Sunday, October 23, 2011

රංගනය කියන්නේ රූප රාමුවක පෙනී සිටීම නොවෙයි.

හොඳම නිළිය නොතේරීම ටෙලි නාට්‍ය රංගනය ගැන කළ ඉඟියක්
 

මාධනී මල්වත්තගේ
මට හිතෙන විදිහට මෙවර සිග්නීස් සම්මාන උලෙළේ දී හොඳම ටෙලිනාට්‍ය නිළිය සඳහා සම්මානයක් ලබා නොදීමෙන් එහි විනිශ්චය සිදුකළ මණ්ඩලය බරපතළ විදිහට රංගන ශිල්පිනියන් විදිහට අපිට ඉඟිකිරීමක් කළා අපේ රටේ ටෙලිනාට්‍ය කලාව ප්‍රමිතියක් ඇතුව ප්‍රතිපත්තියක් ඇතිව නිර්මාණය වෙන්න ඕනෙ කියන කාරණය ගැන. ඇත්තටම හොඳ දක්ෂ රංගන ශිල්පිනියන් නැතිව නෙමෙයි. අපිට ඉතාම දක්ෂ රංගන ශිල්පිනියන් පිරිසක් ඉන්නවා. නමුත් රංගනය කියන්නේ රූප රාමුවක පෙනී සිටීම නොවෙයි.
රංගනය කියන දේ හැදෑරිය යුතු අවබෝධයෙන් කළ යුතු දෙයක්. කොටින්ම කියනවා නම් විද්‍යාත්මකව හැදෑරිය යුතු දෙයක්. නිළිය කියන්නේ නළියනවා කියන දෙය නෙවෙයි. අද වෙන කොට ටෙලිනාට්‍ය කලාවට නළියන කට්ටිය ඇවිත් ඉන්න නිසා පුදුම විදිහට ටෙලිනාට්‍ය කලාව පිරිහීමකට පත්වෙලා තිබෙනවා. ඇත්තටම මට පෙනෙන විදිහට ජූරි සභාව හොඳම නිළිය සඳහා සම්මානයක් නොදීමට තීරණය කරන්න ඇත්තේ මීට වඩා අපේ ටෙලිනාට්‍ය කලාව ඉදිරියට යා යුතුයි කියන මතයේ ඔවුන් සිටින නිසා විය හැකියි. ඇත්තටම මේ කාරණාව පෞද්ගලිකව ගත්තහම මටත් බලපානවා. අපි මීට වඩා නිර්මාණාත්මකව නිර්මාණයට දායක වෙන්න ඕන.

Copy Rights - Silumina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money