Showing posts with label Announcement. Show all posts
Showing posts with label Announcement. Show all posts

Friday, November 4, 2011

නයිසලරාගේ ‘රන් සරය

රන් සරය

රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.
ජීවිතයේ සොඳුරු ප්‍රාර්ථනා රැසක් හදවත රුවා ගනිමින් සොඳුරු සමනළියක සේ ලොව දකින්නට පෙරුම් පුරනා නිෂාම් නයිසලරා දියණිය පසුගිය දිනක ‘සරසවිය’ට ගොඩ වැඳුණා. ඒ ඇගේ හදවත රැඳුනු බලාපොරොත්තු ගැන අපට කියන්නටයි.
‘රන් සරය කියන මේ සංයුක්ත තැටියට ගීත දොළහක් අඩංගුයි. සම්බුද්ධ ජයන්තිය මූලික කරගත් වගේම මව් ගුණ ගී, පිය ගුණ ගී, පරිසරය සම්බන්ධව ගයන ගීතත් මේ පටයට ඇතුළත්. කාලයක පටන් මගේ සිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවක් මේ විදියට මල්ඵල ගැනුණේ පසුගිය සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ වුණු කාලයේදීයි.
මේ සඳහා මාව වඩාත් උනන්දු කළේ මගේ අම්මා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ලෙස කටයුතු කරන ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු. මුලින්ම මගේ දක්ෂතාවයන් මොනවද කියන කාරණය පිළිබඳ ඈ හොඳ අවබෝධයකින් පසු වුණා. ඒ නිසාදෝ ඈ මාව මුලින්ම යොමු කළේ ගුවන් විදුලියේ විදුල ගුවන් විදුලියටයි.
එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි.
මේ ඔස්සේ දක්ෂතා එළි දැක්වීමට ජීවන ගමන් මගේ යෝධ ශක්තියක් වන්නේ මගේ අම්මා. ඈ සුවිසල් රුකක් සේ මා අභියසම ඉඳන් මා දිරිමත් කරනවා. ඒ අනුවයි ‘රන් සරය’ එළි දකින්නේ.
මේ සංයුක්ත තැටියේ අඩංගු ගීතවල පද රචනයෙන් හා සංගීතයෙන් ධම්මික පතිරාජ, සුජීව හෙට්ටිතන්ත්‍රී, දිලිප් නානායක්කාර, ධර්මප්‍රිය රණවක, අනූෂා ගෝකුළ, විජිත් කණුගල, සිසිර කුමාර මහගම කියන මාමලා වගේම චාන්දනී වර්ෂකෝන්, ජානක ෆොන්සේකා, ශාන්ත පීරිස්, කරුණාරත්න විජේවර්ධන, කීර්ති විදානගමගේ, කුමාර කොඩිතුවක්කු ඇතුළු ගොඩක් මාමලා මට උදව් කළා. ඒ කළ හැම දෙයක් වෙනුවෙන්ම මගේ අම්මාටත්, තාත්තාටත් ඒ හැමෝටමත් බොහොම ස්තුතිවන්ත වෙනවා.’
දඟකාර සමනලිය පවසන්නේ හද පිරි සතුට දෝරේ ගලන අතරතුරදියි. නිෂාම් දූ ගී කියන්න වගේම නිවේදනයට වගේම ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ‘මම ඉගෙන ගන්නේ වත්තල යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ.
සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි කියන භාෂා තුනෙන්ම ගීත කියන්නත්, කතා කරන්නත් මට පුළුවන්. අනාගතයේදී හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙන්න මම කැමැතියි.’
ඈ කියන්නේ දහසක් බලාපොරොත්තු රැඳි දෙනෙතින්. නිෂාම් දුවේ නුඹට සුබ අනාගතයක්. සරසවිය වෙතින් නුඹට සුබ පැතුම්.

Tuesday, October 18, 2011

වැඩක් කරගන්න ඕනම ඔ‍ෆිස් එකකට යනකොට මේ ගැන හිතලා තියනවද කවදාවත්


ටිකක් විතර බ්ලොග් එකක පොස්ට් විදිහට නොගිය මාතෘකාවක් කියලා මම හිතනවා මම මේ කියන දේ නම්.... එත් මේකේ අනිත් පැත්ත ගැන නම් ගොඩාක් බ්ලොග් වල ලියලා තියනවා මම දැකලා කියවලා තියනවා......  ඔයාලටත් මොකක් හරි වැඩක් කරගන්න ගියහම මෙහෙම හිතිලා ඇති...

මුන් නම් කිසිම වැඩක් කරන්නේ නැ බොරුවට අපේ සල්ලි කකා අයිස් ගහනවා කියලා

සමහර අය එහෙමම කරන අයත් නැත්තේමත් නැතුව ඇති... එත් ඔය බනින හැමෝම බනින්නේ රටේ වැඩ කරන ජනතාවටමයි... එහෙම කරන එක්කෙනෙක්ට විතරක් නම් නෙමේ...

ඇත්ත අපි අපේ කාලේ  මුදල් වැය කරගෙන ඕනම තැනකට ගිහින් වැඩක් කරගන්න හදන්නේ ගොඩාක් ඉක්මනට... අපේ වැඩේ ඉක්මනට කරගෙන එන්නනේ අපිට ඕනේ... ඇත්ත අපිට තියෙන්නේ ඒ වැඩේ විතරක් නෙමේනේ නේද???

එත් ඔයාලා කවදාවත් මෙහෙම හිතලා තියනවද???

මෙතන ඉන්නේත් අපි වගේම මිනිස්සු ටිකක්.. අපිට වගේම මේ අයටත් අවශයතාවයන් ඇති වෙනවා.... කියලා

පොඩ්ඩක් මෙහෙම හිතන්නකෝ... ඔයාලාට මොන වැඩේ තිබුනත් ඔයාලට බඩගින්නක් ආවහම කන්නේ නැද්ද????

ශරිර කෘත්යක් ඇති උනහම ඒක කරන්නේ නැද්ද???

කරනවනේ ඉතින් ඔයාලා යනවා වැඩක් කරගන්න ඔන්න එතකොට ඔය කියන කෙනා කැමට ගිහින්... ඔයාලගේ වැඩේ කරගන්න තියන හදිසියට ඔයාලා එලිපිට නොබැන්නත් හිතින් බනිනවා.. කැමට පැය ගානක් ගන්නවා නම් වැරදියි තමයි... ඒත් ඉතින් ඔයා කරගන්න ගිය වැඩේ වගේම තවත් ගොඩාක් දෙනෙක්ගේ වැඩ කරන්න ඔනේ ඔය කියන කෙනාමනේ.. ඔයාගේ වැඩේ වගේම අනිත් අයටත් එයාලගේ වැඩේ වැදගත්.. ඉක්මනට කරගන්න ඕනා.. ඉතින් හැමෝම එහෙම හිතපුවහම කැමට වෙලාවක් ඉතුරු වෙයිද???

ඇත්තටම මම වැඩ කරන්නේ බැන්ක් එකක කියලා දන්න්වනේ..... අනිත් එක දැනට මම වඩ කරන්නේත් කවුන්ටර් එකේ.. සමහර  දවස් වලදි කන්න වෙන්නේ බැන්ක් එක වහපුවහම... (3න් පස්සේ) ගෙදරින් ගෙනියන බත් එක එතකොට කන්න බැ... නොකා ඉන්න වෙලාවල් ඕන තරම්...

කස්ටමර් ඉස් කින් අපේ තියරිය...

ඇත්තටම කැමට පැයක් ගන්න පුලුවන් උනත් තවම නම් මේ මගේ ‍රැකියා ජිවිතේ විනඩි 15 කට 20 කට වඩා ගත්තු දවස් නම් තිබිලම නැ.... සමහර දවස් වල කැම එක කකා ඉන්නකොට දේවා (බැන්ක් එකෙත් එහෙම කියන අය ඉන්නවා) කවුන්ටරේ ටිකක් සෙනග වැඩි වගේ කියලා සිකියුරිටි අය්යා කියනකොට බත් එක ඩස්පින් එකට දාලා දුවපු දවසුත් ඕන තරම්....  ඇත්තටම මම මේ පොස්ට් එක ලියන්නේ මට උනු දෙයක් ගැන ලියන්න නම් නෙමේ... ඒත් මට හිතෙනවා ඕනම වැඩ කරන තැනකට ඇවිත් වැඩේ ආපු ගමන් කරගන්න බැරි උනහම බනින අය කොයි තරම් උන්නත් වැඩක් කරපුවහම ඒ ගැන කතා කරන අය අඩුයි කියලා...

ඕනම මනුස්සයෙකුට විවිදාකාරයේ අවශයතා ඇති වෙනවා.. වැඩ කරන වෙලාවට ඒවා අදාල නැති උනත් ඇත්තටම අසනිපයකට බේත් පෙත්තක් බොන්න, වතුර තිබහට වතුර ටිකක් බොන්න, හදිසි අවශයතාවයකට වොශ් රුම් යන්න, ලන්ච් එකට යන්න වෙනවා කියන එක සාධාරණයි.... සමහර වෙලා වල් වල වැඩක් කරගන්න ගිඅ ගමන් ඒ වැඩේ කරගන්න බැරි උනහම කැ ගහන අය ට පුලුවන්නම් පොඩ්ඩක් හිතන්න මේ ලොකේ මේ වැඩේ කරගන්න්න තියෙන්නේ මට විතරක් නෙමේ.. මට විතරමයි නම් මේක තියෙන්නේ කරගන්න මේ තරම් වෙලා යන එක වැරදියි එත් එහෙම නෙමේනේ කියලා හිතනවා නම් ඇත්තටම හොදයි කියලා මට නම් හිතෙනවා

තව පුන්චි දෙයක්... මොකක් හරි වැඩක කරන ප්‍රෝසිඩියර් එකක් තියනවානේ එකට උවමනා කරන ලිපි ලේඛන තියනවානේ.. එවා සම්පුර්න කරගන්නේ නැතුව වැඩක් කර ගන්න ගියහම ඒවා වෙනුවෙන් එහෙට මෙහෙට යන්න උනහම ටිකක් කෙන්ති යනවා තමයි... එත් ඉතින් කලින්ම ඒවා ගැන දැනුවත් වෙලා ඒ දේවල්වලට රේඩි වෙලා ගියොත් ඒ රස්තියාදු විම් අඩු කර ගන්න පුලුවන් නේද???


ඔයාලා ආයෙත් හිතලා බලන්න මොකක් හරි වැඩක් කරගන්න ඔයාලා කොහේ හරි ඔ‍ෆිස් එකකට යනකොට ඒ වැඩේ මේ ලොකේ තියන එකම කෙනා ඔයා විතරයි කියලා හිතන එක හරිද??

ඔයා වගේ තව කී දෙනෙක් මෙහෙම ඇවිත් එක දිගට කියක් වැඩ කරගෙන ගිහින් ඇතිද අඩුම තරමේ කැමටවත් යන්න ඕනා නේද?? අපිට කොයි තරම් වැඩ තිබුනත් කන වෙලාව ගන්නවා නේද කන්න කියලා හිතන්න පුලුවන්නම් හොදයි නේද??

