Monday, September 12, 2011

ඔය කියන ගොඩේ මම නැහැ

අනාගතය කොහොම වෙයිද කවුද දන්නේ...

ආයුබෝවන් ශ්‍රී ලංකා, මියුසික්‌ස්‌, හන්ඩ්‍රඩ් ප්‍රසන්ට්‌ ලයිව් වැඩසටහන් ඔබ හමුවට ගෙන ආ ඇය ඔබට මතකද? එහෙමත් නැතිනම් රජකඩුව, සිහින කුමරි, දෙගම්මැදියාව, ඉකිබිඳින තාරකා ටෙලි නාට්‍යවලින් ඇය ඔබේ ආලින්දයට ගොඩවැදුණා අමතකද?. මේ දිනවල පුංචි තිරයේ දිස්‌වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල්, කාගිල්ස්‌, සිග්නල් වෙළෙඳ දැන්වීම් වලින් වගේම රංගිර ටෙලි සිත්තමින් යළිත් ඇය ඔබ හමුවට පැමිණෙයි. ඇය නමින් ටෙක්‌ලා කුමුදු කුමාරිය. ගොඩක්‌ දෙනා මෙයාට ආදරයට කියන්නේ "ටිකී" කියාල. ටිකී කොහොමද මේ දේවල්වලට සම්බන්ධ වුණේ කියලා අපි ඔබට කියන්න අදහස්‌ කළා.

ටෙක්‌ලා ගැන කෙටියෙන්

සම්පූර්ණ නම - ටෙක්‌ලා කුමුදු කුමාරි
ගම - හෝමාගම
උපන් දිනය - මැයි 15
පාසල - මාවතගම ජාතික පාසල
ලග්නය - මීන
උස - අඩි 5 අඟල් 4

ටෙක්‌ලා කොහොමද නිවේදනයට සම්බන්ධ වුණේ ?

සිරස ටීවී ආයතනයේ ජීවිතයට ඉඩදෙන්න කියන වැඩසටහනට තමයි මුලින්ම නිවේදනයෙන් සම්බන්ධ වුණේ. ඊට පස්‌සේ ස්‌වර්ණවාහිනියේ නිවේදිකාවක්‌ විදිහට කටයුතු කළා. එතැනින් ආරම්භ කළ ගමන මේ දක්‌වා ඇවිත් තිබෙනවා.

ඒ සමගම කලාවේ වෙනත් අංශවලින් ආරාධනා ලැබුණා නේද ?

ඔව්. ටෙලිනාට්‍ය කිහිපයකට රංගනයට ආරාධනා ලැබුණා. ඒ අතුරින් බොහොම සීමිත ප්‍රමාණයකටයි සම්බන්ධ වුණේ. මොකද මම නිවේදන කටයුතුවලටයි මුල්තැන දෙන්නේ. තවද මෑත කාලයේ ඩාන්ස්‌ ස්‌ටාර් ඩාන්ස්‌ නර්තන වැඩසටහනටත් ආරාධනා ලැබුණා. එහි තරගකරුවන් 24 දෙනා අතුරින් අවසන් තරගකරුවන් 9 දෙනා දක්‌වා පැමිණියා.

ඉගෙන ගත්තේ මොන වගේ අරමුණක්‌ ඇතිවද ?

ඇත්තටම සෞඛ්‍ය ක්‍ෂේත්‍රයෙන් ඉහළට යන්න තමයි වුවමනාව තිබුණේ. මගේ අම්මත් කැමැති සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රැකියාවක්‌ කරනවාට. මොකද අම්මා වැඩ කරන්නෙත් සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ. නමුත් මම තෝරාගත්තේ රූපලාවන්‍ය ශිල්පිනියක්‌ ලෙස කටයුතු කරන්න. ඒ හින්දයි මේ හැම දෙයක්‌ම ලැබුණේ.

අද ඉන්න සමහර නිවේදිකාවන් ගැන සමාජයේ හොඳ පිළිගැනීමක්‌ නැහැ නේද?

