Showing posts with label Poth. Show all posts
Showing posts with label Poth. Show all posts

Thursday, September 15, 2011

‘කවි කඳුර’ ට ස්වර්ණ පුස්තකය

 



පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැති 2011 ස්වර්ණ පුස්තක සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී සුනේත‍්‍රා රාජකරුණානායක ගේ ‘කවි කඳුර’ 2010 වසරේ හොඳම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිණි. ස්වර්ණ පුස්තක සම්මානය සුනේත‍්‍රා රාජකරුණානායක වෙත පිරිනමනු ලැබුවේ හිටපු නිළි රැජිනි, පර්ලිමේන්තු මන්ත‍්‍රිනී මාලිනී ෆොන්සේකා මහත්මිය අතිනි.
ෆොන්සේකා මහත්මිය අතින් මෙම සම්මානය ලබා ගැනීමට හැකි වීම තමන් ලැබූ භාග්‍යයක් බව සම්මාන ලාභිනී සුනේත‍්‍රා රාජකරුණානායක පැවසුවාය.
 

පොත් ගුල්ලන්ගෙ මහා හමුව

 






පොත් ගුල්ලන්ට තියෙන හොඳම තැන සහ වෙලාව තමයි හැම සැප්තැම්බරයේම එන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය. පොත් බලන්න , පොත් ගන්න , පොත් බලන්න ගන්න ඇවිත් ඉන්න දිහා බලා ඉන්න ඔය සේරටම මම නම් ආසයි..මේ පින්තූරෙ ස්කෑන් කර ගත්තෙ පත්තරේකින්. හැම අවුරුද්දෙම වගේ මේ සැරෙත් මේ කාල සීමාවෙදි අවට ජනී ජනයාගෙන් පිරිලා යයි. අන්තජාලෙ ඇවිත් දැන් පරම්පරාව පොත් පත් කියවන්නෙ නැහැ කියන මතය සුනු විසුනු කරල දමාවි මේ එන පිරිස.. මේ අයම තමයි අන්තර්ජාලයත් එක්ක බිහිවන මහා තොරතුරු ගොන්නෙ පීනමින් ජීවිතය සොයන අපේ මහා අනාගතය.. පොතක් දෙකක් තුරුළු කරගත් කුඩා දරු දැරියන් වගේම පොත් කන්දරාවක් අත් දෙකේම එල්ලා ගත් වැඩිහිටියන් සමූහයත් ගෙනෙන චමත්කාරය වචනයෙන් කිව නොහැකියි.

මහා සල්ලි කන්දරාවක් ඕනි නැහැ පොත් ගන්න. අතෙ තියෙන පොඩි මුදල හරි අර ගෙන එන්න මේක බලන්න..

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money