Showing posts with label Fun. Show all posts
Showing posts with label Fun. Show all posts

Friday, December 2, 2011

අමීර් ඛාන්



1. සම්පූර්ණ නම – අමීර් හුසේන් ඛාන්
2. උපන් දිනය – 1965 මාර්තු 14
3. උපන් ස්ථානය – බන්ද්‍රා ප්‍රදේශයේ ශුද්ධ වූ පවුලේ රෝහල
4. පියා - චිත්‍රපට නිෂ්පාදකවරයෙකු වූ තහීර් හුසේන්
5. මව - සීනත් හුසේන්
6. සහෝදරයා - ෆයිසාල්
7. සහෝදරියන් – නිඛාට් සහ ෆාහඩ්
8. බිරිඳ – රීනා දත් (1986 විවාහවී 2002 දී වෙන්වීය.)
(මේ වනවිට විවාහ කරගෙන සිටින්නේ කිරන්රාඕ)
9. දරුවන් – ජුනයිඩ් (පුතා) ඊරා (දුව) පළමු විවාහයෙනි.
10. කුලුඳුල් සිනමා රංගනය – 1973 දී තිරගත වූ ‘යාසෙන් කි බාරාත්’ චිත්‍රපටයේ ළමා චරිතයක් නිරූපණය කිරීම.
(චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ මාමා කෙනෙකු වූ නසීර් හුසේන්)
11. ජනපි‍්‍රය වූ චිත්‍රපටය – 1988 දී තිරගතවූ ‘ක්්‍යාමත් සෙ
ක්්‍යාමත්ටක්’ චිත්‍රපටයේ රඟපෑමෙන්
12. මෙතෙක් රඟපා ඇති චිත්‍රපට - 43
13. නිෂ්පාදනය කළ චිත්‍රපට - 07
14. අධ්‍යක්ෂණය කළ චිත්‍රපට - 01
15. මෙතෙක් ලබා ඇති සිනමා සම්මාන - 09
16. නිෂ්පාදනය කළ ජනපි‍්‍රය චිත්‍රපට – ‘ලගාන්’ (2001) ’තාරෙ සමීන් පර්’ (2007)(මෙම චිත්‍රපට වෙනුවෙන් වසරේ හොඳම චිත්‍රපටවලට පිරිනැ මෙන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මාන හිමිවිය.)
17. ලිපිනය - 11 Bela Vista Apts., Palli Hill, Bandra, Mumbai 400 050

Thursday, December 1, 2011

කරන්න පුළුවන් දේ තමයි තෝර ගෙන තිබෙන්නේ.

ඉන්දික උදාර ලංකා

ඉන්දික උදාර ලංකා අද මෙරට සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රියම අංග රචනා ශිල්පියෙක්. මේ ඔහු සමඟ කළ සංවාදයකි.
ඉන්දික ගේ දායකත්වය ලැබූ ‘සුපර් සික්ස්’ චිත්‍රපටයේ දර්ශනයක්

