Thursday, September 15, 2011

පොත් ගුල්ලන්ගෙ මහා හමුව

 






පොත් ගුල්ලන්ට තියෙන හොඳම තැන සහ වෙලාව තමයි හැම සැප්තැම්බරයේම එන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. පොත් බලන්න , පොත් ගන්න , පොත් බලන්න ගන්න ඇවිත් ඉන්න දිහා බලා ඉන්න ඔය සේරටම මම නම් ආසයි..මේ පින්තූරෙ ස්කෑන් කර ගත්තෙ පත්තරේකින්. හැම අවුරුද්දෙම වගේ මේ සැරෙත් මේ කාල සීමාවෙදි අවට ජනී ජනයාගෙන් පිරිලා යයි. අන්තජාලෙ ඇවිත් දැන් පරම්පරාව පොත් පත් කියවන්නෙ නැහැ කියන මතය සුනු විසුනු කරල දමාවි මේ එන පිරිස.. මේ අයම තමයි අන්තර්ජාලයත් එක්ක බිහිවන මහා තොරතුරු ගොන්නෙ පීනමින් ජීවිතය සොයන අපේ මහා අනාගතය.. පොතක් දෙකක් තුරුළු කරගත් කුඩා දරු දැරියන් වගේම පොත් කන්දරාවක් අත් දෙකේම එල්ලා ගත් වැඩිහිටියන් සමූහයත් ගෙනෙන චමත්කාරය වචනයෙන් කිව නොහැකියි.

මහා සල්ලි කන්දරාවක් ඕනි නැහැ පොත් ගන්න. අතෙ තියෙන පොඩි මුදල හරි අර ගෙන එන්න මේක බලන්න..

මම වෙනම මලක්

(කොළඹ-ලංකාපුවත්) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2011 ජාතික ළමා නාට්‍ය උ‍ළලේ හත්වන දිනය අදයි.
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ‘පොරොන්දුව’, පූගොඩ කුමාරි මුල්ල මුස්ලිම් විද්‍යාලයේ ‘සන්තෝෂමන කලුදෙයි’, නාලක ස්වර්ණතිලකගේ ‍’මම වෙනම මලක්’ යන නාට්‍යයන් අද (16) දින වේදිකා ගත කෙරේ.
කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පස්වරු 05.00ට මෙම නාට්‍ය වේදිකාගත කෙරෙන අතර මෙම සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිවේ.

Tuesday, September 13, 2011

කොඩිගහකන්ද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය සැප්තැම්බර් 25 වන දා ............


© Copy Rights - 
 


මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම හා කොඩිගකන්ද සංරක්ෂණ ප‍්‍රජා පදනම මගින් ඉදිකරන ලද ජෛව විවිධත්ව මධ්‍යස්ථානයට ගෙවැදීමේ මංගල්‍යය 2011 සැප්තැම්බර් මස 25 වන ඉරු දින පෙ.ව.09.27 ට යෙදෙන සුබ නැකැතින් සිදු කෙරේ. කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විදුර වික‍්‍රමණායක මැතිතුමා ඇතුළු ගිහි පැවිදි සම්භාවනියයන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සව සභාව පැවැත්වෙනු ඇත


Colombo Book fair 2011

 












13th International Book fair 2011... 
Organized by "Sri Lanka Book Publishers Association 

@ : BMICH | Time : 9:00 am to 9:00 pm

  • Saturday, 17 September 2011
  • Sunday, 18 September 2011
  • Monday, 19 September 2011
  • Tuesday, 20 September 2011
  • Wednesday, 21 September 2011
  • Thursday, 22 September 2011
  • Friday, 23 September 2011
  • Saturday, 24 September 2011
  • Sunday, 25 September 2011

Monday, September 12, 2011

ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණයෙක්‌ නොවෙයි

රොෂාන් රණවන


හිරිපොද වැස්‌සත් රැගෙන අපේ සිනමාවට පා තැබූ අලුත්ම තාරකාව හිරිමල් යෞවන හදවත් තුළ එදා මෙන්ම අදත් ලැගුම් ගෙන සිටී... සැණෙකින් පායා ක්‍ෂණිකව නිවී යන තාරකා ඇතත් මේ තරුව අවුරුදු පහක්‌ තිස්‌සේ මෙරට සිනමා අඹරට ප්‍රභාව එක්‌කරමින් දීප්තිමත්ව දිදුලන්නේ කවර හේතුවක්‌ නිසාද... ඉවසීම, නිහතමානිකම... කැපවීම රංගන ශිල්පියෙකුට අත්‍යවශ්‍ය අංග වලින් සම්පූර්ණ වීම නිසාය.

