Tuesday, December 20, 2011

මගේ රංගන දිවිය ගැන මම තෘප්තිමත් නැහැ

රොහානි වීරසිංහනාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි.ඉතින් චිත්‍රාංගනී අපිටත් උක්කුවා ගුරුන්නාසේගේ ගෙදරට යන පාර කියනවාද?මේ දවස්වල මගෙන් හැමෝම අහන්නෙ ඔය වගේ ප්‍රශ්නමයි.දෙරණ නාලිකාවෙන් විකාශය වන මලී ටෙලි නාට්‍යයේ චිත්‍රාංගනීගේ චරිතයට ජීවය දෙන රොහානි වීරසිංහ මෙලෙසින් අප හා ලෙන්ගතු කතා බහකට මුල පිරුවා.රොහානි මොකද හිතෙන්නෙ චිත්‍රාංගනී ගැන?ඇත්තටම චිත්‍රාංගනී චරිතය මම කළේ හරිම ආසවෙන්. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රාංගනී වගේ අය මේ සියවසෙත් නාගරික සමාජය තුළ ඕනෑ තරම් ඉන්නවා.ඇයි මේ හැමදාම නාගරික චරිතම රඟපාන්නේ?මට ලැබිලා තිබෙන චරිත බොහෝමයක්ම නාගරික චරිත. මට යම් පරාසයක විහිදුණු රංගන කුසලතාවක්...

ජීවිතයට අරමුණක්‌ Personal Goal Setting

අරමුණක්‌ යනු ජීවිතයේ තවත් එක්‌ අධිෂ්ඨානයකි. ඔබ අප සියළු දෙනා අපේ ජිවිතයේ යම් යම් අවස්‌ථාවන් හි දී ඇතිකරගත් අරමුණු පෙරදැඩිව ක්‍රියා කරයි. නමුත් බොහෝ පුද්ගලයන් එම අරමුණ කරා ළඟා වීමට නොහැකිව පසුතැවෙයි. අරමුණු කරා ළඟාවීමට හැකි වූ සුළුතරයක්‌ පිරිස ජයග්‍රාහකයින් ලෙසින් අරමුණ කරා ඉක්‌මනින් ළඟාවිමට නොහැකි වුවත් පරාජිතයන් ලෙසත් හැඳින්වීමට සමාජය පෙළඹී සිටියත් ස්‌ව අරමුණ හොඳින් හඳුනාගෙන සිටීම හා එම අරමුණ කරා සෙමෙන් ළංවීම ජයග්‍රහණයක්‌ කොට සලකන්නේ ඉතා සුළු පිරිසක්‌ පමණි. නමුත් පෞර්ෂ්‍යත්වයෙන් පිරිපුන් පුද්ගලයෙකු ලෙස ඔබ ඔබේ අරමුණ හඳුනාගෙන සිටීම ජයග්‍රහණයක්‌ බව සිහි තබා ගත යුතුය. ඔබ ඔබගේ අරමුණ කරා යන ගමනේ දී ඇතැම්විට සිදුවන අපහසුවීම් නිසා යම් යම් පසුබැසීම් වලට මුහුණ දුන්නද ඒවා අත්දැකීම් කොටගෙන ජයග්‍රහණ කරා ගමන් කිරීම පෞර්ෂ්‍යය සම්පන්න පුද්ගලයාගේ ලක්‌ෂණය...

