Sunday, October 16, 2011

මගේ ලොකු ප්‍රතිපත්ති තියෙනවා

මගේ ලොකු ප්‍රතිපත්ති තියෙනවා
- සුමුදු ප්‍රසාදිනි

නිරූපණ ක්‍ෂේත්‍රයට අපේ රටේ එතරම් හොඳ ඉල්ලුමක්‌ නැහැ කියලයි බොහෝ දෙනා පවසන්නේ. නමුත් දවසින් දවස මේ ක්‍ෂේත්‍රයට අලුත් මුහුණු එකතුවෙනවා. එහෙම එකතුවුණු අලුත් මුහුණක්‌ විදිහට සුමුදු ප්‍රසාදිනී හැඳින්විය හැකියි. ඇය ගැන මේ දිනවල නිරූපණ ක්‍ෂේත්‍රය තුළ වැඩිපුර කතාබහ වෙනවා. සුමුදු පසුගිය වසරේ පැවැති මිස්‌ ශ්‍රී ලංකා තරගයේදී දස්‌කම් දක්‌වපු යෞවනියක්‌. වෙළෙඳ දැන්වීම් නිරූපණයෙන්, මෝස්‌තර නිරූපණ ශිල්පයෙන් වගේම ගීත රූප රචනවලින්ද මේ දිනවල ඇයව අපට දක්‌නට ලැබෙනවා. සුමුදු මෝස්‌තර නිරූපණයට යොමුවුණේ කොහොමද කියල දැනගන්න අපි අදහස්‌ කළා.

සුමුදු ඔබ ජීවිතයේ අරමුණ කරගත්තේ කුමන ක්‍ෂේත්‍රයකට යැමටද ?

ජීවිතයේ අරමුණ තිබුණේ මෝස්‌තර නිරූපණ ක්‍ෂේත්‍රයට නම් නොවෙයි. මොකද මම ගොඩක්‌ දක්‍ෂ මලල ක්‍රීඩාවලට. ක්‍රීඩා අංශයෙන් ඉහළට යන්න තමයි අරමුණක්‌ තිබුණේ.

නිරූපණයට ආවේ ?

නිරූපණ ක්‍ෂේත්‍රයට ආවේ මිස්‌ ශ්‍රී ලංකා තරගයෙන්. පරාක්‍රම අයියා තමයි මාව ක්‍ෂේත්‍රයට යොමුකළේ. ගියවර පැවැති මිස්‌ ශ්‍රී ලංකා තරගයේදී මම අවසන් තරගකරුවන් 12 දෙනා අතරට පැමිණියා. ඒ වගේම එහිදී මිනි ටයිටල් දෙකක්‌ ලබාගත්තා. මේ වසරේ පැවැති මිස්‌ µර්පෙක්‌ට්‌ තරගයේදී ජයග්‍රහණය කළා.

කොහොමද විලාසිතා ගලපා ගන්නේ ?

මගේ උසත් එක්‌ක මට ගැලපෙන විදිහට සුදුසු තැනට සුදුසු විදිහට අඳින්න තමයි මම ගොඩක්‌ වෙලාවට උත්සාහ කරන්නේ.

නිරූපිකාවක්‌ විලාසිතා කිරීමේදී ඕනෑම ඇඳුමක්‌ අඳින්න සූදානම් කියලා බොහෝ දෙනා පවසනවා. ඔබත් එහෙමද?

මම එහෙම ඕනෑම ඇඳුමක්‌ අඳින්න සූදානම් නැහැ. නිරූපණ අවස්‌ථාවකදී මට ගැලපෙන ඇඳුම් තමයි මම තෝරාගන්නේ. මම අඳින්න අකමැති ඇඳුමක්‌ තිබුණොත් ඒ නිරූපණ අවස්‌ථාව බාරගන්නේ නැහැ.

නිරූපිකාවක ලෙස ඉගෙන ගතයුතු දේවල් මොනවාද ?

කැමරාවක්‌ ඉදිරියේ පෙනී සිටින ආකාරය වගේම ඇවිදීම ගැන හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි. ඒ වගේම තමන්ගේ සිරුරට ගැලපෙන විලාසිතා පිළිබඳව ද හොඳ අවබෝධයක්‌ තිබිය යුතුයි.

කාන්තාවකට මේ වෘත්තිය සුදුසුයි කියලා හිතනවාද?

ඔව්. සුදුසුයි. හැම කෙනෙකුටම නිරූපිකාවක්‌ වෙන්න බැහැ. ඒ පිළිබඳව අවබෝධයක්‌ වගේම හැකියාවනුත් තියෙන්න ඕනෑ. අනික උසත් බලපානවා. ඒ සියල්ල සම්පූර්ණ යුවතියකට මේ වෘත්තිය සුදුසුයි කියලා මට හිතෙනවා.

