Monday, September 5, 2011

තවම ආදරය කරලම නැහැ

තවම ආදරය කරලම නැහැ
මේනකා පීරිස්‌

මේනකා ගැන කෙටියෙන්
සම්පූර්ණ නම - මේනකා පීරිස්‌
පදිංචිය - ගල්කිස්‌ස
පාසල - ගල්කිස්‌ස උසස්‌ බාලිකා විද්‍යාලය
ලග්නය - කන්‍යා
උස - අඩි 5 අඟල් 6


කෙනෙකුට ජීවිතය තේරුම් ගැනීමට වයස්‌ගත විය යුතුම නැත. සමහරුන්ට යොවුන් වියේදීම ජීවිතය ගැන වටහාගත හැකිය. මේනකා පීරිස්‌ගේ වයස අවුරුදු 21 ක්‌ වුවද ජීවිතය ගැන හොඳ වැටහීමක්‌ තිබෙන බව කලා ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ අදහසයි. තරුණ පරපුරේ කලා ක්‍ෂේත්‍රය හැඩකරන සමහර අය අතර නැති එහෙත් ඇය සතු ගුණාංගයක්‌ ගැන සඳහන් කළ යුතු වේ. ඒ මාධ්‍ය වෙත දක්‌වන ගරුත්වයයි. මේනකා ගැන මේ දිනවල වැඩිදෙනා කතා බහවෙන්නේ මොණරතැන්න ටෙලි නාට්‍යයේ සත්‍යා සහ ඩාන්ස්‌ ස්‌ටාර් ඩාන්ස්‌ වේදිකාවේ රඟදක්‌වන දස්‌කම් හේතුවෙනි. එනිසා අද අපේ කතා බහ ඇය සමගය.

මේනකා කලාවට සම්බන්ධ වුණේ කොහොමද කිව්වොත් ?

අපොස උසස්‌ පෙළ විභාගයට පෙනී සිටියාට පසුවයි කලාවට සම්බන්ධ වුණේ. කලාවට සම්බන්ධ වෙන්න නම් අදහසක්‌ තිබුණේ නැහැ. මොකද නර්තන ගුරුවරියක්‌ වෙන්නයි ලොකු වුවමනාවක්‌ තිබුණේ. නිවේදන කටයුතුවලින් තමයි ක්‍ෂේත්‍රයට ආවේ. දැන් අවුරුදු දෙකහමාරක්‌ විතර වෙනවා ක්‍ෂේත්‍රයට ඇවිත්.

මව්පියන් මේ අංශය තෝරාගැනීම ගැන සතුටුද?

ගොඩක්‌ සතුටුයි. මුලින්ම මට නිවේදන කටයුතුවලට ආරාධනා ලැබුණට මගේ කැමැත්තක්‌ තිබුණේ නැහැ ඒ දේවල් කරන්න. මට වුවමනා කළේ නර්තනය විතරක්‌ මගේ ජීවිතය කරගන්න. නමුත් මගේ අම්මා ඒ දේවල් පහදලා දීලා කලාවට යොමුවෙන්න කිව්වා.

නිළියකට සමාජයේ හොඳ පිළිගැනීමක්‌ නැහැ නේද?

මම හිතන විදිහට එය එක එක්‌කෙනා දකින විදිහ. එක්‌කෙනෙක්‌ හෝ දෙන්නෙක්‌ කරන වැරදිවලට හැම කෙනාම දිහා එක විදිහට බලන එක නරකයි. නිළියක්‌ කියන්නේ කලාවට ලැදි කෙනෙක්‌. ඔවුන් ගැන එහෙම හිතන එක හරි වැරදියි.

අද කාලේ නිළියන්ට කියන කතා ඇහැව්වහම ක්‍ෂේත්‍රයට නෑවිත් හිටියනං හොඳයි කියලා හිතෙන්නේ නැද්ද?

මෙච්චර කාලෙකට මගේ වාසනාවටද මන්ද තවම නම් මම කාගෙන්වත් කතාවක්‌ අහලා නැහැ.

අවුරුදු 21 ක්‌ කියන්නේ තරුණියක්‌ නොමගට යන වයසක්‌ නේද ?

මම පාසල් ගියෙත් ආවෙත් අම්මත් එක්‌ක. දැනටත් මම කලාකටයුතුවලට යන්නේ අම්මත් එක්‌ක. ක්‍ෂේත්‍රයේ ගොඩක්‌ කට්‌ටිය දන්නවා මම යන්නේ එන්නේ අම්මත් එක්‌ක කියලා. කිසිම දරුවෙක්‌ නොමගට යන්නේ නැහැ තමන්ගෙ දෙමව්පියන් සමග ආදරයෙන් හිටියොත්.

