skip to main |
skip to sidebar

9:18 AM

S M S Lanka
No comments
නෙළුම් පොකුණ රඟ හල
නෙළුම් පොකුණ රඟ හල ගුවනට දිස්‌වන අයුරු
චීන රජයෙන් අප රටට පරිත්‍යාගයක් ලෙස ලැබුණු "නෙළුම් පොකුණ මහින්ද රාජපක්‌ෂ රඟහල" ඊයේ (15 දා) සවස විචිත්‍රවත් උළෙලකින් ජනාධිපතිතුමන් හා චීන රජයේ විශේෂ දූත පිරිසකගේද සහභාගිත්වයෙන් විවෘත කෙරිණි. අනාදිමත් කාලයක සිට පවතින ශ්‍රී ලංකා චීන මිත්‍රත්වයේ සදාතනික සිහිවටනයක් ලෙස ඉදිවූ මෙම රඟහල විවෘත කිරීමේ අවස්‌ථාවට චීන මහජන සභාවේ උප සභාපතිනිය වින්ග් මේයින් මහත්මියද සහභාගි වූවාය. ඊයේ විවෘත වුණ එම රඟහලේ පළමුවරට රංගගත වූයේ ජයන්ත චන්ද්‍රසිරි නිර්මාණය කළ "හද බිමට ගිය ගමන" නම් සංගීතමය නාට්‍යයයි. ක්‍රි.ව. 4 වන සියවසේදී
ශ්‍රී ලංකාවට පැමිණි පාහියන් භික්‌ෂුන් වහන්සේ පිළිබඳව ඉන් කියෑවිණි. රෝහණ වීරසිංහ සංගීතයද, චන්න විජයවර්ධන එහි නර්තනයද නිර්මාණය කර තිබිණි.
Copy Rights - Divayina
0 comments:
Post a Comment