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තා

ලැබුණ මුල්ම අවස්‌ථාවෙන් ප්‍රයෝජන ගත්තාස්‌ථාවර වෙන්න තව ගොඩක්‌ දේවල් කරන්න ඕනේ...  - බියංකා වන්දනා හි හිරුණි, උත්පලාහි චතු, නිල්දිය රළ නිලූ හා අවසරයි පියාඹන්න මධුෂිකා ලෙස සතියේ සෑම දිනකම පාහේ ඔබේ ආලින්දයට ගොඩවෙන ඇය නමින් බියංකා ෆොන්සේකා. පසුගිය කාලයේ වැස්‌ස නුඹ වාගේ හි තාරකා හා බාගෙට නෑයෝ ඉල්මා ලෙසත් ඔබේ ආලින්දයට ඇය ගොඩවැදුණා. තවද ස්‌වර්ණවාහිනියේ ගුඩ් ආµaටර් නූන් ශ්‍රී ලංකා හි නිවේදිකාවක්‌ ලෙසත් ඔබ හමුවට එනවා. විටෙක නිවේදිකාවක්‌ ලෙසත් තවත් විටෙක නිර්මාණ රැසකින් රංගන ශිල්පිනියක ලෙසත් ඔබ හමුවට එන බියංකාගේ සැබෑ තොරතුරු මොනවාද කියා මේ වෙලාවේ ඔබ විමසනවා ඇති. මේ ඉඩකඩ ඒ වෙනුවෙනි. බියංකා ඔබේ හැඳින්වීමකින්ම මේ කතාව ඇරඹුවොත් ? මගේ නම බියංකා ෆොන්සේකා. පාසල් ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. දැනට පදිංචිවෙලා ඉන්නේ කළුබෝවිල. එතකොට කොහොමද නිළියක්‌ වුණේ...

නෙළුම් පොකුණ රඟ හල

නෙළුම් පොකුණ රඟ හල නෙළුම් පොකුණ රඟ හල ගුවනට දිස්‌වන අයුරුචීන රජයෙන් අප රටට පරිත්‍යාගයක්‌ ලෙස ලැබුණු "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රඟහල" ඊයේ (15 දා) සවස විචිත්‍රවත් උළෙලකින් ජනාධිපතිතුමන් හා චීන රජයේ විශේෂ දූත පිරිසකගේද සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. අනාදිමත් කාලයක සිට පවතින ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සදාතනික සිහිවටනයක්‌ ලෙස ඉදිවූ මෙම රඟහල විවෘත කිරීමේ අවස්‌ථාවට චීන මහජන සභාවේ උප සභාපතිනිය වින්ග් මේයින් මහත්මියද සහභාගි වූවාය. ඊයේ විවෘත වුණ එම රඟහලේ පළමුවරට රංගගත වූයේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ "හද බිමට ගිය ගමන" නම් සංගීතමය නාට්‍යයයි. ක්‍රි.ව. 4 වන සියවසේදී ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් භික්‌ෂුන් වහන්සේ පිළිබඳව ඉන් කියෑවිණි. රෝහණ වීරසිංහ සංගීතයද, චන්න විජයවර්ධන එහි නර්තනයද නිර්මාණය කර තිබිණි.   Copy Rights - Divay...

සිරිලක් අම්මා පිළිගැන්වූ දා

සිරිලක් අම්මා පිළිගැන්වූ දාචාමර රුවන්තිලක සහ ලාල් රූපසිංහ එක්ව ගැයූ ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටිය පසුගියදා දොරට වැඩිණ.මේ දෙදෙනාම සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සංගීත උපාධිධාරීන් වන අතර වෘත්තියෙන් රජයේ සංගීත ගුරුවරුන්ය. 2007 වසරේ ජාතික රූපවාහිනි සංස්ථාව මගින් පැවැත් වූ ස්වර්ණජෝති සම්මාන උළෙලේ වසරේ විශිෂ්ටතම ගායකයා සහ සංගීත කණ්ඩායම ලෙස ස්වර්ණ ජෝති සම්මානය හිමිවූයේ චාමර සහ ලාල් යන මේ දෙදෙනාටය.චාමර රුවන්තිලක හා ලාල් රූපසිංහ තම ‘සිරිලක් අම්මා’ සංයුක්ත තැටියේ පිටපතක් ගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන් වූ අයුරු ඡායාරූපයෙන් දැක්...

රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි.

