එක්ටැම්ගේ පුංචි තිරයට

එදා එක්ටැම්ගේ හි ජෝ අබේවික්‍රමයන්, රවීන්ද්‍ර රන්දෙණිය, මාලිනී ෆොන්සේකා නිරූපණය කළ චරිත මෙවර රොජර් සෙනෙවිරත්න, අමිල අබේසේකර, පියුමි ශානිකා බොතේජු රඟපෑමට නියමිතය.
අසේල, ජයකොඩි සහ භද්‍රා නන්දනී ගුණරත්න මෙහි සෙසු චරිතයන් රංගනයේ යෙදෙති.
ජයලත් පීරිස් එක්ටැම්ගේ ටෙලි සිත්තමේ නිෂ්පාදකවරයාය. ඔහු මිට ප්‍රථම නිෂ්පාදනය කළ ටෙලි නාට්‍ය අතර අනුරුද්ධ ජයසිංහගේ යකඩ පහන් තිර, මහේන්ද්‍ර පෙරේරාගේ ස්ටාර් ශ්‍රී ලංකා හිස් තැනක් වේ.
කැමරාව ගාමිණී සුසන්ත මෙහෙයවයි. සුලෝචන අකලංක හිරිලියද්ද නිෂ්පාදන කළමනාකරුය.

1979 වර්ෂයේ තිරගත වූ එක්ටැම්ගේ සිනමාපටයෙහි වෝල්ටර් ප්‍රනාන්දු නිෂ්පාදක විය. සරත් දසනායක සංගීතවත් කළ මහාචාර්ය සුනිල් ආරියරත්න ගී පද රචනා කළ, විශාරද ගුණදාස කපුගේ ගායනා කළ ‘උන්මාද සිතුවම්’ ගීතය ඇතුළත් වූයේ ද එම චිත්‍රපටයටය.
Sarsasaviya
0 comments:
Post a Comment