Showing posts with label StageDrama. Show all posts
Showing posts with label StageDrama. Show all posts

Saturday, September 17, 2011

‘බූවල්ලා’

© Copy Rights - http://www.sarasaviya.lk
තවත් අලුත් ආරක වේදිකා නාට්‍යයක් රැගෙන සුනිල් ශ්‍රී මෙම මස 21 වැනිදා මරදාන ටවර් රඟහලේදී ප්‍රේක්ෂකයන් හමුවීමට සැරසෙයි.
‘බූවල්ලා’ නම් වූ එය සුනිල්ගේ දාහතර වැනි වේදිකා නාට්‍යයි.
මෙහි සංකල්පය වසර ගණනාවක් තිස්සේ මගේ සිතේ දෝලනය වෙවී තිබුණා. මේක අමුතුම අන්දමේ වේදිකා නාට්‍යයක්. දරුවො නිසා ගෙදරින් බැහැර වන මව්පියන් පිළිබඳවත්, මව්පියන් නිසා ගෙදරින් බැහැර වන මව්පියන් පිළිඳවත් තමයි මෙයින් කිය වෙන්නේ.
‘බූවල්ලාත්’ ඔබ මීට ප්‍රථම නිිර්මාණය කළ ඒවා වගේම ප්‍රහසනයක්ද?
හාස්‍ය ඔස්සේ යම්කිසි පණිවුඩයක් ජනතාව අතරට ගෙනි යන්න ලේසියි. මෙහි හාස්‍ය පැත්තට වැඩි නැඹුරුතාවයක් තිබුණට ඒකෙ එක අසභ්‍ය වචනයක්වත් නැහැ. මේක මම වගකීමෙන් කියන්නේ. අද සමහර වේදිකා නාට්‍යයවල විහිළු ලෙස භාවිත කරන්නේ කුණුහරුප. ඒත් මගේ නාට්‍යය පවුලේ සැමට එකට රස විඳිය හැකියි.
බොහෝ නාට්‍යකරුවන් වේදිකාව අතහැර යන යුගයක ඔබ වේදිකා නාට්‍යකරණයේම නියැලෙන්නේ ඇයි?
මට විශ්වාසයෙන් යමක් කරන්න පුළුවන් වේදිකාවේ. මං නිර්මාණය කළ වේදිකා නාට්‍යය සාර්ථක වුණා. තොත්ත බබාලා, බර අවි ඊට හොඳම උදාහරණ. ‘බර අවි’ දර්ශන වාර දෙසීයයකට අධික ගණනක් කළා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් තිබුණා. තව දෙයක් තියනවා, මා වටා ඉන්නවා නාට්‍ය සංවිධායක පිරිසක්. ඔවුන් මගෙන් නිතරම මගේ නාට්‍යයක් ඉල්ලනවා. එහෙම තත්ත්වයක් තියෙද්දි මං වේදිකාවෙන් බැහැර වෙන්නේ කොහොමද?
බූවල්ලාට අමතරව මොනවද ඔබේ වෙනත් කලා කටයුතු?
මං චිත්‍රපටයක තිර පිටපතක් ලියමින් සිටිනවා. ඒක අතරමඟ නවතා දමලයි බූවල්ලා පටන් ගත්තේ. ඊට අමතරව විශේෂ කටයුත්තක් සිදු කෙරෙන්නේ නැහැ.
‘බූවල්ලා’ සඳහා යොදාගෙන ඇති සම්පත් දායකත්වය ගැන පැවසුවොත්?
ජයසේකර අපෝන්සු, සුසිලා කෝට්ටගේ, නන්දන හෙට්ටිආරච්චි, සුදර්ශි ගැලනිගම, ශාන්ත ප්‍රියදර්ශන, නිලන්ති ගුණවර්ධන, රොමේෂ් සංජේ, නිහාල් විතානගේ, ලලින්ද්‍රි, දිසානායක, සූරිය බණ්ඩාර, ධනුක සිල්වා, නිමල් රෝහිත, ගාමිණී කොස්තා සමඟ මම මෙහි චරිත නිරූපණයේ යෙදෙනවා.
සුමුදු සූරියකුමාර විදුලි ආලෝකයෙන් ද, ගාමිණී කොස්තා අංග රචනයෙන් ද, තිස්ස වීරවර්ධන පසුතල නිර්මාණයෙන් ද, ලකී දේවා සංගීතයෙන් ද, කොල්වින් රාජපක්ෂ නිෂ්පාදනයෙන් ද මෙයට එකතු වෙනවා.

Friday, September 16, 2011

චරිත 8ක් බලන්න කැමතිද? | Stage play "චරිත 8ක්"





වෛද්‍ය පර්යේෂණ ආයතනයේ, සුබසාධක සංගමය විසින් සංවිධානය කරන විල්සන් ගුණරත්නගේ "චරිත 8ක්" ප්‍රහසන වේදිකා නාට්‍යය සැප්තම්බර් මස 30 දින සවස මරදාන ටවර් හෝල් හිදී රඟදැක්වේ. ටිකට්පත් එදින දොරටුවෙන් ලබාගත හැක. නාට්‍යලෝලී ඔබ සැමට ආරාධනා!!

වැඩි විස්තර සඳහා අමතන්න සිසිර 0112693532, 0714069554 
 
News From Nutrition & Lifestyle

Thursday, September 15, 2011

මම වෙනම මලක්

(කොළඹ-ලංකාපුවත්) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2011 ජාතික ළමා නාට්‍ය උ‍ළලේ හත්වන දිනය අදයි.
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ‘පොරොන්දුව’, පූගොඩ කුමාරි මුල්ල මුස්ලිම් විද්‍යාලයේ ‘සන්තෝෂමන කලුදෙයි’, නාලක ස්වර්ණතිලකගේ ‍’මම වෙනම මලක්’ යන නාට්‍යයන් අද (16) දින වේදිකා ගත කෙරේ.
කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පස්වරු 05.00ට මෙම නාට්‍ය වේදිකාගත කෙරෙන අතර මෙම සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිවේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money