Saturday, October 8, 2011

විජයට 66යි




copy Rights - Sarasaviya

D FM 96.1

Friday, October 7, 2011

ලක්‌.එෆ්.එම්. සිව්වැනි වසරට පාතබයි

ලක්‌.එෆ්.එම්. සිව්වැනි වසරට පාතබයි
සංස්‌කරණය : නාරද නිශ්ශංක

ශ්‍රී ලාංකික ගුවන් ගැබ සිසාරා ඇසෙන එෆ්. එම්. නාලිකා රැසක්‌ අතුරින් තවත් එක්‌ එµa. එම්. නාලිකාවක්‌ පමණක්‌ නොවූ ඔව්හු උඩුගම් බලා පිහිනා යමින් අනුකරණයෙන් තොර වූ රේඩියෝ නාට්‍යකරණය යනු කුමක්‌දැයි වසර තුනක්‌ වැනි කෙටි කාල පරාසයකදී ශ්‍රී ලාංකික ශ්‍රාවකයනට අවබෝධ කර දෙමින් දෙසවනින් හදවතට එබිකම් කරමින් ශ්‍රාවක බුද්ධියට ආමන්ත්‍රණය කරමින්, කලා රසයන් එකට එක්‌කොට නැවුම් රේඩියෝ අත්දැකීමක්‌ තිළිණ කළා යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

"ලක්‌. එෆ්. එම්. නමින් ශ්‍රාවක සිත් සතන් තුළ රැව් පිළිරැව් නැගූ ඔවුන්, ඔක්‌තෝබර් 1 වැනිදා වූ ඊයේ සිය හතරවැනි උපන්දිනය සැමරූහ. මතු දැක්‌වෙන්නේ තෙවසරක්‌ පුරා ඔවුන් ආ ගමන පිළිබඳව "ලක්‌. එෆ්. එම්." විධායක අධ්‍යක්‍ෂ ධුරය හොබවන වෛද්‍ය නාලක සනත් කුමාර මහතා සමඟ "දිවයින සිනමා කලා" පැවැත්වූ සංවාදයෙහි සංක්‍ෂිප්ත සටහනයි.

තෙවසරක ගමන් මඟ දෙස, නැවත හැරී බැලුවොත් අරමුණු ඉටුකරගත්තා යෑයි තෘප්තියක්‌ ලබනවාද?

සැබැවින්ම ඔව්, ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් උසස්‌ පරපුරක්‌ බිහිකරලීම සඳහා අපේකම, අපේ සංස්‌කෘතිය, සභ්‍යත්වය සහ මාධ්‍ය සදාචාරය යන කරුණු පෙරදැරිව යම් විමසීමක්‌ සිදු කළොත්, ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි එෆ්. එම්. නාලිකාවක්‌ ලෙස පසුගිය තෙවසර පිළිබඳව "ලක්‌. එෆ්. එම්." අපට ඇත්තේ සාමුහිකව භුක්‌ති විඳිය හැකි සතුටක්‌. එය ඉදිරියටත් එසේමයි.

"ලක්‌. එෆ්. එම්." බිහිකරලීමට පුරෝගාමී වූවන් සහ වර්තමාන කටයුතු පිළිබඳව යමක්‌ පැවැසුවොත්....

අනුකරණයෙන් තොර වූ මෙවැනි ගුවන් විදුලි නාලිකාවක්‌ ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට ගෙන එන්නට ලැබුණේ, උපන් දේශයට ගරු කරන, එයට ආදරය කරන, බුද්ධිමත් පිරිසක්‌ බිහිකරලීමට වෙර දරන අප ආයතනයේ අධිපති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහ ප්‍රධාන අධ්‍යක්‍ෂිකා අෂිකා එදිරිසිංහ මහත්මියගේ සංකල්පයත්, ඔවුනගේ ධනයේත් ශ්‍රමයේත් ආයෝජනයෙන් බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ලක්‌. එෆ්. එම්. ආවරණ කලාප මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ඔබේ මතය මොන වගේද?

