Friday, October 7, 2011

ලක්‌.එෆ්.එම්. සිව්වැනි වසරට පාතබයි

ලක්‌.එෆ්.එම්. සිව්වැනි වසරට පාතබයි
සංස්‌කරණය : නාරද නිශ්ශංක

ශ්‍රී ලාංකික ගුවන් ගැබ සිසාරා ඇසෙන එෆ්. එම්. නාලිකා රැසක්‌ අතුරින් තවත් එක්‌ එµa. එම්. නාලිකාවක්‌ පමණක්‌ නොවූ ඔව්හු උඩුගම් බලා පිහිනා යමින් අනුකරණයෙන් තොර වූ රේඩියෝ නාට්‍යකරණය යනු කුමක්‌දැයි වසර තුනක්‌ වැනි කෙටි කාල පරාසයකදී ශ්‍රී ලාංකික ශ්‍රාවකයනට අවබෝධ කර දෙමින් දෙසවනින් හදවතට එබිකම් කරමින් ශ්‍රාවක බුද්ධියට ආමන්ත්‍රණය කරමින්, කලා රසයන් එකට එක්‌කොට නැවුම් රේඩියෝ අත්දැකීමක්‌ තිළිණ කළා යෑයි පැවසීම අතිශයෝක්‌තියක්‌ නොවේ.

"ලක්‌. එෆ්. එම්. නමින් ශ්‍රාවක සිත් සතන් තුළ රැව් පිළිරැව් නැගූ ඔවුන්, ඔක්‌තෝබර් 1 වැනිදා වූ ඊයේ සිය හතරවැනි උපන්දිනය සැමරූහ. මතු දැක්‌වෙන්නේ තෙවසරක්‌ පුරා ඔවුන් ආ ගමන පිළිබඳව "ලක්‌. එෆ්. එම්." විධායක අධ්‍යක්‍ෂ ධුරය හොබවන වෛද්‍ය නාලක සනත් කුමාර මහතා සමඟ "දිවයින සිනමා කලා" පැවැත්වූ සංවාදයෙහි සංක්‍ෂිප්ත සටහනයි.

තෙවසරක ගමන් මඟ දෙස, නැවත හැරී බැලුවොත් අරමුණු ඉටුකරගත්තා යෑයි තෘප්තියක්‌ ලබනවාද?

සැබැවින්ම ඔව්, ජනතාවට වඩා ඉදිරියෙන් සිටිමින් උසස්‌ පරපුරක්‌ බිහිකරලීම සඳහා අපේකම, අපේ සංස්‌කෘතිය, සභ්‍යත්වය සහ මාධ්‍ය සදාචාරය යන කරුණු පෙරදැරිව යම් විමසීමක්‌ සිදු කළොත්, ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි එෆ්. එම්. නාලිකාවක්‌ ලෙස පසුගිය තෙවසර පිළිබඳව "ලක්‌. එෆ්. එම්." අපට ඇත්තේ සාමුහිකව භුක්‌ති විඳිය හැකි සතුටක්‌. එය ඉදිරියටත් එසේමයි.

"ලක්‌. එෆ්. එම්." බිහිකරලීමට පුරෝගාමී වූවන් සහ වර්තමාන කටයුතු පිළිබඳව යමක්‌ පැවැසුවොත්....

අනුකරණයෙන් තොර වූ මෙවැනි ගුවන් විදුලි නාලිකාවක්‌ ශ්‍රී ලාංකික ශ්‍රාවකයන්ට ගෙන එන්නට ලැබුණේ, උපන් දේශයට ගරු කරන, එයට ආදරය කරන, බුද්ධිමත් පිරිසක්‌ බිහිකරලීමට වෙර දරන අප ආයතනයේ අධිපති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ සහ ප්‍රධාන අධ්‍යක්‍ෂිකා අෂිකා එදිරිසිංහ මහත්මියගේ සංකල්පයත්, ඔවුනගේ ධනයේත් ශ්‍රමයේත් ආයෝජනයෙන් බව කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

ලක්‌. එෆ්. එම්. ආවරණ කලාප මේ වන විට අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳව ඔබේ මතය මොන වගේද?

ඇත්තෙන්ම, ආරම්භයේදී අපේ රටේ සියයට 55 ක්‌ 60 ක්‌ අතර විකාශය වූ අපේ නාලිකාව වසර දෙකක්‌ තුළදී සියයට 80 ක්‌ පමණ වූ භූමි ප්‍රමාණයක්‌ ආවරණය කළා. වර්තමානයේ එය සියයට 90 ක්‌ ඉක්‌ම ගොස්‌ තිබීම සතුටට කරුණක්‌. උතුර නැගෙනහිර ප්‍රදේශ කිහිපයකත්, යාපනයේත්, සැතපුම් 200 කට එහා ඈත මුහුදෙත්, ලක්‌. එෆ්. එම්. පැහැදිලිව ශ්‍රවණය කළ හැකි බව ලැබුqණු ප්‍රතිචාර මගින් හැඟීගොස්‌ තිබෙනවා.