එවැනි වටපිටාවක්‌ හදලා තියෙන්නේ නවක පරපුරයි. තමන් ගැන හරි අවබෝධයක්‌ නැතිව වැඩකරන අයට ඔයවගේ කතා අහන්න සිදුවෙනවා. අවබෝධයකින් වැඩ කළොත් ඔය වගේ කතා අහන්න වෙන්නේ නැහැනේ.

නමුත් ඔබලා කතා බහ කරන විදිහ ගැන විවේචන තිබෙනවානේ ?

මම ඔය කියන ගොඩේ නැහැ. කොහොමටත් මම කරන දෙය හරියට කරනවා. ඒ ගැන කවුරුත් දන්නවා.

ක්‍ෂේත්‍රයට එන නවකයන්ට විවිධ බලපෑම්වලට ලක්‌වෙන්න සිදුවෙනවා කියන කතාව ඇත්තක්‌ද?

තනි අතින් අත්පුඩි ගහන්න බැහැනේ. ඒක තමන් තුළ තිබෙන හැදියාවත් එක්‌ක තීරණය වෙන දෙයක්‌. තමන් හරි දේ දැනගෙන හරියට වැඩකළොත් තව කෙනෙකුට වැරැද්දක්‌ කියන්න බැහැ.

ඔබට එවැනි ප්‍රශ්න ඇති වුණේ නැතිද ?

මේ වෙනකම් එවැනි ප්‍රශ්න ඇතිවෙලා නැහැ.

ඒ කියන්නේ ඉදිරියේ ඇතිවෙයි කියලද?

අනාගතය කොහොම වෙයිද කියලා දැන්ම කියන්න බැහැනේ. මම හිතනවා එහෙම දෙයක්‌ වෙන එකක්‌ නැහැ කියලා.

බොහෝ දෙනෙක්‌ මාධ්‍යයට ඇත්ත හෙළිකරන්න අකැමැතියි. ඔබත් එහෙමද ?

මම කවදාවත් මගේ දේවල් හංගලා නැහැ. මොකද මට හංගන්න තරම් දේවල් නැහැ. ඒක හින්දා ඒ පැත්තෙන් මම නිදහස්‌.

ජනප්‍රියත්වයත් සමග බොහෝ දෙනා මුදල් පසුපස හඹා යනවා. ටෙක්‌ලත් එහෙමලු නේද ?

කොහෙත්ම නැහැ. ඔය කියන දේ ඇතුලේ මම කොහෙත්ම නැහැ. සල්ලි මගේ ජීවිතයේ අත්‍යවශ්‍ය කාරණාවක්‌ නෙමෙයි.

තරුණයන් සමග තියෙන්නේ මොනවගේ බැඳීමක්‌ද?

ගැහැනු යහළුවන්ට වඩා මට ඉන්නේ පිරිමි යාළුවෝ.

දැන්නම් විවාහ යෝජනාත් එනවා ඇතිනේද?

ඒවායින් නම් අඩුවක්‌ නැහැ. ඒත් ආදරය කරන්න පුළුවන් එක්‌ කෙනෙකුට විතරයි නේ.

ටෙක්‌ලත් දැනට ආදරය ලබනවා වගේ ?

ඔව්. දැනට මම ආදරය ලබනවා.

කවුද ඒ ?

ඔහු රොෂාන් ජයසිංහ. එයා තමයි මගේ ළඟින්ම ඉන්නේ. මගේ ජීවිතයේ ශක්‌තියත් ඔහු. රොෂාන් ව්‍යාපාරිකයෙක්‌. දැනට ඒ ඇතිනේ. ඉතිරි විස්‌තර පසුව කියන්නම්.

පවුලේ විස්‌තර ටිකකුත් කියමු නේද?

මට ඉන්නේ අම්මයි, තාත්තයි මල්ලියි. මේ තැනට එන්න ඒ හැමෝම මට ලොකු සහයෝගයක්‌ දෙනවා.

ඒ අතරේ ඔබ ව්‍යාපාරයකුත් කරනවා කියන්නේ ?

ඔව්. ගොඩගම ප්‍රදේශයේ සැලොන් ටෙක්‌ලා කියලා රූපලාවන්‍යාගාරයක්‌ පවත්වාගෙන යනවා.


දිනේෂ් විතාන
ඡායා - දිනේෂ් ගමගේ


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money