ඇත්තෙන්ම, ආරම්භයේදී අපේ රටේ සියයට 55 ක්‌ 60 ක්‌ අතර විකාශය වූ අපේ නාලිකාව වසර දෙකක්‌ තුළදී සියයට 80 ක්‌ පමණ වූ භූමි ප්‍රමාණයක්‌ ආවරණය කළා. වර්තමානයේ එය සියයට 90 ක්‌ ඉක්‌ම ගොස්‌ තිබීම සතුටට කරුණක්‌. උතුර නැගෙනහිර ප්‍රදේශ කිහිපයකත්, යාපනයේත්, සැතපුම් 200 කට එහා ඈත මුහුදෙත්, ලක්‌. එෆ්. එම්. පැහැදිලිව ශ්‍රවණය කළ හැකි බව ලැබුqණු ප්‍රතිචාර මගින් හැඟීගොස්‌ තිබෙනවා.

ලක්‌. එෆ්. එම්. නාලිකාව වෙනස්‌ මගක්‌ ගත් එෆ්. එම්. නාලිකාවක්‌ යෑයි ඔබ කියන්නේ කුමනාකාරයේ පදනමක සිටද?

සත්තකින්ම අපේ නාලිකාවේ අරමුණ විනෝදාස්‌වාදය පමණක්‌ සැපයීම නොවෙයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් පසුපස හඹා ගොස්‌ ශ්‍රාවක වින්දනයට බාධා ඇතිකිරීමත්, බලහත්කාරයෙන් රසාස්‌වාදය සැපයීමත් සිදුකරලීමට අපේ බලාපොරොත්තුවක්‌ නැහැ. ලැබෙන ප්‍රවෘත්තිය වුණත් එසැනින් නිවැරදිව ජනතාවට ශ්‍රවණයට සැලැස්‌වීම තුළින් පුවත් දැන ගැනීමේ පරම ජනතා අයිතිය තහවුරු කරදීම, අපේ වගකීමක්‌ ලෙසටයි අපි දකින්නේ. ප්‍රවෘත්ති නාලිකාවක්‌ ලෙස වැඩි යමක්‌ කරළීම තවත් බලාපොරොත්තුවක්‌.

ලක්‌. එµa. එම්. වැඩසටහන් පෙළගැස්‌මත් 4 වැනි වසරට පා තැබූ මොහොතේ සිදුකිරීමට යෝජිත විශේෂ වැඩසටහන් පිළිබඳවත් යමක්‌ සඳහන් කළොත්....

උදා වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ නිල ගුවන් විදුලි නාලිකාව වන අප, "පන්සිල් සුරකින සමාජයක්‌ ගෙදරින් බිහි කරමු" යන තේමාව යටතේ සුවිශේෂී වැඩසටහන් රැසක්‌ ශ්‍රාවකයන් වෙනුවෙන් ගෙන එනවා. ඉහත තේමාව සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය ඉදිරිපත් කළ වගන්ති 20 න් එකක්‌. අපේ නාලිකාව 4 වැනි වසරට පාතැබීම නිමිති කොටගෙන ලෝක ළමා දිනයත් එදිනටම යෙදී ඇති නිසා ඊට පසු දින වන අද (ඔක්‌තෝබර් 2 වැනිදා) පින්නවල අලි අනාථාගාරයේදී "ලක්‌මිණි කැට" නම් වූ ළමුන් සඳහා වෙන් වූ වැඩසටහන එහි සිටම විකාශය කරලීමට බලාපොරොත්තු වෙනවා.

