සමාජ දේශපාලන ආර්ථික පසුබිම තුළ ගොඩ නැඟෙන මානුෂීය හැඟීම් මතුවන සේ අධ්‍යක්ෂණය කළ ප්‍රථම චිත්‍රපටයෙන් ම සම්මානයට පාත්‍ර වූ නිලන්ත හපන්වීර මේ දිනවල තම දෙවැනි චිත්‍රපටයේ කටයුතු සඳහා සූදානම් වෙනවා.
ශ්‍රී ලංකාවේ ආදිවාසී ළමා ලෝකය පිළිබඳ ගවේෂණාත්මක, පර්යේෂණාත්මක චිත්‍රපටයක් ලෙසින් සිංහල සිනමාවට ගෙන එන්නට සූදානම් වන ‘බගිනි’ පිළිබඳව ඔහු පසුගියදා අපට කිව්වා.
කලක පටන් ම ආදිවාසීන් පිළිබඳව චිත්‍රපටයක් කරන්න ඕනෑකම මට තිබුණා.
මා ඔවුන් පිළිබඳව කරුණු සෙව්වා. රතුගල නිල්ගල කැලය ආශි‍්‍රතව දිවිගෙවන සුදාවන්නිල ඇත්තෝ ප්‍රමුඛ ආදිවාසීන් හමුවන්න පසුගිය දිනක මම ගියා. මා ඔවුන් සමඟ මේ ගැන කතා බහ කළා.
![]() |
නිලන්ත හපන්වීර |
“මේ මහ පොළව අපට අයිති නැහැ. නමුත් මහ පොළවට අපි අයිතියි” යන මේ අදහස අපිට වඩාත් හොඳින් දැනෙන්නේ එම ප්‍රදේශවලට ගිය විට. ඒ අදහසත් මුල් කරගෙන තමයි ඔක්තෝම්බර් මුල් සතියේ දී ‘බගිනි’ වැඩ ආරම්භ කරන්නේ.
40 දශකයේ තිබුණ දර්ශන තලයත් ප්‍රතිනිර්මාණය කරමින් බිබිල රතුගල නිල්ගල දාහිගල ආදි ප්‍රදේශවල ‘බගිනි’ රූගත කිරීමට නියමිත ය.
Copy Rights - silumina
0 comments:
Post a Comment