ඔබ කලාවට සම්බන්ධ වුණා කියලා නොමගට යන්නේ නැහැ කියලා ඔබට විශ්වාසද...?

අනිවාර්යයෙන්ම. මට සියයට දෙසීයක්‌ විශ්වාසයි. මම මං ගැන ලොකු විශ්වාසයක්‌ තියෙනවා. ඒ වගේම මගේ දෙමව්පියෝ දෙන්න මාව හොඳ විදිහට හදලා තියෙනවා.

හොඳ නම තියාගන්න නම් මොනවද කරන්න ඕනෙ ?

මේ ක්‍ෂේත්‍රයේ හොඳ නමක්‌ තියාගන්න නම් හොඳ කලා කටයුතුවලට දායක විය යුතුයි. ඒ වගේම නිහතමානී වීම.

ඔබ ඕනෑම දෙයක්‌ කරනවාට දෙමව්පියෝ කැමැතිද?

නැහැ. මම දෙයක්‌ කරන්න කලින් මගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් අහනවා. ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මම වැඩකරන්නේ. මගේ තනි තීරණවලට මෙච්චර කාලයක්‌ වැඩකරලා නැහැ.

මේ ක්‍ෂේත්‍රයේ ඔබ වැනි අය කරන වැරදි හැටියට දකින්නේ මොනවාද?

තමන් දැනගත යුතුයි හැසිරෙන විදිහ. එහෙම කියලා මම කාටවත් ඇඟිල්ල දික්‌කරන්න ලෑස්‌ති නැහැ. එක එක්‌කෙනා පුරුදු වුණ ආකාරය අනුවයි ඕනෑම තැනක ගිහින් හැසිරෙන්නේ.

ජනප්‍රියත්වය නිසා ඇතිවන භයානක රෝගය ඔබටත් තියෙනවාද?

භයානක රෝගය කියන්නේ මොකක්‌ද.

බොරු ආඩම්බරකම ?

අනේ නැහැ. එහෙම කිසිම භයානක රෝගයක්‌ මට මේ වෙනකං වැළඳිලා නැහැ.

නර්තනය විෂයක්‌ විදිහට හදාරාලා තියෙනවාද?

මම මොන්ටිසෝරි යන වයසේ ඉඳන් කළේ නර්තනය. මට වුවමනා වුණේ නර්තන ගුරුවරියක්‌ වෙන්න. ඒ වගේම එම දැනුම තව කෙනෙකුට ලබාදෙන්න.

කරාතේ ක්‍රීඩිකාවක්‌ වුණානම් මීට වඩා හොඳයි කියලා හිතෙන්නේ නැතිද ?

කරාතේ ක්‍රීඩිකාවක්‌ වෙලා හිටියා අවුරුදු හයක්‌. මට ඒක ඇති කියලා හිතුණ නිසයි නවතා දැම්මේ. ඒ අවුරුදු හයේ මම උපරිමයෙන් ක්‍රීඩා කළා.

ජනප්‍රියත්වය, යෞවනත්වය, ලස්‌සන තියෙන තැනට ආදරය ගලාගෙන එනවා. ඔබට එය දැනෙන්නේ කොහොමද?

දැනට මම අම්මාගෙන්, තාත්තාගෙන් සහ මල්ලිගෙන් ආදරය ලබනවා. සැබෑ ආදරයක්‌ ලබන්න වාසනාවක්‌ තියෙන්නත් එපායෑ. දැනට ලබන පවුලේ ආදරය හොඳටම ඇති.

ඒ කියන්නේ ඔබට තරුණයෙකුට හිතගිහිල්ලම නැහැ?

තවම නැහැ. පාසල් කාලයේ අධ්‍යාපනයට මුල්තැන දුන්නා වගේම දැන් මුල්තැන දෙන්නේ කලා කටයුතුවලට. තවම වෙන කෙනෙකුගේ ආදරයක්‌ ලබන්න වුවමනාවක්‌ නැත්තේ ගෙදරින් ලැබෙන ආදරය නිසා වෙන්න ඇති.

ඔය ඇත්තමද කියන්නේ ?

අනිවාර්යයෙන්ම. මොකද මම බොරු කියන කෙනෙක්‌ නෙමෙයි. අනික මම දෙමව්පියන් ළඟ තියාගෙන කවදාවත් බොරු කියලා නැහැ.


දිනේෂ් විතාන
ඡායා - නදුන් බදුගේ


උපුටා ගැනීම  - දිවයින පුවත්පත

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money