රොෂාන් රණවනගේ අම්මා සිහිපත් කරයි පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති.සෙල්ලම් කරද්දිත් හැම දේම තීරණය කරන්නෙත් ‘බබා’මයි. දවසක් සෙල්ලම් කරද්දී කාර් එකක් අනතුරකට ලක් වෙලා ගිනි ගන්නවා වගේ දෙයක් බබාට කරන්න ඕන වෙලා. බබා හැමදාම වගේ අධ්‍යක්ෂක. මල්ලි තමයි නළුවා. අයියා මල්ලිව විල්බැරැක්කයක ගැට ගහලා යටින් ගිනි කියලා. මල්ලි පිච්චෙන කොට කෑගහලා. ඒත් ‘බබා’ ට ඒවායේ කිසි ගාණක් නෑ. කොහොම හරි අපේ අසල්වැසියෙක් නිසා තමයි එදා නම් පොඩි පුතා බේරුණේ. මේ අපූරු අධ්‍යක්ෂක බබා නම් දැන් රංගන ශිල්පියෙක්. ඔහු ඔබේ ආදරණීය රංගන ශිල්පී රොෂාන් රණවන. රොෂාන්ගේ පුංචි දවස්වල දඟකාරකම් අපට කිව්වේ නම් ඔහුගේ ආදරණීය අම්මා. ඇය කාන්ති රණවන. පොඩි කාලේ නම් බබා හරිම දඟයි. රොෂාන්ට අපි ගෙදරදි කතා කරන්නෙ බබා කියලා. අලින්ට ළමයින්ට නලියන්නෙ නැතිව ඉන්න බෑ කියන්නෙත් නිකන් නෙවෙයි නේ. අපේ බබා කියන විදිහට එයා පුංචි කාලේ බීලා තියෙන්නෙ එළ කිරි නෙවෙයි, අලි කිරි. මොකද දන්නවාද මම එහෙම කියන්නේ? පුතාලාට මම පොඩි කාලේ දුන්නෙ එළකිරි. ඉතින් මම දවසක් එයාලට එලිෆන්ට් හවුස් එකෙන් එළකිරි ගෙනහල්ලා දුන්නා. ඒ කිරි බෝතලේ පිටතින් එලිෆන්ට් හවුස් කියලා වගේම ලාංඡනයේ ඉන්නේ අලියානේ. ඒ නිසා බබා හිතලා තියෙන්නේ එයා බොන්නේ අලි කිරි කියලා. හිතලා විතරක් නතර වුණා නම් මදැයි. එයා බොන්නෙ අලි කිරි කියලා යාළුවන්ටත් කියලා. හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා.මෙයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හවසට අර අඹ ගහේ අත්තක ලනුවක් ගැට ගහනවා. ඊට පස්සේ ටාසන් වගේ පොකුණේ ඒ පැත්තටයි මේ පැත්තටයි ලනුවෙ එල්ලිලා කෑ ගගහා යනවා. හැබැයි සේරම දඟ වැඩ ගෙදරදි තමයි. ඉස්කෝලෙදි නම් දඟ නෑ. කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙත් නෑ. ඉස්කෝලෙදී මොහොකටම හරි පුතාව තෝර ගත්තොත් ‘අනේ මට ලැජ්ජයි’ කියලා අයින් වෙනවා. පුංචි කාලේ පිරිසක් ඉදිරියේ වේදිකාවකට නග්ගන්න නම් කොහෙත්ම බෑ. දවසක් බබාව ගායනා තරගෙකට ඉස්කෝලෙන් ඉදිරිපත් කරලා. මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා.හැමදාම පුහුණුවීම්වලට යන අතරවාරෙදි මගෙන් අහන්නෙම, ‘අම්මෙ කොහොමද මං සෙනඟ ගොඩාක් ඉස්සරහ සින්දු කියන්නේ? මට ලැජ්ජයි අම්මෙ, මම අසනීප වුණොත් මොකද වෙන්නේ’ වගේ දේවල්. පස්සෙ ,පස්සෙ මටත් බය හිතුණා දරුවාට ගායන තරගෙ මානසික වදයක් වේවි කියලා. ඒ නිසා මගේ උනන්දුවත් ටික ටික අඩු වුණා. කොහොම හරි පුතාම හිතලා හිතලාම කැස්සක් හදා ගත්තා. එතනින්ම එයාගේ ගායන තරගෙත් අවසන්. දැන් නළුවෙක් වුණාට පුංචි දවස්වල ඔය වගේ තමයි ඉදිරිපත් වීමේ හැකියාව. බබා පොඩි කාලේ නම් මම හිතුවෙ එයා කවදා හරි විද්‍යාඥයෙක් වේවි කියලා. එයාට ඉස්කෝලේ යන කාලේ ගෙදර පුංචි විද්‍යාගාරයකුත් තිබුණා. එයයි තව එයාගේ යාළුවෝ කීප දෙනෙකුයි එකතු වෙලා විවිධ අත්හදා බැලීම් කරනවා විද්‍යාගාරයේදී. පුතාගේ පුංචි විද්‍යාගාරය තිබුණේ අපේ ගෙදර උඩ තට්ටුවේ කාමරයක. දවසක් මම කාමරේට ගිහාම දැක්කා ඇසිඩ් තියෙනවා. ඒක දැක්කාම මට හොඳටම බය හිතුණා. පොඩි අයනේ, මොනවා හරි කරන්න ගිහිල්ලා ඇසිඩ් කාගේ හරි ඇඟකට වීසි වුණා නම් . . . නමුත් ඉතින් හැම දේම වෙන්නේ දෛවය අනුවනේ. පුංචි කාලේ සිංදුවක් කියන්නවත් ඉදිරිපත් නොවුණු මගේ ලොකු පුතා දැන් රටම දන්න, රටම ආදරය කරන නළුවෙක්. මට ඒ ගැන සන්තෝසයි.
|