තමන්ගේ අඩු පාඩු තියගෙන යන්නේ නැතුව ඒ දේවල් සම්පුර්ණ කරගෙන යන්න  පුලුවන් නම් ඒකට ගතවෙන කාලය වගේම හිතට දැනෙන සිතුවිලි පවා ලස්සන වෙනවා කියලා හිතන්න පුලුවන්නම්
(සමහර තැන් වල මටම වෙලා තියනවා වැඩක් කරගෙන එන්න ගියාහම එක තැනක් කාගෙන හරි අත්සනක් අරන් එන්න ගිහින් ආයේ දුන්නහම තව කලින් ගිය තැනම ඉන්න තව කෙනෙකුගෙන් තව අත්සනක් අරන් එන්න ඕනා කියලා කියන.. ඒක පාර කරගෙන එන්න මම දන්නේ නැනේ.. ඉතින් හොදම දේ කරන්න තියන වැඩ ඔක්කොම එක පාර අහගෙන වැඩේ කරගෙන යන එකයි)

ප.ලි : මේ ඔක්කෝම මට හිතෙන දේවල් තමා... සමහර විට මම හිතන විදිහ වැරදි ඇති... ඔයාලට පුලුවන් ඒ ගැන කියන්න
|

ලංකා වැසියෙක් නම් අනිවාර්යයෙන් කියවන්න... (උපුටා ගැනීමකි)

මේ එක්‌තරා කනගාටුදායක සිද්ධියකි. අපේ රටට වරක්‌ පැමිණි සංචාරකයන් නැවත අපේ රටට පැමිණෙන්නේ නැත. මට හමුවූ ජර්මන්, ස්‌විට්‌සර්ලන්ත හා විශේෂයෙන්ම ඇමරිකානු ජාතිකයන් සෑම කෙනෙක්‌ම කීවේ ශ්‍රී ලංකාවට නැවත නොයන බවයි. අපේ රටේ නොයන කාරණා තුනක්‌ ඔවුන් සඳහන් කරනවා. ඉන් වැඩිම කොටසක්‌ ප්‍රධානම වශයෙන් සඳහන් කරන්නේ අපේ ටේ අමන රියෑදුරන් සම්බන්ධවයි. මේ කණගාටුදායක අසුබ ආරංචිය මට මගේ රට ගැන විශාල දුකක්‌ ඇති කළා. මේ සිදුවීමෙන් පසු මට මගේ මව් බිම වෙනුවෙන් මේ සම්බන්ධව යම්කිසි දෙයක්‌ ඉටු කළ යුතු බව හැඟී ගියා.
මම තීරණයකට එළැඹියා. මා ළඟදී ලංකාවට යනවා නිවාඩුවකට. ඒ ගිය විට මේ සම්බන්ධව සමීක්‍ෂණයක්‌ කළ යුතු බව සමහර සංචාරකයන් සඳහන් කළේ ලංකාවට ගිය විට විවිධ ස්‌ථාන නැරඹීමට යැමට මුලින් අදහස්‌ කර සිටියත් මේ අමන රියෑදුරන් නිසා ඔවුන් විශාල තැති ගැන්මකට පත්වූ හෙයින් සියලුම ගමන් බිමන් අවලංගු කළ බවයි. අපි මුලින් දැන සිටියේ නැහැ ශ්‍රී ලංකාවේ මෙවැනි රියෑදුරන් සිටින බවක්‌. මෙම චෝදනාව අපේ සංචාරක ව්‍යාපාරයට ඉතාම තදබල පහරක්‌. මා ශ්‍රී ලංකාවට ආ පසු කළ සමීක්‍ෂණයේදී මට සිහිපත් වූවා සංචාරකයන් ප්‍රකාශ කළ දේ සම්පූර්ණ ඇත්තක්‌ බව. අපේ රථ වාහන දෙපාර්තමේන්තුවට ක්‍රමවත් රියෑදුරු පුහුණු කිරීමේ වැඩපිළිවෙළක්‌ නොමැති බව, මට එක හෙළාම අවබෝධ වූවා. මට පෙනී ගියේ මෙය විශාල ජාතික අපරාධයක්‌ ලෙසයි. මේ හේතූන් මත අප කොහොමද විනීත රියෑදුරන් බලාපොරොත්තු වෙන්නේ. අසරණ දරුවන්, මිනිසුන් කොපමණ සංඛ්‍යාවක්‌ නිරපරාදේ මිය යනවද? කවුද? මේ අසරණ ජීවිතවලට වග කියන්නේ. ක්‍රමවත් රියෑදුරු පුහුණුවක්‌ නොලැබීම අසරණ දහස්‌ ගණනකගේ ජීවිත විනාශ වීමට හේතුවයි.

අපේ රටේ පුවත්පත්වලින් රූපවාහිනියෙන් අහන්න ලැබෙන්නේ ඊයේ සිදුවුණ මාරක රිය අනතුරින් තිදෙනකු මියගොස්‌ දෙදෙනකුට බරපතළ තුවාල සිදුවී ඇත. පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වයි යන්නයි. මේ අපිට හැමදාම අහන්න ලැබෙන ප්‍රවෘත්තිය. මොකක්‌ද පොලිසිය කළ පරීක්‍ෂණය. කෝ ප්‍රගති වාර්තාවක්‌. මොකක්‌ද යෙදූ පිළියම. හැමදාම අහන බනේම තමයි අපි අදටත් අහන්නේ. පාරට බැහැලා විනාඩි 15 ක්‌ පමණ පාර දිහා බලා සිටින විට පෙනී යනවා අපි කොයි තරම් ලෝකයේ නොදියුණු මිනිසුන් කොටසක්‌ද බව. මම උදාහරණයකට පෙන්වා දෙන්නම් කහ ඉර. පාර මාරුවෙන්න කහ ඉර මත ළමයෙක්‌ වඩාගෙන තවත් දරුවෙක්‌ අතින් අල්ලාගෙන සිටින අසරණ කාන්තාවට වාහන නතර කර ඉඩ සලසා දෙන්න තරම් විනීත රියෑදුරන් මා දුටුවේ 5% පමණ සුළු පිරිසකි. මා අනෙක්‌ පුදුමයට පත්වුණ කාරණාව වූයේ සියලුම වාහන ගියාට පසුවයි මිනිසුන් පාර මාරු වුණේ. තවත් මා දුටු දෙයක්‌ කහ ඉර පනින මිනිසුන් තම අතින් වාහනයට නවතින්න සංඥවක්‌ දෙමින් කහ ඉර මාරුවන අයත් මා දුටුවා. මා ඉහතින් සඳහන් කළ දේ වැරදි නැහැනේ. අපි කොයිතරම් ලෝකයේ නොදියුණු ජාතියක්‌ද. අපේ රටට පැමිණෙන සංචාරකයන් මෙවැනි නූගත් වැඩ දැකීමට කොහෙත්ම කැමැති නැත. මට නම් මෙවැනි දේවල් දැකීමෙන් මගේ රට ගැන විශාල කනගාටුවක්‌ ඇති වුණා. මෙවැනි දේවල් ඇතිවන්න හේතූන් මා සෙව්වා. කනගාටුවෙන් සඳහන් කළ යුතු කාරණාවක්‌ වන්නේ ලියන්න, කියන්න බැරි රියෑදුරන් 12% පමණ අප රටේ සිටිනවා. විශේෂයෙන්ම මේ පිරිස මාර්ග නීති, රීති කිසිවක්‌ දන්නේ නැහැ. උගත් නූගත් මේ දෙපිරිසම කහ ඉර පනින මිනිසුන්ට පවා වාහන නලාව ශබ්ද කරන්න තරම් නොදැනුවත් කමක්‌ තිබෙන්නේ. මෙවැනි හේතූන් මත නිසියාකාර ක්‍රමවේදයකින් තොරව ලබාගත් රියෑදුරු බලපත් හිමියන් සෑම දිනකම අසරණ ජීවිත ගණනාවක්‌ බිලිගන්නවා. ඒ සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරීන් මොකද කරන්නේ? මෙවැනි නූගත් රියෑදුරන් දැනුවත් කිරීමට රූපවාහිනි වැඩසටහන් ප්‍රචාරය කරවීම ඉතාම වැදගත්. මේ අවස්‌ථාවේ මා වැදගත් දෙයක්‌ සඳහන් කරමි. රටක විනීත රියෑදුරන් ඇති කළ හැකි ක්‍රමයක්‌. ඇමරිකාවේ රියෑදුරු බලපත්‍රයක්‌ ලබාදෙන හැටි මා මේ අවස්‌ථාවේ සඳහන් කරන්නම්. ප්‍රථමයෙන්ම මාර්ග නීති රීති පිළිබඳව ප්‍රශ්න 75 ක්‌ පාඩම් කළ යුතුයි. මෙයින් පසු පරීක්‍ෂණයට ඉදිරිපත් විය යුතුයි. මෙයින් ප්‍රශ්න 20 කට පිළිතුරු සැපයිය යුතුයි. අනිවාර්යෙන්ම ලකුණු 80-100 ක්‌ ලබාගත යුතුයි. මෙම ප්‍රශ්න 75 ට විශේෂයෙන්ම කහඉර එනම් මිනිසුන් පාර මාරුවන ස්‌ථානය පිළිබඳව විශේෂ අවධානයක්‌ ඇති කරලීම සඳහා ප්‍රශ්න 6 ක්‌ ඇතුළත් වී තිබෙනවා. අපේ රටේ සමහර රියෑදුරන් මේ කහ ඉර තිබෙන්නේ මොනවටද කියාවත් දැනුමක්‌ නැත. මෙවැනි හේතූන් මතයි සංචාරකයන් අපිව නොදියුණු ජාතියක්‌ හැටියට හඳුන්වන්නේ. මා නැවතත් මාගේ මුල් ප්‍රශ්න මාලාවට යනවා. ප්‍රශ්නවලට පිළිතුරු සපයා ලකුණු 80-100 අතර ලබාගත් විට ඔහු ඊළඟ පරීක්‍ෂණයට සූදානම් වෙනවා. මෙයින් පසු ඔහු සමත් බවට නිකුත් කරන කාඩ්පත සමග තමන් කැමති රියෑදුරු පාසලකට යා යුතුයි. රියෑදුරු පාසලේදී තමන්ට කැමති පැය 20, 30, 40 හෝ එයට වැඩිය පැය ගණනක්‌ වුවද මුදල් ගෙවා පුහුණුවක්‌ ලබාගත යුතුයි. මේ රියෑදුරු පුහුණුවෙන් පසු රියෑදුරු උපදේශකවරයා තීරණය කරනවා රජයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂණය සඳහා ඔහු හෝ ඇය සුදුසුද නැද්ද යන වග. අවසාන වශයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සමීක්‍ෂණයට පෙනී සිටිය යුතුයි. සමීක්‍ෂණ නිලධාරියාගේ අධීක්‍ෂණය යටතේ රථය පැදවිය යුතුයි. එම නිලධාරියාගේ ලැබෙන ලකුණු මතයි රියෑදුරු බලපත්‍රය ලැබෙන්නේ. මේ නිලධාරියා අකටයුතු කම්වල නොයෙදන ඉතාම අවංක මහත්මයෙක්‌. මේ අවසාන පරීක්‍ෂණය අවස්‌ථාවේ අප හට ඔහු සමග කතා කිරීම තහනම්. අනෙක්‌ සඳහන් කළ යුතු දේ තමා පිළිගත් රියෑදුරු පාසලකින් හැර පුද්ගලිකව රිය පැදවීම ඉගෙන ගැනීම ඇමරිකාවේ තහනම් නීතියක්‌. අපේ රටේ මේ තහනම් නීතිය ක්‍රියාත්මක වෙනවා. නීති රීති ගැන හරි අවබෝධයක්‌ නැති රියෑදුරෙක්‌ තව කෙනෙකුට උගන්වන්නේ කොහොමද? පෞද්ගලිකව කෙනෙකුගෙන් රියෑදුරු පුහුණුවක්‌ ලබන තැනැත්තා, අවංක, විනීත, නීතිගරුක රියෑදුරෙකු වන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මා ශ්‍රී ලංකාව තුළ දුටුවේ නම් ඉතාම අවිනීත මනුස්‌සකම පළාතකවත් නැති දඩබ්බරව මාර්ග නීති රීති කඩ කරමින් පුදුම කලබලකාරී රුපියල් මිලියන ගණනක වෙළෙ¹මකට දුවන නරුමයන් පිරිසකි. මනුස්‌සත්වය මොකක්‌ද කියාවත් ඔවුන් දන්නේ නැහැ. මේ තමයි සංචාරකයන් තැති ගැන්මකට හා කණස්‌සල්ලට පත් වූ සිද්ධිය. ඔවුන් මා වෙත කළ ප්‍රබලම චෝදනාවයි. තවදුරටත් ඔවුන් පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්‌තානය, හා අප්‍රිකානු රටවල පමණයි මෙවැනි රියෑදුරන් දැකිය හැක්‌කේ.