මේ අන් කිසිවකු නොව තාරුණ්‍යයේ ආදරය දිනා සිටින රොෂාන්ය... රොෂාන් රණවනය. රොෂාන් මේ දිනවල අලුත් කටයුත්තකට සූදානම් වෙමින් සිටී. ලද විවේකය 'මීවිත' සමග එක්‌වන්නටද හේ අමතක නොකළේය.

ඔබ මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහයි.... හිතනවාද මේ කාලය තුළ ඔබ නළුවෙක්‌ ලෙස ස්‌ථාවරයි කියලා?

නළුවෙක්‌ විදිහට... ඔව්.... මම හිතනවා ජනප්‍රියත්වය පැත්තෙන් මම ජනතාව අතර ඉන්නවා කියලා... ඒත් නළුවෙක්‌ විදිහට මම තවම ප්‍රවීණත්වයට පත්වෙලා නැහැ. ඒ සඳහා හොඳ චරිත රඟපෑමට අවස්‌ථාව ලබා ගත යුතුයි. මම මේ වනවිට රඟපාලා තියෙන්නේ චිත්‍රපට දහයකයි. ඒ එන්න තියෙන සුපර් සික්‌ස්‌ සමග. ඉතින් චිත්‍රපට දහයක රඟපෑ පමණින් ප්‍රවීණයෙක්‌ වෙන්න බැහැ.... මට තව යන්න බොහෝ දුරක්‌ තියෙනවා. කොටින්ම කිව්වොත් ජනප්‍රිය වුණත් මම තවම ප්‍රවීණ නැහැ.

හොඳයි ටෙලියක, චිත්‍රපටයක රඟපෑ පමණින් සමහරු අධ්‍යක්‍ෂවරු බවට පත්වෙනවා... චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙක්‌ වෙන්න ඔබට අදහසක්‌ නැද්ද?

අපෝ නැහැ... තවම එහෙම අදහසක්‌ නැහැ... මට තියෙන්නේ හොඳ චරිත සෙයා යැමේ පිපාසාවක්‌... කොතරම් චරිත කළත් හොඳ නිර්මාණවලට වැඩි වැඩියෙන් දායක වෙලා නළුවෙකු කියන තැනට ආ යුතුයි. 'මහින්දාගමනයේ' මා කළ චරිත වැනි චරිත තව තවත් කළ යුතුයි. නළුවෙකු මෙහෙයවන්න කලින් නළුකම නිවැරැදි ලෙස දැනගත යුතුයි. අන්න ඒ දැනුම ලබා ගන්න නම් චිත්‍රපට දහයක රඟපෑම ප්‍රමාණවත් නැහැ.

එක රැයින් ජනප්‍රිය වෙන්න තමයි අද බොහෝ දෙනෙක්‌ රඟපාන්න එන්නේ. මේ අය ඔබ දකින්නේ කෙලෙසකද?

මේ රංගන වෘත්තිය අපි නිවැරදිව හඳුනාගත යුතුයි. වැරදි අදහසකින් මේ ක්‍ෂේත්‍රයට පා තැබුවාම වරදිනවා... සමහරු එන හැම චරිතයක්‌ම භාර ගන්නවා. කාලය පිළිබඳ කළමනාකරණයක්‌ නැහැ. තමන්ට වුවමනා දේ තෝරාගත යුතුයි. නිවැරැදි වැටහීමක්‌ නොමැතිනම් මේ ක්‍ෂේත්‍රයේ රැඳෙන්න අමාරුයි.

ඔබ නළුවෙක්‌... නර්තන ශිල්පියෙක්‌. ඒ හැරෙන්නට දැන් ඔබ ගායකයෙක්‌... රොෂාන් රණවන නමැති ගායකයා ඉස්‌මතු වෙන්න මෙතරම් කල් ගතවුණේ ඇයි?