4:53 PM
S M S Lanka
පුංචි දවස්වල ඉඳන්ම බබා අනිත් අයව මෙහෙයවන්න හරි දක්ෂයි. සමහර විට එයා අපේ පවුලේ වැඩිමල් දරුවා නිසා වෙන්නත් ඇති.
හැබැයි අලි කිරි බොන්න ඇති කියලා මටත් හිතෙන තරමට පොඩි කාලේ දාංගලේ. අපේ ගෙදර ඉස්සරහ තිබුණා ලොකු පොන්ඩ් එකක්. ඒ ළඟම තව අඹ ගහකුත් තිබුණා.
මමත් ඉතින් කිසිම දේකට ඉදිරිපත් වෙන්නෙ නැති දරුවා මෙහෙම දේකට හරි ඉදිරිපත් වෙන එක කොච්චර දෙයක් ද කියලා හිතලා පුහුණුවීම්වලටත් එක්ක ගෙන ගියා.






වෙබ් අඩවි දෙකක් මඟින් මං ගැන අසත්‍ය කතා පැතිරුවා. ඉතින් මම ඒවාට විරුද්ධව නඩු දැම්මා. මගේ බිස්නස්වලට වගේම ගේ හදන්නත් සල්ලි දුන්නේ සිවුරු හළ කෙනෙක්ලු.


ඉදිරියේදී තිරගත වීමට තිබෙන චිත්‍රපට මොනවාද?
පු - පුලස්ති පරපුරෙන් පැවතෙන කෙනෙක්
පුබුදු පුංචි කාලේ හරිම පණ්ඩිතයි. පුංචි කාලේ කියලා කිව්වට මොකද? . . . ඉපදුණු දවසේ ඉඳලාම කළේ පණ්ඩිත වැඩ.
පුතා පෙර පාසලේ තිබුණ විවිධ ප්‍රසංගයේ අංග අටකට විතර හිටියා. කොහොම හරි පුතාට හරියටම විවිධ ප්‍රසංගයට දවස් දෙකකට කලින් උණ ගත්තා. ඒක දැනගත්තු පෙර පාසලේ සිස්ටර්ටත්, මැඩම්ටත් උණ අරගෙන.
පුතා පොඩි කාලේ හරිම ක්‍රියාශීලී දරුවෙක්. හැබැයි ඒ වගේම තමයි හරිම දඟයි. එක මොහොතක් එක තැනක ඉන්න බෑ. පඩි පෙළක්, ගහක් හෝ මොකක් හරි ටිකක් උස තැනක් දැක්කොත් නඟින්නමයි හදන්නේ.
අවුරුදු තුනේදී මගේ දඟ පැටියා කළ දඟ වැඩක් නිසා අපි හැමෝම බය වුණා. තාත්තා ඉස්සර වැඩට ගියේ මෝටර් බයික් එකකින්. ඉතින් දවසක් බයික් එක වෙනදා විදිහටම එළියේ නවත්තලා ගේ ඇතුළේ අපි කතා කර කර හිටියා. පුතා අපි හැමෝටම හොරෙන් බයික් එකට නැඟලා ස්ටාර්ට් කරගෙන ටිකක් ඉස්සරහට ගිහින්.