සතියේ දිනයන්හි වැඩසටහන් පෙළගැස්‌වීමේදී අලුයම 3.30 සිට 6.00 දක්‌වා "පින්බර යාමය" නම් වූ ආගමිකත්වයට නැඹුරු වූ වැඩසටහනත් පෙ.ව. 6.00 - 7.00 දක්‌වා "ලක්‌ උදෑසනත්", පෙ.ව. 6.45 ට උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් පෙ.ව. 7.00 සිට 9.00 දක්‌වා මෙරට සහ විදෙස්‌ පුවත් එසැනින් ගෙන එන "ආයුබෝවන්" ලක්‌ එµa. එම්. වැඩසටහනත් පෙ.ව. 9.00 සිට 10.00 දක්‌වා ඇත්තට ඉඩක්‌ කාලීන කතිකාවත් යන තේමාව මුල් කොටගත් "සෝදිසිය" මහජනතාව ද සම්බන්ධ කරගනිමින් ගෙන ඒමත්, පෙ.ව. 10.00 සිට 11.30 දක්‌වා "තුටු පඬුරු නැති රේඩියෝ ගුරු පඬුර" තේමාව කොටගත්, බුදුදහම ජ්‍යෙdතිෂය නීතිය හා සෞඛ්‍යය, සාමාන්‍ය ජීවිතය හා බද්ධ වී ඇති ආකාරය පිළිබඳවත් ඉතා පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන "රිවි සඳ" ධර්ම සාකච්ඡාමය වැඩසටහනත්, පෙ.ව. 11.45 ට දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත්, දහවල් 12.00 සිට 2.00 දක්‌වා "දවාලන දවාල නිවාලන රිද්මය" වන ගීත ඉල්ලීම් රැගත් "දිවා රිද්ම" සංගීතමය වැඩසටහනත් ප.ව. 2.00 සිට 3.00 දක්‌වා "ලක්‌ මැදිරිය" ප.ව. 3.00 සිට 5.45 දක්‌වා "නොනවතින ගීත" වැඩසටහනත් ප.ව. 5.45 ට සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් ප.ව. 6.00 සිට 7.00 දක්‌වා අධ්‍යාත්මික සුවය සදන ජය ගාථා, බුද්ධානුස්‌සති භාවනා සහ ධර්ම දේශනාවන් ඇතුළත් "පින්කෙත" වැඩසටහනත් රාත්‍රි 7.00 සිට 9.45 දක්‌වා, ආදරය විරහව පිළිබඳ ගීත ඇතුළත් "ප්‍රේමණීය රාත්‍රියත්" ප.ව. 9.45 ට රාත්‍රි ප්‍රධාන පුවත් විකාශයත් රාත්‍රි 10.00 සිට 12.00 දක්‌වාත් ගිලිහී යන අපේකම, ජනප්‍රවාද, සිරිත් විරිත්වලට මුල් තැන දෙන "දුම්බර පැදුර" වැඩසටහනත්, අලුයම 12.00 සිට 3.00 දක්‌වා නින්ද නිවාඩු යවන ගුවන් විදුලි අඩවිය තේමාව යටතේ "අලුත් රැයක්‌" ගීතමය වැඩසටහනත් විකාශය කරනවා. සති අන්ත ඉරිදා.... පින්බර යාමය, සලපතල මළුව, ප්‍රවෘත්ති, ග්‍රීක, සඳකඩපහන, ප්‍රවෘත්ති, සතියේ ජනප්‍රිය ගීත දර්ශනය ඇතුළත් "විස්‌සයි විස්‌ස" "ආරාධනා" නම් වූ ජනප්‍රිය පැරණි හා නව හින්දි ගීත ප්‍රචාරයත්, "නොනවතින ඉරිදා" නම් වූ නොනවතින ගී වැලත්, නැවතත් ප්‍රවෘත්ති, ගී මකරන්ද, ගී මුතුවැල්, ප්‍රවෘත්ති, අලුත් රැයක්‌ යන මේ සියලු ඉදිරිපත් කිරීම් මතින් ලක්‌. එෆ්. එම්. අපි ශ්‍රාවක සිත් සතන් තුළට අමන්දානන්දය එක්‌කළ බව නොරහසක්‌.

