Sunday, October 16, 2011

මට වැදගත් වෙන්නේ ආත්ම තෘප්තිය පමණයි

මට වැදගත් වෙන්නේ ආත්ම තෘප්තිය පමණයි
අනුරුද්ධිකා පාදුක්‌කගේ
ඇය රංගන ශිල්පිනියකගේ කාර්යභාරය නිවැරදිව අවබෝධ කරගත් වෘත්තීයමය රංගන වේදිනියක්‌ යෑයි කිව හැකිය. එසේ ඇය පිළිබඳ අර්ථ ගැන්විය හැක්‌කේ වෘත්තීමය පසුබිම තුළ මෙතෙක්‌ නිරූපණය කර ඇති චරිත පිළිබඳ විමර්ශනාත්මකව හැරී බැලීමේදී ඒවායේ ඇති අර්ථ රසය නිසාවෙනි. ඒ තුළ අනුරුද්ධිකා පාදුක්‌කගේ නමැති විශේෂිත වූ මේ චරිතයේ වර්තමානයේ වග තුග සොයා බලන්නට අප අදහස්‌ කළේ මේ අයුරිනි.

විවාහයෙන් පස්‌සේ රංගන කටයුතු සීමා කරලද?

විශේෂිත වූ සීමා කිරීමක්‌ නැහැ. දීර්ඝ ටෙලිනාට්‍යවල රඟපාන්න අකමැති නිසා ආරාධනා ලැබුණත් බාරගන්නෙ නැහැ. ආරම්භයේ සිට රඟපෑ විදියට සාර්ථක පිටපතක්‌ ලැබුණොත් තෝරගන්නවා.

නමුත් රංගන ශිල්පීන්ගේ පැවැත්ම ර¹පවතින්නේ නිතර නිර්මාණ අතර රැඳී සිටීමෙන් නේද?

දිනපතා පෙනී සිටීමේ කැමැත්තක්‌ නැහැ. නමුත් හැම කාලයකදීම කුමන හෝ නාලිකාවක නිර්මාණයක්‌ තුළින් පෙනී සිටීමේ වාසනාව මට හිමිවෙලා තියෙනවා. මට වැදගත්වෙන්නේ හොඳ නිර්මාණයක්‌ කරලා ලබන ආත්ම තෘප්තිය විතරයි.

ප්‍රේක්‍ෂක මතකයේ නිතර රැඳී නොසිටීමත් ඔබේ පැත්තෙන් අවාසියක්‌ නොවේද?

මම පෞද්ගලිකව ප්‍රේක්‍ෂක ආකර්ෂණය අවධානය සොයා යන කෙනෙක්‌ නෙමෙයි. නමුත් මට ආදරය කරන පිරිසකුත් සිටිනවා ඇති. ඔවුන් වෙනුවෙන් සහ මගේ ආත්ම තෘප්තිය උදෙසා හොඳ නිර්මාණයක්‌ කරනවා මිසක්‌ කුමන හෝ නිර්මාණයක පෙනී සිටීමේ ආශාවක්‌ මට නැහැ.

නවක ශිල්පීන් අතරේ ඔබට තරගයක්‌ නැතිද?

බොහෝ විට මට නවකයෝ මුණගැහෙනවා හරි අඩුයි. මට තියෙන අවශ්‍යතාව කුමක්‌ හෝ හොඳ නිර්මාණයක්‌ කරලා ගෙදර එන්න. හැබැයි මම විශ්වාස කරන දෙයක්‌ තමයි නවකයෙක්‌ කුමන හෝ ටෙලි නාට්‍යයකින් නිතර පෙනී සිටීමට අපේක්‍ෂා කරන්නේ දීර්ඝ කාලීනව ක්‍ෂේත්‍රයේ රැඳී ඉන්න. ඒ නිසා නිතර දෙවේලේ දකින අයගෙන් සෙසු රංගන ශිල්පීන්ට බලපෑමක්‌ වෙයි කියලා මම හිතන්නෙ නැහැ.

ඒ කියන්නේ ඔබ නිළියක්‌ ලෙසට යම් ස්‌ථාවරත්වයක්‌ ගොඩනඟාගෙන සිටිනවා කියන එකද?

ඔව්, මම විශ්වාස කරනවා අනුරුද්ධිකා පාදුක්‌කගේ කියන රංගන ශිල්පිනිය කුමක්‌ හෝ අනන්‍යතාවක්‌ ගොඩනඟාගෙන තියෙනවා කියලා.

කුමක්‌ පදනම් කරගනිමින්ද ඔබ එසේ ප්‍රකාශ කරන්නේ?

එක්‌ එක්‌ පුද්ගලයාගෙන් පුද්ගලයාට රසඥතාව විවිධ නිසා ප්‍රේක්‌ෂක ප්‍රතිචාර ගැන මම එතරම් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා මම සහභාගි වූ නිර්මාණ තුළින් කිසියම් වූ අනන්‍යතාවක්‌ ගොඩනඟාගෙන ඇතැයි කියලා මම විශ්වාස කරනවා.