පාන්දරින්ම අවදි වන ජපන් ගෙදර සුදු මැණිකේ ලහි ලහියේම සාරි පොඩිත්තක් පටලවාගෙන මුතු පොටක් ගෙල දමා ගන්නේ සුපුරුදු පරිදිමයි. අම්මාගේ ලිප්ස්ටික් මූණ පුරා උලා ගත්තේ නම් කලබලය නිසා නම් නෙවෙයි.
සුදු මැණිකෙට පුංචි දවස්වල අසල්වාසීන් හැමෝම හරිම ආදරෙයි. එයාගේ උපන් දිනය දවසට මුළු ගමම අපේ ගෙදර. ඒ මොකද දන්නවාද? දුව හැම ගෙදරකටම ගිහිල්ලා කියනවා ‘අද මගේ උපන් දිනය, රෑට අපේ ගෙදර පාටියට එන්න’ කියලා.
දවසක් මම දුවත් එක්ක ගෙන අවුරුදු උත්සවයක් බලන්න ගියා. ‘සිඟිති අවුරුදු කුමරි’ තරගෙ අවසන් වෙලා ටිකක් වෙලා ගිහාම මගේ පොඩි කෙල්ල අඬන්න පටන් ගත්තා. එයාටත් සිඟිති අවුරුදු කුමාරියක් වෙන්න ඕන කියලා.
දන්නවාද පෙර පාසල් යන කොට එයාගේ බෑග් එකේ තිබුණේ මොනවද කියලා? කෑම පෙට්ටියයි, සර්වියට් එකයි, සෙල්ලම් බඩුවකුයි විතරමයි.
මගුල් ගෙදරක යනකොට කාන්තාවන් සාමාන්‍යයෙන් ලිප්ස්ටික් එකක් හෑන්ඩ් බෑග් එකේ දාගෙන යනවානේ. දුව ඒ ගැන දන්නවා. ඒ නිසා එයා හැමෝගෙම පර්ස් අවුස්සනවා. පස්සෙ පස්සෙ කට්ටිය වත්සලාව දකින කොටම පර්ස් හංග ගත්තා. නැත්නම් ඉතින් බේරිල්ලක් නෑනේ.
ඔන්න ඉතින් මමයි දුවයි ගමනක් ගිහිල්ලා ගෙදර ආවා ත්‍රීවීල් එකකින්. ත්‍රීවීල් එක ගේට්ටුවෙන් ඇතුළු වෙලා නවත්තන්න කලින් දූ ත්‍රීවීල් එකෙන් පැන්නා. කෙල්ල ගොඩාක් බය වුණේ මං හිතන විදිහට මගේ කෑගැහිල්ලට.
හැබැයි පයින් එන්නෙ නම් එක අඩියයි. ඉතිරි ටික එන්නෙ කොහොමද දන්නවාද? නංගිගේ දිහා බල බලනේ එන්නේ. ඉතින් කකුල පටලැවිලා වැටෙනවා. වැටුණ ගමන්ම එහෙන්මම පල්ලෙහාට රෝල් වෙනවා. 
මේ වගේ තහනමක් බිපාෂාගේ ඇසුර තිබුණු කාලයේ දී වලංගු වුණේ ඇයි...? ඔබ ‘සලාම් - ඊ - ඉෂ්ක්’ චිත්‍රපටය නැරඹුවා නම් එහි ජෝන් සහ විද්‍යා පෙම්වතුන් ලෙස රඟපෑවා ඔබට මතකද? (2007 දී මේ චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ද තිරගත වූවා) මේ චිත්‍රපටය රූපගත කළ කාලයේ දී ජෝන් සහ විද්‍යා අතර පෙම් පටලැවිල්ලක් ඇතිවෙලා. මේ කාරණය හෙළි වී තිබෙන්නේ මේ ළඟදීයි. නමුත්, බිපාෂාට නම් ඒ කාලයේ දී ම මේ ගැන ඉව වැටිලා. ඒ වනවිට ද ජෝන්ගේ පෙම්වතිය වුණේ බිපාෂායි.
”මට නිවේදන කලාව නුහුරු නුපුරුදු දෙයක් නෙමෙයි. ඒත් ලංකාවේ ජනප්‍රියතම රියැලිටි වැඩසටහන වන ’රණවිරු රියල් ස්ටාර්’ දෙවැනි අදියරට නිවේදිකාවක ලෙස මටත් එක්වන්නට වාසනාව ලැබුණා. ඇත්තටම, මම මීට පෙර රියැලිටි වැඩ සටහන්වල නිවේදිකාවක ලෙස කටයුතු කරලා නැහැ.
නදීශා හේමමාලි වර්තමාන රංගන ක්‍ෂේත්‍රයේ සිsටින ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය වන ඇත්කඳ ලිහිණියා ටෙලිනාට්‍යය තුළිsන් නිෂ්පාදිකාවක් ලෙසට ක්‍ෂේත්‍රයට පිවිස සිටිනවා. එපමණක් ද නොව නදීශා විසින් එලෙසින් නිෂ්පාදනය කර විකාශය කරන මෙම ටෙලිනාට්‍යය විශේෂ ප්‍රෙක්‍ෂක අවධානයකට ද ලක්‌ව තිබෙනවා. ඒ පැරැණි කතා තේමාවක් ඔස්‌සේ ඇත්කඳ ලිහිණියා නිර්මාණය වී ඇති නිසයි. 
කුකීට අවුරුදු දෙකහමාරක් වෙන කොට මම එයාව පෙර පාසල් දැම්මා. ඒ නිසා එයා තමයි පෙර පාසලේ හිටපු පුංචිම පැංචි. පුංචි පැංචි වුණාට කිසිම වැඩකදී පිටිපස්සට නම් යන්නේ නෑ. දැන් වගේම නෙහාරා පොඩි කාලෙත් නටන්න වගේම සිංදු කියන්නත් හරිම දක්ෂයි. පෙර පාසලේදී විතරක් නෙවෙයි, ඉස්කෝලෙදිත් නෙහාරා නැතිව විවිධ ප්‍රසංගයක් නම් කෙරෙන්නෙම නෑ.







අනුරාධා ඔබ රංගන ක්‍ෂේත්‍රයට පිවිස කොපමණ කලක් වෙනවාද?






