෙන් ද ඔබට සමීප වෙනවා. ‘යෞවනයේ අපි’ විශේෂාංගය මෙවර වෙන්වන්නේ අපේ කාලයේ රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර වෙනුවෙන්.අමිල කොහොමද මේ දවස්වල ජීවිතේ...ටිකක් කාර්ය බහුල ජීවිතයක මම ඉන්නේ. කොහොම වුණත් මේ දවස් ටිකේ ‘වැස්ස නුඹ වගේ’, ‘චංචලා’, ‘සවීනා’, ‘වන්දනා’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් සම්පූර්ණයෙන් ම අවසන් වුණා. ඒ වගේ ම අලුතෙන්ම ආරම්භ වන ‘එක්ටැම්ගෙයි’ ටෙලිනාට්‍යයෙත් ‘මුතු’ කියන ටෙලිනාට්‍යයටත් මම එකතු වෙනවා. ඔය අතරතුරම ‘ඩ්‍රිම්ස්ටාර්’ වේදිකාවෙත් වැඩකටයුතු කරගෙන යනවා.පසුගිය කාලයේ අපි දැකපු ටෙලිනාට්‍යවල ඔබේ චරිත ඒකාකාරියි කියලා දැනුණා.ඔව්...

අත් පා නැතිව ජීවිතය ජයගත් නික් යුගදිවියට

වෝ අච්ච් මහත්මියගේ එදා දවස ගෙවුණේ නම් තරමක් අපහසුවෙනි. කුමන් හෝ ශාරීරික වෙනසක් සිදු වනු ඇයට දැනෙන්නට විය. තම කුස තුළ සිටින සිඟිත්තා එළියට එන්න ද මේ සූදානම...“මාස නමයක්ම මේ බඩ ගෙඩිය උස්සන් හිටිය මදැයි මේ චණ්ඩියාවත් ඇතුළේ තියාගෙන. ඔන්න පුතේ දැන් නම් එළියට එන්න වෙලාව හරි වගෙයි...” වොඅච්ච් මහත්මිය එසේ කිව්වේ තම සිඟිත්තා කෙරෙහි වූ උතුරා යන සෙනෙහසිනි. වේදනාව ද කෙමෙන් කෙමෙන් උත්සන්න වෙයි. තවත් කල්මැරිය නොහැකි ය. හොඳම දේ ඉක්මනින් රෝහල් ගත වීමයි. වෝඅච්චි මහත්මිය රෝහල් ගත වුණේ මහත් බලාපොරොත්තු ඇතිව ය.ගත වන නිමේෂයන් පාසා වෝඅච්ච් මහතාට දැනුණේ වසර ගණනාවක් ගත වූවාක් ලෙසිනි. හෙද නෝනලා කලබලයෙන් කාමරයෙන් එහෙ මෙහෙ යති. ඔන්න! පුංචි පැටියකුගේ කෑගැහිල්ලක් ඇසුණු වහාම වෝඅච්චි මහතා කාමරේ දොර විවෘත කරගෙන ඇතුළු විය. ඔවුන්ගේ ලෝකයේ පැතුම් ඉටු කරමින් පුංචිම පුංචි පැංචෙක්...

Saturday, January 14, 2012

Cloud Radio එක්ක තෛපොන්ගල්

www.prmo.lkඅස්වැන්න නෙලීමේ උත්සවය හෙවත් තෛපොංගල් උත්සවය හෙටට යෙදී තිබෙනවා.  පොංගල් යන දෙමළ වචනයේ අදහස වන්නේ පිටාර ගැලීම යන්නයි. මැටි කළයක කිරි උතුරා යාමට සළස්වමින් තෛපොන්ගල් උත්සවය සමරන දමිල ජනතාව තම පවුලේ අනාගතය සෞභාග්‍යමත් වේවායි ප‍්‍රාර්ථනා කරනවා. තෛපොංගල් උත්සවය උදාවීමත් සමග නව වසරක් සඳහා සූර්යා භ‍්‍රමණය වීම ආරම්භ වනවා. දමිළ හින්දු භක්තිකයන් පළමු අස්වැන්න සූර්යාට පූජා කිරීම මෙම දිනයේදී සිදු කරන්නේ මහත් වූ අභීමානයකින්....

