Sunday, October 23, 2011

ෂාරුක් ඛාන්ට සෙනසුරු අපලයක්

විටෙක සිනහවෙන්, කවටකමින් පිරුණු, තවත් වරක මරණයෙන් පවා වෙන් කළ නොහැකි ආදරයක් හදවතට ගෙන එන ඔහුගේ ආදරවන්තිය වන්නට අකැමැති මිහිපිට ලලනාව කවුරුන්ද? එහෙත් බොලිවුඩයේ ඛාන් රජු වූ ෂාරුක්ට නම් මීපැණි මෙන් වූ ආදරය තාවකාලිකව තිත්ත වී ඇති පාටය.
ඔහු අවසන් වරට ආදරවන්තයකු වූයේ මෑතකදී රූගත කළ යාෂ් රාජ් නිෂ්පාදනයක් වූ ‘හැම්ලට්’ සිනමා පටයේය. එය ෂේක්ස්පියර්ගේ හැම්ලට් නාට්‍යය ඇසුරින් නිෂ්පාදනය කෙරෙන්නකි.
ඉන් පසු ඔහුට අරාධනා ලැබුණේ සජිඩ් නදියද්වාලා නිෂ්පාදනය කරන, විශල් භාරද්වාජ් අධ්‍යක්ෂණය කරන ‘2 ස්ටේට්ස්’ හි ආදරවන්තයා ලෙස රැඟීමටයි. හැම්ලට් හි ප්‍රේමවන්තයා වූ නිසා ‘2 ස්ටේට්ස්’ හි පෙම්වතා වීම ෂාරුක් ප්‍රතික්ෂේප කර තිබේ.
ඛාන් රජු මේ දිනවල සිහින මවන්නේ තව සය දිනකට පසු තිරගත වන, එනම් දීවාලි සති අන්තයේ තිරගත වන රා.වන් සිනමා පටයේ සාර්ථකත්වය පිළිබඳවයි. ඔහුගෙන් දීවාලියට ප්‍රේක්ෂකයන් වෙත ලැබෙන උණුසුම්ම ත්‍යාගය රා.වන්ය. හින්දි, දමිළ, තෙළිඟු පමණක් නොව ජර්මන් බසින් ද රා.වන්, සිනමා වින්දනය ලැබීමට ඔහු ප්‍රේක්ෂකයන්ට වරම් ලබා දී ඇත. ද්විමාන සහ ත්‍රිමාන සිනමා පටයක් ලෙසින් ද දොරට වඩින මෙය මෙතෙක් ඉන්දියාවේ වැඩිම මුදලක් වැය කර නිපද වූ සිනමා පටයයි.
සිනමා පටය තිරයට ගෙන ඒමට දායක වූ කණ්ඩායමේ ගණන පන් දහසකට අධිකය. ඒ අතර ඉන්දියානුවන් පමණක් නොව ඉතාලි සහ අමෙරිකානු ජාතිකයෝ ද වූහ. ඔවුහු සේවා මුර ක්‍රමයට, ලොව පුරා සිනමා සංස්කරණ මැදිරි පහළොවක කුහුඹුවන් මෙන් සේවයේ යෙදුණහ. දිගු කාලයක් පුරා කළ සටනේ අවසන් පියවර, ෂාරුක්ගේ දෙනෙතෙහි සතුටු කඳුළු පුරවමින් නිම වූයේ ඔක්තෝබර් දෙවැනිදාය.
දකුණු ඉන්දියාවේ සුපිරි තරුව රජිනි කාන්ත් රා.වන් හි ජවනිකාවකට පෙනී සිටීමට මූම්බායි පැමිණීම ෂාරුක්ගේ සතුටෙහි රහස විය. ඔහු පැමිණියේ රෝගීව සිටියදී වීමෙන් මේ සතුටෙහි වටිනාකම තවත් වැඩි වී තිබේ.
මේ අතර රා.වන් නිසා ෂාරුක් ඛාන්ට මාධ්‍යවේදීන්ගෙන් කදිම පාඩමක් ද ඉගෙන ගැනීමට සිදු වී තිබේ. ඒ රා.වන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවකට ඔහු පැය දෙකහමාරක් ප්‍රමාද වී පැමිණීම නිසයි.
මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමේ බලාපොරාත්තුවෙන් පැමිණි ෂාරුක්ට නිහඬව දිගු වේලාවක් බලා සිටීමට සිදු විය.
ඒ ඔවුන් ඔහුට පැන වූ දඬුවමක් ලෙස ඔහුගෙන් ප්‍රශ්න නොඅසා සිටීම නිසයි. පසුව ෂාරුක් ඔවුන්ගෙන් සමාව ඉල්ලා ඇත.
ෂාරුක්ට දැන් උදා වී තිබෙන්නේ එතරම් හොඳ කල දසාවක් නොවෙයි. මෙතෙක් කල් ඔහු සිනමාවේ ආදරවන්තයා වූයේ බිරිය ගෞරිගේ සැබෑ පෙම්වතා වෙමිනි. එහෙත් පළමු වරට මේ කුරුලු කැදැල්ල හරහා ද සුළි කුණාටුවක් හමමින් පවතී.
ගෞරී හා ෂාරුක් අතර නිතර මත ගැටුම් ඇතිවන අතර ඔවුන්ගේ සාමදානය බිඳ දැමූ දුෂ්ඨ චරිතය වී ඇත්තේ ප්‍රියංකා චොප්රාය. ගෞරී කවදත් ෂාරුක් අසල ප්‍රියංකා නිතර ගැවසෙනවාට කැමැත්තක් නොදක්වන්නීය.
මෑතක සිට ෂාරුක්ගේ සහ ප්‍රියංකාගේ හිතවත්කම දෙගුණ තෙගුණ වී ඇත. මේ හිතවත්කම හුදෙක් මිත්‍රත්වයක් පමණක් වීමට ඉඩ තිබුණත්, එය ගෞරීගේ සුව නින්දට නම් බාධාවක් වනු නොඅනුමානය. පවතින තත්ත්වය පැණි වරකා ගසට හෙණ ගැසීමක් හා සමාන බව බොහෝ දෙනාගේ අදහසයි.
ප්‍රියංකා, ෂාරුක්ගේ ධ්ර්‍ථඹ් කණ්ඩායමට සහය දැක්වූවෙකි. ඇය රා.වන් සිනමා පටයේ කෙටි රූප රාමුවකට ද පෙනී සිට ඇත. බිල්ලු චිත්‍රපටයේ ඇය ෂාරුක් සමඟ නර්තන අංගයක් ද ඉදිරිපත් කර තිබේ.
චිත්‍රපට නිෂ්පාදකවරයකු, නළුවකු, ලේඛකයකු වු කමල් රෂීඩ් ඛාන්ගෙන් ෂාරුක්ට එල්ල වන චෝදනාව නම් ප්‍රියංකා සම්බන්ධයෙන් එල්ල වූවක් නොවෙයි. ඔහු පවසන්නේ රා.වන් ෂාරුක්ගේ නර්තන නොහැකියාව පෙන්නුම් කළ තවත් එක් සිනමා පටයක් බවයි. බොලිවුඩයේ මෙගා තරුව වන අමිතාබ් බච්චන් මෙන්ම ෂාරුක්ට ද සුවිශේෂී නර්තන හැකියාවක් නැති බව වැඩි දෙනා දනිති.
මේ සියලු අසුබ පෙරනිමිති මධ්‍යයේ තවමත් ගෞරී, ෂාරුක්ට පණ මෙන් ආදරය කරන බව ලොවටම එක් කාරණාවකින් පැහැදිලි විය. රා.වන් හි නිෂ්පාදිකාව වූ ඇය ෂාරුක්ට වොක්ස්වැගන්ස් වර්ගයේ ෆීට්න් මෝටර් රථයක් නොබෝදා තිළිණ කළාය. ඒ දෙදෙනා එක් වී රා.වන් සිනමා පටය කිරීමේ ප්‍රිතිය භුක්ති විඳීමටයි. සිනමා පටයේ ක්‍රියාදාම දර්ශන කිහිපයකටම මේ වර්ගයේ රථ යොදා ගෙන ඇත. ෂාරුක් නොසිතූ අවස්ථාවක මේ තිළිණය ගෞරී පිරිනමා ඇති අතර, ඒ මොහොතේ ෂාරුක්ගේ මුවෙහි නැ¼ගුණු සිනහවෙන් ඇය ප්‍රීති ප්‍රමෝදයට පත් වී තිබේ.

අන්තර් ජාලයෙනි

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money