රන් සරය රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.ජීවිතයේ සොඳුරු ප්‍රාර්ථනා රැසක් හදවත රුවා ගනිමින් සොඳුරු සමනළියක සේ ලොව දකින්නට පෙරුම් පුරනා නිෂාම් නයිසලරා දියණිය පසුගිය දිනක ‘සරසවිය’ට ගොඩ වැඳුණා. ඒ ඇගේ හදවත රැඳුනු බලාපොරොත්තු ගැන අපට කියන්නටයි. ‘රන් සරය කියන මේ සංයුක්ත තැටියට ගීත දොළහක් අඩංගුයි. සම්බුද්ධ ජයන්තිය මූලික කරගත් වගේම මව් ගුණ ගී, පිය ගුණ ගී, පරිසරය සම්බන්ධව ගයන ගීතත් මේ පටයට ඇතුළත්. කාලයක පටන් මගේ සිතේ තිබුණු පුංචි බලාපොරොත්තුවක් මේ විදියට මල්ඵල ගැනුණේ පසුගිය සම්බුද්ධත්ව ජයන්තිය ආරම්භ වුණු කාලයේදීයි. මේ සඳහා මාව වඩාත් උනන්දු කළේ මගේ අම්මා. දැනට සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය ලෙස කටයුතු කරන ඈ අනූෂා ගෝකුළ ප්‍රනාන්දු. මුලින්ම මගේ දක්ෂතාවයන් මොනවද කියන කාරණය පිළිබඳ ඈ හොඳ අවබෝධයකින් පසු වුණා. ඒ නිසාදෝ ඈ මාව මුලින්ම යොමු කළේ ගුවන් විදුලියේ විදුල ගුවන් විදුලියටයි. එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි. මේ ඔස්සේ දක්ෂතා එළි දැක්වීමට ජීවන ගමන් මගේ යෝධ ශක්තියක් වන්නේ මගේ අම්මා. ඈ සුවිසල් රුකක් සේ මා අභියසම ඉඳන් මා දිරිමත් කරනවා. ඒ අනුවයි ‘රන් සරය’ එළි දකින්නේ. මේ සංයුක්ත තැටියේ අඩංගු ගීතවල පද රචනයෙන් හා සංගීතයෙන් ධම්මික පතිරාජ, සුජීව හෙට්ටිතන්ත්‍රී, දිලිප් නානායක්කාර, ධර්මප්‍රිය රණවක, අනූෂා ගෝකුළ, විජිත් කණුගල, සිසිර කුමාර මහගම කියන මාමලා වගේම චාන්දනී වර්ෂකෝන්, ජානක ෆොන්සේකා, ශාන්ත පීරිස්, කරුණාරත්න විජේවර්ධන, කීර්ති විදානගමගේ, කුමාර කොඩිතුවක්කු ඇතුළු ගොඩක් මාමලා මට උදව් කළා. ඒ කළ හැම දෙයක් වෙනුවෙන්ම මගේ අම්මාටත්, තාත්තාටත් ඒ හැමෝටමත් බොහොම ස්තුතිවන්ත වෙනවා.’ දඟකාර සමනලිය පවසන්නේ හද පිරි සතුට දෝරේ ගලන අතරතුරදියි. නිෂාම් දූ ගී කියන්න වගේම නිවේදනයට වගේම ඉගෙන ගන්නත් දක්ෂයෙක්. ‘මම ඉගෙන ගන්නේ වත්තල යහපත් එඬේරා බාලිකා මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ. සිංහල, ඉංග්‍රීසි, දෙමළ, අරාබි කියන භාෂා තුනෙන්ම ගීත කියන්නත්, කතා කරන්නත් මට පුළුවන්. අනාගතයේදී හොඳට ඉගෙන ගෙන වෛද්‍යවරියක් වෙන්න මම කැමැතියි.’ ඈ කියන්නේ දහසක් බලාපොරොත්තු රැඳි දෙනෙතින්. නිෂාම් දුවේ නුඹට සුබ අනාගතයක්. සරසවිය වෙතින් නුඹට සුබ පැතුම්. |


7:56 PM
S M S Lanka
රන්සරයෙන් ගී ගයන සොඳුරු දියණිය නිෂාම් නයිසලරාගේ ‘රන් සරය’ නම් කුළුඳුල් සංයුක්ත තැටිය පසුගිය දිනක එළි දැක්වුණා.
එහිදී මට පළමුවෙන්ම නිවේදිකාවක් විදියට කටයුතු කිරීමට ලැබෙනවා. ඒ කටයුතු සිදු වෙන අතරතුරදියි මට ගී ගයන්නත් අවස්ථාව හිමි වෙන්නේ. ගුවන් විදුලිය කියන්නේ දක්ෂ දරුවන්ට අපූරු තෝතැන්නක්. ඒ තුළින් මගේ ජීවිතයට ලැබුණු ආලෝකය ගැන කියන්නට මට වචන නැහැ. මගේ ගායන හා නිවේදන දක්ෂතා දියුණු කර ගැනීමට ඉන් ලැබුණු පිිටිවහල හරිම විශිෂ්ටයි.
Posted in: 






0 comments:
Post a Comment