අක්ක – නගෝ එක් කොට දිනේෂ් ප්‍රියසාද් ඩබල් ට්‍රබල් තනයි
රාජ් රණසිංහ නැවතත් නිෂ්පාදනයට

ඩබල් ට්‍රබල් දිග හැරෙන්නේ අධි මානසිකත්වයක් ඇති ඩංකා නම් වූ ළමයකු වටාය. මලිඳු ශිවංක එම චරිතය රංගනයේ යෙදෙයි.
විල්සන් ගුණරත්න, දුලීකා මාරපන, මොහාන් හෙට්ටිආරච්චි, එරංග ජීවන්ත, ඔෂනී ලියනගේ මෙහි අනිකුත් නළු නිළි පිරිසය.
ක්ලයිව් මාර්ටින්ස් ඩබල් ට්‍රබල් හි පිටපත් රචකයා මෙන්ම සහාය අධ්‍යක්ෂවරයා වේ. නිමල්සිරි රෝසාගේ කැමරා අධ්‍යක්ෂණයකි. අශෝක් රණසිංහ නිෂ්පාදන කළමණාකාරවරයාය. ආදේශක රංගනය සරත් සිල්වා ගෙනි. ඉමල් ජූඩ්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඩබල් ට්‍රබල් ඔපවත් වේ.
අධ්‍යක්ෂණය, සංස්කරණය සහ විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග දිනේෂ් ප්‍රියසාද් විසින් සිදු කරයි. දෙමෝදර පාලම, කොලොම්පූර්, ඇද්දා ලණුව දැම්මා කොඩිය (තිරගත වීමට නියමිත) දිනේෂ් මීට ප්‍රථම නිර්මාණය කර ඇති සිනමා පට වන අතර ඩබල් ට්‍රබල් ඔහුගේ දහසය වැනි සිනමා පටයයි.
ඩබල් ට්‍රබල්, දිනේෂ් ගේ මුල්ම චිත්‍රපටය වූ නොම්මර එකයි නිෂ්පාදනය කළ රාජ් රණසිංහ දිගු කලකට පසු නිපදවන චිත්‍රපටයකි.
0 comments:
Post a Comment