Monday, September 5, 2011

එදා අපිට කතාකරන්නවත් බැරි වුණා

සුරංගා ෂමාල් විවාහ ගිවිසගනීයි

රූපවාහිනී වැඩසටහන් නිවේදිකාවක්‌, නිරූපණ ශිල්පිණියක්‌, ගීත වීඩියෝ නිරූපිකාවක්‌ මෙන්ම වෘත්තියෙන් ගුවන් සේවිකාවක්‌ වූ ඇය අපට මෙවර මුණ ගැසෙන්නේ මනාලියක්‌ ලෙසින්. ඒ හැඩකාර සුරංගාගේ විවාහ ගිවිසගැනීමේ දිනදීය. සුරංගා හදිසියේ විවාහ ගිවිසගැනීම සිදුකළේ ඇයිද යන්න වගේම ඒ ගැන තොරතුරු අපි ඔබට කියන්න අදහස්‌ කළා.

සුරංගා ඇයි මේ හදිසියේ විවාහ ගිවිස ගත්තේ ?

හදිසියේ නම් නොවෙයි විවාහ ගිවිස ගත්තේ. ඔහුව හමුවෙලා වැඩි කාලයක්‌ නැහැ. මාස දහයක්‌ විතර වෙනවා. ඉතිං අපි තීරණය කළා විවාහ ගිවිසගැනීම ඉක්‌මනින් සිදුකරන්න.



ඔහු ගැන තොරතුරු මීට පෙර මාධ්‍යයට පවසලා තිබුණේ නැහැනේද?

එහෙම කියන්න වුවමනාවක්‌ තිබුණේ නැහැ. විවාහ ගිවිසගැනීමෙන් පසුවම ඒ ගැන කියන්න තමයි හිතාගෙන හිටියේ.

එහෙම නම් ඔහු ගැන විස්‌තර කියමු නේද?

ගම වත්තල. වැඩකරන්නේ කටාර් ගුවන් සේවයේ. දැනට පදිංචිවෙලා ඉන්නේ දෝහා කටාර්වල. නම ෂමාල් දොමිනික්‌ ද සිල්වා.

ෂමාල්ව කෙහෙදිද මුලින්ම හමුවුණේ ?

මගේ හොඳම යාළුවාගේ විවාහ මංගල උත්සවයේදී.

එදා මොකද ඔහු ගැන හිතුණේ ?

ලොකු විශේෂත්වයක්‌ දුටුවේ නැහැ. එදා අපිට කතාකරන්නවත් වෙලාවක්‌ තිබුණේ නැහැ. මගේ මිතුරියගේ දෙවන මනමාලියට හිටියේ මම. ෂමාල් තමයි දෙවන මනමාලයාට හිටියේ. විවාහ උත්සවයට පසුවදා දුරකථන ඇමතුමක්‌ ලැබුණා ඔහුගෙන්. එදා පටන් අපි කාලයක්‌ ආශ්‍රය කළා මිතුරන් වගේ. පසුව එය ආදරයකට පෙරළුණා.

කවුද මුලින්ම විවාහ යෝජනාව ගෙන ආවේ ?

ෂමාල් තමයි විවාහ යෝජනාව ගෙන ආවේ.

ෂමාල් ඔබගේ රැකියාව ගැන මොනවගේ පැහැදීමක්‌ද තිබෙන්නේ ?

අපි දෙන්නම කරන්නේ එකම රැකියාවන්. හැබැයි ගුවන් සේවාවන් නම් දෙකක්‌. ඒ නිසා රැකියාව ගැන හොඳ අවබෝධයක්‌ තිබෙනවා. ඔහුත් මම කරන රැකියාවම කරන නිසා මාව බලන්න එන්න තිබෙන හැකියාව වැඩියි. ඒ හින්ද අපි දෙන්නට මුණ ගැසෙන්න තිබෙන අවස්‌ථාව වැඩියි.

විවාහ ගිවිසගැනීම වැඩිය කාටවත් කිව්වේ නැහැනේද?

ක්‍ෂේත්‍රයේ අයට නම් වැඩිය කිව්වේ නැහැ. මධ්‍යම පන්තියේ උත්සවයක්‌ තමයි අපි සංවිධානය කළේ. කොහොමටත් ක්‍ෂේත්‍රයේ හොඳම යහළු යෙහෙළියෝ නැහැ. නෑ හිත මිතුරන් ඇතුළු සියයක විතර ප්‍රමාණයක්‌ සහභාගි වුණා.

සුරංගි කලා ක්‍ෂේත්‍රයේ කරන වැඩ ගැන ඔහුට පැහැදීමක්‌ තිබෙනවාද?