රියෑදුරන් කරන අනෙක්‌ වැරදිවලට වඩා මාරාන්තික හා භයානකම වැරැද්ද මෙයයි. මේ අමානුෂික රිය ධාවනය හේතුවෙන් පාර දෙපැත්තේ ජීවත්වන අසරණ දරුවන්, රෝගීන්, මහල්ලන් සහ අසරණ ජනතාව කියා නිම කළ නොහැකි මානසික පීඩනයක්‌ ලබන්නේ මේ දරුණු වාහන නලා ශබ්දය හේතුවෙන්. කවුද මේ ගැන සමීක්‍ෂණයක්‌ කරන්නේ. කාටද මේවා කියන්නේ. මේ ගැන සොයා බලන්න සමීක්‍ෂණයක්‌ කරන්න තරම් අපි දියුණු මදි. ශිෂ්ඨ සම්පන්න බුද්ධිමත් රටවල නලා ශබ්දයක්‌ ඇහෙන්නේවත් නැත. මගේ සමීක්‍ෂණයට අසුවුණේ වැඩිපුරම වාහන නලාව ශබ්ද කරන පුද්ගලයන් වූයේ පෞද්ගලික බස්‌ රථ, ලොරි, ටිපර්, ත්‍රීවීලර් රථ රියෑදුරන්ය. ලෝකයේ දියුණු රටවල නීතියක්‌ තිබෙනවා. සවස 6 න් පසු හදිසියකදීවත් වාහන නලා ශබ්ද කිරීම තහනම්. නමුත් අපේ රටේ එවැනි නීතියක්‌ ක්‍රියාත්මක වන්නේ නැත. අපේ රියෑදුරන් පාන්දර 2-3 ටත් වාහන නලාව ශබ්ද කරනවා. නොදියුණු කමයි මෙයට ප්‍රධාන හේතුව. සියලුම මිනිසුන් නින්දට වැටී තිබෙන්නේ අපේ රියෑදුරන්ට එතරම් දුරට සිතන්න තරම් ශක්‌තියක්‌ නැත. මේ අපේ රටේ තහනම් විය යුතු දේවල්.

දියුණු රටවල මෙන් මෙම දියුණු තාක්‍ෂණය අප වහා ක්‍රියාත්මක කළ යුතුයි. දියුණු රටවල මෙන් අපේ රටේ පාර මැද කහ ඉරි දෙක නැත. අපේ රටේ සිදුවන අනතුරුවලට ප්‍රධානම හේතුව මෙයයි. මෙම කහ ඉරි දෙක අධිවේගී මාර්ග හැර, අපේ රටේ අනෙක්‌ සෑම මාර්ගයකම තිබිය යුතුයි. සෑම සැතපුම් 5 න් 5 ට ස්‌ථානවල හැටියට වේග සීමා සඳහන් පුවරු සවි කළ යුතුයි. මෙම කහ ඉරි දෙකෙහි ප්‍රධාන හේතුව කිසිම රියෑදුරෙකුට අභිබවා යැම තහනම් (OVER TAKE) යා යුතු ගමන් වේගය සඳහන් වී තිබෙනවා. මේ දියුණු තාක්‍ෂණය පාර බදුගෙන මාර්ග නීති කඩකරන අමන රියෑදුරන්ට වැට බැඳීමක්‌ හා අසරණ ජීවිත බිලි ගැනීම වැළැක්‌වීමට හොඳම පිළියමක්‌.

මෙම නීතිය හදිසි ගිලන් රථ, ගිනි නිවීම් හා හදිසි පොලිස්‌ රථවලට බලපාන්නේ නැත. උදාහරණයකට කොළඹ නුවර මාර්ගය, මෙය අධිවේගී මාර්ගයක්‌ නොවෙයි. අසරණ ජීවිත බිලි ගන්නා ප්‍රධාන මාර්ගයක්‌ය. අනිවාර්යයෙන්ම මෙම මාර්ගය සඳහා මෙම දියුණු තාක්‍ෂණය ඇති කළ යුතුයි. අපිට සංචාරකයන් අවශ්‍යනම් ඒ වාගේම අසරණ ජීවිත බේරා ගැනීමටත්, අසරණයන් රෝගී කරන අමිහිරි නලා ශබ්දයෙන් තොර ශ්‍රී ලංකාවක්‌ දැකීමටත්, ශ්‍රී ලංකාව ශිෂ්ඨ සම්පන්න දියුණු මිනිසුන් සිටින රටක්‌ වග සංචාරකයන්ගේ මුවින් ඇසීමටත්, මේ දියුණු තාක්‍ෂණික නීතිය වහාම ක්‍රියාත්මක වුවහොත් අපත් ලෝකයේ දියුණු ජාතියක්‌ බවට පත්වනවා. විශේෂයෙන් සඳහන් කළයුතු අනෙක්‌ වැදගත් කාරණය වන්නේ මහා මාර්ග නීති රීති අකුරටම ක්‍රියාත්මක කරවා ගැනීමයි. මෙය පොලිස්‌ දෙපාර්තමේන්තුව සතු ජාතික වගකීමක්‌ සේම ජනතාවගෙන් අවංක ජාතික වගකීමක්‌ බවට පත්විය යුතුයි.

අපේ රථ වාහන පොලිසිය මෙයට වඩා ක්‍රමවත් විය යුතුයි. රථ වාහන පොලිසියේ සේවය පැය 24 පුරාම මහා මාර්ගයට සීමාවිය යුතුයි. අද අපි දකින්නේ උදේට සහ සවසට ප්‍රධාන මංසන්ධිවල වාහන හැසිර වීම හා ඉඳහිට වේග සීමාව නිරීක්‍ෂණ කිරීමත් පමණයි. විශේෂයෙන්ම දිවා රාත්‍රි කාලයේ මුර සේවා මෝටර් සයිකල් ක්‍රමයක්‌ ඇති කළ යුතුයි. අනෙක්‌ විශේෂ කාරණය පොලිස්‌ රථවාහන අංශයට අවංක, විනය ගරුක, ජාතික හැඟීමක්‌ තිබෙන ඉරුදින ආගමික පාසල් සහතිකයක්‌ තිබෙන තරුණ මහත්වරුන් බඳවා ගත්තොත් අප රටේ මහා මාර්ගයේ සිදුවන ජාතික අපරාධ හා නොහික්‌මුණු අමන රියෑදුරන් නැතිකර ගැනීමට විශාල පිටිවහලක්‌ වනු ඇත.