අංග රචනා ශිල්පියෙක් ලෙස ඔබේ කලා ජීවිතය ආරම්භ වුණේ කොහොමද?
උසස් පෙළ අවසන් වෙලා ගෙදර ඉන්න අතරේ, අපේ ඥාතියෙක් මාර්ගයෙන් චිත්‍රපටවල වැඩ කරන සරත් රණවීර මහත්තයව හඳුනා ගන්න ලැබුණා. එතුමා තමයි මා ආ ගමන් මගේ පළමු ගුරුවරයා. 1996 දී එතුමා සමඟ වැඩ කරන්න මම කොළඹ ආවා. පළමුවෙන්ම මට පැවරුණේ ශිල්පීන්ගේ කොණ්ඩෙ සකස් කිරීමයි. පසුව තමයි අංග රචනා ශිල්පියෙක් කරන අනෙක් වැඩ කටයුතු කරන්න පටන් ගත්තේ. 2004 සිට අංග රචනා ශිල්පියෙක් ලෙස මම වැඩ කරනවා.
ඔබ වැඩ කරපු මුල්ම ටෙලි නාට්‍ය කුමක්ද?
අනුර චන්ද්‍රසිරි මහත්තයා අධ්‍යක්ෂණය කළ ‘අග්නි’ ටෙලි නාට්‍යය.
‘අග්නි’ ටෙලි නාට්‍යයෙන් සහයක අංග රචනා ශිල්පියෙක් ලෙස කලා ලොවට පා තැබූ ඔබ අද වන විට චිත්‍රපට, ටෙලි නාට්‍යය කීයක පමණ වැඩ කර තිබෙනවාද?
චිත්‍රපට 30 ක්, ටෙලි නාට්‍ය 12 ක්, වෙළෙඳ දැන්වීම් වැඩ කිහිපයක් කර තිබෙනවා. චිත්‍රපට 13 ක මම තනියෙන් වැඩ කළා.
වාණිජ චිත්‍රපට හා කලාත්මක චිත්‍රපට අතර ඔබට පැවරී තිබෙන වැඩවල ඔබ දකින වෙනස?
චිත්‍රපට නැරඹීමේදී ප්‍රේක්ෂක ඔබ යම් වෙනසක් දැක්කත්, ඇත්තටම අංග රචනා ශිල්පියෙක් හැටියට මට පැවරී තිබෙන රාජකාරිය මේ චිත්‍රපට වර්ග දෙකේදීම එකයි. මේ දෙකේදීම කරන්නේ චරිතයක් ගොඩ නගාගෙන ඒ හරහා චරිතය ඔප් නැංවීමට කටයුතු කිරීමයි. ඒ වගේම ඕනෑම අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් ශිල්පියෙක් තමයි අංග රචනා ශිල්පියෙක් කියන්නේ.
චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට අංග රචනා ශිල්පියෙක් අවශ්‍යමද?
අංග රචනා ශිල්පියෙක් අවශ්‍යයමයි. යම් චරිතයකට පණ පොවන විට ඔහුට ඒ චරිතය ගොඩ නංවීමට අවශ්‍ය පසුබිම හදා දෙන්නේ අංග රචනා ශිල්පියායි. කෙතරම් දක්ෂ ශිල්පියෙක් වුණත් ඔහුගේ චරිතයට අනුව පෙනුම වෙනස් කර ගන්න සිද්ධ වෙනවා. උදාහරණයක් ලෙස කිව්වොත් යම් තරුණ ශිල්පියෙකුට වයසක චරිතයකට ජීවය දෙන්න සිද්ධ වුණා කියන්නකො. එවිට ඔහුගේ රූපය වෙනස් නොකර රඟපෑවොත් ඒ නියම චරිතය ප්‍රේක්ෂකයන් තුළ මැවෙයිද? නැහැ. අන්න ඒක නිසා ඒ චරිතයට අදාළ වන පරිදි රංගන ශිල්පියාගේ පෙනුම සකස් කිරීම තමයි අංග රචනය කියන්නේ. එවිට තමයි ඒ චරිතය නියම ලෙස සාර්ථක වෙන්නේ.
දේශීය හා විදේශීය චිත්‍රපට අතර ඇති ඔබ දකින වෙනස?
පිටරට වගේම අපේ රටේ ඉන්නෙත් හොඳ දක්ෂයෝ. ඔවුන් භාවිතා කරන ද්‍රව්‍ය හා තාක්ෂණය අපට වඩා වෙනස් විය හැකියි. නමුත් ඔවුන් හා එකට ගැටෙන්න පුළුවන් දක්ෂයො පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ ගැන සතුටු විය යුතුයි. අපට අවශ්‍ය බඩු මෙරට නැතිනම් ඉන්දියාවෙන්, සිංගප්පූරුවෙන් ගෙන්න ගන්නවා.
ඉදිරියේදී තිරගත වීමට තිබෙන චිත්‍රපට මොනවාද?
