Sunday, October 16, 2011

උදයන්ති චරිත හතරක්


 

 උදයන්ති කුලතුංග මෙවර සරසවිය කවරය සරසන සොඳුරු රංගන ශිල්පිනියයි. ‘තරු කුමරි’ ටෙලි නාට්‍යයේ රඟමින් කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ උදයන්ති සරා, සයුරි, සවීණා, කප්සුවහස්කල්, මිලා, අළු පාට හීන ඇතුළු ටෙලි නාට්‍ය රැසක රැඟුවාය.
‘සිතින් ප්‍රේම වඩනා’ ජනප්‍රිය ගීත රූප රචනයේ හිඳින උදයන්ති සිනමාවට පිවිසියේ ‘සිංහාවලෝකනය’ චිත්‍රපටයෙනි.
මහින්දාගමනය චිත්‍රපටයෙන් තම රංගන හැකියාව මනාව පිළිබිඹු කළ උදයන්ති ඉදිරියේදී තිරගතවීමට නියමිත කලර්, සිනසුනා ආදරෙන් සහ භව සිද්ධාන්ත චිත්‍රපටවලද රඟයි.
මේ අතරින් භව සිද්ධාන්ත චිත්‍රපටයේ උදයන්ති චරිත හතරක් නිරූපණය කරයි. මේ වන විට උදයන්ති ටෙලි නාට්‍ය නිෂ්පාදනයට ද පිවිස ඇත. ‘සේරා’ උදයන්තිගේ පළමු ටෙලි නාට්‍ය නිෂ්පාදනයයි.










 
 

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money