වැඩකරන වෙලාව නේද?
රණසිංහ ඉතා මසුරු, ධනවත් ව්‍යාපාරිකයෙකි. දිනක් හේ තම නිවෙසේ ළිඳට ඇද වැටුණි. එම ශබ්දය ඇසී ළිඳ වෙත දුව ආ ඔහුගේ බිරිඳ දුටුවේ ළිඳ ඇතුළේ වූ මුලක අසීරුවෙන් එල්ලී සිටින තම සැමියාය.
’ඔය මුල හයියෙන් අල්ලගෙන ඉන්ඩ. මං වත්තේ වැඩ කරන අයට ටක්ගාලා අඬගහන්නං.’ ඇය කඩිනමින් තම සැමියාට කීවාය.
’දැන් වෙලාව කීයට ඇත්ද?’ මුදලාලි ළිං පතුලේ සිට ඇසීය.
’දැන් මගෙ හිතේ එකොළහට විතර ඇති.’ බිරිඳ කීවාය.
එහෙනං දැන්ම කතා කරන්ඩ එපා. තව පැයකින් කෑමට වැඩ නැවැත්තුවාම කතා කරන්ඩ රණසිංහ ළිඳේ සිට කීවේය.
ප්‍රතිමා නෙළීමේ මඟ
ප්‍රසිද්ධ චිත්‍ර සහ මූර්ති ශිල්පී කොඩිකාර රජයේ සේවයෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව තමා පදිංචි සීතාවක පුරයේ චිත්‍ර සහ මූර්ති ශිල්පී පාඨමාලාවක් ඇරඹීය. හේ දිනක් තම සිසු සිසුවියනට කළු ගලකින් අලියකුගේ ප්‍රතිමාවක් නෙළන අයුරු උගන්වමින් සිටියේය.
’මේක හොඳින් අධ්‍යයනය කළොත් බොහොම ලේසි දෙයක්. මුලින්ම මේ වගෙ ලොකු ගලක් ගන්නවා. ඊට පස්සෙ ඒකෙ අලියෙකුට නොගැලපෙන තැන් ඔක්කොම කඩල අයින් කරනවා.’ කොඩිකාර පැහැදිලි කළේය.
-


9:20 AM
S M S Lanka
Posted in: 






0 comments:
Post a Comment