මම කලින් කීවා වගේම අපි පළමුව තෝරාගැනීමක්‌ කළ යුතුයි... මම මුලින්ම රංගන ශිල්පියෙක්‌ වුණා... එය හරිහැටි කරන්න උත්සාහ කළා. ඒ උත්සාහය සාර්ථකයි කියා මම හිතනවා. ඉන්පසු නර්තනයට ආවා. නමුත් මම කුඩාකල පටන් දස්‌කම් දැක්‌වූයේ ගායනයට. නළුවෙක්‌ වෙන්න කිසිම අදහසක්‌ තිබුණේ නැහැ. මම පාසලේ ගායනා තරගවලින් ජයගත්තා. ගායකයෙක්‌ විදිහට හැකියාවන් පෙන්වන්න මැදිහත් වුණේ සහෝදර ශිල්පි ජීවන් හඳුන්නෙත්ති. මම රන් සමනළයෙක්‌... ගීය පළමුව ගැයුවා. දෙවනුව "නීල නෙත්" ගීය ගැයුවා. zආදරේ නාමෙන්Z චිත්‍රපටයේ මා එක්‌ක රඟපෑ ප්‍රෂාන් එක්‌ක ගීයක්‌ ගැයුවා. තව සිංදු ටිකක්‌ කරලා ඇලබම් එකක්‌ නිකුත් කරන්න තමයි ඉන්නේ...

මේ දිනවල තිරගතවන "මහින්දාගමනය" චිත්‍රපටයේ මෙතෙක්‌ රඟ නොපෑ ආකාරයේ චරිතයක්‌ ඔබ රඟපානවා. එය ඔබට දැනුණේ කොහොමද?

ඇත්තටම මට මතක්‌ වෙනවා පළමුවැනි දර්ශනය රූගත කරද්දී දෙබස්‌ හරිම අමුතුයි. ඒ වෙද්දි මම පෙම්වතෙක්‌ විදිහට තමයි චිත්‍රපටවල දෙබස්‌ උච්චාරණය කරලා තිබුණේ. දැන් මහින්දාගමනය දෙබස්‌ කියද්දී මට අමුත්තක්‌ දැනුණා.... මම හරියට කියනවද... දන්නේ නැහැ කියා මටම හිතුණා. මම හැම වෙලාවෙම අධ්‍යක්‍ෂ සනත් අබේසේකරගෙන් ඇහුවා හරි නේද... ෂුවර් නේද... කියලා... මේක ඓතිහාසික සැබෑ චරිතයක්‌.... චකිතයක්‌ ඇති වුණා. හුඟාක්‌ අමාරු වුණා දෙබස්‌ කියන එක. ඒත් මම හිතනවා මම ඒ චරිතයට සාධාරණය කරලා ඇති කියලා. හොඳ ප්‍රතිචාර ප්‍රේක්‍ෂකයාගෙන් ලැබෙමින් තිබෙනවා...

ඔබ නැවතත් පුංචි තිරයේ දකින්න ලැබෙනවා....?

ඔව්... "රන් සමනළයෝ" ටෙලි නාට්‍යය සඳරුවන් ජයවික්‍රම ස්‌වාධීන රූපවාහිනියට නිර්මාණය කරන්නේ... මේක කොටස්‌ එකසිය පනහක මෙගා නාට්‍යයක්‌.

ඔබ වඩාත් ජනප්‍රිය වුණේ නිතර නිතර ප්‍රේක්‍ෂකයාට මුහුණ පෙන්වලා නොවේ.... දැන් සතියේ දින පහක්‌ එකදිගට දකින්න ලැබුණාම කරමළෙත් සුදට පෙනෙනවා කියා හිතන්නේ නැද්ද?

නැහැ... මෙහෙමයි.... මම කලින් කිව්වා වගේ මම ටෙලි නාට්‍යයකින් එන්නේ කලකට පස්‌සේ. අනෙක මේක විකාශනය වෙන්නේත් ටික කාලයයි. අඩුම ගානේ කොටස්‌ 150 ක්‌ හෝ 200 ක්‌. මම රඟපාන්නෙත් මේ ටෙලි නාට්‍යයේ විතරයි. එනිසා මට හිතෙනවා ප්‍රශ්නයක්‌ නැහැ කියලා.... හරි හෝ වැරදි හෝ වේවා මම මේ අවදානම භාරගත්තා... මම හිතනවා මෙය මට හානියක්‌ වෙන එකක්‌ නැහැ කියලා.

නළුවෙකුට හෝ නිළියකට වෙබ් අඩවියක්‌ (web site) අවශ්‍යමද?

