දීපිකා එක්ක ටජ්මහල් ආවේ කවුද?
පසුගිය ඔක්තෝබර් 13 දා රාත්‍රියේ ඉන්දියාවේ අග්‍රා නුවර පිහිටි ඓතිහාසික ටජ්මහලය වෙත පැමිණි සංචාරකයන් අතර බොලිවුඩ් සුරූපිනියක් ද සිටියා.
සඳකැන් දහරින් ටජ් මහලය වෙලා ගනිද්දී ඊට තවත් සුන්දරත්වයක් එක් කරමින් පැමිණි ඇය තමයි, දීපිකා පදුකෝන්, සුදු සහ කළු ඇඳුමකින් ද රතු පැහැති උතුරු සළුවකින් ද සැරසී සිටි දීපිකා, එහි පැමිණ සිටියේ තවත් නාඳුනන තරුණයකු සමඟ බවයි බොහෝ දෙනා ප්‍රකාශ කර තිබුණේ.

දීපිකා, රන්බීර් කපූර් සමඟ පෙමින් බැඳී සිටිය වග රහසක් නොවෙයි. රන්බීර්ගේ ඇසුරින් ඈත්වූ දීපිකා ගේ ඊළඟ පෙම්වතා වුණේ සිද්ධාර්ත් මාල්යා ගේ පුත්‍රයායි. රන්බීර් සහ සිද්ධාර්ත් කවුරුත් හඳුනනවා. ඔවුන්ගේ හැඩරුව රසික රසිකාවියන්ටත් සෙසු අයටත් නුහුරු නැහැ. දීපිකාත් සමඟ ටජ් මහලට පැමිණියේ ඔවුන් දෙදෙනාගෙන් කිසිවකුවත් නොවෙයි. එහෙම නම් ඒ කවුරුන් ද?
තවත් ටික කලකින් ඒ ‘අදිසි මිනිසා’ කවුරුන්දැයි හෙළි වෙන්න ඉඩ තියෙන බවයි සමහරු පවසන්නේ.
0 comments:
Post a Comment