ෂමාල්ගෙන් මට ලොකු සහයෝගයක්‌ ලැබෙනවා. මම ක්‍ෂේත්‍රයේ වැඩ භාරගෙන තිබුණේ ඔහුව මුණ ගැහෙන්න කලින්. හැබැයි ඔහුට වුවමනාවක්‌ නැහැ මම කරන දේවල්වලින් ඈත් කරන්න. මම කරන වැඩවලට නිතරම එයා උදව්කරනවා.

ෂමාල් නීති දාලා එහෙම නැහැ ?

දැනට නම් නැහැ. ඉදිරියටත් මම හිතන්නේ නැහැ එහෙම වෙයි කියලා.

කොහොමටත් අද කාලේ ගුවන් සේවිකාවක්‌ කසාද බඳින්න පිරිමි වැඩිය කැමැති නැහැ කිව්වොත් ?

කැමැති නැතිද? කැමැතිද කියන එක මටත් ප්‍රශ්නයක්‌. මට නම් හිතෙන්නේ කැමැතියි කියලා. අද වෙනකොට මිනිස්‌සුන්ගෙ ඉස්‌සර තිබුණ අදහස්‌ වෙනස්‌වෙලා තිබෙනවා. මගතොටේදී අපට හමුවන තරුණයන්ගේ අදහස්‌ වලින් තේරෙනවා ගුවන් සේවිකාවකට හොඳ පිsළිගැනීමක්‌ තිබෙනවා කියලා.

සුරංගා, ෂමාල්ගේ දකින හොඳ ගතිගුණ මොනවාද කිව්වොත් ?

ෂමාල් හරිම සරල, විනෝදකාමී චරිතයක්‌.

ඉදිරියේදී රැකියාවෙන් ඈත්වෙනවාද?

ඔව්. මගේ විවාහ උත්සවය ලබන අවුරුද්දේ මැද භාගයේ සමරනවා. ඊට පසුව මාස දෙකකින් විතර රැකියාවෙන් ඉවත්වෙනවා.

සාර්ථක පවුල් ජීවිතයට රැකියාව බාධාවක්‌ ද ?

අපොයි නැහැ. ෂමාල් වෙන රටක

රැකියාව කරන්නේ. මම රැකියාව කරන්නේ ලංකාවේ. ඉතිං මම කැමැති නැහැ බැන්දට පස්‌සෙ දෙතැනක ඉන්න. මම හිතන්නේ බැන්දහම දෙන්නම එක තැනක සිටිය යුතුයි. එහෙම නැතිවුණොත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒ නිසාම මම තීරණය කළා විවාහ උත්සවයෙන් පසුව දෝහාවල පදිංචියට යන්න.

ඔබ හොයපු කෙනා ලැබුණා කියලා හිතනවාද?

ජීවිතයේ 100% ක්‌ තමන් බලාපොරොත්තුවුණ කෙනා ලැබෙන්නේ නැහැ. මේක හරි අහම්බෙන් වුණ දෙයක්‌. මම පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වූ හොඳ ගතිගුණ ෂමාල් ළඟ තිබෙනවා කියලා විශ්වාස කරනවා. මට ලැබුණු ස්‌වාමියා ගැන මම සෑහීමකට පත්වෙනවා.

සුරංගා අනාගතයේදී බිරිඳක්‌. ඒ නිසා සෑහෙන කල්පනාකාරී විය යුතුයි නේද?

බිරිඳක්‌ම වෙන්න වුවමනා නැහැ වැඩකරද්දී කල්පනාකාරී වෙන්න. විවාහ වුණාට පසුව වගකීම් වැඩියි. එවිට වගකීම් ගැන වැඩිපුර හිතන්න ඕනෑ.

විවාහ ජීවිතයක්‌ ලස්‌සනට පවත්වාගෙන යන්න මොනවගේ දේවල්ද අවශ්‍ය ?

මම නම් කැමැති බැන්දට පස්‌සේ බිරිඳ හා ස්‌වාමිපුරුෂයා විදිහටම කටයුතු කරන්න නොවේ. ජීවිතයේ හැම ප්‍රශ්නයක්‌ම හොඳින් තේරුම්ගෙන ඒ වගේම දුක සතුට එකට බෙදාහදාගෙන හොඳ මිතුරන් වගේ එකට ඉන්න.

දිනේෂ් විතාන
ඡායා - ලලින්ද රණවීර
හැඩගැන්වීම - චමින්ද සැලෝන්



උපුටා ගැනීම  - දිවයින පුවත්පත

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money