Sunday, February 26, 2012

හිඟන්නකුට ලක්ෂ 100 ක් ලැබුණා වගේ අපේ නළු නිළියනුත් පිස්සු නටනවා

අමිල අබේසේකරතරුණ පරපුරේ රංගන ශිල්පීන් අතර තවමත් ජනප්‍රියත්වයේ රැදෙමින් ප්‍රේක්ෂක ඔබේ ආදරයට පාත්‍ර වුණු රංගන ශිල්පියෙක් අමිල අබේසේකර. විටෙක ජනප්‍රිය නළුවා සම්මානයෙන් ද ඔබ අතරට එක්වුණු අමිල දෙරණ ඩ්‍රිම් ස්ටාර් වේදිකාවේ නිවේදනයෙන් ද ඔබට සමීප වෙනවා. ‘යෞවනයේ අපි’ විශේෂාංගය මෙවර වෙන්වන්නේ අපේ කාලයේ රංගන ශිල්පියෙකු වන අමිල අබේසේකර වෙනුවෙන්.අමිල කොහොමද මේ දවස්වල ජීවිතේ...ටිකක් කාර්ය බහුල ජීවිතයක මම ඉන්නේ. කොහොම වුණත් මේ දවස් ටිකේ ‘වැස්ස නුඹ වගේ’, ‘චංචලා’, ‘සවීනා’, ‘වන්දනා’ ටෙලිනාට්‍යවල රූගත කිරීම් සම්පූර්ණයෙන් ම අවසන් වුණා. ඒ වගේ ම අලුතෙන්ම ආරම්භ වන ‘එක්ටැම්ගෙයි’ ටෙලිනාට්‍යයෙත් ‘මුතු’ කියන ටෙලිනාට්‍යයටත් මම එකතු වෙනවා. ඔය අතරතුරම ‘ඩ්‍රිම්ස්ටාර්’ වේදිකාවෙත් වැඩකටයුතු කරගෙන යනවා.පසුගිය කාලයේ අපි දැකපු ටෙලිනාට්‍යවල ඔබේ චරිත ඒකාකාරියි කියලා දැනුණා.ඔව්...

අත් පා නැතිව ජීවිතය ජයගත් නික් යුගදිවියට

වෝ අච්ච් මහත්මියගේ එදා දවස ගෙවුණේ නම් තරමක් අපහසුවෙනි. කුමන් හෝ ශාරීරික වෙනසක් සිදු වනු ඇයට දැනෙන්නට විය. තම කුස තුළ සිටින සිඟිත්තා එළියට එන්න ද මේ සූදානම...“මාස නමයක්ම මේ බඩ ගෙඩිය උස්සන් හිටිය මදැයි මේ චණ්ඩියාවත් ඇතුළේ තියාගෙන. ඔන්න පුතේ දැන් නම් එළියට එන්න වෙලාව හරි වගෙයි...” වොඅච්ච් මහත්මිය එසේ කිව්වේ තම සිඟිත්තා කෙරෙහි වූ උතුරා යන සෙනෙහසිනි. වේදනාව ද කෙමෙන් කෙමෙන් උත්සන්න වෙයි. තවත් කල්මැරිය නොහැකි ය. හොඳම දේ ඉක්මනින් රෝහල් ගත වීමයි. වෝඅච්චි මහත්මිය රෝහල් ගත වුණේ මහත් බලාපොරොත්තු ඇතිව ය.ගත වන නිමේෂයන් පාසා වෝඅච්ච් මහතාට දැනුණේ වසර ගණනාවක් ගත වූවාක් ලෙසිනි. හෙද නෝනලා කලබලයෙන් කාමරයෙන් එහෙ මෙහෙ යති. ඔන්න! පුංචි පැටියකුගේ කෑගැහිල්ලක් ඇසුණු වහාම වෝඅච්චි මහතා කාමරේ දොර විවෘත කරගෙන ඇතුළු විය. ඔවුන්ගේ ලෝකයේ පැතුම් ඉටු කරමින් පුංචිම පුංචි පැංචෙක්...

Page 1 of 5012345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money