දංකොටුවෙන් තවත් පොත් ප්‍රකාශකයෙක්
ඩොනල්ඩ් මුණසිංහ

හාල්දඬුවන දංකොටුව පිහිටි සිතාරා පොත් ප්‍රකාශන ආයතනය මගින් මේ වනවිට සාහිත්‍ය කෘති බොහොමයක් ප්‍රකාශයට පත්ව ඇත. ඒ අතර නවකතා, කෙටිකතා, ළමා කතා, අධ්‍යාපනික ප්‍රකාශන බොහෝ ය. මෙහි හිමිකරු ඩොනල්ඩ් මුණසිංහ ය.
“මේ ප්‍රකාශන ආයතනය මම ආරම්භ කරලා දැන් වසර කීපයක් වෙනවා. මේ කාල සීමාව තුළ පොත් ප්‍රකාශකයෙක් විදිහට මෙරට සාහිත්‍ය කලාවට යම් සේවයක් කරන්න ලැබීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු සතුටක්. මම මුල් අවධියේ ලංකාවේ තිබෙන දැවැන්තම පොත් ප්‍රකාශන ආයතනයක වසර 10 ක කාලයක් සේවය කළා. එයින් මා ලබාගත් දැනුම, අවබෝධය මත කෙදිනක හෝ පොත් ප්‍රකාශන ආයතනයක් ඇරැඹීමේ බලාපොරොත්තුව මා තුළ ඇති වුණා. කොහොමින් හරි 1999 දි මම විවාහවෙලා, විදේශගත වුණා.

අද වෙන කොට විවිධ පොත්පත් ‘සිතාරා’ ප්‍රකාශන ලෙස දොරට වඬිනවා. එයින් මට දැනෙන සතුට මිල කරන්න බැහැ. සෑම පොතකම ගුණාත්මක වටිනාකම පිළිබඳව අපේ ආයතනය හැමවිටම සැලකිලිමත් වෙනවා. හැමවිටම අපේ පාඨක ජනතාවට සියයට සීයකත් හොඳ පොතක් ලබාදෙන්න තමයි අපි බලාපොරොත්තු වන්නේ.
‘සිතාරා ප්‍රකාශකයෝ’, හාල්දඞුවන, දංකොටුව ඩොනල්ඩ් ගේ ලිපිනයයි.
0 comments:
Post a Comment