ශ්‍රීමාලි කරුණානායක වන ඇය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය අරුන්දතී ටෙලි නාට්‍යයෙන් රංගනයට පිවිසියාය. වැස්ස නුඹ වගේ, පූජනීයයි, උත්පලා සහ විකාශයවීමට නියමිත ලොබ නොසිදේයා ඇතුළු ටෙලි නාට්‍ය රැසක රඟපෑවාය.තිලක් ගුණවර්ධන මහතා යටතේ ඈ නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තා. ඇය එමඟින් අධිෂ්ඨානය පමණක් නොව හැදෑරීමකුත් තිබිය යුතු වග පසක් කළාය.කුරුණෑගල මලියදේව බාලිකාවේ ඉගෙන ගන්න කාලේ ඇගේ ගුරුවරියන් සිතුවේ ඇය ලේඛිකාවක් වනු ඇත යනුවෙනි.දැනටමත් මම තිර පිටපතක් ලියලයි තියෙන්නේ. එය රූ ගන්වන්න අදහසකුත් නැතුවාම නෙවෙයි. ඇය පවසයි.ඇගේ ඉදිරි බලාපොරොත්තු රංගනයෙන්ම ඉදිරියට යෑම සහ පිටපත් රචනයෙහි යෙදීමයි.සිරිතුංග පෙරේරා, කපිල කුමාර සමරකෝන්, මංගල කොඩිතුවක්කු, නිරෝෂා තලගල, විශ්වනාත් විජේසුරිය, සුනෙත් මාලිංග, මේ අයට විශේෂයෙන්ම තුති පුදනවා. ඇය පවසන්නීය.- ප්‍රසාද්සේයාරුව – ටෙනී Copy Rights...

කෙලි පැටික්කිට ගලපගන්න පුළුවන් වුණේ පද තුනයි

පුංචි පා තබමින් සිනා කැට අහුරු විසුරුවමින් ගේ පුරා දුව පනින දූ සිඟිත්තිය ‘අ’ යනු ‘ආ’ යනු කියන දිනය උදා වනතුරු මාපියන් පුළ පුළා බලා සිටියේ සතුටත් තුරුළු කරගත් නොඉවසීමකින්. දු පැටික්කියගේ කේන්ද්‍රයත් බලා අකුරු කියවීමේ මංගල්ලයට සුබ දිනයක් යොදා ගත් අම්මා අකුරු කියවන්න ගෙනා පොත් අල්මාරියේ හැංගුවේ දෝණි නැකතට පෙර අකුරු කියයි කියන සැක සිතින්. කොහොම නමුත් දවසක් අහම්බෙන් දූගේ අතට වෙසක් කාඩ් එකක් ලැබුණා. එහා පැත්ත මෙහා පැත්ත හරවමින් ඇස් කරකව කරකවා වෙසක් කාඩ්පතෙහි අසිරිය බැලූ දෝණිගේ නෙත ගැටුණේ පප්පා. දෝණි පප්පා කියන්නේ නම් සීයාට. රටක් රාජ්‍යයක් තමන් සතු වුණා වගේ සතුටකින් දෝතින්ම වෙසක් කාඩ් එක රැගෙන පප්පාගේ අතට දුන්නේ ටිකිරි සිනාවකින් ද පුංචි මූණ හැඩ කරගෙනමයි. දෝණි කරන්න යන දේ ගැන හරි හැටි අවබෝධයක් පප්පාටත් තිබුණෙ නෑ. වෙසක් කාඩ්පත පප්පාගේ අතට දුන් දෝණි...

