Sunday, October 16, 2011

සිහිනයට ඉඩදීලා හැමදේකින්ම ඈත්වෙනවා

මගේ සිහිනයට ඉඩදීලා හැමදේකින්ම ඈත්වෙනවා
නදීශා රංගනයෙන් ඉවත් වෙලා
මේ කාලයේ ජනප්‍රියතම ටෙලිනාට්‍යයක්‌ වන රන් සමනලයෝ හි සිතූ ප්‍රේක්‍ෂකයන් අතර විශේෂිත වූ කතා බහකට ලක්‌ වූ චරිතයක්‌. මෙසේ සිතූට පණ දෙන නදීශා අලහප්පෙරුම ගැන මේ දිනවල ක්‍ෂේත්‍රයේ පැතිර යන කතාවක්‌ ගැන ඇත්ත දැනගන්න අපි ඇයට කතා කළා.

නදීශා රංගනයෙන් ඉවත්වෙන්න යනවා කියන්නේ ඇත්තක්‌ද?

ඔව්, අපි මොනදේ කළත් පෞද්ගලික ජීවිතයට මුල්තැන දෙන්න ඕනනේ. ඒ නිසා අවුරුද්දකට දෙකකට රඟපෑමෙන් ඈත් වෙන්න තීරණය කළා.

ඇයි හිටිහැටියේම එවැනි තීරණයක්‌ ගත්තේ?

කාලයක්‌ තිස්‌සේ හිතේ තිබුණු බලාපාරොත්තුවක්‌ කාර්ය බහුලත්වයත් එක්‌ක මගහැරිලා තිබුණා. දැන් මම ඒ සිහිනයට ළඟාවෙලා සිටින නිසා වෘත්තීමය කටයුතුවලට සමුදෙන්න සිද්ධ වුණා.

මොකක්‌ද ඒ බලාපොරොත්තුව?

මවක්‌ වෙන්න සූදානමින් ඉන්නේ.

දැන් කොච්චර කල්ද?

මාස දෙකක්‌ විතර වෙනවා.

දුවෙකුට ද, පුතෙකුට ද කැමැති?

ඉස්‌සරනම් දුවෙකුට කැමැති වෙලා හිටියේ. දැන් ඒ අත්දැකීමට මුහුණදීලා ඉන්න නිසා දුවෙක්‌ ලැබුණත් පුතෙක්‌ ලැබුණත් අපේ දරුවෙක්‌නේ. එයාට මමයි අමිලයි ගොඩක්‌ ආදරෙයි.

සැමියගේ (අමිල) කැමැත්ත මොනවගේද?

අමිල තමයි මුලින්ම දුවෙක්‌ ලැබුණොත් හොඳයි කිය කිය හිටියේ. ඒ නිසාම මමත් කැමැත්තෙන් හිටියෙ දුවෙකුට. ඒත් දැන් අමිල කියනවා පුතෙක්‌ ලැබුණොත් හොඳයි කියලා.

ඔබ දැනට නියෑළී සිටින නිර්මාණවලට මොකද වෙන්නේ?

රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ රූගත කිරීම් නම් අවසන් අදියරේ තියෙන නිසා අධ්‍යක්‍ෂතුමා ඇතුළු ශිල්පීන් බලාපොරොත්තු වුණු ආකාරයෙන් අවසානය දක්‌වා මගේ වගකීම ඉෂ්ට කරන්න පුළුවන් වෙයි. රන් සමනළයෝ ටෙලිනාට්‍යයේ රූගත කිරීම් බොහෝ දුරක්‌ මේ වනවිට කෙරිලා තියෙන නිසා මගේ චරිතයට අසාධාරණයක්‌ නොවන විදිහට නිර්මාණය. ඉදිරියට ගෙන යයි කියලා හිතනවා.

ඔබේ චරිතයට අලුත් නිළියක්‌ යොදාගතහොත් ඒ චරිතයට සාධාරණයක්‌ ඉෂ්ට වෙයිද?

මේ වනතෙක්‌ නම් එහෙම දෙයක්‌ ගැන මට දැනුම්දීලා නැහැ. නමුත් මීට පෙර විකාශය වුණ නිර්මාණ කිහිපයකදී මෙවැනි ගැටලු මතුවෙලා නවක ශිල්පීන් යොදාගෙන ටෙලිනාට්‍ය ඉදිරියටම පවත්aවාගෙන ගිහින් තියෙනවා. රන් සමනළයෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂතුමාත් හිතනව නම් එවැනි තීරණයක්‌ ගත යුතුයි කියලා ඒක එයාගේ කැමැත්ත. මට විරුද්ධ වෙන්න බැහැ.

