Thursday, September 15, 2011

මම වෙනම මලක්

(කොළඹ-ලංකාපුවත්) සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ ජාතික නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන 2011 ජාතික ළමා නාට්‍ය උ‍ළලේ හත්වන දිනය අදයි.
යක්කල අනුර මධ්‍ය මහා විද්‍යාලයේ ‘පොරොන්දුව’, පූගොඩ කුමාරි මුල්ල මුස්ලිම් විද්‍යාලයේ ‘සන්තෝෂමන කලුදෙයි’, නාලක ස්වර්ණතිලකගේ ‍’මම වෙනම මලක්’ යන නාට්‍යයන් අද (16) දින වේදිකා ගත කෙරේ.
කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පස්වරු 05.00ට මෙම නාට්‍ය වේදිකාගත කෙරෙන අතර මෙම සියලුම නාට්‍ය නොමිලේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමිවේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money