රොහානි වීරසිංහනාගරික කාන්තාවක් වුවත් චිත්‍රාංගනී නගරයෙන් සැතපුම් ගණනක් දුර ගෙවා ගෙන රාජාංගනයට ගියේ තම එකම දියණියගේ සතුට වෙනුවෙන්. තම සහෝදරයාගේ පුතාට උක්කුවා ගුරුන්නාන්සේ ලවා සීනි මතුරවා දීම ඇගේ එම ගමනේ අරමුණයි.ඉතින් චිත්‍රාංගනී අපිටත් උක්කුවා ගුරුන්නාසේගේ ගෙදරට යන පාර කියනවාද?මේ දවස්වල මගෙන් හැමෝම අහන්නෙ ඔය වගේ ප්‍රශ්නමයි.දෙරණ නාලිකාවෙන් විකාශය වන මලී ටෙලි නාට්‍යයේ චිත්‍රාංගනීගේ චරිතයට ජීවය දෙන රොහානි වීරසිංහ මෙලෙසින් අප හා ලෙන්ගතු කතා බහකට මුල පිරුවා.රොහානි මොකද හිතෙන්නෙ චිත්‍රාංගනී ගැන?ඇත්තටම චිත්‍රාංගනී චරිතය මම කළේ හරිම ආසවෙන්. ඒ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රාංගනී වගේ අය මේ සියවසෙත් නාගරික සමාජය තුළ ඕනෑ තරම් ඉන්නවා.ඇයි මේ හැමදාම නාගරික චරිතම රඟපාන්නේ?මට ලැබිලා තිබෙන චරිත බොහෝමයක්ම නාගරික චරිත. මට යම් පරාසයක විහිදුණු රංගන කුසලතාවක්...