අප රට තුළ ක්‍රියාත්මක විය යුතු තවත් විශේෂ කරුණු කීපයක්‌ සඳහන් කළ යුතුව ඇත. මා මේ සඳහන් කිරීමට යන කාරණා කීපය මුල්ම වකවානුවේ එනම් සුද්දන්ගේ පාලන කාලය තුළ පැවැති දේවල්, නමුත් අද මේවා අභාවයට ගොස්‌ ඇත. ප්‍රධාන මාර්ගයක්‌ අසල පාසලක්‌ පිහිටා ඇත්නම් එම මාර්ගයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ විය යුතුයි. පාසලට ප්‍රථම මීටර් 200 හා පාසල පසුවී මිටර් 200 යන තෙක්‌ වාහනයේ වේග සීමාව පැ.සැ. 15 ක්‌ සඳහන් දැන්වීම් පුවරුවක්‌ සමග වාහන නලා ශබ්දය තහනම් දැන්වීම් පුවරුද ඒ සමග විය යුතුය. අප රට තුළ තවත් වාහන නලා ශබ්දය තහනම් විය යුතු ස්‌ථාන හැටියට රෝහල්, උසාවි, පූජනීය ස්‌ථාන හා ප්‍රධාන මංසන්ධි විය යුතුයි. අවසාන වශයෙන් සඳහන් කිරීමට ඇත්තේ තවත් බරපතළ වැරැද්දකි. රාත්‍රි කාලයේදී අපේ රියෑදුරන් කරන තවත් විශාල වරදක්‌ තමා වාහනයේ ප්‍රධාන එළියෙන් (HEAD LIGHT) වාහනය පැදවීම. රාත්‍රි කාලයේ ඇතිවන අනතුරුවලට ප්‍රධානම හේතුවයි. ඇමරිකාවේ ප්‍රාන්ත 52 ම ප්‍රධාන එළියෙන් වාහනය පැදවීම තහනම්. සමහර අවස්‌ථාවල ප්‍රධාන එළිය පාවිච්චි කළ හැක්‌කේ ඉදිරියෙන් වාහනයක්‌ නොඑන වනාන්තර වැනි ප්‍රදේශයකදී පමණි. මෙයට හාත්පසින්ම වෙනස්‌ දේ මා අප රට තුළ දුටුවා. බොරැල්ල වැනි ජනාකීර්ණ මංසන්ධිවලත් ප්‍රධාන එළියෙන් දුවන වාහන විශාල ප්‍රමාණයක්‌ දුටුවා. මා මෙහි සඳහන් කරන මාර්ග නීති රීති ලෝකයේ දියුණු රටවල අකුරටම ක්‍රියාත්මක වන දේවල්. දියුණු රටවල රියෑදුරු බල පත්‍රයට අමතරව කළු තිත් තුනක්‌ තිබෙන කාඩ් පතක්‌ රියෑදුරුට ලැබෙනවා. යම්කිසි වරදක්‌ කළ විට මුදලින් දඩයක්‌ ගසා එක කළු තිතක්‌ අවලංගු කරනවා. මේ ආකාරයට කළු තිත් තුනම අවසන් වූවොත් ඔහුගේ රියෑදුරු බලපත්‍රය වසර 2 කට අවලංගු වෙනවා. මෙම කළු තිත් අවලංගු කරන ප්‍රධාන වැරදි වශයෙන් පාර මාරුවීමට වාහනය නතර නොකොට යැමට උත්සාහ කිරීම, මේ සඳහා ඇමරිකාවේ නිකුත් කරන දඩය රුපියල්වලින් නම් 12,000 ක්‌ හා එක්‌ කළු තිතක්‌ අවලංගු කිරීමයි. කහ ඉරි දෙක ඇති මාර්ගයේ අභිබවා යැම (OVER TAKE) මේ සඳහා ඉහත සඳහන් කළ දඩයමයි. පාසලක්‌ අසල ගමන් වේගය කඩ කිරීම දඩ මුදලකට සීමාවේ. මගේ නිගමනයේ හැටියට මේ නීති රීති අප රටේ වහාම ක්‍රියාත්මක විය යුතුයි. ඒ සමගම මෙයට පෙර රියෑදුරු බලපත්‍රය ලබාගෙන සිටින සියලුම රියෑදුරන් නැවත කැඳවීමක්‌ කර විශේෂ පුහුණුවක්‌ ලබාදිය යුතුයි. සියලුම වාහන හිමියන්ගෙන් පුහුණුවට රු. 100 ක මුදලක්‌ ලබාගෙන ක්‍රමවත් මාර්ග නීති රීති පිළිබඳව දැනුමක්‌ ලබාදිය යුතුයි. මේ ලැබෙන මුදල් මාර්ග නඩත්තුව පිණිස යොදා ගත යුතුයි. අපේ පාලකයන්ට සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට පෙර අප යන මේ වැරදි මාර්ගය හැකි ඉක්‌මනින් නිවැරදි කර ගත යුතුයි. එසේ නොවුණ හොත් කෙන්යාවේ සංචාරක ව්‍යාපාරයට අත්වූ ඉරණම අපටත් අත්වනවා නියතයි. අවසාන වශයෙන් මා සඳහන් කිරීමට පෙළඹෙන්නේ සංචාරකයන් චෝදනා කළ අවසාන කරුණු කීපයයි. ශ්‍රී ලංකාව බොහොම ලස්‌සන රටක්‌. ඒ ලස්‌සන රට උඹල තියාගන්න දන්නේ නැහැ. හරිම අපිරිසිදුයි. හැමතැනම කැළි කසළ, තාප්පවල, කොන්ක්‍රීට්‌ කණුවල හැම තැනම පෝස්‌ටර්. බල්ලෝ, බලල්ලු, හරක්‌ මහ පාරේ නිදැල්ලේ. අපි හිතුවා ඉන්දියාව, පාකිස්‌තානය, බංගලිදේශයට වඩා වෙනසක්‌ දකින්නට ලැබේවි කියා. නමුත් අපිට කිසිම වෙනසක්‌ දකින්නට ලැබුණේ නැත.

නිව්ටන් විඡේසිංහ
ඇමරිකාවේ වොෂින්ටන් සිට


මේ ලිපිය Google+ හි පළ කර තිබුනේ Dhammika Rohan සොහොයුරා විසින්. මේක පෝස්ට් එකක් හැටියටම පළ කරන්න හිතුනේ වැඩි දෙනෙක්ට කියවන්න ලැබෙන නිසා... කවුරු වුනත් මේ සටහන තියපු මහත්මා ලංකාව ගැන කැක්කුමකින් වගේම කළකිරීමකින් මේක ලියලා තියෙන්නේ. ඇමරිකාවේ ඉන්න එතුමාට එහෙම නම් උදේ හවා මේවා දකින අපි ඇයි කට පියාගෙන ඉන්නේ... පුළුවන් හැටියට පණිවුඩේ දෙන්න... දන්න කියන අයටත් කියවන්න දෙන්න....

අප්සාරි සහ චාරිකාගෙන් සුකි-රූ (Suki-Ru)


2011 ඔක්තෝබර් මස 14 16:00:53 | Copy Rights | ලංකාදීප කර්තෘ මණ්ඩලය
  අප්සාරි සිංහබාහු යනු අපේ හිටපු කි‍්‍රකට් නායකයෙකු වන හෂාන් තිලකරත්නගේ බිරිඳය. චාරිකා යනු ශ්‍රී ලංකාවේ හිටපු දක්‍ෂතම වේගපන්දු යවන්නෙකු මෙන්ම වත්මනෙහි ජාතික පුහුණුකරුවෙකු වන (අඩුම වයසින් ඒ තනතුර ලැබූ) ප‍්‍රභාත් නිස්සංකගේ බිරිඳය. දැන් මේ දෙදෙනා එක්ව සුකි-රූ (Suki-Ru)නමින් ආයතනයක් අරඹා තිබේ. මෙය රූපලාවන්‍ය ආයතනයකි. බම්බලපිටිය වජිර පාරේ ආරම්භ කරන ලද මෙම සුකි - රූ රූපලාවන්‍ය ආයතනයෙහි ශ්‍රී ලංකාවේ ඇති දහස් සංඛ්‍යාත රූපලාවන්‍ය ආයතනවලට වඩා ඇති වෙනස්කම් මොනවාද? අප්සාරි සහ චාරිකා හමුව ඒ ගැන කතා කරමු.
සුකි-රූ (Suki-Ru) මෙහි තේරුම? මේ නම දැම්මේ ඇයි?
මහේශාඛ්‍ය වූ, වංශවත්, කුලවත් දේවියගේ රූප ස්වභාවය ගැන වර්ණනා කිරීම යන අරුත මුල්කොට ගෙනයි මේ නම නිර්මාණය වන්නෙ.
මේ විදියට ඔබ දෙදෙනා එකතු වී මෙවැනි දෙයක් ආරම්භ කිරීමට හේතුව?
මෙය ඇත්තටම අහම්බයක්. කලින් අපේ හිතවත් කට්ටියක් මෙතැන සැලෝන් එකක් පවත්වාගෙන ගියා. නමුත් ඒ අය විදෙස්ගත වන නිසා මෙය කරගෙන යන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට තමයි අපි දෙන්නම එකතු වෙලා මෙය පවත්වාගෙන යාමට තීරණය කළේ. කොහොමටත් අපි දෙන්නා හොඳ මිතුරියන්. ඒ නිසා අපි මේ රූපලාවන්‍ය ආයතනය පටන්ගත්තා.
අප්සාරි ඔබට රූපලාවන්‍ය ගැන ඇති දැනුම මොන වගේද?
ඒ කාලයේදී මම හිටියෙ ජපානයේ. අපේ අම්මගේ යාළුවෙකුට සැලොන් එකක් තිබුණා. ඉඳහිට එහේ ගිහින් මාත් යම් යම් දේ ඉගෙන ගත්තා. ශ්‍රී ලංකන් එයාර් එකට සම්බන්ධ වී ගුවන් සේවිකාවක වීමෙන් පසුව අපට නිරන්තරයෙන් රූපලාවන්‍ය හා බැඳි අත්දැකීම් ලබන්න පුළුවන් වුණා. එමිරේට්ස් ගුවන් සේවයට ගියාම ඒ රූපලාවන්‍ය කටයුතු තවත් වර්ධනය වුණා. නිතරම සමාජය සමග ගැටෙන නිසා විලාසිතා සහ පි‍්‍රයමනාපව සිටීම ආදී සියල්ල ගැන බොහෝ අත්දැකීම් එහිදී ලැබුවා.
එතකොට චාරිකා?
ඔව්, මම රූපවාහිනී නිවේදිකාවක ලෙස කටයුතු කරන්න පටන් ගත්තාම බොහෝදුරට කටයුතු කළේ විලාසිතා සහ මේ අංශයට සම්බන්ධවයි. (මුල් කාලයේදී) පසුව ඊට ඇති කැමැත්ත නිසාම පුද්ගලිකව ඒ සියල්ල ගැන අවබෝධය දැනුම ලබාගත්තා.
මෙම රූපලාවන්‍ය ආයතනය වෙතින් මොනවගේ රූපලාවන්‍ය කටයුතුද සිදුකෙරෙන්නේ?
ඇත්තටම කිව්වොත් මෙය තවත් එක් රූපලාවන්‍ය ආයතනයක් නොවෙයි. මුහුණේ ආලේප තැවරීම කරන තැනක් නොවෙයි. අද රූපලාවන්‍ය කියන දේ ගමටත් ගිහින්. නමුත් බොහෝදෙනාට මෙහි හරය ගැන වැටහීමක් නැහැ. නිවැරදි ගලපාගැනීම ගැන සමහරු දන්නෙ නැහැ. ලස්සනට සිටීම කියන්නෙ බාහිරව සිටීම විතරක් නෙවෙයි. අපි දන්න දෙයින් සමාජය ලස්සන කරන්න බොහෝ දේ කළ හැකියි. අපට ඉතා පළපුරුදු වෘත්තිකයන් පිරිසක් සිටිනවා. ඒ අය රූපලාවන්‍ය කටයුතු සිදු කරන අතරේ ජීවිතය ලස්සනට තබාගැනීම වෙනුවෙන් උපදෙස් පවා අපි ලබාදෙනවා. ඇත්තටම ඇතුළාන්තය ලස්සන නැතිව පිටත විතරක් ලස්සන වෙන්නෙ නැහැ.
අපි දෙන්නා ප‍්‍රසිද්ධ චරිත දෙකක බිරින්දෑවරුන් දෙන්නෙක් නිසා අප වටා සිටින සමාජය වඩා පුළුල්. අපි අපේ සේවය සඳහා එන අයට ලස්සනට අඳින විදිය සහ සියල්ල ලස්සනට ගලපා ගන්නා විදිය ගැන පවා උපදෙස් දීමට සූදානම්. සමහර අයට වත් පොහොසත්කම් තිබුණාට ක‍්‍රමවත් සහ ලස්සනට සියල්ල ගලපා ගැනීම ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ අවබෝධය ලබාදීම අපේ ප‍්‍රයත්නයයි. ඇත්තටම අපි මෙය පටන්ගත්තේ ලාභ ඉපයීමම ප‍්‍රධාන පරමාර්ථය කරගෙන නෙවෙයි. මේ කටයුතු සඳහා සිටින පළපුරුදු කණ්ඩායම මෙතැනට පැමිණෙන ග‍්‍රාහකයන්ට සියල්ල ගැන වටහලා දේවි. ඇත්තටම  ඕනෑම කාන්තාවකගේ සැඟවුණු ලස්සනක් තියෙනවා. අවශ්‍ය සේවය ලබා දී ඒ සැඟවුණු ලස්සන මතුකර දීම සිදුවේවි.
රූපලාවන්‍ය කියන දේ අද ඉතා පුළුල් ව්‍යාපාර අංශයක් වෙලා. මේ ව්‍යාපාර ස්වභාවය මත හැමෝම උත්සාහ ගන්නේ තම ග‍්‍රාහක පිරිස වැඩිකර ගැනීමට මිස මෙහි හරය, ගුණය රැකගැනීමට නෙවෙයි නේද?
සමාජය දියුණු වන විට තරගකාරී බව නිරන්තරයෙන් මතුවන දෙයක්. ලෝකයේ කොතනත් යහපත් සහ නිර්මාණශීලී කලාවක් තියෙනවා. නමුත් කොපමණ මිල මුදල් තිබුණත් සමහර අයට මේ ආර්ට් එක (නිර්මාණශීලීත්වය) හඳුනාගන්න බැහැ. ඒ නිසා හරි දේ හරියට කිරීම වගේම උසස් කලාවේ රසය සමාජයට දායාද කිරීම අපේ අරමුණයි. විශේෂයෙන්ම කියන්න  ඕන දේ වන්නේ මෙය අපි පටන්ගත්තේ තවත් කවුරුත් පරද්දවන්න නම් නෙවෙයි. අපේ දැනුමෙන් ජීවිතය සැබෑ ලෙස හැඩකර ගැනීමට සමාජයට යමක් දීමේ අරමුණ ඇතිවයි.
අප්සාරි කොහොමද ජීවිතේ අලූත් තොරතුරු?
සුන්දරයි. පුතාලා තුන්දෙනා එක්ක විවේකීව කාලය ගත කිරීමට හෂාන්ට දැන් අවස්ථාව ලැබිලා. ඇත්තටම එය සතුටට කරුණක්. කී‍්‍රඩකයෙකු ලෙස එයා සෑහෙන කාලයක් අතිශය කාර්යය බහුලව සිටියා. දැන් පළාත් සභාවේ වැඩකටයුතුවලට අමතරව නිවාඩු පාඩුවේ පුතාලාට කි‍්‍රකට් පුහුණුවීම් පවා ලබාදෙනවා.
එතකොට චාරිකා ඔබගේ තොරතුරු?
මේ දිනවල ස්වර්ණවාහිනිය ගෙන එන බෞද්ධ වැඩසටහන් මාලාවක නිවේදන කටයුතුවලට දායක වෙනවා. (පෝය දින ධර්ම සාකච්ඡා) මම බෞද්ධ දර්ශනය ගැන යම්තාක් දුරට හදාරලා තියෙන නිසා ඒ අංශයට වඩා කැමතියි. ඉදිරියේදී මනෝ විද්‍යා අංශයේ උපදේශිකාවක ලෙස කටයුතු කිරීමට ආසයි. ප‍්‍රභාත්ගෙන් මේ සියල්ලට ලැබෙන සහයෝගය, අවබෝධය ඉහළයි.
මේ සැලෝන් එකේ අයකිරීම් එහෙම කොහොමද?
අපි රූපලාවන්‍ය සඳහා යොදාගන්නේ උසස්ම ප‍්‍රමිතියෙන් යුතු නිෂ්පාදන. බොරුවට සල්ලි නාස්තිකරන තැනක් නෙවෙයි මෙතැන. අපේ කාන්තාවන්ට සැබෑ ලෙස සිතිවිලි වලින්ම ලස්සන වීමට අවශ්‍ය සියලූ යහපත් උපදේශන අපි ලබාදෙනවා. රූපලාවන්‍ය කලාවේ උසස් වින්දනයක් ලබාදීම සහ හරය - ගුණය රැකීම අපේ පරමාර්ථයයි.
සටහන/ඡායාරූප සඳුන් ගමගේ