ලක්‌. එෆ්. එම්. නාලිකාව වෙනස්‌ මගක්‌ ගත් එෆ්. එම්. නාලිකාවක්‌ යෑයි ඔබ කියන්නේ කුමනාකාරයේ පදනමක සිටද?

සත්තකින්ම අපේ නාලිකාවේ අරමුණ විනෝදාස්‌වාදය පමණක්‌ සැපයීම නොවෙයි. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් පසුපස හඹා ගොස්‌ ශ්‍රාවක වින්දනයට බාධා ඇතිකිරීමත්, බලහත්කාරයෙන් රසාස්‌වාදය සැපයීමත් සිදුකරලීමට අපේ බලාපොරොත්තුවක්‌ නැහැ. ලැබෙන ප්‍රවෘත්තිය වුණත් එසැනින් නිවැරදිව ජනතාවට ශ්‍රවණයට සැලැස්‌වීම තුළින් පුවත් දැන ගැනීමේ පරම ජනතා අයිතිය තහවුරු කරදීම, අපේ වගකීමක්‌ ලෙසටයි අපි දකින්නේ. ප්‍රවෘත්ති නාලිකාවක්‌ ලෙස වැඩි යමක්‌ කරළීම තවත් බලාපොරොත්තුවක්‌.

ලක්‌. එµa. එම්. වැඩසටහන් පෙළගැස්‌මත් 4 වැනි වසරට පා තැබූ මොහොතේ සිදුකිරීමට යෝජිත විශේෂ වැඩසටහන් පිළිබඳවත් යමක්‌ සඳහන් කළොත්....

උදා වූ 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේ නිල ගුවන් විදුලි නාලිකාව වන අප, "පන්සිල් සුරකින සමාජයක්‌ ගෙදරින් බිහි කරමු" යන තේමාව යටතේ සුවිශේෂී වැඩසටහන් රැසක්‌ ශ්‍රාවකයන් වෙනුවෙන් ගෙන එනවා. ඉහත තේමාව සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් රජය ඉදිරිපත් කළ වගන්ති 20 න් එකක්‌. අපේ නාලිකාව 4 වැනි වසරට පාතැබීම නිමිති කොටගෙන ලෝක ළමා දිනයත් එදිනටම යෙදී ඇති නිසා ඊට පසු දින වන අද (ඔක්‌තෝබර් 2 වැනිදා) පින්නවල අලි අනාථාගාරයේදී "ලක්‌මිණි කැට" නම් වූ ළමුන් සඳහා වෙන් වූ වැඩසටහන එහි සිටම විකාශය කරලීමට බලාපොරොත්තු වෙනවා.

සතියේ දිනයන්හි වැඩසටහන් පෙළගැස්‌වීමේදී අලුයම 3.30 සිට 6.00 දක්‌වා "පින්බර යාමය" නම් වූ ආගමිකත්වයට නැඹුරු වූ වැඩසටහනත් පෙ.ව. 6.00 - 7.00 දක්‌වා "ලක්‌ උදෑසනත්", පෙ.ව. 6.45 ට උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් පෙ.ව. 7.00 සිට 9.00 දක්‌වා මෙරට සහ විදෙස්‌ පුවත් එසැනින් ගෙන එන "ආයුබෝවන්" ලක්‌ එµa. එම්. වැඩසටහනත් පෙ.ව. 9.00 සිට 10.00 දක්‌වා ඇත්තට ඉඩක්‌ කාලීන කතිකාවත් යන තේමාව මුල් කොටගත් "සෝදිසිය" මහජනතාව ද සම්බන්ධ කරගනිමින් ගෙන ඒමත්, පෙ.ව. 10.00 සිට 11.30 දක්‌වා "තුටු පඬුරු නැති රේඩියෝ ගුරු පඬුර" තේමාව කොටගත්, බුදුදහම ජ්‍යෙdතිෂය නීතිය හා සෞඛ්‍යය, සාමාන්‍ය ජීවිතය හා බද්ධ වී ඇති ආකාරය පිළිබඳවත් ඉතා පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන "රිවි සඳ" ධර්ම සාකච්ඡාමය වැඩසටහනත්, පෙ.ව. 11.45 ට දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත්, දහවල් 12.00 සිට 2.00 දක්‌වා "දවාලන දවාල නිවාලන රිද්මය" වන ගීත ඉල්ලීම් රැගත් "දිවා රිද්ම" සංගීතමය වැඩසටහනත් ප.ව. 2.00 සිට 3.00 දක්‌වා "ලක්‌ මැදිරිය" ප.ව. 3.00 සිට 5.45 දක්‌වා "නොනවතින ගීත" වැඩසටහනත් ප.ව. 5.45 ට සවස ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් ප.ව. 6.00 සිට 7.00 දක්‌වා අධ්‍යාත්මික සුවය සදන ජය ගාථා, බුද්ධානුස්‌සති භාවනා සහ ධර්ම දේශනාවන් ඇතුළත් "පින්කෙත" වැඩසටහනත් රාත්‍රි 7.00 සිට 9.45 දක්‌වා, ආදරය විරහව පිළිබඳ ගීත ඇතුළත් "ප්‍රේමණීය රාත්‍රියත්" ප.ව. 9.45 ට රාත්‍රි ප්‍රධාන පුවත් විකාශයත් රාත්‍රි 10.00 සිට 12.00 දක්‌වාත් ගිලිහී යන අපේකම, ජනප්‍රවාද, සිරිත් විරිත්වලට මුල් තැන දෙන "දුම්බර පැදුර" වැඩසටහනත්, අලුයම 12.00 සිට 3.00 දක්‌වා නින්ද නිවාඩු යවන ගුවන් විදුලි අඩවිය තේමාව යටතේ "අලුත් රැයක්‌" ගීතමය වැඩසටහනත් විකාශය කරනවා. සති අන්ත ඉරිදා.... පින්බර යාමය, සලපතල මළුව, ප්‍රවෘත්ති, ග්‍රීක, සඳකඩපහන, ප්‍රවෘත්ති, සතියේ ජනප්‍රිය ගීත දර්ශනය ඇතුළත් "විස්‌සයි විස්‌ස" "ආරාධනා" නම් වූ ජනප්‍රිය පැරණි හා නව හින්දි ගීත ප්‍රචාරයත්, "නොනවතින ඉරිදා" නම් වූ නොනවතින ගී වැලත්, නැවතත් ප්‍රවෘත්ති, ගී මකරන්ද, ගී මුතුවැල්, ප්‍රවෘත්ති, අලුත් රැයක්‌ යන මේ සියලු ඉදිරිපත් කිරීම් මතින් ලක්‌. එෆ්. එම්. අපි ශ්‍රාවක සිත් සතන් තුළට අමන්දානන්දය එක්‌කළ බව නොරහසක්‌.