Friday, January 6, 2012

සීනි බෝලයක් වෙන්න මට ඕනැ නැහැ

උද්දික ප්‍රේමරත්නනවරත්න පරම්පරාවේ කොටස්කාරයකු වන ‘භූපති නවරත්න’ අපි හිතන ජාතියේ මිනිසෙකු නම් නෙමෙයි. කරන්න පුළුවන් හැම සටකපටි වැඩක්ම කරමින් භූපතිගේ උත්සාහය දියුණු වෙන්න. භූපතිට ඔය තරම් කොයි කාලයක් සෙල්ලම් කරන්න පුළුවන් වෙයිද?”ඔව් ඒක ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි ඒක ප්‍රශ්නාර්ථයක් විදිහටම කියමු. මොකද භූපති කියන්නේ නවරත්න පරම්පරාවේ අංකුර සාමාජිකයෙක්. ඒ වගේම රාජකීය මාන්නයක් ඔළුවේ තියාගෙන භූපති ඉන්නේ. නිදන්වස්තු ගැනත් මිනිහා හරි උනන්දුයි. ඒත් භූපතිට මොනවා වෙයිද කියන එක අපි බලන් ඉඳිමු.”මේ දිනවල රාත්‍රි 9 වෙනකොට භූපති රටවටා කරක් ගසන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඔබටත් මුණගැහෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔහු මොනවද කරන්නේ කියලා ටිකක් ඇහැගහගෙන ඉන්න. කවුද මේ භූපති කියලා විපරම් කරන අතරේ දවසක් අපිට භූපති මුණගැහුණා.”මට ඔය තත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ පරම්පරාවේ...

තිරයේ රජු ඔහුය.

තිරයේ රජු ඔහුය. ඔහු තිරයෙන් දකින්නට, දකින්නට ඔහුගේ වීරවික්‍රමාන්විත බව ද රසිකයන්ට දෙගුණ තෙගුණ වී පෙනෙයි. ‘දොන්’ පළමු චිත්‍රපටියෙන් අප ඔහු දුටුවේ වසර 2006 දීයි. වසර පහක ඇවෑමෙන් යළි අපි ඔහු දකිමු.ඒ ‘දොන් 2’ ලෙසයි. 2011 දෙසැම්බර් 23 වැනි දින ද්විමාන, ත්‍රිමාන, මේ දෙආකාරයෙන්ම නරඹන්න ලැබෙන ‘දොන් 2’ රජු ජීවමාන කරන්නේ රිදී තිරයේ සැබෑම අභිමානවත් රජුවන ෂාරුක් ඛාන්මය. එහෙත් එහි මහා රජු සොයා අප 1978 තරම් ඈත ඉතිහාසයකට යා යුතුය.2006 දී තිරගත වූ ‘දොන්’, 1978 තිරගත වූ ‘දොන්’ සිනමා පටයේ ප්‍රතිනිර්මාණයකි. එහි ‘දොන්’ වූයේ මෙගා තරුව, අමිතාබ් බච්චන්ය.1978 දී තිරගත වූ ‘දොන්’ ඒ වසරේ දී බොලිවුඩයේ ඉහළම ආදායමක් ලැබූ සිනමා පට අතර තුන්වැනි තැනට පත් වී තිබුණි. ‘දොන්’ සිනමා පටයට 1962 දී තිරගත වූ ‘චයිනා ටවුන්’ සිනමා පටයේ ආභාශය ලැබී ඇති බව ද කියවේ. කෙසේ වුවත් ‘දොන්’ කෙතරම්...

Wednesday, January 4, 2012

2012 මගේ විවාහ වසරයි

මුතු තරංගාබොහෝ දෙනෙකුට ඇය මතකයට නැඟෙන්නේ මුතුකැට ඉසිරුණාක් වැනි ඇයගේ සිනහවත් සමඟ ය. ඇය අපට සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියකි. ක්ෂේත්‍රයට පැමිණ කෙටි කලක් තුළ ම ප්‍රේක්ෂකයනට මතකයේ රැඳෙන චරිත කීපයකට ම ජීවය දෙන්නට ඇයට හැකි විය. ඇය මුතු තරංගා.මුතු මොනවද ඔබ මේ දවස්වල කරන කලා කටයුතු?සිරස නාලිකාවෙන් විකාශයවන ‘ආදරේ අහස තරම්’ දීර්ඝ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. ඒ වගේ ම සංගීත ප්‍රසංගවලත් සහභාගි වෙනවා.විකාශය වීමට නියමිත ඔබ රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය මොනවාද?මම රඟපෑ ටෙලිනාට්‍ය 07 ක් පමණ විකාශය වෙන්න තියෙනවා. හැබැයි ඒ ටෙලිනාට්‍යවල නම් අමතකයි.ඔබ රංගනයට පිවිසුණු ආකාරය...?මීට අවුරුදු කීපයකට පෙර මට සංගීතය සහ නර්තනය ඉගෙන ගන්න ‘එල්ෆින්ස්ටන්’ එකේ සරසවිපායට ගියා. සංගීතය ඉගෙන ගත්තෙ පී.වී. නන්දසිරි සර්ගෙන්. නර්තනය ඉගෙන ගත්තෙ චන්න විජේවර්ධන සර්ගෙන්....