වසර 3 ක්‌ ගෙවමින් 4 වැනි වසරට පා තැබූ මේ මොහොතේ ඔබේ නාලිකාවේ ගමන්මගේ දියුණුවට අත්වැල් සපයමින් සහය දැක්‌වූ ලක්‌. එෆ්. එම්. කාර්ය මණ්‌ඩලයේ සහෘද පිරිස පිළිබඳවත් සිහිපත් කිරීමක්‌ සිදු කළොත්....

ලක්‌. එෆ්. එම්. අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාත්, ප්‍රධාන අධ්‍යක්‍ෂිකා අෂිකා එදිරිසිංහ මහත්මියත්, වසර 30 කටත් වැඩි පළපුරුද්දක්‌ ඇති සාමාන්‍යාධිකාරී කුලරුවන් කුසුම්තිලක මහතාගේ ශ්‍රවණ තත්ත්වයන් පිළිබඳ උසස්‌ උපදෙස්‌ මාලාවත්, අධ්‍යක්‍ෂ, වෙළෙඳ සහ අලෙවි දර්ශන ප්‍රනාන්දු මහතාත්, වැඩසටහන් අංශ ප්‍රධානී නාමල් තිසේරා මහතාත්, වැඩසටහන් කළමනාකාරවරුන් ලෙසින් අංජානි වික්‍රම මහත්මියත්, චූලක ලියනගමගේ මහතා සහ ඉෂානි අත්තනායක මෙනෙවියත්, ප්‍රවර්ධන අංශ ප්‍රධානී ප්‍රගත් දර්ශන මහතාත්, ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස තුසිත විද්‍යාතිලක මහතාත් අනිකුත් සහෝදර කාර්ය මඬුල්ලත් එක්‌සිත්ව එක්‌සත්ව යදමක්‌ සේ එකට බැඳී සිටීම "ලක්‌. එෆ්. එම්." නම් වූ අප නාලිකාවේ මෙතෙක්‌ ආ මඟට දිරිය හා සවිය වූ පිරිස බව සිහිපත් කළ යුතුයි.

ශ්‍රාවක මන දොළ බුද්ධියේ ප්‍රභාවයෙන් සහ වින්දනීය රසාස්‌වාදයෙන් අමන්දානන්දයට පත්කිරීමට "ලක්‌. එෆ්. එම්." නාලිකාව හට ශක්‌තිය, ධෛර්යය සහ වාසනාව නිතැතින්ම හිමිවේවායි "දිවයින සිනමා කලා" අපි ද මෙලෙස සුබ පැතුම් එක්‌කොට සිටිමු.

සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න


Copy Rights - Divayina

Monday, October 3, 2011

චොප්පෙගෙ වත්ත

මරදානට ආපු මම නවාතැන් ගත්තේ චොප්පෙගෙ වත්තට අල්ලපු වත්තේ


දී.ග. සෝමපාල

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සහ බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය එක්ව ප්‍රදානය කරන ලද 2011 වසරේ සෝලියස් මැන්දිස්’ ගෞරව සම්මානය මෙවර පිදුණේ ජ්‍යෙෂ්ඨ චිත්‍ර ශිල්පී දී.ග. සෝමපාලයන් වෙතයි. වාණිජ චිත්‍ර ශිල්පියකු, ඡායාරූප ශිල්පියකු, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු, ප්‍රචාරණ ශිල්පියකු හා ග්‍රන්ථ ප්‍රචාරණ ශිල්පියකු ලෙස විවිධ භූමිකා නිරූපණය කරන දී.ග. සෝමපාලයන් හා මේ කතා බහ, ඒ නිමිති කොටගෙනයි.