ඔබ අද වෘත්තීයමය රංගන ශිල්පිනියක්‌ කියන තැන නොසිටියා නම්?

බොහෝ විට රජයේ රැකියාවක නියෑළේවි. සෑහීමකට පත්වෙනවද මේ ආ මග පිළිබඳව?

අවුරුදු හයක්‌ තුළ මේ ආ ගමන ගැනත් මට වැඩ කරන්න ලැබුණු අධ්‍යක්‍ෂවරු සහ නළු නිළියෝ ගැනත් ඉතාමත් තෘප්තිමත් වෙනවා. සමකාලීන නිර්මාණ අතරේ මට හොඳ තැනක්‌ ලැබුණා කියලා විශ්වාස කරනවා.

රංගනයට පිවිසීම තුළ ඔබ බලාපොරොත්තු වූයේ එය වෘත්තීය ලෙසට කිරීම පමණක්‌ද?

මුදල් ඉපැයීම අරමුණු කරගෙන ආව ගමනක්‌ නෙමෙයි. පිවිසීමේදී මට අවශ්‍ය වුණේ මට මොනවද කරන්න පුළුවන් කියන එක තේරුම් ගෙන රංගනයෙන් මට සහ සමාජයට දෙන්න තියෙන යහපත් දේ මොනවද කියලා විතරයි බැලුවේ. ඒ අවශ්‍යතාව තමයි සාර්ථක චරිතවලට පමණක්‌ මාව යොමු කළේ.

චරිත අතරට පිවිසීමේදී ඔබ බලාපොරොත්තු වන්නේ මොන වගේ කරුණු කාරණාද?

ඕනෑම චරිතයක්‌ රඟපෑම හරිම සංකීර්ණයි. නමුත් ඒ සංකීර්ණකම කුමක්‌ හෝ නිර්මාණයකට ගැනීමේ බලාපොරොත්තුවෙන් දක්‍ෂ පිටපත් රචකයෙක්‌ අතින් ලියෑවෙනවා නම් මම ඒ මනුෂ්‍යයා ජීවිතේ සංකීර්ණතම චරිතයකට ගෙන එන්න හරිම කැමතියි. ඒ නිසා පෞද්ගලිකවම එම සංකීර්ණකම පතුලටම නිරූපණය වන චරිත රඟපාන්න කැමතියි. සමහර විට ඒ චරිත කථා වෙන්නත් පුළුවන්, සුදු වෙන්නත් පුළුවන්. විශේෂත්වය ඒක බොහොම සාධාරණව ලියෑවී තියෙන්න ඕන.

සැමියා කැමතිද ඔබ දිගින් දිගටම ක්‍ෂේත්‍රයේ නියෑළෙනවාට?

නාලකගෙන් ප්‍රශ්න නැහැ. පූර්ණ නිදහස දීලා තියෙන්නේ මගේ රංගන කටයුතුවලට .මෙතෙක්‌ ජීවිතේ බලාපොරොත්තු වූ යුගයන් එලෙසින්ම ගත කරන්න ලැබුණද?

ඕනෑම කෙනෙක්‌ගේ ජීවිතේ බොහොමයක්‌ දේවල් සිද්ධ වෙන්නේ හරි අහම්බෙන්. අපි බලාපොරොත්තු වන විදියට කරුණු කාරණා සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්. නිසි කාලයේදී අධ්‍යාපන කටයුතු අවසන් කළා. ක්‍ෂේත්‍රයට පිවිසිලා එකම නිර්මාණවලට කොටු නොවී විවිධත්වයක්‌ ලබන්න ඉඩ ලැබුණා. හොඳම කාලෙදි විවාහ වුණා.

අනුරුද්ධිකා දක්‍ෂ රඟපාන්න විතරමද?

මම කවදාවත් මගේ හැකියාවන් ගැන හොයන්න පෙළඹිලා නැහැ. පාසල් කාලයේදී ලේකාවක්‌ වෙන්නත් ආසාවක්‌ තිබුණා.

රංගන ශිල්පිනියක්‌ කියූ සැණින් සමාජය තුළ මැවී තිබෙන චිත්‍රය එතරම් සුන්දර නැහැනේද?

ඉතා මෑත කාලයේ වෙච්ච සිදුවීම් නිසා එවැනි තත්ත්වයක්‌ උදාවෙලා තියෙනවා. විනයක්‌ නොමැති නිසා තමයි එවැනි තත්ත්ව ඇතිවී තිබෙන්නේ. ඒක ඕනෑම වෘත්තියකට පොදුයි. නමුත් අද මේ වාතාවරණය ප්‍රධාන වශයෙන් වෘත්තීයමය පිරිහීමකට හේතුවක්‌ වෙලා තියෙනවා.

- ලක්‌මිණි අතුකෝරල

ඡායා - සුජාතා ජයරත්න

හැඩගැන්වීම - සැලෝන් රන්ජුලා කොට්‌ටාව


Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money