Thursday, December 15, 2011

වසරේ විෂිශ්ටතම නිළිය හිමාලි

වසරේ විෂිශ්ටතම නිළිය හිමාලි  ඇය අපට මුලින් ම හමු වන්නේ රූපවාහිනි වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක්‌ නැත්නම් නිවේදිකාවක්‌ ලෙසයි. අනතුරුව ඕ අපට හමුවන්නේ රංගන ශිල්පිනියක ලෙසයි. නිවේදක නිවේදිකාවන් ලෙස කරලියට පැමිණි කිහිපදෙනෙකු ම පසුගිය කාලයේ රංගන ශිල්පීන් ලෙස පුංචි තිරය හරහා අපගේ ආලින්දයට ගොඩ වුණා ඔබට මතක ඇති. මේ මොහොතේ ඒ සියලු දෙනාගේ නම් ගම් අපි හෙළි නොකළත් එයින් කිහිප දෙනකුම තම රංගන ප්‍රතිභාව නිසා ම තම ප්‍රධාන වෘත්තීය ලෙස රංගනය තෝරාගෙන ඇති බව නොරහසක්‌. හිමාලි සයුරංගි නම් නව යොවුන් රංගන ශිල්පිනිය ද එවන්නියකි. වසර හයක්‌ පමණ වන තම රංගන දිවිය තුළ ඇය කිහිප වතාවක්‌ ම සම්මානයට පාත්‍ර වුණ බව අපට මතකයි. ඕ.ස.sඅය.sසී , සරසවි සම්මාන හා රයිගම් සම්මානද හිමාලි ලබාගෙන තිබෙනවා. ඒ අතර ඇය පසුගියදා 16 පැවැති සුමති ටෙලි සම්මාන උළෙලේ දී වසරේ හොඳම ටෙලි නාට්‍යය නිළිය...

‘ආයෙත් ලංකාව දාලා නම් යන්නේ නෑ’

ආදරණීය ටයි මහත්තයා අප අතහැර ගොස් දෙමසක් සම්පූර්ණ වීමට තව ඇත්තේ දින සතකි. මේ සොඳුරු නාමය සැමදා අප අතර රැෙඳන අපූරු නිර්මාණ බොහොමයක් අපට ඉතිරි කර ඔහු යන්නට ගියේය.සිංහල සිනමාවේ නොමියෙන මතකයක් වන ‘හඳයා’ චිත්‍රපටය පිළිබඳ යළිත් කතාබහ කිරීමට පසුගියදා අපට දුලභ අවස්ථාවක් උදා විය. ඒ එහි රඟපෑ සූප්පුවා, සේන , සුද්දා, උක්කුවාත් මුණ ගැසීමටය. 1979 වසරේදී බොහොම කුඩා ළමුන් ලෙස හඳයා චිත්‍රපටයට එක් වූ ඔවුන් අද ළමා ළපටින් සිටින වැඩිමහල්ලන් බවට පත් වී ඇත. පසුගිය දිනක ඔවුන් යළි මුණ ගැසුණු ඒ සොඳුරු යාමයේ හඳයා හා සම්බන්ධ අතීත සිදුවීම් අප හා පැවසුවේ ටයි අංකල් යන ආදරණීය නාමය ද සිහි කරමිනි.‘හඳයා’ හි හොඳ හා නරක යන ළමයින් දෙපිරිසකි. නරක වැඩ කරන ළමයින් අතර නායකයා ඔහුය.‘සූප්පුවා’කිත්සිරි මෙවන් ජයසේන.එකම නිවෙසක සොහොයුරන් ලෙස හැදී වැඩුණු ප්‍රදීප් රොෂාන්, කසුන් මධුරසිංහත්, දර්ශන...

“මොඩ් යකා”

“මොඩ් යකා” රැගෙන රට වටා යන්නට සැරසෙන කපිල සර්යකුන් ගැන පසුගිය කාලයේ කතා එමටය. ඒ ‘ග්‍රීස් යකුන්’ නිසාවෙනි. දැන් නම් ඒ යකුන් උන්නද මළා ද නැත. කිසිම හා හූවක් නැති ගානය. නමුත් එය පුංචි විරාමයක් යැයි දැන් හැෙඟන්නේ තවත් අමුතුම මාදිලියේ යක්ෂ කතාවක් මේ දිනවල ඇසෙන නිසාය.‘මොඩ් යකා’ ජන්මය ලැබුවේ කුවෙට් රාජ්‍යයේ ‘දොහා එන්ටර්මන් සිටි’ හි ඉදි වූ අලංකාර වේදිකාවක් මතය. ඒ මීට වසර හත අටකට පමණ පෙරය. ඔහුගේ උපත එදා කුවෙට් වැසියන්ගේ ප්‍රීති ප්‍රමෝදයට හේතුවක් විය.ඒ ‘මොඩ් යකා’ උපන් ගෙයි විනෝද කාමියකු වූ බැවිනි.‘කපිල සර් කිව්වම මුළු කුවේටයම මාව දන්නවා. ඒ තරම්ම මම එහෙ ජනප්‍රියයි. මොකද අපේ රටේ සිංහල නැටුම් කලාව කුවෙට් රාජ්‍යයට හඳුන්වා දීලා ජනප්‍රිය කෙරුවෙ මම. මගේ වයසෙන් බාගයක්ම ගත කළේ එහෙ. ඒ කියන්නෙ අවුරුදු තිහකට ඔන්න මෙන්න වගේ කාලයක්. ‘මොඩ්’ කිසිම ඉස්පාසුවක් නැතිවම...