සම්මානෙ සතුට තවම වියැකී නැහැ....
ඇත්තටම. ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොටගෙන පිදුණු මේ සම්මානය ජීවිත කාලයටම එක් වරක් පමණක් පිදෙන්නක්. බෞද්ධ චිත්‍ර කලාව හා පොදුවේ කලාව වෙනුවෙන් කළ කැපවීම හා අනූපමේය මෙහෙය උදෙසායි මේ සම්මානය පිරිනැමුණේ. අවුරුදු 25ක් තිස්සෙ පෝයට අදාළ සිදුවීම චිත්‍රයට නඟලා බිස්කට් සමාගමක් විසින් පුවත්පත් දැන්වීමක් ලෙස පළ කරනවා. ඒ චිත්‍ර අවුරුදු 25ක් තිස්සෙ හැම මාසෙකම ඇන්දෙ මං. ඒ සතුටත් මට හුඟක් දැනෙනවා.
චිත්‍ර ශිල්පය ඔබේ ඇඟට දැනුණෙ....
ඉස්කෝලෙදි. අනුරාධපුර නිවත්තකචේතිය විදුහල මගේ පාසල. ගම්පහ පළාතෙන් මාරුවෙලා ආපු සිරි හේවාආරච්චි ගුරුතුමා තමයි ගම්වල සම්ප්‍රදායික ජීවිතවලට හුරුවෙලා හිටි අපේ සිතිවිලි වෙනස් කළේ. කලා රසය, රසවිඥානය මේ හැම දේම අපි තුළ වැඩෙන්න ගත්තෙ ඉන්පස්සෙ. චිත්‍ර කලාව විතරක් නෙවෙයි, නැටුම - සංගීතය - වේදිකා නාට්‍ය – චිත්‍රපටය , පතපොත කියන කොයි මාධ්‍යයත් අපි රසවිඳින්න ගත්තෙ ඔහුගෙන් ලැබුණු පෝෂණයෙන්. ගමේ පාසලේ මොන සිදුවීම වුණත් එතැන මූලික වෙලා වැඩ කරන තරමට අපි ශක්තිමත් වුණා.
අම්මා - තාත්තා කැමැති වුණාද කලාවත් එක්ක පෑහෙන ඔය ගති පුරුදු වලට...
ඒවා විමසන්න තාත්තා කොයිවෙලාවකවත් ගෙදර හිටියෙ නැහැ. භාෂා කිහිපයක් කතාකිරීමේ හැකියාව තිබුණු තාත්තා බොහෝ විට රැඳුණෙ පිට. ගෙදර ආවේ බොහොම කලාතුරකින්. නමුත් අම්මා පැටව් රකින කිකිළි වගේ අපි හතර පස් දෙනා එක්කම නැහුණා. මං පවුලෙ ලොකු දරුවා. මං කොළඹ යන්න තීරණය කළේ පවුල ගොඩගන්න ඕනෙ කියන සිතිවිල්ලත් එක්කමයි.
ඔබ කොළඹ ආවා...
ඔව්. අවුරුදු18 දි මං චිත්‍ර අඳින රස්සාවකට කොළඹ ආවා. ඒ 1965 අවුරුද්දෙ පත්තරේ තිබුණු දැන්වීමකට. මාත් දැකපු ඒ දැන්වීමට අනුව කොළඹ යන්න මාව උනන්දු කළේ විදුහල්පතිතුමා. එතුමා දැනගෙන හිටියා අපේ අමාරුකම්. එදා තනියම කොළඹ ආපු මම නවාතැන් ගත්තෙ මරදානෙ චොප්පෙගෙ වත්තට අල්ලපු වත්තෙ. වාණිජ චිත්‍ර ශිල්පියෙක් ඉල්ලලා දැන්වීම දැම්මට, ඒක ඉඩම් - දේපළ විකුණන ආයතනයක්. ඕන වෙලා තිබුණෙ ඉඩම් කට්ටිවලට බැනර් ඇඳගන්න කෙනෙක්.
