සුරාජ් පිළිබඳ තාත්තා ටිකිරි බණ්ඩාර මාපා කියන කතාව
ආදරේට කියන්නේ මිගාර කියලා

‘මිගාර අපේ පවුලේ බඩපිස්සා. ‘මිගාර’ කියන්නේ එයාගේ ඇත්ත නම නම් නෙවෙයි. අපි එයාට තියෙන ආදරේ වැඩිකමට තමයි ගෙදරට ‘මිගාර’ කියලා කතා කරන්නේ. එයාගේ ඇත්ත නම තමයි සුරාජ් ලක්සිරි මාපා.
පවුලේ එකම පිරමි දරුවා නිසා එයා ඉපදුණු දවසේ ඉඳන්ම හැදුණේ ආදර සාගරයක් මැද. ගොඩක් වෙලාවට දරුවන්ට ආදරය වැඩිපුර ලැබුණහම දරුවෝ නරක් වෙනවානේ. හැබැයි අද වෙනතුරුත් පොඩි පුතා නිසා අපිට අඬන්න වෙලා නම් නෑ.

එතකොට අපේ ගෙදර උඩ තට්ටුවේ වැඩ සම්පූර්ණ කරලා තිබුණේ නෑ. පුංචි දවස්වල පුතා හරියට කඩිය වගේ. එක තැනක ඉන්නේ නෑ. දණ ගගා හැම තැනම යනවා. ඒ යන්නෙත් පුදුම වේගයෙන්.
මමත් ඉතින් එයාගේ හැටි දන්න නිසා හැම තිස්සේම එයාගේ පස්සෙන්මයි හිටියේ. කොහොම හරි ඇහිපිල්ලමක් ගහන තරම් වෙලාවක් මට මෙයාව බලන්න බැරි වුණා.

තව දශමයක් හරි එහාට වුණා නම් . . . ඒ ගැන හිතන කොට මේ දැනුත් මගේ ඇෙඟ් හිරිගඩු පිපෙනවා. මම පුතාවත් කලබල නොකර හෙමින් හෙමින් එයා ළඟට ළං වෙලා එයාව වඩා ගත්තා.
‘වඩා ගත්තා’ කියලා කියනවට වඩා ඒකට කියන්න සුදුසුම වචනෙ තමයි ‘තුරුළු කර ගත්තා’ කියන එක. එදා මම පුතාව මගේ පපුවට තුරුළු කර ගත් මොහොතේ මගේ හදවතට දැනුන දේ මට අදත් විස්තර කරන්න බෑ.

මිගාර පුංචි දවස්වල ඉඳන්ම නටන්න හරි දක්ෂයි. අක්කලා දෙන්නත් එක්ක සිංදු දාගෙන පුතා නටනවා. ඒ නැටීමට වඩා වෙනස් විදිහකට තමයි මගුල් ගෙදරක ගිහින් ආවාහම කරන්නේ.

‘මෙන්න මෙහෙමයි බාප්පා ඩාන්ස් කළේ, මෙන්න මෙහෙමයි පුංචි ඩාන්ස් කළේ’ ඔය විදියට තුන් දෙනත් එක්ක තරගෙට ඩාන්ස් කරනවා. මමයි සුරාජ්ගේ අම්මායි ඒ දිහා බලාගෙන හිනා වෙවී ඉන්නවා.
පුතාට ගෙවල් ළඟ හරියට යාළුවෝ හිටියා. අපි හිටපු හරියේ ගෙවල්වලින් අපේ ගෙදර විතරයි වීඩියෝ ප්ලේයර් එකකුයි ටී. වී එකකුයි තිබුණේ. ඉතින් ඒ දවස්වල දවල් වරුවේ අපේ ගෙදර හරියට ෆිල්ම් හෝල් එකක් වගේ.
පුතා කරන්නේ එයාගේ යාළුවෝ ටිකත් එකතු කරගෙන ගෙදර ඇවිත් ෆිල්ම් බලනවා. රැජිණිකාන්ත්, කමල්හසන් රඟපෑ දෙමළ චිත්‍රපට තමයි වැඩිපුරම බලන්නේ. එතකොට පුතාට අවුරුදු දහයක් විතර.

ඔන්න දැන් නම් මට මතක් වුණා පුතා පුංචි දවස්වල කරපු දඟ වැඩක්. එදා නම් එයා අම්මාගෙන් හොඳටම ගුටි කෑවා. දවසක් පුතයි පුතාගේ යාළුවෝ කීප දෙනෙකුයි කඩේකට ගිහිල්ලා කඩේ තිබුණු බනිස් ගෙඩියක් හොරකම් කරගෙන දුවලා. ඒ වැඩේ කරලා තියෙන්නේ බඩගින්නටවත්, බනිස් ගන්න සල්ලි නැති නිසාවත් නම් නෙවෙයි, කොලුකමට.
වැඩේ කියන්නේ ඒ සිද්ධියට සම්බන්ධ වුණ සුරාජ්ගේ යාළුවෙක්ම සුරාජ්ගේ අම්මාට සම්පූර්ණ විස්තරේ කියලා. එදා නම් දයානිට, ඒ කියන්නේ සුරාජ්ගේ අම්මාට හොඳටම කේන්ති ගිහිල්ලා හිටියේ.

පොඩි පුතා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවාම හැමදාම යාළුවොත් එක්ක හවසට ක්‍රිකට් ගහනවා. අපේ දරුවෝ තුන්දෙනාම එයාලගේ පුංචිට බයයි. එක දවසක් පුරුදු විදිහටම මිගාර හවස යාළුවෝ ටිකත් එකතු කරගෙන පාරේ ක්‍රිකට් ගහන්න පටන් ගත්තා.
ඔය අතරෙදී එයා දැකලා තියෙනවා පුංචිගේ වාහනය ඈත එනවා. දැන් ඉතින් පුතාට කරගන්න දෙයක් තිබිලා නෑ.

ඒ හරියේ තිබුණු ගෙවල් එකිනෙක වෙන් වෙලා තිබුණේ තාප්පවලින්. ඒවා එච්චරම ගොඩාක් උස තාප්ප නෙවෙයි. කොහොම හරි පුංචි අම්මා ගෙදර එනකොට පුතා තාප්පවලින් පැනැ පැන ගෙදරට ඇවිල්ලා පොතකුත් අතේ තියාගෙන පාඩම් කරන විදිහට හිටියා.
මම නම් හිතුවේ පුතා කවදා හරි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි කියලා. නමුත් එයාගේ දෛවය එයාට උරුම කළේ ‘කලාකරුවෙක්’ කියන භූමිකාව. කොහොම වුණත් මට සතුටුයි අද මගේ පුතා මුළු රටක්ම ආදරය කරන චරිතයක්.’
0 comments:
Post a Comment