අපි ඒ ගැන කතා නොකර ඉමු

ලකීට සම්මාන ගෙනා ‘ලක්ෂපති’ ට මොකද වුණේ?  අපි ඒ ගැන කතා නොකර ඉමුදහසක් දරුවන්ගේ දෙනෙත් පාදපු නීටා ඩයස් ඉස්කෝලේ හාමිනේ දහ අතේ කල්පනා කළා.‘අපේ පුතාව මොන ඉස්කෝලෙටද යවන්නේ?’ඒ කතාවට හූමිටි තිබ්බේ වොලී ඩයස්. ලක්ෂ්මන් ඩයස්ගේ තාත්තා. ලකීගේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවරයෙක්.‘කොළඹ ආනන්ද විද්‍යාලය හොඳා’වොලී ඩයස්ගේ වචනෙට ඉහළින් යන්න කවුරුවත්ම නෑ.‘මෙකද ඉතිං අපට දරුවෝ දහ දෙනෙක් ඉන්නවා කියලයැ, මේකා විතරයිනේ.’නීටා ඩයස් ගේ හිතේ මල් පිපුණා. ලකී ඉපදුණ දා ඉඳලා ඈට ඕන වුණේ තමන්ගේ එකම පුතා දොස්තර මහත්තයෙක් කරන්නයි. එහෙම නැත්නම් ඉංජිනේරුවෙක්, නීතිඥවරයෙක්. මේ කොයි කවුරු වුණත් කමක් නෑ. පියෙන් පිය තබලා ඇවිදින ලකී පුතාගෙ මුහුණ බලාගෙන ඈ නොයෙක් වර හීන මැව්වා.ලකී ගම්පහ පුරවරයෙන් කොළොම් පුරවරයට සේන්දු වෙන්නේ එහෙමයි.‘අපූරු හුරුබුහුටි කොලු පැටියා’දවසින් දවස උස්...

බබා පුංචි කාලේ බිව්වෙ එළ කිරි නෙමෙයි, අලි කිරි

රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයි පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති. සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක. මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ. මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන. පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට...

Friday, December 2, 2011

අමීර් ඛාන්

1. සම්පූර්ණ නම – අමීර් හුසේන් ඛාන් 2. උපන් දිනය – 1965 මාර්තු 14 3. උපන් ස්ථානය – බන්ද්‍රා ප්‍රදේශයේ ශුද්ධ වූ පවුලේ රෝහල 4. පියා - චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ තහීර් හුසේන් 5. මව - සීනත් හුසේන් 6. සහෝදරයා - ෆයිසාල් 7. සහෝදරියන් – නිඛාට් සහ ෆාහඩ් 8. බිරිඳ – රීනා දත් (1986 විවාහවී 2002 දී වෙන්වීය.) (මේ වනවිට විවාහ කරගෙන සිටින්නේ කිරන්රාඕ) 9. දරුවන් – ජුනයිඩ් (පුතා) ඊරා (දුව) පළමු විවාහයෙනි. 10. කුලුඳුල් සිනමා රංගනය – 1973 දී තිරගත වූ ‘යාසෙන් කි බාරාත්’ චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කිරීම. (චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාමා කෙනෙකු වූ නසීර් හුසේන්) 11. ජනපි‍්‍රය වූ චිත්‍රපටය – 1988 දී තිරගතවූ ‘ක්්‍යාමත් සෙ ක්්‍යාමත්ටක්’ චිත්‍රපටයේ රඟපෑමෙන් 12. මෙතෙක් රඟපා ඇති චිත්‍රපට - 43 13. නිෂ්පාදනය කළ චිත්‍රපට - 07 14. අධ්‍යක්ෂණය කළ චිත්‍රපට - 01 15. මෙතෙක් ලබා...