මොකද හිතුණෙ...
ආපහු හැරිල මං අනුරාධපරේ යන්නයැ. නංගිලට සලකන හැටි, අම්මට සැනසීමක් දෙන හැටි කොළඹ එනකල්ම හිත හිත ආව මට ආපහු හැරෙන්න බැහැ. මේ ගමන එන්න අත වියදම් පවා දුන්නෙ චිත්‍ර ගුරුතුමා.
මං හිත හදාගත්තා ඕන දේකට මුහුණ දෙන්න. චිත්‍ර සර් ගෙන් ඉගෙන ගත් බොහෝ දේ ජීවිත පාඩම කරගෙන මං රස්සාව කළා. සර්ගෙන් නිර්ලෝභීව ලැබුණු දැනුමත් මා විසින්ම ගොඩනඟා ගත් ශෛලියත් නිසා මට පුළුවන් වුණා ඒ ජීවිතේට අනුගත වෙන්න. හැබැයි පඩිය රුපියල් හැත්තෑපහයි. මොන දේ වුණත් මගේ හිතේ තිබුණේ චිත්‍ර කතාවක් අඳින්න ඕනෙ කියන ආසාව.
කොහොමද ඒ අරමුණට ගියේ...
ශ්‍රියා රත්නකාර මහත්මියගෙ ‘ශ්‍රී’ සඟරාවෙන්. මං ඇඳපු ‘හොල්මන’ චිත්‍රකතාව ඈ මට පළකරවා දුන්නා. නමුත් ඒ ලේසියෙන් පුවත්පතකට ළං විය නොහැකි කාලයක්. ඊට පස්සෙ ගුණදාස ලියනගේ මහත්මයා ‘රිවිරැස’ පත්තරේ මගේ කතාවක් පළ කරදුන්නා. ඉන්පස්සෙ ‘සිළුමිණ’ටත් චිත්‍ර කතා අඳින්න මට අවස්ථාව උදාවුණා. ඔය අතරේ මං සුදු ජාතිකයන් කළ ජේ.වෝල්ටර් තොම්සන් සමාගමට බැඳුණා. ඒ රු.300 පඩියට. 1969 -71 වෙනකල් හිටියෙ ඒ ආයතනයේ. සුද්දො, ජේ.වෝල්ටර් තොම්සන් එක විකුණල ගියාට පස්සෙ මාත් අයින් වුණා. 1972 මං ඉන්දියාවට ගියා. ඒක ස්ථිර අරමුණක් නැතිව ගිය ගමනක්. එතකොට මෙහෙ විවාහයත් රෙජිස්ටර් කරල.
ජීවිතේ යළි වෙනස් වෙනවා...
ඔව්. මහා දුෂ්කර කාල පරිච්ඡේදයක්. මං ඉන්දියාවෙ දෙමළ පත්තරවලට අඳින්න ගත්තා. පත්තර කන්තෝරු හොයාගෙන ගිහින් මගේ හැකියාවන් කියල වැඩ ඉල්ලුවා. හතර අවුරුද්දක් ඉන්දියාවෙ වැඩ කරල ඊළඟට පකිස්තානෙට පලා ගියා. අවුරුදු දෙකහමාරක් පකිස්තානෙ හොඳම දැන්වීම් ප්‍රචාරණ ආයතනයක් වන ලින්ටාස් ආයතනයෙ චිත්‍ර ශිල්පියෙක් විදියට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. දී.ග. සෝමපාල නම ඒ අයට උච්චාරණය කරගන්න අමාරු නිසා කතෝලික පියතුමෙක් ‘දිගාසෝ’ කියල මගේ නම වෙනස් කලා. හරි ප්‍රතිචාර. කවුද මේ දිගාසෝ කියල. මොකද ‘පිකාසෝ’ නම ළඟින් යන නිසා වෙන්න ඇති. ලින්ටාස් විතරක් නෙවෙයි කතෝලික පුවත්පතකත් මං එහෙදි වැඩකළා.