වසර 3 ක්‌ ගෙවමින් 4 වැනි වසරට පා තැබූ මේ මොහොතේ ඔබේ නාලිකාවේ ගමන්මගේ දියුණුවට අත්වැල් සපයමින් සහය දැක්‌වූ ලක්‌. එෆ්. එම්. කාර්ය මණ්‌ඩලයේ සහෘද පිරිස පිළිබඳවත් සිහිපත් කිරීමක්‌ සිදු කළොත්....

ලක්‌. එෆ්. එම්. අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාත්, ප්‍රධාන අධ්‍යක්‍ෂිකා අෂිකා එදිරිසිංහ මහත්මියත්, වසර 30 කටත් වැඩි පළපුරුද්දක්‌ ඇති සාමාන්‍යාධිකාරී කුලරුවන් කුසුම්තිලක මහතාගේ ශ්‍රවණ තත්ත්වයන් පිළිබඳ උසස්‌ උපදෙස්‌ මාලාවත්, අධ්‍යක්‍ෂ, වෙළෙඳ සහ අලෙවි දර්ශන ප්‍රනාන්දු මහතාත්, වැඩසටහන් අංශ ප්‍රධානී නාමල් තිසේරා මහතාත්, වැඩසටහන් කළමනාකාරවරුන් ලෙසින් අංජානි වික්‍රම මහත්මියත්, චූලක ලියනගමගේ මහතා සහ ඉෂානි අත්තනායක මෙනෙවියත්, ප්‍රවර්ධන අංශ ප්‍රධානී ප්‍රගත් දර්ශන මහතාත්, ප්‍රධාන ඉංජිනේරුවරයා ලෙස තුසිත විද්‍යාතිලක මහතාත් අනිකුත් සහෝදර කාර්ය මඬුල්ලත් එක්‌සිත්ව එක්‌සත්ව යදමක්‌ සේ එකට බැඳී සිටීම "ලක්‌. එෆ්. එම්." නම් වූ අප නාලිකාවේ මෙතෙක්‌ ආ මඟට දිරිය හා සවිය වූ පිරිස බව සිහිපත් කළ යුතුයි.

ශ්‍රාවක මන දොළ බුද්ධියේ ප්‍රභාවයෙන් සහ වින්දනීය රසාස්‌වාදයෙන් අමන්දානන්දයට පත්කිරීමට "ලක්‌. එෆ්. එම්." නාලිකාව හට ශක්‌තිය, ධෛර්යය සහ වාසනාව නිතැතින්ම හිමිවේවායි "දිවයින සිනමා කලා" අපි ද මෙලෙස සුබ පැතුම් එක්‌කොට සිටිමු.

සුජීව තත්සර
ඡායාරූප - වාසල සේනාරත්න


Copy Rights - Divayina

1 comments:

Chandana said...

ලක්‌.එෆ්.එම්. එකට අපි හදවතින්ම සුබ පතනවා. අපි www.blackpointforum.com

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money