සදේශ් කුමාර් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රවේගය’ ඔහුගේ දෙවැනි නිෂ්පාදනය. මේ දිනවල වැඩ කරමින් සිටින්නේ ඒ චිත්‍රපටයේ. උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කළ ‘සුපර් සික්ස්’ ඇතුළුව නිනො ලයිව්, ද මැටර් ඔෆ් ලව්, තැන්කියු බර්ටි, පරාවර්තනය යන චිත්‍රපට තව නොබෝ දිනකින් තිරගත වීමට නියමිතයි.
ක්ෂේත්‍රයේ රැඳෙන්න ඔබට උදව් කළ අය කවුද?
සරත් රණවීර, ඩොනල්ඩ් ජයන්ත, උදයකාන්ත වර්ණසූරිය, ජයනාත් ගුණවර්ධන, අසෝක ආරියරත්න යන මහත්වරු මට බොහොම උදව් කළ අය. සංගීතා වීරරත්න මහත්මියත් මට උදව් කළ අයෙක්. මීට අමතරව මගේ හිතවතුන් වන ඉමල් ශානක පීරිස්, සමරසිරි කදනගේ, ප්‍රියන්ත දිසානායක, අපි නිතරම අදහස් හුවමාරු කර ගන්න අය. ඒ නිසා තමයි හැමදාම අපි අලුත් දෙයක් කරන්නේ. මා ආ මේ ගමනට අත්වැලක් දුන් සැමටම ස්තුතිය පුද කරන්න මෙය අවස්ථාවක් කර ගන්නවා.
පවුලේ විස්තර?
තාත්තා - නිමල් තෙන්නකෝන්, මව - චන්ද්‍රා පතිරණ, අයියා - දුමිදු රාජිත ලංකා, මල්ලි - හර්ෂ කුමාර ලංකා, බිරිඳ – ඉරේකා වික්‍රමසිංහ, පුතා - ඉමෙත් ඉමන්දිව්, දුව - ඉනුකි ඉහස්නා. බිරිඳ සැලෝන් එකක් කරනවා. ඇයගේ උදව් නොඅඩුව ලැබෙන නිසා තමයි මට මේ ගමන් මගේ යන්න පහසු වී තිබෙන්නේ.
මොන යම් ආකාරයෙන් හෝ කලාවට සම්බන්ධ වී අවසානයේ රංගන ශිල්පියෙක් වන්නට බලාපොරොත්තු වෙන අය වැඩියි. ඔබත් එවැන්නෙක්ද?
ඇත්තෙන්ම නැහැ. මොකද මම ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් වැඩ කරන්නෙක් නෙමෙයි. පුංචි චරිත රඟපෑවත් එය වෘත්තීය ලෙස කරන්න බලාපොරොත්තුවක් නැහැ. මට හොඳට කරන්න පුළුවන් දේ තමයි තෝර ගෙන තිබෙන්නේ. මා දන්නා ශිල්පය තව තවත් වැඩි දියුණු කර ගැනීම තමයි මගේ බලාපොරොත්තුව.
පාසල් අවධිය ගැන යමක් කිව්වොත්?
උසස් පෙළ දක්වා ගිරිඋල්ල වික්‍රමශිලා මහා විදුහලට ගියා. පාසල් කාලයේ සිට කලාවට තිබූ ලැදියාව නිසා ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව නැටුම් හා බෙර වාදනයෙන් කලාවට සම්බන්ධ වී සිටියා.
අංග රචනයෙන් ඔබව දායක කර ගත් අධ්‍යක්ෂවරු කවුරුන්ද?
උදයකාන්ත වර්ණසූරිය, බෙනට් රත්නායක, ජයන්ත චන්ද්‍රසිරි, ධම්මික සිරිවර්ධන, මහේන්ද්‍ර පෙරේරා, ජයනාත් ගුණවර්ධන, අනුරුද්ධ ජයසිංහ, තනුජ් අනවරත්න, සෙනේශ් බණ්ඩාර දිසානායක, සංජය නිර්මාල්, තිසර ඉඹුලාන, වී. ශිවගුරුනාදන්, රෝයි ද සිල්වා, ටෙනිසන් කුරේ, මොහාන් නියාස්, සිරි කුලරත්න යන අධ්‍යක්ෂවරු යටතේ මා වැඩ කර තිබෙනවා.
ඔබේ ඉදිරි බලාපොරොත්තු?
අද මේ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ට හොඳ පිළිගැනීමක් තිබෙනවා. ඒ නිසා දිගින් දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්න තමයි මගේ බලාපොරොත්තුව.

Friday, September 16, 2011

Funny Sinhala Talk CTB Bus

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money