පූර්ණ කාලීනවද රංගනයෙන් ඉවත් වෙන්නේ?

නැහැ. මේක තාවකාලික සමුගැනීමක්‌ පමණයි.

කාලයක්‌ ක්‍ෂේත්‍රයෙන් ඉවත්ව සිටින විට ප්‍රේaක්‍ෂකයන්ට ඔබව අමතක වෙයිද?

එහෙම වෙයි කියලා හිතන්න බැහැ. නමුත් එහෙම වුණත් කරන්න දෙයක්‌ නැහැ. මේක මගේ ජීවිතේ මට වැදගත් අවස්‌ථාවක්‌. පසුගිය කාලයේ නිර්මාණ කිහිපයක එකදිගටම රඟපෑ නිසා කොහොමටත් ටික කාලයක්‌ විවේකයක්‌ ගන්න තමයි මම හිතාගෙන හිටියේ.

ඉදිරියේදී පැමිණෙන වගකීම්වලට මුහුණදෙන්න බලාපොරොත්තුව කොහොමද?

සැමියාගේ දෙමව්පියෝ මගේ දෙමව්පියෝ හා සමානවම ගොඩක්‌ උදව් කරනවා. ඒ අතින් මම ගොඩක්‌ වාසනාවන්තයි. සැමියත් මට ලොකු ශක්‌තියක්‌ නිසා ඒ තරම් ලොකුවට වගකීම් ගැන හිතට අරන් නැහැ.

මවක්‌ වෙලා ක්‍ෂේත්‍රයට එද්දී මීට වඩා හිතන්න වේවි නේද?

කොහොමත් ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා නිර්මාණ ගොඩක්‌ භාරගෙන රඟපාපු කෙනෙක්‌ නෙමෙයි මම. ඉදිරියෙදිත් එහෙම වෙයි. රංගනයට පිවිසුණත් දරුවට සහ පවුලට තමයි මුල්තැන දෙන්නේ.

බිරිඳක්‌, මවක්‌ සහ රංගන ශිල්පිනියක්‌ ලෙසට කාලය වෙන් කර ගන්නේ කොහොමද?

කොළඹින් පිට රූගත කිරීම් කරන නිර්මාණවලට මම කොහොමත් සම්බන්ධ වෙනවා අඩුයි. ඉදිරියෙදිත් උදේ ගිහින් හවස ගෙදර එන්න පුළුවන් නිර්මාණ විතරයි තෝර ගන්නේ.

2002 වසරේ සූර්ය මංගල්‍යයෙන් කලා ලොවට පා තැබූ ඔබ අද මවක්‌ වෙලා. මේ ආ ගමන ගැන අද මොකද හිතෙන්නේ?

මගෙ පවුලේ කවුරුත් කලාවට සම්බන්ධ නැහැ. ඇත්තටම රංගනයට ආපු නිසා මට හොඳ සැමියෙක්‌ ලැබුණා සහ ජනප්‍රියත්වයක්‌ ලැබුවා. මුදල් හා ජනප්‍රියත්වය පසුපස හඹා නොගිය නිසා මගේ නම කැත නොකරගෙන ක්‍ෂේත්‍රය තුළ මෙතරම් දුරක්‌ එන්න ලැබීම තමයි මම ලබපු ලොකුම ජයග්‍රහණය.

එකවරම රංගනයෙන් ඉවත්වීමට ගත් තීරණය ගැන ඔබ එකතු වී සිටි නිර්මාණවල අධ්‍යක්‍ෂවරුන්ට ගැටලුවක්‌ නැතිද?

රන් සමනළයෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ සඳරුවන් ජයවික්‍රම සහ රුවන් මාලිගා ටෙලිනාට්‍යයේ අධ්‍යක්‍ෂ රවීන්ද්‍ර විඡේරත්න ගොඩක්‌ සතුටු වුණා මගේ සතුට දැකලා. ඒ වගේම තමයි නිර්මාණ දෙකේම සහෝදර රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයත් උපරිමයි.

මවක්‌ වුණාට පසුව ක්‍ෂේත්‍රයේ රැඳී සිටිනවාට මහත්තයා කැමතිද?

අමිලත් ක්‍ෂේත්‍රයේ නියෑළෙන කෙනෙක්‌ නිසා රංගනයෙන් ඉවත්වෙන්න කියලා කවදාවත් නීතියක්‌ දාලා නැහැ.

ලක්‌මිණි අතුකෝරල

ඡායා - සුජාතා ජයරත්න


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money