ජනවාරි 21 වැනිදා සිනමාවේ උපන් දිනයට කුස පබා

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ කුලුඳුල් චිත්‍රපටය ‘අනුපමා’ තිරගත වූයේ 1978 දෙසැම්බර් 22 වැනි දිනය. එය තිරගත වීමට මත්තෙන් තවත් චිත්‍රපට දහයක් අධ්‍යක්ෂණය කිරීමට ඔහුට අවකාශ ලැබිණ. එලෙස සිනමා නිර්මාණයෙහි යෙදුණ සුනිල් ආරියරත්නයන් මේ වනවිට චිත්‍රපට දහ අටක් තනා තිබේ. සිංහල සිනමාවට හැටපස් වසරක් සපිරෙන 2012 ජනවාරි 21 වැනිදා සිට ඔහු යළිත් ප්‍රේක්ෂකයා අතරට එක්වන්නේ සිය අභිනව චිත්‍රපටය ‘කුස පබා’ සමගිනි. සැවෝයි ඇතුළු ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය කෙරෙන ‘කුස පබා’ පිටපත් පනහක් මුද්‍රණය කළ ප්‍රථම සිංහල චිත්‍රපටය ලෙස ද ඉතිහාසයට එක් වේ. සුනිල් ආරියරත්නයන් සමඟ මෙම සංවාදය ගොඩ නැෙඟන්නේ එකී සුබ කටයුත්ත ප්‍රස්තුත කොට ගනිමිනි. ඔබේ නවතම චිත්‍රපටය තිරගත වන්නේ අපේ සිනමාවට හැටපස් වසරක් සපිරෙන සුබ මොහොතේ. මුලින්ම ඒ පිළිබඳ යමක් කියන්න? මම හිතනවා මම ඉතාම භාග්‍යසම්පන්නයි...

ජන කරළියෙන් ගුරු සැමරුමක්

ජන කරළියේ තරුණ නාට්‍ය ශිල්පීන් විසින් සිදු කරනු ලබන ගාමිණී හත්තොටුවේගම, ධම්ම ජාගොඩ සහ එච්. ඒ. පෙරේරා යන නාට්‍යවේදීන්ගේ නාට්‍ය හා රංග කලා සේවාව ඇගයීමේ සමරු වැඩසටහනක් ජනවාරි මස 04 වැනිදා පස්වරු 6.30 ට ලයනල් වෙන්ඩ්ට් රඟහලේදී පැවැත්වේ.සමරු දේශනය පවත්වනු ලබන්නේ ප්‍රවීණ සාහිත්‍යධරයකු සහ කවියෙකු ලෙස සම්මානයට පාත්‍ර වූ ආරියවංශ රණවීර විසිනි.ඇන්ටන් චෙකෝව්ගේ ‘ද බූර්’ ආශ්‍රයෙන් මහාචාර්ය තිස්ස කාරියවසම් පරිවර්තනය කළ ‘පෝරිසාදයා’ වේදිකා නාට්‍යය නව නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය පාලිත අබේලාල් ධර්මසේන ගෙනි.රොනකා චාමලී, සුනෙත් ශාන්තප්‍රිය සහ රාසයියා ලෝහානන්දන් එහි චරිත නිරූපණය කරති. ඇඳුම් නිර්මාණය සුවිනීතා සුබසිංහගෙනි.ධර්මසේන පතිරාජ විසින් රචනා කරන ලද ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ දමිළ පරිවර්තනය ‘පයනිහල්’ ලෙස ද එදිනම වේදිකාවට නැඟේ. පයනිහල් රාසයියා ලෝහානන්දන්ගේ දමිළ පරිවර්තනයකි.රොනකා...

වසන්ත ඔබේසේකරයන් පිළිබඳ වෙබ් අඩවියක්

සම්මානනීය සිනමාවේදී වසන්ත ඔබේසේකරයන් පිළිබඳ වෙබ් අඩවියක් අන්තර් ජාලයට මුදා හැරෙ www.vasanthaobeysekere.com  වූ එය එම්. ආර්. එම්. ලංකා සොලියුෂන් ආයතනයේ නිර්මාණයකි.ඔබේසේකරයන්ගේ නිර්මාණයන් හි සියලු තොරතුරු එයට ඇතුළත් වෙයි.සත් සමුදුර චිත්‍රපටයේ සම තිර රචකයා ලෙස සිනමාවට පිවිසි වසන්ත ඔබේසේකරගේ පළමු අධ්‍යක්ෂණය වෙස් ගත්තෝ විය. අනතුරුව දියමන්ති, වල්මත් වූවෝ, දඩයම, කැඩපතක ඡායා, මාරුතය, සෙව්වන්දි, සළෙලු වරම, ආගන්තුකයා ඇතුළු අග්‍රගණ්‍ය චිත්‍රපට රැසක්ම නිර්මාණය කළේය.වසර කිහිපයකදීම හොඳම අධ්‍යක්ෂ වශයෙන් සරසවිය සම්මානයට පාත්‍ර වූ හෙතෙම මෙරට සිටින විශිෂ්ට චිත්‍රපටකරුවන් අතර ප්‍රමුඛයෙකි. අදට යෙදෙන වසන්ත ඔබේසේකරගේ උපන් දිනය වෙනුවෙන් සරසවිය ඔහුට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරයි. Sarasav...