විඳින්න ඕනෙ උපරිමය මම විඳලා තියෙනවා

අභිෂේකා විමලවීරඇය සුභාෂිණී අභිෂේකා විමලවීර. බොහෝ දෙනෙක් ඇයව හඳුන්වනු ලබන්නේ අභිෂේකා නමින්. අභිෂේකා කලා පරපුරක එක් පුරුකක්. පුංචි අවධියේම ස්වාධීන රූපවාහිනී සේවයේ “ළහිරු මඬළ” ළමා වැඩසටහන මෙහෙයවමින් කලා ලොවට පිවිසුණු ඇය; මේ වන විට කලා ක්ෂේත්‍රයේ බොහෝ දුරක් ඇවිදින්. “අද තරුවක් සමග වරුවක්” විශේෂාංගය වෙන්වන්නේ අභිෂේකා සමග කළ කතාබහ වෙනුවෙන්.අභිෂේකා ඔබේ පවුලේ තොරතුරු මුලින්ම කතා කළොත්...?මගෙ තාත්තා සුනිල් විමලවීර. අම්මා දමයන්ති විමලවීර. තාත්තා ගීත රචකයෙක්. ඒ වගේ සිනමාවට සම්බන්ධ කෙනෙක්. මගෙ අම්ම රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින කෙනෙක්. මගෙ ලොකු තාත්තා සරත් විමලවීර. ඔහුත් ජනපි‍්‍රය ගීත රචකයයෙක්; ඒ වගේම දක්ෂ ගුවන් විදුලි නිවේදකයෙක්. අපේ පවුලේ එකම දරුවා මම.ඔබ සංගීතයට යොමු වුණේ කොහොමද?මම පාසල් ගියේ ගාල්ලේ ශ්‍රී ගාර්හා කන්‍යාරාමයට සහ ශාන්ත පාවුළු බාලිකා...

අකුළුවමින් හා ගස්‌සමින් මා මනදොළ සපුරමින්

සිංහයෙකුගේ පුනරාගමනය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකය මා නැරඹු වාර ගණන පිළිබඳ මට හරි මතකයක්‌ නැත. වසරකට නොව, මසකට දෙතුන් වතාව එය නැරඹු අවස්‌ථා ද ඇති බව නම් මට මතකය. ඒ සෑම වතාවකම මා මවිතයට හා පරමානන්දයට පත් කළ නාටකීය චරිතය සිංහයා ය. මා සිංහබාහු රස විඳින කාලය වන විට සිංහයාගේ චරිතයට සිය අසමසම රංගන ප්‍රතිභාවේ අන්තිම බින්දුව දක්‌වා නිර්ලෝභීව කැප කළ අසහාය රංගධරයා වූයේ ජයශ්‍රී චන්ද්‍රජිත්ය. ජය ශ්‍රී චන්ද්‍රජිත් නම් වේදිකා නාට්‍ය රංගනවේදියා මගේ හදවතේ ගැඹුරුම තැන අරක්‌ගත්තේ සිංහයා චරිතය නිසා ය. ඉන් පසුව ඔහුගෙන් මා දුටු අශෝක හඳගමගේ 'මාඝාත' ධර්මසිරි බණ්‌ඩාරනායකගේ 'මකරාක්‍ෂයා' වැනි නාට්‍යවල අති විශිෂ්ට රඟපෑම් ඔහුව තව තවත් මා හද පතුලේ පැළ පදියම් කර තැබුවේය. ඒ හැරුණු විට වේදිකාවේ සිට ඔහු මා ආමන්ත්‍රණය කළ තව තවත් ලොකු කුඩා චරිත බොහෝ ය. කාලයාගේ...