Sunday, October 16, 2011

සුන්දර වෙරළ තීරෙන් ඇසෙන අසුන්දර කතා

සුන්දර වෙරළ තීරෙන් ඇසෙන අසුන්දර කතා
දර්ශනීය වූද මනස්‌කාන්ත වූද වෙරළ තීරයන්ගෙන් අපේ රට පොහොසත්ය. දුටුවන්ගේ නෙත් සිත් පැහැර ගන්නා මෙකී වෙරළ තීරයන් දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ පාරාදීසයන්ය. විදෙස්‌ සංචාරකයන් බුරුතු පිටින් මෙරටට පැමිණෙන්නේ වෙරළ තීරයේ එහි සුන්දරත්වය මෙන්ම හිරු එළියේ පහස විඳ දරා ගැනීමටය. සැබැවින්ම මේ පුංචි දිවයින අනාදිමත් කාලයක සිටම විදෙස්‌ සංචාරකයන්ගේ ක්‍ෂේම භූමියකි. විදෙස්‌ සංචාරකයන් අපේ රටේ සුන්දරත්වයට වහ වැටී ඇත්තාහ. මෙරට තුළ නවීන සංචාරක ව්‍යාපාරය ආරම්භ වන්නේ හැටේ දශකයේ මැද භාගයේදී පමණය. එසේ වුවද මේ වන විට සංචාරක ව්‍යාපාරය අපේ රටට විදේශ විනිමය ගලාගෙන එන ධන උල්පතක්‌ බවට පත්ව ඇත්තේය.

සංචාරක මණ්‌ඩලයේ ගණන් හිලව්වලට අනුව 2010 වසරේදී මේ රටට පැමිණ ඇති විදෙස්‌ සංචාරකයන්ගේ සංඛ්‍යාව හයලක්‍ෂ පනස්‌හතර දහස්‌ හාරසිය හැත්තෑහයකි. 2011 වසරේ අගෝස්‌තු මාසය වන විට විදෙස්‌ සංචාරකයන් පන්ලක්‍ෂ තිස්‌ හත් දහස්‌ පන්සිය අසූහත්දෙනකු මෙරටට පැමිණ ඇත. විදෙස්‌ සංචාරකයන් වැඩි වශයෙන් මෙටට පැමිණෙන්නේ ද ඉදිරි මාස කිහිපය තුළදීය. මක්‌ නිසාද යත් ඉදිරියේ සංචාරක සමය ආරම්භ වන බැවිනි.

මෙරටට 2016 වසරේදී විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ විස්‌සක සංඛ්‍යාවක්‌ ගෙන්වා ගැනීම රජයේ අරමුණයි. සැබවින්ම අප රට තුළ සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇත්තේ වැල්ලකරයේය. ලංකාවේ භූමි ප්‍රමාණයෙන් සියයට විසිපහක්‌ පමණ සංචාරක කලාපයන්ට අයත්ය. මෙරට ජනගහනයෙන් සියයට තිස්‌හතරක්‌ පමණ පදිංචිව සිටින්නේ ද මුහුදුකරයේය. ප්‍රධාන නගර වැඩි වශයෙන් පිහිටා ඇත්තේ ද වෙරළ කලාපය ආශ්‍රිතවයි. රට වටා ඇති වෙරළ තීරය කිලෝමීටර් 1520 කි. ඉන් සංචාරක ව්‍යාපාරය ව්‍යාප්තව ඇත්තේ කිලෝමීටර් 140 ක්‌ පමණ වූ වෙරළ කලාපය තුළය. මෙතරම් අටුවාටීකා ටිප්පනි යොදා සංචාරක ව්‍යාපාරය පිළිබඳ සඳහන් කළේ අප රට තුළ මෙකී ව්‍යාපාරයට හිමි වපසරිය සඳහා ගැන සඳහන් කිරීමටය. එහෙත් අප මේ කියන්නට යන්නේ සංචාරක ව්‍යාපාරය තුළ ඇති අසුන්දර පැතිකඩවල් ගැනය. සංචාරක කලාපවල සිදුවන අසුන්දර කටයුතු සොයා පසුගියදා අපි වැල්ලකරයේ සංචාරයක නිරත වීමු. සැබැවින්ම මේවායේ සිදුවන්නේ හරි අපූරු දේවල්ය. ඔහු අපි උක්‌කුවා ලෙස හඳුන්වමු. උක්‌කුවා වසර තිහක පමණ කාලයක සිට සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින අයෙකි.

මේ නිසා සුද්දන්ගේ කෙරුවාවල් ගැන මෙන්ම මෙම ව්‍යාපාරයේ නිරත අපේ ඇත්තන්ගේ කටයුතු ගැන ඔහු හොඳින් දන්නේය. උක්‌කුවා සුද්දන්ට ද අන්දවපු අයෙකි. ඒ මීට වසර කිහිපයකට පමණ ඉහතදීය. එහෙත් දැන් මෙරටට පැමිණෙන සුද්දන් ඇන්දවීමට අපහසුය. මක්‌නිසාදයත් අපේ අයගේ අලගුවලට හසු වී සුද්දන් අපේ ඇත්තන්ටත් වඩා තෙම්පරාදු වී ඇති බැවිනි.

ඔවුන් අන්තර්ජාලය හරහා අපේ රට ගැන දැනුවත් වී ඇත්තේය. මේ නිසා සුද්දන් දැන් අපේ අයගේ කපටි කයිරාටික වැඩවලට හසුවන්නේ නැත. එහෙත් මෙරටට පැමිණෙන ඇතැම් විදේශිකයන් සල්ලාලයන්ය. සමලිංගික සේවනයට ඇබ්බැහි වූ පුද්ගලයන්ය. සමලිංගික සේවනයට වැඩි වශයෙන් ඇබ්බැහි වී ඇත්තේ වයස අවුරුදු හැට හැත්තෑවේ වයස්‌ කාණ්‌ඩවල පසුවන නාකි සුද්දන්ය. සුන්දර යොවුන් වියේ ගැටවරයන් නාකි සුද්දන් විසින් දැලේ දමා ගන්නේ වැල්ලේදීය.

නැතිනම් ගෙයිපාටි වලදීය. ගෙයිපාටි පැවැත්වෙන්නේ ඉතා රහසිගතවය. ගෙයිපාටි සංවිධානය කිරීම සඳහා වෙනම පිsරිසක්‌ සිටිති. මේ සඳහා සහභාගි වන්නේ සුද්දන් පමණක්‌ නොවේ. ටයිපොලු දමාගත් වැදගත් මහත්වරු ද ගෙයිපාටිවලට සහභාගි වෙති. සංචාරක කලාපවල රාත්‍රියේදී පැවැත්වෙන ඩිස්‌කෝ ඩාන්ස්‌වලදී ද නාකි සුද්දන්ට අපේ කොලු ගැටව් සෙට්‌ වෙති. සුද්දන් වැඩි වශයෙන් මේ කර්මාන්තය සඳහා සහභාගි කරගන්නේ වයස අවුරුදු පහළොවේ තිහේ වයස්‌ කාණ්‌ඩවල පසුවන ගැටවරයන්ය.

