අවසානයේ ආරම්භය BREAKING DAWN -1

මෙම චිත්‍රපට පෙළේ දෙවැන්න ‘ද ට්වයිලයිට් සාගා නිව් මූන් තිරගත වූයේ 2009 දීය. එම චිත්‍රපටය ක්‍රිස් වෙයිට්ස්ගේ අධ්‍යක්ෂණයක් වූයේය. එහි තෙවැන්න ‘ඉක්ලිප්ස්’ පසුගිය වසරේ තිරගත වූ අතර ඩේවිඩ් ප්ලේඩ් එය අධ්‍යක්ෂණය කර තිබිණි.
පසුගිය 16 වනදා සිට චිත්‍රපට පෙළේ සිවුවැන්න ’බ්‍රේකිං ඩෝන් – 1’ යන නමින් තිරගත වන අතර එය දැන් මෙරට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට ද අවස්ථාව සැලසී තිබේ. බිල් කොන්ඩන් අධ්‍යක්ෂණය කර ඇති ‘බ්‍රේකිං ඩෝන් – 1’, ට්වයිලයිට් චිත්‍රපට පෙළේ අවසානයේ ආරම්භය ලෙස සැලකෙයි. එහි අවසන් කොටස ‘බ්‍රේකිං ඩෝන් –2’ යන නමින් ලබන වසරේදී තිරගත වීමට නියමිතය.
කොටස් පහකින් යුක්ත වූ ‘ට්වයිලයිට්’ චිත්‍රපට පෙළේ විශේෂත්වයක් වන්නේ ඒ ඒ කොටස්වලදී අධ්‍යක්ෂවරුන් වෙනස් වූවත් සෑම කොටසකම තිර රචනය මෙලිසා රෝසන්බර්ග් වෙතින්ම ලියැවීමයි.

බෙලා මිනිස් දියණියක වුවත් එඩ්වඩ් වැම්පයරයෙකි. චිත්‍රපට පෙළේ මුල් කොටස්වලින් දැක්වූණේ ඔවුන්ගේ ප්‍රේමයයි. ‘බ්‍රේකිං ඩෝන් –1’ ඇරඹෙන්නේ බෙලා සහ එඩ්වඩ් විවාහ වී මධුසමය ගතකිරීමට බ්‍රසීල වෙරළට නුදුරු දූපතක් වූ ‘අයිල් එස්මෙ’ වෙත යාමෙනි. එහිදී බෙලා වටහා ගන්නේ තමා ගැබ්ගෙන ඇති බවයි. අර්ධ මනුෂ්‍ය අර්ධ වැම්පයර දරුවකු කුසෙහි දරා සිටින ඇය දරු ප්‍රසූතියේදී මරණාසන්න තත්ත්වයට පත්වෙයි.
එඩ්වඩ් බෙලාගේත් තම ලෙයින් ඉපදෙන්නට සිටින දරුවාගේත් ආරක්ෂාව සඳහා ගන්නා පියවර කුමක්ද? බෙලා ගේ රුධිරය පානය කොට ඇය හා දරුවා ද වැම්පයරයන් බවට පත් කිරීමද?
බෙලා දරුවා ප්‍රසූත කරන තුරු ජේකබ් බ්ලැක් පමා වන්නේ ඇයි?
ත්‍රාසය, කුතුහලය හා අද්භූතභාවය පිරීගත් ‘බ්‍රේකිං ඩෝන් –1’ ‘ට්වයිලයිට්’ චිත්‍රපට පෙළ දිගින් දිගටම නැරඹූ ප්‍රේක්ෂකයන්ට තවත් ආස්වාදනීය අත්දැකීමක් වනු නිසැකය.
0 comments:
Post a Comment