බීල හිටියනම් මම මෙහෙම නෙමෙයි කතාකරන්නෙ

ජින්ජර්ව ඇතිකළා වගේම නැති කරන්නෙත් මමමයි බීල හිටියනම් මම මෙහෙම නෙමෙයි කතාකරන්නෙ බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ප්‍රසංග වේදිකාවේ ගිනිsසිළුව කියලා. සැබවින්ම ඇය ප්‍රසංග වේදිකාවේ දී වෙනස්‌ම වූ ශෛලියක්‌ තමයි අනුගමනය කරන්නේ. යෞවන යෞවනියන් ඇය වේදිකාවට ගොඩ වූ විට කියන්නේ ගින්දර වගෙයි කියලා. ඒ තරමටම ඇය යෞවන යෞවනියන් අතර ජනප්‍රියයි. ප්‍රසංග වේදිකාවේ වෙනස්‌ම රටා මවන ඇය නමින් ජින්ජර්. කලකට පසුව අපි ජින්ජර් සමග කතාබහ කරන්න අදහස්‌ කළේ ඇය ගැන ඔබ නොදන්න තොරතුරු ටිකක්‌ ඔබට කියන්න. ජින්ජර් මොනවද අලුත් වැඩකටයුතු ? මම හැමදාම අලුත් වෙන්නේ වේදිකාවේදී. කොහොමත් මම රසිකයන්ට ගායනය විතරක්‌ නොමෙයි ප්‍රාසාංගික අත්දැකීමකුත් ලබාදෙනවා. ඒ නිසා මගේ අලුත් වැඩකටයුතු කියන්නේ ජනතාවට නරඹන්න යමක්‌ ලබාදීම. මම සංයුක්‌ත තැටි නිකුත් කරන්න බලාපොරොත්තුවක්‌ නැහැ. ප්‍රාසාංගික අත්දැකීම් එක්‌ක...

නංගියෙක් හරි මල්ලිනයක් හරි ගෙනාවද කියල බලන්න

ඕෂි හැමදාම හැන්දෑවට බෑග් එක බලන්නේපවුලේ එකම දරුවා නිසා දෝණි හැදුණේම අම්මාගේ තුරුලේමයි. අම්මාත් හැම වෙලාවේම දෝණිව තමන් ළඟින්ම තියා ගන්නත් අමතක කළේ නෑ.දවසක් පුංචි දෝණි අම්මාගේ සුළඟිල්ලේ එල්ලිලා ටවුමට ගියා. එතකොට මේ පුංචි කෙල්ලට යාන්තම් අවුරුදු දෙකක් විතර ඇති.එක පාරටම මේ හුරතලීගේ ඇහැ නැවතුණේ රතු පාට ඉංග්‍රීසි අකුරින් ලියා තිබූ නාම පුවරුවක් ළඟ. මේ කෙලි පැටික්කි දෙවරක් නොසිතා හයියෙන් බී, ඒ. ටී. ඒ කියා කෑ ගැසුවා. ඒ හඬට ඇයත් මවත් දෙස හැරී නොබැලූ කෙනෙක් නොමැති තරම්.අපහසුතාවයට පත් අම්මා නම් දූ සිඟිත්තිය සමඟ ඊට පසුව පාරේ ඇවිදගෙන යන විට ඇතැම් අවස්ථාවලදී දෝණිගේ කට සියතින් වැසුවේ යළිත් පෙර සිදු වූ වැන්නක් යළිත් නොවන්නට වග බලා ගනිමින්.මේ කතාව මා සමඟ පැවසුවේ සරලා අමරසිරි ගුණවර්ධන මහත්මියයි. මේ සතියේ පුංචි දවස්වල විශේෂාංගයෙන් අතීත මතකයන් පෙළ ගස්වන්නේ ඕෂධී...

Page 1 of 5012345Next
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money