Thursday, December 1, 2011

මේ දිනවල දකින රුවක්


2011 නොවැම්බර් මස 18 12:38:17 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
4Share
මේ දිනවල රිදී තිරයේ තිරගත වෙන ”කිව්වද නහී නොකිව්ද නහී”චත‍්‍රපටයේත් පුංචි තිරයේ විකාශය වෙන ”මං ආසයි පියාඹන්න” ටෙලි නාට්‍යයේත් ප‍්‍රධාන චරිතය නිරූපණය කරන ඇය, රංගනයෙන්, නර්තනයෙන් මෙන්ම නිවේදිකාවක් ලෙසින්ද කාගේත් අවධානයට ලක්වූ රුවැත්තියකි. ස්වර්ණවාහිනී රූපවාහිනිය ඉදිරිපත් කළ ”ඩාන්ස් ස්ටාර් ඩාන්ස්” තරගයේ අනු ශූරතාව හිමිකරගත් ඇය, මැක්ස් රූපවාහිනියේ නිවේදිකාවක් ලෙස කලා දිවියට අවතීර්ණ වූවාය.
”සයිලෝනා” ටෙලි නාට්‍යයේ මිනෝලාගේ චරිතයෙන් රංගනයට පිවිස ඇය, ”අපි අපි වගේ, කප් සුවහස් කල්, මොණරතැන්න” වැනි ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රංගනයට අමතරව මේ දිනවල ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිවේදිකාවක් ලෙසින් ද ඇය කටයුතු කරන්නීය. තවමත් 21 වැනි වියේ පසුවන මේ රුවැත්තියගේ බලාපොරොත්තුව හොඳ, දක්‍ෂ රංගන ශිල්පිනියක වීමය. ඇය නමින් මේනකා පීරිස්ය. මේ දිනවල දකින රුවැත්තිය ඇයයි.
යහම්පත්
ඡායාරූප - සජීව ලක්ෂාන්

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money