Showing posts with label Joke. Show all posts
Showing posts with label Joke. Show all posts

Wednesday, October 26, 2011

ආච්චිගේ මරණ සහතිකය අරන් මුනුබුරා සම්මුඛ පරීක්ෂණයට ඇවිත්

2011 ඔක්තෝබර් මස 24 16:47:22 | පුෂ්පකුමාර මල්ලවආරච්චි
ආච්චිගේ මරණ සහතිකයද රැගෙන සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත්වූ තරුණයකු පිළිබඳව සියනෑවේ නගරයකින් වාර්තාවේ.
පෞද්ගලික ආයතනයක රැකියාවකට ඉල්ලූම් පත් කැඳවා තිබිණි. තරුණ තරුණියෝ විශාල පිරිසක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියහ. පසුගියදා මේ අතරින් තෝරාගත් පිරිසක් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමට ආයතනයේ පාලනාධිකාරිය පියවර ගත්තේය.
ඒ අනුව පැවැති සම්මුඛ පරීක්ෂණයට කැඳවූ පිරිස කැඳවා සුදුසුකම් පරීක්ෂාවට ලක් කෙරුණේ ආයතන ප‍්‍රධානියා ඇතුලූ තිදෙනකුගෙන් යුත් මණ්ඩලයන් විසිනි.
කඩවසම් තරුණයකු සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත්විය. ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලට සාර්ථක පිළිතුරු ලැබිණි. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයද සෑහීමට පත්ව සිටියේය. අවසානයේ ඔහුගේ සහතික පත් ගොන්න පරීක්ෂා කෙරිණි.
එය පිරික්සමින් සිටි ආයතන ප‍්‍රධානියාගේ ඇස් උඩ ගියේය. ”ඇයි මේ මරණ සහතිකයක් අරගන ආවේ” ඔහු විමසීය.
”සර්. මගේ ආච්චි මැරිලා ගොඩක් කල් ඒ හින්දා ආයේ මට ආච්චිගේ මරණෙට නිවාඩු ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසයි ආච්චිගේ මරණ සහතිකය අරගෙන ආවේ.” ආච්චි මලා කියමින් නිවාඩු ගන්න රටක් නේ මේක” තරුණයා පිළිතුරු දුන්නේය.
සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට කථිකා කළහ. තරුණයාට පත්වීම් ලිපිය එවේලේම ලැබිණි. පසුදා සිට සේවයට වාර්තා කරන ලෙසට දැනුම් දුන්නේය.

Tuesday, October 25, 2011

සම්මුඛ පරීක්‍ෂණ නිලධාරියාට බලවතෙක් අපූරු යෝජනාවක් ගෙනැත්

2011 ඔක්තෝබර් මස 25 09:31:24 | Copy Rights | පුෂ්පකුමාර මල්ලවආරච්චි
ලොකු නගරයක සේවය සඳහා සම්මුඛ පරීක්‍ෂණයට දෙතුන් සියයක් පෙළ ගැසී සිටියහ.
ටයි පටි පැළඳි නිල දරුවෙක් මෙම පරීක්‍ෂණය මෙහෙයවීය. කෑලි එල්ලෙන ඇඳුමින් සැරසුණු මදාවි පෙනුමේ අයෙක් ඔහු ඉදිරියට ආයේය. දෙදෙනා අතර දෙබස් මෙසේ ඇසුණි.
”මොනවාද කරන්න පුළුවන්.”
‘‘ ඕනෑ දෙයක් පුළුවන්’’
”ඔය මහත්තයාට බරවාහන ඒ කියන්නේ
ලොරි වගේ ඒවා පදවන්න පුළුවන්ද?”
”ඒව නං බෑනේ”
”කොහොමද අද මෙහෙ එන්න පාර පෑදුණේ.”
”ඇයි අර... තුමා තමයි මට එන්න කිව්වේ.”
පසුගිය දිනවල ප‍්‍රබල චරිතයක් වූ දේශපාලකයකුගේ නම ඔහු පැවසුවේ මහත් ආඩම්බරයෙනි.
”එතුමා අඳුනන්නේ කොහොමද?”
”ඇයි සර්.දන්නෙ නැද්ද පසුගිය දවස්වල අපි වැඩ කළේ එතුමාට නේ.”
”එතකොට හදිසියකට මෙහෙ නිලධාරියෙක් එක්ක යන්න වුණොත් මෝටර් රියක් පදවන්න පුළුවනි නේද?”
”ඒවත් බෑනේ”
”එහෙමනම් කාර්යාලයකට පණිවිඩයක් ගෙනියන්න වුණොත් මෝටර් සයිකලෙන් යන්න බැරිද?”
”අයියෝ ඒකත් මට බෑනේ බොස්”
”එහෙනම් මොනවාද පුළුවන්.”
”අනේ මහත්තයා මට ලයිසනුත් නැහැ.
”හොඳයි විස්තර මං ලියා ගත්තා.
ඒ මහත්තයා හම්බවෙන්නකෝ.”
මෙසේ පිරිස සම්මුඛ පරීක්‍ෂණයට ලක් කළත් කිසිවෙකුගේ මූලික අධ්‍යාපන සහතිකයක් හෝ පරීක්‍ෂා කරනු නොලැබීම විශේෂත්වයක් විය.
පිළිවෙළකට ඇඳ පැළඳගත් තරුණයකුගේ වාරය උදාවිය.
වෘත්තිය සුදුසුකම් මොනවාද පරීක්‍ෂණ නිලධාරියා විමසීය.
පාප්ප ගාන්න, පෝස්ටර් අලවන්න හොඳට පුළුවන්. තව තවත් ඒවාත්  ඕන්නම් මට පුළුවන්. තරුණයා කීය.
මොකද ඔය සාක්කුව අල්ලගෙනම ඉන්නේ? තවත් පැනයක් පරීක්‍ෂක නිලධාරියාගෙනි.
ටයි එක සාක්කුවේ ඒත් ගැටේ ගහගන්න දන්නේ නෑ.
එහෙනම් ගෙනාවේ?
ජොබ් එක ලැබුණොත් කොහමහරි දාගන්න.
සම්මුඛ පරීක්‍ෂණය අතරමග නිමා කළ නිලධාරියා එය මෙහෙයවූ බලවන්තයා හමුවිය.
‘‘මුන් අතරේ වැඩ කරන්න පුළුවන් එකෙක්වත් නැහැ”යි වාර්තා කෙළේය. එහෙම කියලා බෑ. මුන්ට මොනවා හරි කරන්න වේවියි බලවතා කීවේය.

