Saturday, September 10, 2011

නව පරපුරෙන් පෙරට එන තක්සලා කුමාරි



තක්සලා කුමාරි නව පරපුරේ නිළියකි.
ඉඳුරුවේ ඉපදී, ගෝනගලපුර මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ගාල්ල සංඝමිත්තා විදුහලට ඇතුළත් වූ අතර එහිදී පාසල් වේදිකා නාට්‍ය හා සාහිත්‍ය උත්සව ආදී අවස්ථා ඔස්සේ තම හැකියාව ප්‍රකට කළාය. එහිදී විදුහල් මාධ්‍ය ඒකකයට ද සම්බන්ධ වී කටයුතු කළ තමාට 2006 දී ‘සිරස කුමරී’ වෙතින් පෙන්වූ දක්ෂතා කලා ගමනට මහත් පිටිවහලක් වූ බව ඇය පවසයි.
ජාතික රූපවාහිනියෙන් විකාශය වූ නත්තල් නාට්‍යයක රඟපෑමේ අවස්ථාව මේ අතර ඇයට ලැබුණේ 2008 දීය. ඒ “විරුවෙක් වෙනුවෙන්” නම් ඒකාංගික ටෙලි නාට්‍යය සඳහාය. සිංහ සමාජය මඟින් 2009 දී පවත්වන ලද “සිංහ කුමාරී” තේරීමේ තරගයේ මුල් විසිපස් දෙනා අතරට පැමිණීමේ වාසනාව ද තක්සලාට හිමි විය.
නිලන්ත හපන්වීරගේ ‘තේජා’, තක්සලාගේ ප්‍රථම සිනමා රංගය ඇතුළත් චිත්‍රපටය විය. ‘චැලෙන්ජර්ස්’, ‘තෑන්ක් යූ බර්ටි’ ඇය රඟපෑ තවත් චිත්‍රපට දෙකකි. ‘අහස් ගංගා’, ‘අළුපාට හීන’, ‘ලොක්කයියා’, ‘පූජා’, ‘ස්වයංජාත’ ඇය රඟපෑ ටෙලිනාට්‍ය අතර වෙයි.
ටෙනිසන් කුරේගේ ‘ටාසන් බබා’ සහ ‘අයෑම් ශ්‍රී ලංකා’ වේදිකා නාට්‍ය ඔස්සේ ද ඇය තම රංගන කුසලතා පළකරයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money