වත්සලා දියලගොඩ ගැන අම්මා ප්‍රදීපිකා නිශාන්ති කියන කතාවක්

නොදන්නාකමටයි. ඇඳ පැළඳ ගත් සුදු මැණිකෙ පුංචි පා තබමින් තමන්ගේ නිවෙසට පැමිණෙන තුරු ලේන් එකේ හැමෝම මඟ බලාගෙන ඉන්නෙ.
මේ හුරතල් කෙළි පොඩිත්තිට රස ආහාර කවන්නත් කිසිවෙකු අමතක නොකරන නිසාම කෙලි පොඩිත්තිට ගෙදර මතක් වෙන්නෙ හිරු අවරට ගියාම.
එදා ඒ කෙළි පැටික්කියගේ හුරතල් බැලුවේ, ඇයට ආදරය කළේ ඇගේ අසල්වාසීන් විතරයි. නමුත් පුංචි තිරයෙන් හැමදාම ඔබේ ආලින්දය ආලෝකමත් කරන වත්සලා දියලගොඩ නම් වූ යොවුන් රංගන ශිල්පිනියට සියලු දෙනාම වශී වෙලාදෝයි සිතෙන වාර අනන්තයි.
ඒ නිසාම මේ සතියේදී පුංචි දවස්වල විශේෂාංගයෙන් වත්සලා දියලගොඩගේ පුංචි දවස්වල සොඳුරු මතකයන් සොයා යන්නට අප ඇගේ ආදරණීය මෑණියන් වන ප්‍රදීපිකා නිශාන්ති මහත්මිය සමඟ කතාබහක යෙදුණා.

ඉතින් හවස් වෙන කොට අපේ ගෙදරට හැමෝම එනවා දුව එන්න කිව්වා කියලා. ඒ මිනිස්සුන්ව හිස් අතින් යවන්නත් බැහැනේ. අපි ඉතින් කඩිමුඩියේ උපන් දින පාටියක් ලෑස්ති කරනවා.
ආ... කියන්නම ඕන දෙයක් මතක් වුණා. සුදු මැණිකේ හරිම කැමැතියි තෑගි ගන්න. එයාට කවුරු හරි තෑග්ගක් දෙනවා නම් ඊට වඩා සතුටක් නෑ.

ඒ වෙන මොහොකටවත් නෙවෙයි තෑග්ගක් ගන්න. දුව ඇඬිල්ල නවත්තන්නෙම නැති තැන මම සංවිධායක මණ්ඩලයට කතා කරලා දුවට රෙද්දකුයි හැට්ටයකුයි අන්දලා ස්ටේජ් එක උඩින් තිබ්බා.
පොඩිකමට හැඩේට පුංචි කකුල් තියලා ස්ටේජ් එකේ ඇවිද්දා. එතකොට දුවට ඕන නම් අවුරුදු දෙකක් විතර ඇති.
ඊට පස්සේ මමම තෑග්ගක් ගෙනහල්ලා සංවිධායක මණ්ඩලයේ කෙනෙක්ගේ අතින් දුවට තෑග්ග දුන්නා. කෙළි පොඩ්ඩි තෑග්ග පුංචි අතට ගන්න කොට හිනා වුණේ හරියට ඉහේ මලක් පිපිලා වගේ.
සුදු මැණිකේ පොඩි කාලේ ඉඳන්ම හරිම ක්‍රියාශීලී දරුවෙක්. ඒ නිසාමයි එයාව මම අවුරුදු දෙක හමාරෙදි පෙර පාසල් දැම්මෙත්.

මගේ දෝණි තමයි පන්තියේ හිටපු පුංචිම සිඟිත්තිය. සමහර දවස්වල ටීචර් දුවව වඩාගෙන තමයි අනිත් ළමයින්ට උගන්නන්නෙ. එයා හොඳට ටීචර්ගේ උර හිසට ඔළුව තියාගන දොයි.
පුංචි දවස්වල නම් දුව දඟ නෑ. හැබැයි O/L වලින් පස්සේ නම් හරිම දඟයි. වත්සලාට ඉස්සර ලිප්සිටික් එහෙම පෙන්නන්න බෑ. දැක්කොත් මූණේ උලා ගන්නවා. එයාගේ ඒ වැඩේ හරිම ප්‍රසිද්ධ දෙයක්.

දුව හරිම බයයි වැටෙනවාට, තුවාල වෙනවාට. දැනුත් ඒ වගෙයි. අඩුම ගානේ එයා පුංචි දවස්වල සෙල්ලමකටවත් දුවලා නැතිව ඇති. හැබැයි පොඩි කාලේ නොදන්නකමට කළ දඟ වැඩක් නිසා නම් අදටත් ත්‍රීවීල් එකක යන්න බයයි.

දෙයියනේ කකුලක් හරි ත්‍රීවීල් එකට අහු වුණා නම් මම මොන දෙයියන්ට කියන්නද? ඇහැ ළඟ තමයි තුවාල වුණේ. ඒ තුවාල වුණු තැනින් හොඳටම ලේ ගැලුවා.
කොහොම හරි අපි ඉක්මනට ඩොක්ටර් ළඟට එක්ක ගෙන ගියා. ඩොක්ටර් සම හිල් කරගෙන ඇතුළට ගිහින් තිබුණු ගලක් අරගෙන පෙන්නුවාම මගේ ඇඟ හීතල වුණා.
මං මුලිනුත් කිව්වා වගේ චූටිම කාලේ දඟ නැති වුණාට ටික ටික තේරෙන කොට නම් දඟ වැඩ කළා. හැබැයි කාටවත් කරදරයක් නම් කළේ නෑ. ඉස්සර අපේ ගෙදරට එන්න ඕන කන්දක් බැහැලා.
අක්කා ඉස්කෝලේ ඇරිලා එනකන් නංගි හැමදාම කන්ද පහළට වෙලා බලාගෙන ඉන්නවා. ස්කූල් වෑන් එකෙන් බැහැපු ගමන් අක්කා කන්ද උඩ ඉඳන්ම නංගිට අත වන වනා එන්නෙ.

එක දවසක් නෙවෙයි, හැමදාම ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්නෙම කන්දෙන් පහළට රෝල් වෙවී. මගේ දඟකාර හැඩකාර කෙල්ල දැන් ලොකුයිනේ.
ඒ නිසා දැන් නම් O/L, A/L කාලේ තරම්ම දඟ නෑ. හැබැයි පුංචි කාලෙත් දුව පොඩ්ඩක් හරි දඟ වුණා නම් හොඳයි කියලා දැන් නම් මට හිතෙනවා. ඒ මොකද දන්නවාද? එයාට බයිසිකලයක්වත් පදින්න බෑ.
ටෙලි ඩ්‍රාමා එකක බයිසිකල් පදින දර්ශනයක් රඟපාන්න තියෙනවා. ඒ හින්දා තව ටිකකින් මම දුව බයිසිකල් පදින්න පුරුදු කරන්න එක්ක ගෙන යනවා.
0 comments:
Post a Comment