ඒක ඉතින් එක එක්‌කෙනාගේ හැටියට. වෘත්තීයමය නළුවෙක්‌ නම වෙබ් එකක්‌ අවශ්‍යයි. ඒක ඔහුගේ නිර්මාණ ජීවිතයට උපකාරි වෙනවා. ජාත්‍යන්තරවත් එය වැදගත්. අනෙක වෙබ් එකක අදාළ නළුවාගේ සෑම ජීව දත්තයක්‌ම අඩංගු වෙනවා. ඒක චිත්‍රපට අධ්‍යක්‍ෂවරයෙකුට විශාල උදව්වක්‌ වෙනවා ඒ නළුවා ගැන සොයා බලන්නට. අනෙක අද අපේ රටෙත් බොහෝ දෙනෙක්‌ නව තාක්‍ෂණය එක්‌ක සම්බන්ධයිනේ... ඉතින් රසික රසිකාවියන් වුණත් කැමැතියි වෙබ් එක හරහා තමන් ආදරය කරන ශිල්පියාගේ තොරතුරු දැනගන්න. මම හිතනවා නළුවෙකුට සීයට අනූවක්‌ විතර වෙබ් එක ප්‍රයෝජනවත්.

ඒකද ඔබත් දැන් වෙබ් අඩවියක්‌ නිර්මාණය කරන්නේ?

ඔව්... කලක ඉඳලා එවැන්නක අවශ්‍යතාව දැනුණා. කාලය එළැඹෙන තරු බලාහිටියා. මම හිතුවා දැන් ඒ සඳහා කාලය කියලා. මගේ වෙබ් සයිට්‌ එක මෙම 22 වැනිදා සිට අන්තර්ජාලයට මුදාහරිනවා... ඕනෑම කෙනකුට ඒ ඔස්‌සේ මා ගැන විස්‌තර දැනගන්න පුළුවන් වේවි. වෙබ් එකට පිවිසෙන අයුරු 22 වැනිදාට කියන්නම්.

විවාහය කෙනකුගේ ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌. මේ වැදගත් මොහොතට ඔබ තවම සූදානම් නැද්ද?

ඇත්තම කිව්වොත් ඇත්තටම නැහැ. වයස හරි කියලා හිතුවත් විවාහය සඳහා මනසින් සූදානම් විය යුතුයි. විවාහය කියන්නේ කාර් එකක්‌ ගන්නවා වගේ වැඩක්‌ කියලා සමහරු හිතනවා. කෑම කනවා වගේ කරන්න ඕන නිසාම කළ යුත්තේ කියලත් ඇතැමුන් හිතනවා. ඒත් විවාහය කියන්නේ වගකීමක්‌.... අපි කරන හැම කාර්යයකටම වඩා වැදගත් දෙයක්‌. කෙනකුගේ විවාහය නිසා ඔහුගේ ජීවිතය ඇතිවෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එම නිසා මම තවම මේ වගකීම භාරගන්න සූදානමක්‌ නැහැ. නළුවෙකු විදිහට මම තව දුර යායුතුයි.

විවාහය නිසා ඔබට ඔබේ රසික රසිකාවියෝ අහිමි වේයි කියා හිතනවද?

නැහැ... මම එහෙම හිතන්නේ නැහැ... දැන් බලන්න ඉන්දියාවේ ඉහළින්ම ඉන්න නළු නිළියෝ. ඒ අය ඔක්‌කොම කසාද බැඳලා... ඒ වුණාට මම තවම විවාහයක්‌ ගැන හිතන්නේ නැහැ.


අජිත් අලහකෝන්
ඡායා - දිනේෂ් ගමගේ

Copy Rights - Divayina

තුෂරයාමය

Copy Rights - 2011 සැප්තැම්බර් මස 09  | ලංකාදීප
දේශීය නර්තන කලාවට මෙන්ම නව නිර්මාණකරණයටද සුවිශේෂී මෙහෙවරක් කරන විශේෂ උපාධිධාරි ගුරුවරයකු මෙන්ම ප‍්‍රවීණ නර්තන හා වාද්‍ය ශිල්පියකුද වන කඳාන ද මැසිනොද් විද්‍යාලයේ නර්තනාචාර්ය ලෙස කටයුතු කරන තුෂාර සඳකැළුම්ගේ ”තුෂරයාමය” නර්තන ප‍්‍රසංගය මෙම මස 17 වැනි දින සවස 6 ට කොළඹ බිෂොප් රංග ශාලාවේදී කරළියට ගෙනඒමට කටයුතු යොදා තිබේ.
නර්තන ප‍්‍රසංගයේදී දේශීය නර්තන අංග වන උඩරට, පහතරට හා බෙර වාදන මෙන්ම බටහිර හා නව නිර්මාණ නැටුම් යන අංග ඔස්සේ තුෂාර
රංගායතනයේ  දරුවන්ගේ හැකියා එළි දැක්වේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money