නිරූපිකාවකට ලංකාවේ තිබෙන තැන මොන වගේද?

ඇත්තටම අපේ රටේ මෝස්‌තර නිරූපිකාවකට සුදුසු තැනක්‌ දීලා නැහැ. විදෙස්‌ රටවල නම් මේ ක්‍ෂේත්‍රයට හොඳ පිළිගැනීමක්‌ තියෙනවා. ඒ විතරක්‌ නොවෙයි නිරූපිකාවන්ට හොඳ පහසුකම් පවා ලබාදී තිබෙනවා. ලංකාවේ එවැනි තැනක්‌ නැහැ.

ක්‍ෂේත්‍රයට එද්දී විවිධ බලපෑම් වලට ලක්‌වෙන්න වෙනවා කියන්නේ ඇත්තද?

මගේ ගම කුරුණෑගල. මම මිස්‌ ශ්‍රී ලංකා තරගයට ඇතුළුවෙලා ටික අදසක්‌ යද්දී එක එක්‌කෙනා ෙµdටෝ ෂූට්‌වලට, කමාර්ෂල් වලට කතා කළා. ඒ දේවල් වලට කලින් ඔවුන් වැරදි යෝජනා ගෙන ආවා. එහෙම යෝජනා ඉදිරිපත් කරලා තමයි ඔවුන් අපිව ඉදිරියට ගන්න හදන්නේ. හැබැයි එහෙම දේවල් කරලා ඉදිරියට යන්න මට වුවමනාවක්‌ නැහැ. මම ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දෙකහමාරක්‌ වෙනවා. බොහොම හෙමින් තමයි ඒ ගමන ආවේ.

ඒ කියන්නේ ඔබත් බලපෑම්වලට ලක්‌වුණා කියලනේ ?

ඇත්තටම මට එහෙම වෙලා තියෙනවා. අපි ප්‍රසිද්ධ වෙන්න එවැනි යෝජනාවලට එකඟවෙයි කියලයි ඔවුන් හිතන්නේ. එහෙම ප්‍රසිද්ධ වෙන්න මට කෙහෙත්ම වුවමනාවක්‌ නැහැ.

සමහරු සිරුර හැඩට තියාගන්න ඕන නිසා ආහාර ගන්නේ ඉතා අඩුවෙන් නේද?

ඇත්තටම සිරුර පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. තරබාරු සිරුරක්‌ තිබුණොත් ලස්‌සනට ඇඳුම් අඳින්න බැහැ. ඒ හින්ද ආහාර ගැන සැලකිලිමත් වෙන්න ඕනෑ.

විදේශයකදී නිරූපණයකට අවස්‌ථාවක්‌ ලැබුණේ නැතිද ?

ලැබිලා තියෙනවා. මම ඒවාට අකමැතියි. එවැනි විදෙස්‌ නිරූපණ සංචාර මම භාරගන්නේ නැහැ.

පවුලේ විස්‌තර ?


අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, අක්‌කයි. මම තමයි පවුලේ බාලයා.

මේ දේවල් කරන්නේ ජනප්‍රියත්වයට කැමති හින්දද?

මගේ සිහිනය වුණේ ක්‍රීඩාවෙන් ඉහළටම යන්න. රිය අනතුරක්‌ වුණ නිසා ක්‍රීඩා කටයුතු නතර වුණා. අහම්බයෙන් මේ ක්‍ෂේත්‍රයට ආවට ප්‍රසිද්ධිය ගැන වැඩිය හිතන්නේ නැහැ.

සුමුදු ප්‍රේමවන්තියක්‌ද ?

ඔව්. මම ප්‍රේමවන්තියක්‌

කවුද ප්‍රේමවන්තයා ?

එයා ජාතික පැසි පන්දු කණ්‌ඩායමේ සාමාජිකයෙක්‌. ඒ වගේම පෞද්ගලික බැංකුවක සේවය කරනවා.

විවාහය ගැන හිතන්නේ ?

විවාහය ගැන මම ගොඩක්‌ දේවල් හිතනවා. මගේ ලොකු ප්‍රතිපත්ති තිබෙනවා. ඒ ප්‍රතිපත්ති බිඳින්න මම ලෑස්‌ති නැහැ. නිරූපණ ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනාගේ විවාහ ජීවිත ආසාර්ථක වෙලා තිබෙනවා. ඒ නිසා මම විවාහය ගැන වැඩිපුර හිතනවා. හොඳ විවාහ ජීවිතයක්‌ ගත කරන්න තමයි බලාපොරොත්තුව.


දිනේෂ් විතාන
ඡායා- දිනේෂ් ගමගේ
පසුතලය සහ ඇඳුම් සැපයීම Wishes රාජගිරිය

Copy Rights - Divayina

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Design Blog, Make Online Money