එමෙන්ම මේ සඳහා සුද්දන්ට තරුණ ගැටව් සොයා දෙන පිරිසක්‌ ද වැල්ලේ සිටිති. වැල්ලේ භාෂාවෙන් මේ අය හඳුන්වන්නේ කර්මාන්ත ඇමැතිලා වශයෙනි. සුද්දන්ට සෙට්‌වුණු ඇතැම් ගැටවරයන් අද කෝටිපතියන්ය. ඔවුන්ට සුද්දන් විසින් නිවාස ඉඩකඩම් මෙන්ම යානවාහන ද මිලට ගෙන දී ඇත. ඇත්තටම මේ ගැටව් සුද්දන් සමඟ ගතකරන්නේ බැඳපු ජෝඩු වගේය. සුද්දා මෙරටට පැමිණෙන්නේ මාස තුන හතරකට පමණ සැරයක්‌ය. ඉන්පසු සුද්දා රට වටේ යන්නේ ඔහුට සෙට්‌වුණු කොලු ගැටයා සමඟය.

සුද්දන්ට සෙට්‌වුණු ඇතැම් ගැටවරයන් විවාහ වී සිටිති. එහෙත් සුද්දා මෙරටට පැමිණි පසු ඔහු තම බිරිඳ හා දරු පැටව් අත්හැර සුද්දා සමඟ සිටිය යුතුය. සුද්දන් සමග සමලිංගික සේවනයට ඇබ්බැහි වූ ගැටවරයන් විශාල පිරිසක්‌ මුහුදුකරයේ සිටිති. මුදලට ඇඟ විකුණා, දිවි ගෙවන මොවුන් වැඩි දෙනකු ගජ පොහොසතුන්ය. ඇතැම්හු සංචාරක හෝටල් හිමියන්ය. එසේ කෝටිපතියන් බවට පත්වූ ඇතැම් අය දැන් මේ කර්මාන්තය කරගෙන යන්නේ නැත. ඔවුන් සුද්දන්ට තරුණ ගැටව් සොයා දෙති. මේ සඳහා ඔවුන් යොදාගන්නේ හරි අපූරු උපක්‍රමයකි. පාටියක්‌ තිබෙන බවට ආරාධනා කොට තෝරාගත් තරුණයකු හෝටලයට ගෙන්වා ගනියි. ඉන්පසු සුද්දා ද හෝටලයට පැමිණෙයි. පසුව සියලු දෙනා කා බී විනෝද වෙති. ඉක්‌බිති සුද්දා තරුණයා සමඟ සෙට්‌ වන්නේය. අනික්‌ කාරණය වන්නේ මෙකී කලාපයන් තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මත්කුඩු ජාවාරමය. ඇතැම් විදේශිකයන් ද මත්කුඩුවලට ඇබ්බැහි වී සිටිති. මත්කුඩු ගෙන එන්නේ ද ඉතා සූක්‍ෂ්ම ආකාරයෙනි. ග්‍රෑම් පනහක මත්කුඩු පැකට්‌ටුවක්‌ අලෙවි වන්නේ රුපියල් තුන්දහසක පමණ මුදලකටය. සුද්දන්ට ගංජා හා මත්පෙති අලෙවි කරන්නේ වැල්ලේදීය. එය ඉතා රහසිගතව සිදුවන්නේය. අනික්‌ කාරණය වන්නේ සංචාරක කලාපයන් තුළ ඇති සම්භාහන මධ්‍යස්‌ථානයකදීය. ඇතැම් සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන්නේ නිසි ප්‍රමිතියකින් තොරවය. සම්භාහන මධ්‍යස්‌ථාන පවත්වාගෙන යන මුවාවෙන් මේවායේ සිදුවන්නේ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ය. ඇතැම් මධ්‍යස්‌ථානවල සිටින්නේ පුහුණු ආයුර්වේද වෛද්‍යවරුන් නොවේ. හොර වෛද්‍යවරුය.

එමෙන්ම සුද්දන්ට වැල්ලේදී සම්භාහනය ලබාදෙන පිරිසක්‌ ද සිටිති. ඔවුන් සුද්දන්ගෙන් වැඩි මුදලක්‌ අයකරන්නේ නැත. සම්භාහනය ගැන මෙලෝ දෙයක්‌ මේ අය දන්නේ නැත. අය කරන්නේ රුපියල් දෙසීයක පමණ මුදලක්‌ය. මසාඡ් කිරීමට යොදාගන්නේ පොල්තෙල්ය. පොල්තෙල් ගල්වා සුද්දාගේ ඇඟ මසාඡ් කරන්නේය. සුද්දියන් මසාඡ් කරන්නේ වැල්ලේ රෙදි ආදිය විකුණන ගැහැනුන්ය. හෝටලයක්‌ තුළ මසාඡ් කර ගැනීම සඳහා විශාල මුදලක්‌ ගෙවිය යුතුය. දැන් මෙරටට පැමිණෙන සුද්දන් ඒ හැටි පොහොසතුන් නොවේ. ඔවුන් අත දිග හැර මුදල් වියදම් කරන්නේ ද නැත. මේ නිසා වැල්ලේදී අඩු මුදලකට මසාඡ් කර ගැනීමට ඔවුන් කැමතිය.

විදේශිකයන්ට වැඩි වශයෙන්ම හිරිහැර වන්නේ මෙකී කලාපවල සිටින ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන්ය. ඔවුන් බලා සිටින්නේ කුමන හෝ උප්පරවැට්‌ටියක්‌ දමා සුද්දන්ගෙන් ගානක්‌ කපා ගැනීමටය. සංචාරක ව්‍යාපාරයේ ඉදිරිය ගැන ඔවුන් සිතන්නේ නැත. කොග්ගල, මඩොල්දූව ආදී ස්‌ථාන නැරඹීමට යන විදේශිකයන්ගෙන් ත්‍රිරෝද රථ රියෑදුරන් අය කරන්නේ ගිනි ගණන්ය. බෝට්‌ටුකරුවන් අයකරන මුදල මෙන් දෙගුණයක්‌ මොවුන් විදේශිකයන්ගෙන් අයකර ගනිති. ඇතැම් විදේශිකයන් පලතුරු මිලදී ගැනීම සඳහා යන්නේ පලතුරු වෙළෙඳසල්වලටය. විදේශිකයන් පලතුරු මිලදී ගැනීමට යනතෙක්‌ ඇහැ ගසාගෙන සිටින පිරිසක්‌ ද සිටිති. ඔවුන් වෙළෙඳසල් අවට සිටින තැරැව්කරුවන්ය. පළතුරුවල මිල ගණන් කියන්නේ පලතුරු කඩයේ මුදලාලි නොව අර තැරැව්කරුවන්ය. වෙළෙඳපොළේ පවතින මිල ගණන්වලට වඩා දෙතුන් ගුණයක මුදලක්‌ මොවුන් විදේශිකයන්ගෙන් අයකරති. පලතුරු මුදලාලිට යන්නේ නියම මුදලය. ඉතිරි මුදල යන්නේ තැරැව්කාරයන්ගේ සාක්‌කුවටය. වෙළෙ¹මෙන් ලාභ ලබන්නේ තැරැව්කරුවාය. කෙසේ වුවද එක්‌වරක්‌ පලතුරු කඩයට පැමිණි විදේශිකයකු ආපසු එම වෙළෙඳසලට පැමිණෙන්නේ නැත.

අනික්‌ කාරණය වන්නේ අබින් කියා තාර කුඩු සුදු පැහැති කොළවල ඔතා විදේශිකයන්ට විකිණීමය. සිගරැට්‌වල වැලි පුරවා විදේශිකයන්ට විකුණති. මැණික්‌ කියා වීදුරු ගල් කපා හොඳින් පොලිෂ් කොට විදේශිකයන්ට අලෙවි කිරීමය. දැන් මේවාට සුද්දන් හසුවන්නේ ඉතා අඩුවෙනි. එහෙත් මෙවැනි දේ නිසා පිරිහීමට ලක්‌වන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තයයි. ඇතැම් විදේශිකයන් මෙරටට පැමිණෙන්නේ වැල්ලට වී නිදහසේ පොතක්‌ පතක්‌ කියවා වැල්ලේ අසිරිය විඳදරා ගැනීමටය. වැල්ලේ සිටින කොලු ගැටවුන්ගෙන් ඒ සඳහා විදේශිකයන්ට නිදහසක්‌ නැත.

තංගල්ල ප්‍රදේශයේ වෙරළ තීරයේ සමහරක්‌ විදේශීය සංචාරකයන් සැතපී සිටින්නේ මදුරු දැල් දමාගෙනය. ඒ ඩෙංගු මදුරුවන්ගෙන් බේරීම සඳහාය. සංචාරක හෝටල්වලින් පිටවන අපද්‍රව්‍ය බැහැර වන්නේ මහ මුහුදටය. එමෙන්ම මිනිසුන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා සුන්දර වෙරළ තීරයන් අසුන්දර ස්‌ථාන බවට පත්ව ඇත්තේය. හික්‌කඩුව හා උණවටුන වෙරළ තීරයන්වල අනවසර ඉදිකිරීම් විශාල වශයෙන් දැකගත හැකිය. නොයෙකුත් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම නිසා මේ අවට මුහුදු තීරය ද දූෂණය වී ඇත.

අනික්‌ කාරණය වන්නේ වෙරළ තීරය තුළ සිදුවන ඉඩම් ජාවාරමයි. විදේශිකයන් විසින් මෙකී ඉඩම් මිලදී ගන්නේ කෝටි ප්‍රකෝටි ගණනක මුදලකටය. සුද්දන්ට ඉඩම් සොයාදීම සඳහා වෙනම තැරැව්කරුවන් පිරිසක්‌ ද සිsටිති. එමෙන්ම මෙකී ජාවාරමේ නිරත සුද්දන් ද සිටිති. උණවටුනේ පදිංචි එක්‌ විදේශිකයකු කලක පටන් මෙකී ජාවාරම කරගෙන යන්නේය. ඔහු වෙරළ තීරය අවටින් හා රට ඇතුළත සුන්දර ස්‌ථානවලින් ඉඩම් මිලදී ගෙන විදේශිකයන්ට අලෙවි කරන්නේය.

සුද්දන්ට ඉඩම් සොයාදීමෙන් අපේ අය ද විශාල මුදලක්‌ උපයති. දික්‌වැල්ල වෙරළ තීරයේ ඉඩම් විශාල ප්‍රමාණයක්‌ විදේශිකයන් විසින් මිලදී ගෙනය. ඔවුන් එම ඉඩම්වල වැට මායිම් දමා වෙන් කරවාගෙන ඇත. මේ වනතෙක්‌ සංචාරක ව්‍යාපාරය සඳහා එකී ඉඩම් යොදවාගෙන නැත. ඒ විදේශිකයන් විසින් මිලදී ගෙන ඇති එම ඉඩම් සංචාරක ව්‍යාපෘති සඳහා යොදවන ලෙස දික්‌වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් දා දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගෙන් ඉල්ලීමක්‌ ද කළේය. ඒ ආණ්‌ඩුකාරතුමියගේ කාර්යාලයේ පැවැති රැස්‌වීමකදීය.

