Tuesday, October 11, 2011

මං ලංකාවට එන එක නවත්තන්න කාටවත් බෑ

  "මට තේරෙන්නේ නැහැ මං ලංකාවට ඇයි මේ තරම් කැමති කියලා. අපේ අම්මා ලංකාවට ආවාම ඉන්දියාවට යනකම් හදිස්‌සියි. මට ඉන්දියාවට ගියාම ලංකාවට එන්න හදිස්‌සියි. මට එහෙදී පාළුවක්‌ තනිකමක්‌ වගේ දෙයක්‌ දැනෙනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ"

පූජා උමාශංකර්

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්‌ෂණය කරනු ලැබූ "කුසපබා"හි පබාගේ චරිතයට පණ පොවන්නේ ඉන්දියානු ජනප්‍රිය නිළි පූජා උමාශංකර්ය.

චන්න පෙරේරාගේ "අංජලිකා" චිත්‍රපටයෙන් ශ්‍රී ලාංකික සිනමාවට ප්‍රවිශ්ඨ වූ පූජා ඉන් අනතුරුව සුමිත්‍රා පීරිස්‌ගේ "යහළු" චිත්‍රපටයේද ධම්මික සිරිවර්ධනගේ "සුවඳ දැනුණා ජීවිතේ" ආදී චිත්‍රපට රැසක රඟපාමින් ශ්‍රී ලාංකික සිනමා ලෝලීන් වෙත සමීප වුණා. පූජා උමාශංකර් "සුවඳ දැනුණා ජීවිතේ" සිංහල චිත්‍රපටයේ රඟපෑමෙන් පසු මාධ්‍යයට පැවැසුවේ ඇය යළි චිත්‍රපටවල රඟ නොපාන බවයි.

එහෙත් ඒ වචන බොරු කරමින් ඇය යළි ශ්‍රී ලංකා සිනමාවට පිවිස සිටියි. ඒ අප පෙර සඳහන් කළ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්a අධ්‍යක්‌ෂණය කළ "කුසපබා" චිත්‍රපටයෙනි.

පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පූජා අපට හමුවූවා.

"ඔබ මීට පෙර කිව්වා යළි රඟපාන්නේ නැහැ කියලා.... නමුත් යළිත් රංගනයට පිවිසුණා".

"ඇත්තටම මම එහෙම මාධ්‍යයට ප්‍රකාශ කළා. මගේ අප්පටත් (තාත්තටත්) පොරොන්දු වුණා ආයෙත් රඟපාන්නේ නැහැ කියලා.

ඒත් පසුගිය දවසක ධම්මික සිරිවර්ධනගේ පුතා බාසුරුගේ විවාහ මංගල්‍යයට සහභාගි වුණා මගේ අම්මත් එක්‌ක. ඒ වේලාවේදී තමයි මට කුසපබා චිත්‍රපටයට ආරාධනා කළේ. ධම්මික සිරිවර්ධනට රේණුකා බාලසූරිය මහත්මියට සුනිල් ආරියරත්න සර්ට මම ගොඩක්‌ ගරු කරනවා. මම මුලින් හිතුවේ ඒ අය මට විහිළු කරනවා කියලා. ඒත් දිගින් දිගටම කියද්දී මගේ අම්මා කිව්වා ඒ චිත්‍රපටයට හා කියන්න කියලා. ඒත් මට අප්පට (තාත්තට) දුන්නු පොරොන්දුව කඩන්න බැහැනේ..."

"කොහොම හරි ධම්මික මහත්මයා රේණුකා මහත්මිය, සුනිල් සර් එහෙම මගේ අප්පට (තාත්තට) කතා කරලා කැමති කරවා ගෙන තිබුණා. මට පුදුමයි ඒ අය ඒක කරා කියලා කිව්වා ම."

"කුසපබා චිත්‍රපටයේ රඟපෑ ජ්‍යෙෂ්ඨයන්ට එයට සම්බන්ධ අනිත් අයට මම ගරු කරනවා. ඒ නිසාත් ඒ ඉල්ලීම ඉවත දමන්න බැරි වුණා."

"අනිත් කාරණය මම ලංකාවට හරිම ආසයි.

"මොකක්‌ද හේතුව, ඔබගේ සිත දිනාගත් කවුරු හරි ලංකාවේ ඉන්නවාද?"

"එක්‌ කෙනෙක්‌ නෙවෙයි ලංකාවේ මිනිස්‌සු හරිම හොඳයි. සුහදශීලියි. මට තේරෙන්නේ නැහැ මං ලංකාවට ඇයි මේ තරම් කැමති කියලා. අපේ අම්මා ලංකාවට ආවාම ඉන්දියාවට යනකම් හදිස්‌සියි. මට ඉන්දියාවට ගියාම ලංකාවට එන්න හදිස්‌සියි. මට එහෙදී පාළුවක්‌ තනිකමක්‌ වගේ දෙයක්‌ දැනෙනවා. ඒ ඇයි කියන්න මම දන්නේ නැහැ. හැබැයි වරදවා වටහා ගන්න එපා. මට ලංකාවේ විශේෂ වුණු කෙනෙක්‌ නම් නැහැ."

"ඔබ විවාහ වන වයසේ ඉන්නෙ. කැමති නැද්ද ලංකාවේ කෙනෙක්‌ සමඟ විවාහ වෙන්න?"

"ඔය ගොල්ලෝම කෙනෙක්‌ හොයලා දෙන්න. ඇයි මට ඔය ගොල්ල විහළු කරන්නේ.. ලංකාව ලස්‌සන රටක්‌. මිනිස්‌සු හොදයි. ඒ වග මට ඉන්දියාවේ මගේ ක්‍ෂේත්‍රයේ අය කියලා දීලා තිබුණා. එ අය ලංකාවට ඇවිත් චිත්‍රපට හදනවා. මමත් ආසයි ලංකාවට. ඒ නිසා මං ලංකාවට එනවාමයි.

විවාහය ආවට ගියාට කරන්න බැහැනේ. ඒකට වේලාවක්‌ ඕනේ. මට ඒ වේලාව ඇවිල්ලා නැහැ. මම මොන රටේ කෙනෙක්‌ බැන්දත් ලංකාවට එන එක නවත්තන්නේ නැහැ. ඒ තරමටම ලංකාවට ආසයි. ආදරෙයි.

- සුසර පුස්‌සැල්ලාව

පින්තූර - සමන් අබේසිරිවර්ධන 


Copy Rights - Nawaliya

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money