Tuesday, October 18, 2011

මම වගේma තව Kenek අද Oyage පුංචි දෙතොල ta ලං වෙලා

"අනේ අයෙමත් එකම වතාවක්
ඔයාගේ පුංචි දෙතොලට ලං වෙන්න දෙනවද?
ඔය දෙතොලේ පහස විඳගන්න දෙනවද?
හැමදාම රෑට නිදද්දී,
උදේම දවස පටන් ගන්න කොට 
ඔයා මාව ඔය පුංචි දෙතොලට ලංකරගත්ත හැටි 
අදටත් මතක් වෙනවා.
මම හුගක් බයෙන් හිටියේ ඔයාට රිදෙයි කියල.
එච්චරටම ඔයගැන හිතපු මාව අද ඔය ඈත් කරලා.
අද මට කිසිම වටිනාකමක් නැ.
මම වගේම තව කෙනෙක් අද ඔයාගේ පුංචි දෙතොල ලං වෙලා.
මට දැනෙනවා,
අදටත් ඔය දෙතොලට මං ආදරෙයි.



මේ 
ඔයාගේ පරණ THOOTH BRUSH එක."

Monday, September 5, 2011

හිනා කෑලි

වැඩකරන වෙලාව නේද?
රණසිංහ ඉතා මසුරු, ධනවත් ව්‍යාපාරිකයෙකි. දිනක් හේ තම නිවෙසේ ළිඳට ඇද වැටුණි. එම ශබ්දය ඇසී ළිඳ වෙත දුව ආ ඔහුගේ බිරිඳ දුටුවේ ළිඳ ඇතුළේ වූ මුලක අසීරුවෙන් එල්ලී සිටින තම සැමියාය.
’ඔය මුල හයියෙන් අල්ලගෙන ඉන්ඩ. මං වත්තේ වැඩ කරන අයට ටක්ගාලා අඬගහන්නං.’ ඇය කඩිනමින් තම සැමියාට කීවාය.
’දැන් වෙලාව කීයට ඇත්ද?’ මුදලාලි ළිං පතුලේ සිට ඇසීය.
’දැන් මගෙ හිතේ එකොළහට විතර ඇති.’ බිරිඳ කීවාය.
එහෙනං දැන්ම කතා කරන්ඩ එපා. තව පැයකින් කෑමට වැඩ නැවැත්තුවාම කතා කරන්ඩ රණසිංහ ළිඳේ සිට කීවේය.


ප්‍රතිමා නෙළීමේ මඟ
ප්‍රසිද්ධ චිත්‍ර සහ මූර්ති ශිල්පී කොඩිකාර රජයේ සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමා පදිංචි සීතාවක පුරයේ චිත්‍ර සහ මූර්ති ශිල්පී පාඨමාලාවක් ඇරඹීය. හේ දිනක් තම සිසු සිසුවියනට කළු ගලකින් අලියකුගේ ප්‍රතිමාවක් නෙළන අයුරු උගන්වමින් සිටියේය.
’මේක හොඳින් අධ්‍යයනය කළොත් බොහොම ලේසි දෙයක්. මුලින්ම මේ වගෙ ලොකු ගලක් ගන්නවා. ඊට පස්සෙ ඒකෙ අලියෙකුට නොගැලපෙන තැන් ඔක්කොම කඩල අයින් කරනවා.’ කොඩිකාර පැහැදිලි කළේය.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money