මීට අමතරව කොග්ගල කලපුව ආශ්‍රිත ප්‍රදේශවලින් ද විදේශිකයන් විසින් විශාල වශයෙන් ඉඩම් මිලදී ගෙන ඇත. අක්‌කරයක පමණ ඉඩමක්‌ මිලදී ගෙන ඇත්තේ රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලකටය. විදේශිකයන් විසින් මිලදී ගත් ඉඩම්වල සංචාරක හෝටල් මෙන්ම නිවාස ද ඉදිකොට තිබේ. කොග්ගල කලපුවේ ධීවර කාර්මිකයකු මා සමඟ ප්‍රකාශ කළේ අඩුම තරමින් කලපුවෙන් අල්ලන ඉස්‌සන් කකුළුවන් ආදී මසුන් පවා විදේශිකයන් විසින් තම හෝටල් සඳහා කලපුවේ ධීවරයන්ගෙන් මිලදී නොගන්නා බවය.

කෙසේ වුවද වෙරළ තීරය හා ඒ අවට ප්‍රදේශවලින් විදේශිකයන් විසින් ඉඩම් මිලදී ගැනීම නිසා පර්චසයක මිල රුපියල් ලක්‍ෂ තුන හා පහ යන මිල ගණන්වලට ඉඩම් මිල ඉහළ නැඟ ඇත. සැබවින්ම සංචාරක කලාපවල සිදුවන්නේ මෙවැනි අසුන්දර සිදුවීම්ය. සුද්දන්ගෙන් මෙන්ම අපේ ඇත්තන්ගෙන් ද මෙකී කටයුතු සිදුවෙති. සංචාරක කලාපවල ත්‍රිරෝද රථ රියෑදුරන් හා සංචාරක මඟපෙන්වන්නන් සුද්දන් දැලේ දමා ගැනීම සඳහා බලා සිටින්නේ මාළු ඇල්ලීම සඳහා පිත්තක්‌ දමාගෙන සිටින ධීවරයන් මෙන්ය.

ඉකුත් දිනක රාත්‍රියේ අපි උණවටුන සංචාරක කලාපයේ සංචාරයක ද නිරත වීමු. ඒ වෙරළ තීරය දිගේය. සංචාරක සමය තවමත් ආරම්භ වී නොමැති නිසා ඒ හැටි විදේශීය සංචාරකයන් පිරිසක්‌ දැකගත හැකිවූයේ නැත. කෙසේ වුවද වෙරළ තීරය රාත්‍රියට හරිම සුන්දරය. පාළු ස්‌ථානවලදී දැකගත හැකි වූයේ තරුණ ජෝඩුය. වෙරළ තීරයට වී මත්පැන් පානය කරන තරුණ පිරිස්‌ ද දැකගත හැකි විය.

මෙකී ප්‍රදේශයේ ගණිකා මඩමක්‌ පවත්වාගෙන යන බව අප සමඟ කීවේ උක්‌කුවාය. ඉකුත් දිනක උණවටුන ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිටි තරුණියක්‌ එම හෝටලයේ කළමනාකරු සමඟ අත්අඩංගුවට ගෙන තිබුණේ ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසිනි. ඒ මෙම තරුණිය ගණිකා සේවයේ යෙදී සිටියදීය. සංචාරක කලාපවල නම් ගණිකා නිවාස පවත්වාගෙන යැම පුදුම විය යුතු දෙයක්‌ ද නොවේ. ත්‍රිරෝද රථ රියෑදුරකු අප සමඟ කීවේ රුපියල් තුන්දහසක මුදලකට ගණිකාවක සොයාදිය හැකි බවය. සැබවින්ම සංචාරක ව්‍යාපාරය කූට ව්‍යාපාරයක්‌ කරගත යුතු නැත. මෙය හරියාකාරව කළහොත් ඇති පදමට මුදල් උපයා ගත හැකි ව්‍යාපාරයකි. අපේ උදවියගේ හා ඇතැම් විදේශිකයන්ගේ නොයෙකුත් ක්‍රියාකාරකම් නිසා සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක බව අඩු වෙමින් පවතින්නේය. මෙකී ව්‍යාපාරය ක්‍රමවත්ම පවත්වාගෙන යැම බලධාරීන්ගේ වගකීමකි.

ලලිත් චාමින්ද


Copy Rights - Divayina

අපි වගේ අය කසාද බඳින්න එනවා කියලා

කාන්තාවන්ගේ පිටරට හීන හැබෑ කරන
වරදට සමාව දෙන ප්‍රේමවන්තයෝ


වරදට සමාව දෙමි. වැන්දඹු කාන්තාවක්‌ වුව චරිතවත් හඳහන් ගැලපේනම් සලකා බලමි. විවාහවූ විගස විදේශගතවීමට කැමැති විය යුතුය. වහාම මෙම දුරකථන අංකයට ඇමැතීමෙන් හෝ පහත ලිපිනයට තැපෑලෙන් තොරතුරු දන්වා එවන්න....

මෙලෙස සති අන්ත පුවත්පත්වල මංගල යෝජනා පළකරන වෘත්තීය වංචාකාර මනාලයන් පිරිසක්‌ පිළිබඳ මේ දිනවල පොලිස්‌ ස්‌ථානවලට පැමිණිලි ලැබෙන්නට පටන්ගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා අපට තොරතුරු අනාවරණය කළේය.

මෙම වෘත්තීය වංචාකරුවන්ට හසුවී ඇත්තේ ගම්බද කාන්තාවන් පමණක්‌ නොව නාගරික ප්‍රදේශවල සහ ධනවත් ඉහළ පැලැන්තියේ කාන්තාවන් පවා මොවුනට හසුව සිටින බව හෙතෙම සඳහන් කළේය.

වයස අවුරුදු 30 ත් 40 ත් අතර වියේ පසුවන අවිවාහක කාන්තාවන් දික්‌කසාදවූ කාන්තාවන්, සැමියා මියගොස්‌ වැන්දඹුවන් වූවන් මෙලෙස මෙම වෘත්තිය වංචාකාර මනාලයන්ට බහුලවම හසුව ඇති බව වාර්තා වී තිබේ.

කාන්තාවකගේ ජීවිතයේ වැදගත්ම අවස්‌ථාවක්‌ ලෙස විවාහය හැඳින්විය හැකිය. ඒ සඳහා කාන්තාවෝ දහසක්‌ පැතුම් දරාගෙන සිටිති. ඇතැම් කාන්තාවෝ ප්‍රේම සබඳතා මගින් විවාහ වෙති. තවත් කාන්තාවෝ මංගල යෝජනා මගින් විවාහ වෙති. අතීතයේදී නම් මංගල යෝජනා ගෙන ආවේ මඟුල් කපුවන්ය. නමුත් නවීන තාක්‍ෂණයත් සමඟ වර්තමානයේ මඟුල් කපුවන් වී ඇත්තේ අන්තර්ජාලය, පුවත්පත් ආදියයි.

මගුල් කපුවන් මාර්ගයෙන් විවාහ යෝජනා ගෙනඑන විට කපු මහතා මනාලයාගේ වගතුග සොයාගෙන පැමිණේ. ඔහු විසින් කෙබරයක්‌ ඇදබෑවොත් කපුවා කපෝතිය. තමාගේ ආදායම් මාර්ගය මඟුල් කපුකම නිසා බොහෝ කපු මහත්වරුන් කපෝතිවීමට අකමැතිය. එනිසා මනාලයාගේ සැබෑ තොරතුරු දැනගෙන ඊට අඩුම කුඩුම ටිකක්‌ වැඩිකර මනාලියගේ පාර්ශ්වයට පැවසීමේ අහිංසක ප්‍රයෝගයක ඇතැම් කපු මහත්වරු යෙදුණාහ.

නමුත් වර්තමානයේ සියල්ල නවීකරණය වී ඇති නිසා ඕනෑම පුද්ගලයකුට මුදල් වැයකර බොරු තොරතුරු පළකර ගැනීමේ හැකියාව උදාවී තිබේ.

එය ඇතැම්විට එවැනි දැන්වීම් පළකරන මාධ්‍ය ආයතනවලටද කරන්නට දෙයක්‌ නැත. දහස්‌ ගණනක්‌ මංගල යෝජනා අතරේ මෙවැනි හොර මංගල යෝජනා දහයක්‌ පහළොවක්‌ පැමිණි විට එය හඳුනා ගත නොහැකිය. මෙම හොර මංගල යෝජනා මගින් දහස්‌ ගණනක්‌ කාන්තාවෝ රවටා ගැනීමට වංචාකාර මනාලයෝ දක්‍ෂය.

මෙවැනි වෘත්තිය වංචාකාර මනාලයන් හඳුනා ගැනීමට හැකි තොරතුරු බිඳක්‌ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී මැක්‌සි ප්‍රොක්‌ටර් මහතා හෙළිකළේ මෙලෙසිනි.

වෘත්තිය වංචාකාර මනාලයන් ලෙස මොවුන්ට පවසන්නේ මොවුන්ගේ රැකියාව මෙවැනි මනාලයන් ලෙස පෙනී සිට කාන්තාවන්ගෙන් මුදල් කඩාවඩා ගැනීමයි. එසේම මොවුන් සංවිධානාත්මක පිරිසකගෙන් යුක්‌තය. ඔවුහු කාන්තාවන්ගේ වත්පොහොසත්කම අනුව තම රඟපෑම සිදු කරති. බජට්‌ එකට ගැලපෙන්න ප්ලෑන් එක හැදීමට මෙම පිරිස දක්‍ෂය.

උදාහරණයක්‌ ලෙස ගම්බද කාන්තාවක්‌ නම් මෙවැනි වංචාකාරයෝ පවසන්නේ තමා පදිංචිව සිටින්නේ පිටරට බවත් විවාහවූ විගස දෙදෙනාම එහි පදිංචියට යායුතු බවත්ය. ඒ අනුව ඔහු අදාළ කාන්තාව වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයක්‌ තමුන්ගේ වියදමින් සකස්‌කරයි. එහි අදාළ රටට යැම සඳහා වීසා බලපත්‍රයද ලැබුණු නිලමුද්‍රdව ඇත. මින් තම මනාලයා කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නා කාන්තාවෝ ඔහු හා විවාහ වී විදේශ ගතවීමේ සිහින මාලිගා තනාගනිති. මෙලෙස සිහින මාලිගාවේ ජීවත්වන කාන්තාව සමඟ පෙමින් වෙලීසිටින වංචාකාර මනාලයෝ හදිසියේම මතුවූ මුදල් අඩුපාඩු ගැන කතාබහ කරති. ඔන්න ලබන සතියේ අපි විවාහ වෙලා රටයනවා. පොඩි ප්‍රශ්නයකට තියෙන්නෙ වෙඩින් එකට වියදම් කරන්නයි. අපි දෙන්නගෙ ගුවන් ටිකට්‌ ගන්නයි මගෙ ළඟ තියෙන සල්ලි තමයි මදි. තව රුපියල් ලක්‍ෂයක්‌ අවශ්‍යයි. වංචාකාර මනාලයා පවසනවිට සිහින මාලිගයේ සිහින කුමරිය වී සිටින මෙවැනි කාන්තාවෝ තම කණකර රත්‍රන් බඩු උකස්‌කර හෝ අවශ්‍ය හිඟ මුදල ලබාදෙන්නේ තමා වෙනුවෙන් මෙතෙක්‌ කැපවීම් කළ අනාගත සහකරු ගැන කිසිදු සැකසංකාවක්‌ ඇතිකර නොගෙනය.