මාළුන්ට සබන් දාලා හෝදලා පවුඩර් දැම්මා

මේනක රාජපක්ෂ ගැන අම්මා සරීනා ගේ මතකයචූටි පුතා ඉස්කෝලේ ඇරිලා ආව ගමන්ම සපත්තු දෙක නම් ගලවන්න ඕන තාත්තාමයි. ඊට පස්සෙ ඉතින් මම හරි, තාත්තා හරි පුංචි පුතාව උස්ස ගෙන යන්නෙ නාන කාමරයට. පුතා චූටි කාලේ ඉඳන්ම හරිම ආසයි මාළුන්ට.ඒ නිසා තාත්තා එයාට මාළු ටැංකියකුත් ගෙනත් දීලා තිබුණේ. දවසක් චූටි පුතා නාන අතරෙදි මගෙන් ඇහුවා ’අම්මෙ මං වගේ මාළු නාන්නෙ නැද්ද?’ කියලා. මාත් ඉතින් එච්චරම එයාගේ ප්‍රශ්නෙ හිතට ගත්තෙත් නෑ. හැබැයි පහුවෙනිදා උදේ තමයි මට තේරුණේ චූටි පුතාම එයාගේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන බව.පුතා එදා හවස මාළුන්ව සබන් දාලා හෝදලා. ඊට පස්සෙ එයාට මම පවුඩර් දාන නිසා මාළු ටැංකියේ වතුර එකට පවුඩර් හලලා. පහුවෙනිදා උදේ වෙන කොට අනේ ! මාළු ඔක්කොම මැරිලා.මේ පුංචි දඟයාගේ දඟ කතාව කියාගෙන යන මොහොතේ ඇයගේ මුවින් ඉකි බිඳුමක් ද, සසුමක් සමඟ වා තලයට මුසු වුණා. ඒ එදා දඟකාරකම් කළ...

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.

ෂාරුක්ට හිනාව අහිමි වෙයි.2012 ජනවාරි 04 බදාදා- පෙරවරු 08:39තිරගත වූ චිත‍්‍රපට දෙකම අති සාර්ථක වෙච්ච සතුටත් එක්කයි ෂාරුක් ඛාන් අලූත් අවුරුද්ද සැමරුවේ. ඇත්තටම ඔහු අවුරුදු නිවාඩුව ගත කළේ පවුලේ අයත් එක්ක ඩුබායිවලදි. කොච්චර හොඳට නිවාඩුව ගත කලාද කිව්වොත් ෂාරුක් අසනීප වෙලා. ඔහු පාපන්දු කී‍්‍රඩාවට ගොඩක් කැමතිනේ. දුවයි, පුතයි එක්ක සෙල්ලම් කර කර ඉන්න කොට ෂාරුක්ගෙ ඉග ඇට ප‍්‍රදේශයේ ඇදීමක් ඇති වෙලා. ඒ නිසා දැන් ඔහුට හයියෙන් හිනාවෙන්න බැහැලූ. මොකද හිනාවෙන කොටයි හුස්මගන්න කොටයි රිදෙනවා කියලයි ෂාරුක් කියන්...

මනොරත්නයන් නාට්‍ය තුනක් මේ සති අන්තයේ.

ප‍්‍රවීන නාට්‍ය නිර්මාණ ශිල්පියෙක් වගේම රංගන ශිල්පියෙක් වන ජයලත් මනෝරත්නයන් රගපාන නාට්‍ය 03ක් මේ සති අන්තයේ දැක බලා ගැනීමට පේ‍්‍රක්ෂකයන්ට අවස්ථාව හිමි වනවා. මේ මාසේ 05 වැනිදා බූරුවා මහත්තයත්, 06 වැනිදා සුද්දෙක් ඔබ අමතයි සහ 07 වැනිදා අන්දරේලා නාට්‍ය වේදිකා ගත කිරීමට නියමිතයි. මනෝරත්නයන් කිව්වේ කොළඹ ලයනල් වෙන්ට් ශාලාවේදී පස්වරු 6.30ට මෙම නාට්‍ය වේදිකා ගත වීමට නියමිතයි කිය...

Page 1 of 5012345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money