අපූරු අත්දැකීම්...
ඒත් මහා ‘කට්ටක්’ කන්න වුණා. විවාහෙ රෙජිස්ටර් කරල ආපු මම සෑහෙන කාලයක් ගම රට ආවේ නැති කොට මිනිස්සු නෝනගෙන් අහන්න අරන් මහත්තයා දාලා ගිහින්ද කියල. ඒ පාර මං එයාවත් ගෙන්වා ගත්තා. මං ආපහු එනකොට තාත්තා මියගිහින් වළලලාත් සෑහෙන කල්. කොහොම හරි 1981 මං ආපහු ලංකාවට එනකොට චතුරව දෙමළ කතාකරන්න පුළුවන්. ඉන්දියාවෙදි මට දෙමළ ඉගෙන ගන්නම වුණා. මං මගේම ප්‍රචාරණ දැන්වීම් ආයතනයක් පටන් ගත්තා ’First and Forward’ කියල. එතැන ඉඳන් මං දවසින් දවස දියුණු වුණා. අම්මලට – නංගිලට සැලකුවා.
ඉන්දියාවෙ ගතකළ කාලය ඔබේ චිත්‍ර කලා ජීවිතයට විශාල බලපෑමක් කරන්න ඇති...
ඇත්තටම. අජන්තා, වෙල්ලෝර් ආභාසයෙන් මගේ චිත්‍ර ක්‍රමයට යම් යම් දේ එකතු වුණා. මා භාවිත කළ රේඛා - වර්ණ සංකලනය තුළ විශාල නැම්මක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි, එම්.සාර්ලිස් මාස්ටර්, සුසිල් ප්‍රේමරත්න, ජී.ඇස්.ප්‍රනාන්දු, ජී.එල්.ගෞතමදාස, ඩැනී විමලසිරි, මොටාගෙදර වනිගරත්න, ජයසිරි සේමගේ, බන්දුල හරිශ්චන්ද්‍ර, පී.වික්‍රමනායක කියන ලාංකේය චිත්‍ර කලාවේ දැවැන්තයින් මගේ රස භාවයන් හා රස විඥානය පෝෂණය කළ ශිල්පීන්. මේ හැම ශිල්පියකුගේම විශේෂ ප්‍රයෝග, භාව ක්‍රම මගේ ස්වයං අධ්‍යයනයට විශාල ලෙස බලපෑවා. අද මගේ වයස 65යි. නමුත් මං අදත් යම් යම් ක්‍රමවේද අත්හදා බලනවා. ඉගෙන ගන්නවා.
ඔබ ටෙලි නාට්‍ය කලාවෙත් නමක් තැබුවා...
කොන්ත්‍රාත්තුව, හිම කැටයම්, සුවඳ හමන මනමාලි, රිදී ඉට්ටංකරය, කියන සම්මානනීය වූ සහ ප්‍රේක්ෂකයන්ට මතක හිටින ටෙලි නාට්‍ය කිහිපයක් මං අධ්‍යක්ෂණය කළා කියන සතුට තියෙනවා. හොඳ තිර රචනා ලැබෙනවා නම් රූප - ශබ්ද මාධ්‍යයේ හොඳ නිර්මාණ කරන්න පුළුවන්.