මුදල් ටිකත් රැගෙනගිය මනාලයා ගැන තොරතුරක්‌ නැතිව සතියක්‌ දෙකක්‌ පමණ වනවිට ඔහුගේ දුරකථන අංකයට ඇමතුම් ගන්නාවිට එය විසන්ධිකර තිබීමට පිළිවන. ඉන්පසු ගුවන්ගමන් බලපත්‍රය ගැන පරීක්‍ෂාකර බලන විට එය ව්‍යාජ එකකි. අවසානයේදී සිදුව ඇත්තේ තම අනාගතයත් අඳුරුවී සියලු සේසතත් අහිමිකරගෙන විවාහය පමණක්‌ නොව ජීවිතයද එපාවන තරමට කලකිරීමය.

නාගරික සමාජයේ කාන්තාවන් සහ ධනවත් කාන්තාවන් රවටාගන්නට මෙවැනි මනාලයන් යොදන බහුල උපක්‍රම වනුයේ ඇයට මෝටර් රථයක්‌ මිලදී ගෙන දෙන බවට පවසා මුදල් ගැනීම හෝ දෙදෙනාම එක්‌ව හවුල් ව්‍යාපාරයක්‌ පටන් ගැනීම සඳහා යෑයි පවසා මුදල් ලබා ගැනීමය. එම තත්ත්වයට පැමිණෙන තුරු මෙම අනාගත සහකරු යෑයි පවසන වෘත්තිය වංචාකාර මනාලයෝ අත දිගහැර වියදම් කරති. තරු හෝටල්හි සාදවලට ඇය රැගෙන යති.

එබැවින් මෙවැනි වංචාකාර මනාලයන් හඳුනා ගැනීමට ඇති අවස්‌ථාවන් වනුයේ ඔහුගේ අනන්‍යතාව විමසීමෙනි. බලන්නකො... දැන් මහා වංචාකාරයෝ ඉන්නවලුනෙ.... අපි වගේ අය කසාද බඳින්න එනවා කියලා රවටා මුදල් ගන්නවාලුනේ... යෑයි චාටු වදන් පවසමින් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලාගෙන එහි තොරතුරු සටහන් කරගන්න. ඔහුගේ දුරකථන අංකය ඉල්ලාගන්න. මෙලෙස හැඳුනුම්පත, දුරකථන අංකය ඉල්ලනවිට ඔහු එය දීමට මැලිකමක්‌ දක්‌වයි නම් ඔහු කෙරෙහි සැකයක්‌ ඇති කරගන්න. එසේම තමාට අනවශ්‍ය ලෙස සෙනෙහස පාමින් විවාහයට පෙර විවිධ පොරොන්දු දෙමින් මුදල් ඉල්ලයිනම් එයත් සැක උපදවා ගැනීමට හේතුවක්‌ කරගන්න. ඉන්පසු මෙවැනි පුද්ගලයන්ගේ තොරතුරු ළඟම ඇති පොලිසියේ මහජන පැමිණිලි අංශය වෙත ගෙන ගොස්‌ දී පරීක්‍ෂාකර බලා සැක දුරුකරගන්න. එසේත් නොමැතිනම් පොලිස්‌ මහජන සම්බන්ධතා කොට්‌ඨාසයේ දුරකථන අංක 011-2395605 වෙත අදාළ තොරතුරු පවසා එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගන්න. එසේ නොවුණහොත් බජට්‌ එකට අනුව රඟපා කාන්තාවන්ගේ සියලු සේසත සහිත පොකට්‌ එක සූරාගන්නා මෙවැනි වෘත්තීය වංචාකාර මනාලයන්ට හසුවූ ඊළඟ කාන්තාව ඔබ විය හැකිය.

උපාලි ද සේරම්


Copy Rights - Divayina

මහින්දාගමනයෙන් පසු සිරි දළදා ගමනය වැඩ අරඹයි

ඉමහත් ප්‍රේක්ෂක ප්‍රසාදය මධ්‍යයේ අති සාර්ථකව ආදායම් වාර්තා තබමින් තිරගත වන මහින්දාගමනය චිත්‍රපටයෙහි අධ්‍යක්ෂ සනත් අබේසේකර සුවිශේෂී ඓතිහාසික සිදුවීමක් පදනම් කර ගනිමින් තවත් සිනමා සිතුවමක් නිර්මාණය කිරීමට සැරසෙයි.
මෙවර ඔහුගේ සිනමාපටයට පදනම් කරගෙන තිබෙන්නේ ‘සිරි දළදා වතයි’යි.
මහාවංශය සහ දඨා වංශයට අනුව තිර රචනය කොට ඇති මෙහි තිර පිිටපත ඉකුත් දා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හට අරලිය ගහ මන්දිරයේදී පිළිගන්වන ලදී.
පුරා විද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමිපාණන් සහ රොෂාන් රණවන, දිල්හානි ඒකනායක ද මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් මහතාගේ උපදෙස් මත මෙය නිෂ්පාදනය කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවද මැදිහත් වන බව සනත් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
සිරි දළදා ගමනයෙහි රූගත කිරීම් තව නොබෝ දිනකින් ඇරැඹීමට නියමිතය.

ජයසේකර අපොන්සුගේ දිල්කා දේකා නිකුත් වේ

යසේකර අපොන්සුගේ දිල්කා දේකා නිකුත් වේ

ජයසේකර අපොන්සු තිර කතාව ලියා අධ්‍යක්ෂණය කළ දිල්කා දේකා ඩී. වී. ඩී. සිනමා පටය දැන් නිකුත්ව තිබේ.
මෙය චමින්ද රණසිංහගේ නිෂ්පාදනයකි. දිල්කා දේකා බොලිවුඩ් සිනමාවෙන් ලාංකේය සිනමා ක්ෂේත්‍රයට සිදු වන්නා වූ හොඳ සහ නරක පිළිබඳ කියවෙන හාස්‍යෝත්පාදක කතා පුවතකි.
ජයසේකර අපෝන්සු, අවන්ති අපොන්සු, අනුරාධා කුරුකුලසූරිය, තුසිත වීරසිංහ, වසන්ත කස්තුරි ආරච්චි, හසිත ශ්‍රී ගුණවර්ධන, ගාමිණී කුලසේකර, ලකී ධර්මදාස, ජයතිස්ස අතුලසිරි, මහාර්ඝා සිතුමිණි, නිහාල් බණ්ඩාර, ආනන්ද පොල්ගහවෙල සමඟ සුරංග මෙහි චරිත මවති.
කැමරාව මෙහෙයවීම සහ සංගීත නිර්මාණය ඩිලාන් ගුණවර්ධනගෙනි.

Saturday, October 8, 2011

D FM 96.1

Tuesday, September 6, 2011

Nethadara 2011 - ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය

මොර‍ටුව විශ්ව විද්‍යලයේ හරිත මිතුරු කැළ (Nature Team) විසින් පස් වන වරටත් වාර්ෂිකව සංවිධානය කරනු ලබන "නෙතදර" පරිසර ඡායාරූප තරඟය හා ප්‍රදර්ශනය මේ වසරේත් සංවිධානය කරල තියනව. 
පාසල් හා විවෘත යන අංශ 2න්ම මේ තරඟය සඳහා ඡායාරූප ඇතුළු කිරීමට ඔබට පුළුවන්. 
ඡායාරූප භාරගන්නා අවසාන දිනය 2011 සැප්තැම්බර් 10 වන දිනයයි.
ලංකාව තුළ ගන්නා ලද ගස් වැල් මල් වල ඡායාරූප ඔබට මීට ඇතුළත් කළ හැකියි. (සිරකරගෙන සිටින සතුන් සිටින ඡායාරූප භාරගන්නේ නෑ.) එක් අයෙක්ට ඡායාරූප 10ක් උපරිම වශයෙන් ඇතුළු කරන්න පුළුවන්.

ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 21, 22 දෙදින තුළ ජාතික කළා භවන තුළයි.


ඔවුන් මොකද කියන්නෙ කියල මම මෙතන ඔවුන්ගේ වචන වලින්ම දාන්නම්.


Nethadara 2011 - Competition Theme

"Miracle of the simple natural phenomena"
Nature surprises you 
Treats you and relaxes you, 
As much as you 
Explore and capture
The delicate shades of colour.....

It would be the,
Miracle of your experience
Which you convey
To the world,
Through your third eye...


Competition

The environment has its own versions of beauty. No matter you live in a remote village surrounded by beautiful mountains and streams, or in a town with several numbers of trees and many buildings, the beauty of the nature can be experienced in different scales. Unless you stop and look around you will not find the true enchanting beauty of the nature.

Aiming to encourage people to grab the nature around them in to a photograph, “Nethadara” photographic competition is expected to create awareness on the natural beauty in the environment, among the community and to promote the natural beauty of the university itself.

The categorization of the entries to the exhibition, are expected to be in 3 groups.

    • Open category
    • School category

The society is expecting the participation of the following communities in the event

    • Undergraduates of Universities
    • School Children
    • Members of environmental societies


The contents of the photograph should concerning the environment and natural flora and fauna which were taken within Sri Lanka. Animals in captivity cannot be included.

A number of 125 entries would be selected by a panel of judges including the 1st, 2nd and 3rd places of each category and would be displayed in the exhibition as well as rewarded with a valuable certificate. The 1st, 2nd and 3rd places would also be rewarded with cash prizes.

The photographs should be unframed and not mounted having an effective area not less than 8" X 10". The maximum number of entries by one person for the exhibition is limited to ten (10). An entry form is valid for one photograph. (Photocopies of the entry forms are accepted) Each entry of school applicants should be certified by the principal saying that the photographs are own creations.

The photographs should be sent via post to "Nethadara 2011", Nature team, University of Moratuwa. or delivered by hand to the postal unit of University of Moratuwa on a weekday during office hours on or before 10th September 2011.

( Read Rules and Guidelines for More informations )

මේ ගැන තිබෙන අත් පත්‍රිකාව මෙතනින් බලන්න. 

වැඩි විස්තර මෙතනින්
http://nethadara.info
 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money