ජෝ අබේවික්‍රම - රංගනයේ තීර්ථ යාත්‍රිකයා

පින්බර පුන්සඳ

දෑස නිසා - ශ්‍රියානි, ජෝ නිළියකට පෙම් කළෙමි - ශ්‍රියානි, ජෝ
ධීවරී එක් ටැම් ගේ – කොස්තා, මාලිනී, ජෝ
සාරවිට වැලිකතර - සුවිනීතා, ජෝ
සොල්දාදු උන්නැහේ තුෂාරා - බැප්ටිස්ට්, ජෝ
අවරගිර - අයිරාංගනී,ජෝ චෙරියෝ කැප්ටන් - ජෝ සහ ටෙනිසන් කුරේ
අස්වැසුම - ජෝ, ඩග්ලස් රණසිංහ සුදු අක්කා - ජෝ, සනෝජා
පරසතු මල් - ගාමිණි වරකාගොඩ ෂෙල්ටන් පෙරේරා
දහසක් සිතුවිලි - ජෝ, හෙන්රි පුංචි බබා
ළඳක මහිම - නීටා, ජෝ සිරිබෝ අයියා
අල්ලපු ගෙදර මලට නොඑන බඹරු – ජෝ, සුවිනීතා

ලොකු දුව

ඩබල් ට්‍රබල්

අක්ක – නගෝ එක් කොට දිනේෂ් ප්‍රියසාද් ඩබල් ට්‍රබල් තනයි

රාජ් රණසිංහ නැවතත් නිෂ්පාදනයට

වස්සාන සිහිනය, හිතට වහල් වීමි වැනි ටෙලි සිතුවම් හරහා හමු වූ ඩිනක්ෂි ප්‍රියසාද් පළමුවරට රංගන දායකත්වය සපයන සිනමාපටය මේ දිනවල රූගත කෙරෙමින් පවතියි. ඩබල් ට්‍රබල් යනුවෙන් නම් කොට ඇති එය දිනේෂ් ප්‍රියසාද්ගේ අධ්‍යක්ෂණයකි. ඩිනක්ෂි, දිනේෂ්ගේ වැඩිමහල් දියණි වන්නීය. එමෙන්ම සිනමාවට ආගන්තුක නොවූ චරිතයක් වූ ඔහුගේ දෙවැනි දියණිය ශේෂාද්‍රි, ඩබල් ට්‍රබල්හි රඟන අතර ඩිනක්ෂි, ශේෂාද්‍රි යන අක්ක නගෝ යුවළ කුළුඳුලේ රිදී තිරයේදී මුණ ගැසෙන්නේ මෙම චිත්‍රපටය හරහාය.
ඩබල් ට්‍රබල් දිග හැරෙන්නේ අධි මානසිකත්වයක් ඇති ඩංකා නම් වූ ළමයකු වටාය. මලිඳු ශිවංක එම චරිතය රංගනයේ යෙදෙයි.
විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, මොහාන් හෙට්ටිආරච්චි, එරංග ජීවන්ත, ඔෂනී ලියනගේ මෙහි අනිකුත් නළු නිළි පිරිසය.
ක්ලයිව් මාර්ටින්ස් ඩබල් ට්‍රබල් හි පිටපත් රචකයා මෙන්ම සහාය අධ්‍යක්ෂවරයා වේ. නිමල්සිරි රෝසාගේ කැමරා අධ්‍යක්ෂණයකි. අශෝක් රණසිංහ නිෂ්පාදන කළමණාකාරවරයාය. ආදේශක රංගනය සරත් සිල්වා ගෙනි. ඉමල් ජූඩ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඩබල් ට්‍රබල් ඔපවත් වේ.
අධ්‍යක්ෂණය, සංස්කරණය සහ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග දිනේෂ් ප්‍රියසාද් විසින් සිදු කරයි. දෙමෝදර පාලම, කොලොම්පූර්, ඇද්දා ලණුව දැම්මා කොඩිය (තිරගත වීමට නියමිත) දිනේෂ් මීට ප්‍රථම නිර්මාණය කර ඇති සිනමා පට වන අතර ඩබල් ට්‍රබල් ඔහුගේ දහසය වැනි සිනමා පටයයි.
ඩබල් ට්‍රබල්, දිනේෂ් ගේ මුල්ම චිත්‍රපටය වූ නොම්මර එකයි නිෂ්පාදනය කළ රාජ් රණසිංහ දිගු කලකට පසු නිපදවන චිත්‍රපටයකි.

ගාමණී වාර්තා තබයි

රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ ගාමනී සිනමාපටය තිරගත වීම ආරම්භ වී පස් වැනි සතියේ දින හත තුළ ලක්ෂ සියයට වඩා වැඩි වාර්තාගත ආදායමක් ලබා ඇති බව ඊ. ඒ. පී. ආයතනයේ මෙහෙයුම් විධායක ජයරත්න ගලගෙදර පවසයි.
එය මෑත කාලයේ සතියක් තුළ සිංහල චිත්‍රපටයක් ලබා ගත් වැඩිම ආදායම වේ.
මේ දිනවල අති සාර්ථකව ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී ප්‍රදර්ශනය වන ගාමනී මේ වන විට ලබාගෙන ඇති සමස්ථ ආදායම දින 28 කදී ලක්ෂ 463 ක් වේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money